ජනාධිපතිවරයා ගේ රාජාසන කතාව කිසිදු හරයක් නොමැති හුදු ප්‍රකාශයක් ලෙසින් දෙමළ දේශපාලන පක්‍ෂයක් විසින් බැහැර කර තිබේ.



 නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියා සිටියේ, පවතින අර්බුදයට විසදුම් සෙවීම සඳහා උතුරු නැගෙනහිර දෙමළ පක්‍ෂ වල සහයෝගය ආණ්ඩුවට ලබා දෙන ලෙසයි.

 දෙමළ ජාතික සන්ධානය පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන සඳහන් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ගේ කතාව තුල ලංකාවේ කිසිදු ගැටළුවක් ගැන කිසිදු හැඟීමක් නොතිබුණු බවයි.


''මේ කතාවේ ජාතික ප්‍රශ්නය ගැන කිසිම සඳහනක් නැහැ. ආණ්ඩුවේ එදිනෙදා ප්‍රශ්න වලට උතුරු නැගෙනහිර දෙමළ පක්‍ෂ වල සහාය ඉල්ලනවා. කිසිදු යථාර්ථයක් නැති කතාවක්'' යැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් පවසයි.

''දෙමළ ජාතික සන්ධානයට ජනතාව ජන්දය ලබා දී පාර්ලිමේන්තු නියෝජිතයන් ලෙස එවා ඇත්තේ යම් කිසි ප්‍රතිපත්තියකට අනුවය. එම ප්‍රතිපත්ති හා ජනතාවගේ අභිලාෂයන් අත්හැර අපි කොහොමද ක්‍රියා කරන්නේ.එය කළ නොහැකියි,''යැයි සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි.

 

 


Leader Whats app


 


2022 දී හොරුන්ට කෙළවෙයි, මහපුටු හෙළවෙයි .!| මොණරවිලගේ ලියමන
 
 
 
 
විමල්ලා ගෝඨා අත්හරී | Gossip
 
 
 
 
සර් ගෑස් මාෆියාව පිටිපස්සේ ඉන්නේ සර්ද?




225ටම ඇමතිකම්! | වියත්කතා



 
ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්