වෛරී ප්‍රකාශ ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්නත්  වර්ථමානයේ පවතින දේශපාලන තත්වයන් වෙනස් කරන්නත් විශාල වශයෙන් බලපා ඇති බව

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න පවසනවා.

වෛරී ප්‍රකාශ තුළින් රටක් විනාශ කරන්න පුළුවන්. ඒ නිසා තමයි යුද්ධ ඇති වුණේ ඒ නිසා තමයි ජාතීන් අතර ගැටුම් ඇතිවුණේ. ඒවගේම පුද්ගලයෙකුට එරෙහිව ගෙනයන වෛරී ප්‍රකාශයන් තුළ පුද්ගලයන් සිරගත කරන්න පුළුවන්.  එහෙම නැත්නම්  වෛරී ප්‍රකාශ දුර දිග යාම තවත් කෙනෙකුව මරණ දක්වා දුර දිග ගිය අවස්ථාවන් අපට දැකගන්න පුළුවන්.

 
ඒ වගේම අපි මෙතනදී මතක් කළ යුතුයි මේ වෛරී ප්‍රකාශයන් නිසා රටවල් අතර සිදුවෙන්නට බරපතල තත්වයන් වළක්වා ගත්ත අවෛරී ප්‍රකාශයන් අපේ ඉතිහාසයේ තියෙනවා. හොඳම උදාහරණයක් විදිහට මම දකිනවා ජපානයට නිදහස ලබා දීම සම්බන්ධයෙන් එක්සත්  ජාතීන්ගේ රටවල් එකතුවෙලා කරගත්ත කථිකාව. ඒක හඳුන්වන්නේ එක්සත් ජාතීන්ගේ සැන්ෆ්‍රැන්සිස්කෝවල පැවති මහා මණ්ඩල රැස්වීම හැටියට.
 
එතනදී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, එතුමා ප්‍රකාශයක් කරනවා  ධම්මපදයේ එන 'නහීවේරේණ වේරාණි' ගාථාව කියලා. එයින් ජපානයට වෙන්න ගියපු  බරපතල තත්වය නැති කරලා දෙන්න මේ ප්‍රකාශය හේතු වුණා. මෙන්න මේ අවෛරී ප්‍රකාශය  ජපානය අද ඉන්න තත්වයට එන්න පාර හදලා දුන්නා. යැයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
 
මන්ත්‍රිනී රෝහිනී කවිරත්න කළ සම්පුර්ණ ප්‍රකාශය පහතින්
 

 

THE  LEADER  TV
 
 
 

 බුදු දහම වළලන කොන්ත‍්‍රාත්තුවක් පිටුපසින් ! |මොණරවිලගේ ලියමන 

 

දයාසිරි අහුවුණ බැසිල්ගේ උගුලට මෛත්‍රීත් ! 

 
 
සර් මහින්ද ඉල්ලා අස්වෙයිද ?| "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image