තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තව දින 10 කට පමණක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (PCR ) පැවසීය.



ඉන්ධන නොමැති ව ඉදිරියේදී දැඩි අර්බුදයකට රට පත් වීමේ අවදානමක් පවතින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු එබව සඳහන් කර කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසිය.

'' ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ තව දින 10 කට ය. (පෙට්‍රල් මෙ.ටො. 30,000 ඩීසල් මෙ.ටො. 50,000) දැනට තෙල් නැව් 3 ක් ජෙට් ෆුඅල් ද ඇතුළුව ණයවර ලිපි නැතිව වරාය අවට සැරිසරමින් ඇත.

ලංවිම කියන්නේ ඛණිජ තෙල් සංස්ථාව තෙල් ලබා නොදෙන බවයි. තෙල් සංස්ථාව කියන්නේ ලංවිම රු. බි. 90 ක තෙල් බිල් පියවා නැති බවයි.



ළඟදී ලාභ ලැබුවා යැයි ව්‍යාජයක් නැගූ ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ඩොලර් මිලියන 330 ක බිලක් තෙල් සංස්ථාවට ණය බව තෙල් සංස්ථාව කියයි.



තෙල් ඇමැති කියන්නේ ඩොලර් දුන්නොත් තෙල් දෙන බවය. විදුලි ඇමැති කියන්නේ තෙල් දුන්නොත් විදුලිය දෙන බවය. මොවුන් මේවා ඉල්ලන්නේ කාගෙන්දැයි අප ඇසිය යුතුයි.

තෙල් සංස්ථාවට ඩොලර් සහ ලංවීමට තෙල් ලබා දියයුත්තේ ජනතාව නොව ආණ්ඩුවයි. කැබිනට් මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට සහ ජනතාවට මේ බව පැවසිය යුතුය.

මාධ්‍ය සංදර්ශන දමා තමන්ගේ ආණ්ඩුවේ බැරිකම තමන්ගේ නොවේ යැයි කියමින් ක්‍රියා කිරීමට තෙල් ඇමැති සහ විදුලි ඇමැතිවරුන්ට අයිතියක් නැත.

 මේ පිළිබඳ මාස කිහිපයකට පෙර අප අනතුරු ඇඟවූ විට තෙල් හෝ විදුලි අර්බුදයක් නැතැයි පම්පෝරි ගැසූවෝ මොවුහුය.

රටේ වටිනා ජාතික සම්පත් කිසිදු විවෘත ප්‍රසම්පාදනයකින් තොරව විකුණා දැමීමට තෙල් හා විදුලි ඇමැතිවරුන්ට හෝ ආණ්ඩුවට ජනවරමක් ලැබී නැත.

වංචාවට ලක් වී ඇත්තේ, රටේ ජනතාවයි. මේ ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුවට හා ඇමැතිවරුන්ට නොහැකි නිසා ජනතාව සාමූහිකව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමට කාලය එළඹ තිබේ.''


සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර යළි නැවතී !

මේ අතර සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර දෙකේ විදුලි ජනන කටයුතු අප පස්වරුවේ නැවත වරක් නතර කෙරිණි.

ඉන්ධන නොමැතිකම හේතුවෙන් එම බලාගාරවල ජනන කටයුතු නතර කෙරුණු බව ලංවීම ප්‍රකාශකයෙක් පැවැසීය

සපුගස්කන්ද බලාගාරය දැවිතෙල් භාවිතයෙන් ද කැලණිතිස්ස බලාගරය ඩීසල්වලින්  ද විදුලි ජනනය සිදුකරයි.

මෙම බලාගාර දෙක ක්‍රියාවිරහිතවීම නිසා ජාතික විදුලිය පද්ධතියට මෙගා වොට් 100ක පමණ ධාරිතාවක් අහිමිවේ.

 

 

Leader Whats app


 


2022 දී හොරුන්ට කෙළවෙයි, මහපුටු හෙළවෙයි .!| මොණරවිලගේ ලියමන
 

 
 
 
විමල්ලා ගෝඨා අත්හරී | Gossip
 

 
 
 
සර් ගෑස් මාෆියාව පිටිපස්සේ ඉන්නේ සර්ද?




225ටම ඇමතිකම්! | වියත්කතා



 
ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්