ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පොහො­ට්ටුවේ අපේ­ක්ෂ­කයා වන ගෝඨා­බය රාජ­පක්ෂ, තම මංගල රැලි­යේදී පව­සන්නේ තමා ජනා­ධි­පති ලෙස තේරී පත් වුව හොත් සිර­ගත කරන ලද සියලු හමුදා භට­යන් එදි­නම නිද­හස් කරන බවයි.

මේ හමුදා භට­යන් "අභූත" චෝදනා මත සිර­ගත කර ඇතැයි පොහො­ට්ටුවේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­ක­යාගේ තර්ක­යයි.

රැඳ­වුම් භාරයේ සිටින මේ හමුදා භට­යන් ගැන ගෝඨා­බය රාජ­පක්ෂ නොකී දේ මෙලෙ­සය.

පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගත සෙබ­ළුන් 42 අතර දැනට 7 දෙනෙකු තව­මත් සිර­භා­රයේ සිටින අතර, අන් සියලු දෙනා ඇප මත නිද­හස් කොට ඇත. තවද ඒ අතර තම රාජ­කා­රී­වල නිරත වීමේදී සිදු වූ වැරදි සම්බ­න්ධ­යෙන් අත්අඩංගු­වට ගත් එක් නිල­ධා­රි­යකු වත් නොසි­ටියි.

දැනට සැක පිට අධි­ක­ර­ණය ඉදි­රි­පත් කර ඇත්තේ මාධ්‍ය­වේ­දීන් ඝාත­නය කිරීම, මාධ්‍ය­වේ­දීන්ට ප්‍රහාර එල්ල කිරීම, මාධ්‍ය­වේ­දීන් පැහැර ගෙන යෑම සහ කප්පම් සඳහා තරු­ණ­යන් පැහැර ගැනීමේ චෝද­නා­ව­ලට සම්බන්ධ සෙබ­ළුන් අත­ළො­ස්සක් පමණි. මෙවැනි අප­රා­ධ­ව­ලට සම්බන්ධ වීම සොල්දා­දු­වගේ නිල රාජ­කා­රීන් නොවන අතර, ඒවා සැබ­වින්ම දේශ­පා­ලන වුව­මනා හෝ අණ දීම් මත සිදු වූ අප­රාධ බව මැන­වින් පැහැ­දිලි වේ.

පොරො­න්දුව නැව­තත් විමසා බලමු:

එහෙත් මේ කරු­ණුද මොහො­තක් පසෙක තබා, අනු­රා­ධ­පු­ර­යේදී ගෝඨා­බය රාජ­පක්ෂ දුන් පොරො­න්දුව නැව­තත් විමසා බලමු.

පොහො­ට්ටුවේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­කයා ප්‍රතිඥා දුන්නේ, තමා නොවැ­ම්බර් 17 දින අත්අ­ඩං­ගුවේ සිටින සෑම හමුදා භට­ය­කුම "නිදොස් කොට නිද­හස්" කරනු ඇති බවයි.

ජනා­ධි­පති බල­තල යටතේ ජනා­ධි­පති සමා­වක් දිය හැක්කේ අධි­ක­රණ ක්‍රියා­මා­ර්ග­යක් මඟින් වර­ද­කරු වී දණ්ඩ­න­යක් ලැබූ පසු­වය. එසේ නැතිව පව­ත්වා­ගෙන යනු ලබන විම­ර්ශ­න­යක සැක­ක­රු­වන්, අධි­ක­ර­ණ­යක් විසින් රැඳ­වුම් භාරේ තබා ඇති විට­කදී, ඔවුන් නිද­හස් කිරී­මට කිසිදු බල­යක් ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට නැත.

ගෝඨා­බය රාජ­පක්ෂ පව­සන ආකා­ර­යට නොවැ­ම්බර් 17 දින අලු­යම මේ සෙබ­ළුන් නිද­හස් කරන්නේ නම්, එසේ කිරී­මට ලංකාවේ වත්මන් නීති­මය රාමුව තුළ කිසිදු අව­කා­ශ­යක් නැති අතර, එසේ කළ හොත් එය විධා­ය­කය විසින් අධි­ක­රණ පද්ධ­ති­යට සහ නීතිය බලා­ත්මක කිරී­මට බැඳී සිටින ආය­තන එල්ල කරන ඍජු බල­පෑ­මකි.

නීතියේ ආධි­ප­ත්‍යය යනු කිසි­වකු නීති­යට ඉහ­ළින් නොසි­ටී­මයි.


නීතිය ඉදි­රියේ සැම දෙන සමා­නයි

රැඳ­වුම් භාරයේ සිටින හමුදා නිල­ධා­රීහු අධි­ක­රණ නියෝග මත රඳ­වා­ගෙන සිටිනු ලබ­න්නෝය. ඒ ගෝඨා­බය තරග කිරීම වළ­ක්වන ලෙස ඉල්ලා පෙත්ස­මක් නිෂ්ප්‍රභ කළ ස්වාධීන අධි­ක­ර­ණය වැනි ස්වාධීන අධි­ක­රණ විසින් කරන ලද නියෝග මතය.

හමුදා නිල­ධා­රීන් ඇතුළු කිසි­යම් පුද්ග­ල­යකු පැහැ­ර­ගැ­නීම හෝ මිනී­මැ­රීම වැනි අප­රාධ සිදු කරන්නේ නම් ඔවුන්ට විරු­ද්ධව නීති­යට අනුව කට­යුතු කළ යුතුය. මේවා සාමාන්‍ය පුර­වැ­සි­යන්ට එරෙහි අප­රාධ ය.

ගෝඨා­බයගේ වින­ය­ග­රුක සමා­ජයේ, මේ පුද්ග­ලයෝ විශේෂ ස්ථාන­යක් භුක්ති විඳී­මට යන්නෝද? වින­ය­ග­රුක සමා­ජ­යක විශේෂ පුද්ග­ල­යන්ට සාප­රාධී වැරදි කළ හැකිද?

2005 සිට සන්නද්ධ හමු­දා­වල ගෞර­වය සහ­තික කළ බව ගෝඨා­බය පව­සයි.test 08

කෙසේ වෙතත්, 2015දී පැමිණි රජ­යට (නීතිය ඉදි­රියේ සියලු දෙනා එක හා සමාන බව පෙන්වී­මෙන් සහ සාප­රාධී වැරදි සිදු කිරීම සඳහා ඔවුන්ගේ නිල ඇඳුම ආව­ර­ණ­යක් ලෙස භාවිතා කළ අයට නීති­යට අනුව කට­යුතු කරනු ඇති බව පෙන්වී­මෙන්) සම­ස්ත­යක් ලෙස ඒ සන්නද්ධ හමු­දා­වල ගෞර­වය නැවත ස්ථාපිත කිරී­මට හැකි විය.

අපේ ත්‍රිවිධ හමු­දා­වට එක්සත් ජාතීන්ගේ සාම ආරක්ෂා කිරීමෙ හමු­දාව සඳහා ආරා­ධනා කරන ලදි. ඔවුන්ට මේ සඳහා හොඳ වේත­න­යක් ලැබේ.

2015ට පෙර ත්‍රිවිධ හමු­දාවේ ගෞර­ව­නීය සාමා­ජි­ක­යන් ලෙස පාර­වල් අතුගා දැමී­මට හා එළ­වුළු අලෙවි කිරී­මට එව­කට ආර­ක්ෂක ලේකම් ගෝඨාබය රාජ­පක්ෂ නියෝග කළ­බව කිසි­වි­ටෙ­කත් අම­තක නොකළ යුතුය. ඔවුන්ගේ ගෞර­වය විනාශ කිරී­මට ක්‍රියා කළේ ඔහුය.

සොල්දා­දු­වන්ට දේශ­පා­ල­නි­කව හිරි­හැර කොට සිර­ගත කළේ කවු­රුද?

මහින්ද රාජ­ප­ක්ෂට එරෙ­හිව තරග කළ පම­ණින් රාජ­පක්ෂ සමයේ යුද්ධය නිමා කළ යුද හමු­දා­පති සරත් ෆොන්සේකා සිර­ගත කළ ආකා­රය, හිටපු හමු­දා­පති මහේෂ් සේනා­නා­යක ජන­පති සට­නට පිවි­සී­මත් සමග මැන­වින් සිහි­පත් වේ.

සරත් ෆොන්සේකා පම­ණක් නොව, මැති­ව­රණ ව්‍යාපා­ර­යේදී සරත් ෆොන්සේ­කාට උදවු කළ සියලු හිටපු සොල්දා­දුවෝ අත්අ­ඩං­ගු­වට ගෙන දේශ­පා­ල­නි­කව හිරි­හැර කරනු ලැබූහ.

මහ­ජන ඡන්ද­ය­කින් තෝරා පත් වීමට අපේක්ෂා කරන ගෝඨා­බය රාජ­පක්ෂ තම ඡන්ද ව්‍යාපා­ර­යට මුල පුරන්නේ නීතිය තමාට නතු කර­ගැ­නී­මට ප්‍රති­ඥා­වක් දෙමිනි.

ජන­තා­වගේ ඡන්ද­යෙන් රටේ උසස්ම නිල­යට පත් වී, බල­යට පැමි­ණී­මට අපේක්ෂා කරන ගෝඨා­බය, තම මංගල රැලියේදී මෙවැනි අනී­තික පොරො­න්දු­වක් දීමෙන් රටේ නීති­ග­රුක පුර­වැ­සි­යන් කම්පා කිරී­මට සමත් වී ඇති අතර, ඒ ප්‍රකා­ශය රටේ අනා­ග­තය අඳුරු ආගා­ධ­ය­කට ඇද­ගෙන යන බවට පැහැ­දිලි, භයා­නක අන­තුරු ඇඟ­වී­මකි.

(සිළුමිණ - විහඟ වීරසේකර)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image