ටියුනීසියානු ජනාධිපතිවරයාට අත්වූ ඉරණමින් හෝ පාඩම් ඉගෙන ගන්නයි, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් ජනාධිපතිවරයාට කියා සිටියි.


ඔහු මේබව කියා සිටියේ, 'සමගි විහිදුම් බලකායේ' සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

''අද මම මේ රැස්වීමට එන වෙලාවේ සමාජ ජාලාවල ටියුනීසියාවේ ඡායාරූපයක් දැක්කා. ඒකාධිපති පාලකයෙක් හිටපු රටක්. බඩු මිල වැඩිවන විට, ජනතාවට පීඩාවට පත්වන විට, ජනතාව පාරට බැස්සා. ඒකාධිපති පාලකයා හමුදාව යොදවලා, බලහත්කාරය යොදවලා ජනතා විරෝධය පාලනය කිරීමට උත්සාහ ගත්තා. නමුත් ජනතාව බය නොවී පාරට බැස්සා. අවසානයේදී ඒ පාලකයාට ටියුනීසියාව අතහැර යාමට සිදුවුනා.

 ඔහු රට හැරයන අවස්ථාවේදී දුරකතනයෙන් කතා කළ දේවල් රෙකෝඩ් කරලා බී.බී.සී. එකෙන් එලියට දාලා තියෙනවා. හමුදාපතිට කතා කරනවා. නැවත ටියුනීසියාවට එන බව හමුදාපතිවරයාට කිව්වා. ඔහු ගිය ගුවන් යානයේ ගුවන් නියමුවාට කිව්වේ තමන් ඉක්මනින්ම නැවත ටියුනිසීයාවට එන නිසා ගුවන් යානය නැවත රැගෙන යන්න එපා කියලා කිව්වා. ඒත් ඔහු ඒකාධිපති පාලකයාට නොකියාම නැවත ගුවන් යානය රැගෙන ගියා.''

 

Leader Whats app


 




බැසිල්ගේ සමීක්ෂණයෙන් රාජපක්ෂලා හාන්සියි! | Gossip




මගෙන් ගොඩ ගිය සහෝදරයින් මගෙ දරුවන්ට වන්දි ගෙවන්න වෙයි!| මොණරවිලගේ ලියමන



සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.



225ටම ඇමතිකම්! | වියත්කතා



ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image