ජනවාරි මාසය වන විට මෙරට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ගෙවූ පසු ඉතිරි වන්නේ ඩොලර් මිලියන 140 ක්

පමණක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

නමුත් වියදම් කිරීමට හැකියාවක් ඇති මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන සෘණ 437 බවද ඔහු පෙන්වා දෙයි.

ඔහු එබව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි.

පෙබරවාරි මස සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4843ක් බවද කී මන්ත්‍රීවරයා, නමුත් මේ මාසය අවසන් වන විට ඇත්තේ ඩොලර් මිලියන එකසිය හතලිහක් නිසා ඉතිරිය ඩොලර් මිලියන සෘණ 4700 යයිද කියා සිටියේය.

එනම් එවිට රට බංකොලොත් තත්වයට බවට පත්වන බවද ඔහු පැවසීය. 


''කළු කඩය පරදවන්න ඩොලරයට සැබෑ වටිනාකම දෙන්න''

මේ අතර ඊයේ (08) රාත්‍රීයේ ප්‍රචාරයවූ 'නෙත් එෆ් එම් අන්ලිමිටඩ්' වැඩසටහනට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂද සිල්වා පැවසුයේ, විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ පමණක් විදේශ මුදල් මෙරටට ගෙන්වා ගන්නා ලෙස මහ බැංකු අධිපතිවරයා සිදු කළ ප්‍රකාශය ප්‍රායෝගික නොවන බවයි.

ඩොලරයක් සඳහා රුපියල් 240ක පමණ කළු කඩ මිලක් නිර්මාණය වී ඇති පසුබිමක මහ බැංකුව මගින් ඩොලරයේ අගය රුපියල් 200ක් ලෙස පවත්වාගෙන යාමෙන් තවත් අර්බුද රැසක් නිර්මාණය විය හැකි බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

 


දිගින් දිගටම බලහත්කාරයෙන් ඩොලරයේ අගය අඬු මට්ටමක පවත්වාගෙන යාමට මහ බැංකුවට නොහැකි බවද ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

 

  


 

THE  LEADER  TV
 
 
 

නිමල් සිරිපාලගෙන් බැසිල්ට ටොක්කක්! 

 

 බුදු දහම වළලන කොන්ත‍්‍රාත්තුවක් පිටුපසින් ! |මොණරවිලගේ ලියමන 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්