මේ ලිපිය ලිවීමට සිත් වුයේ මා ජීවිතයේ දුටු අපුල දනවන ජායාරුපයක් අද දවසේ නෙත ගැටීමෙනි. මා උපත ලද්දේ රත්නපුර ප්‍රදේශයේය. මාගේ පියා එවකට රත්නපුර ආසනයේ ශ්‍රීලනිප සංවිධායක මෙන්ම කලක් පාර්ලිමේන්තුව නියෝජනය කල නන්ද එල්ලාවල ගේ දකුණු අත විය.

මාගේ පියා සතු  සේසතම නන්ද එල්ලාවල වැනි අවංක, හොරකම් නොකළ, දේශපාලනඥයෙකු වෙනුවෙන් වියපැහැදම් කරන අයුරු මා දුටුවෙමි. ඔහු ඉදිරිපත් වූ සෑම මැතිවරණයකදීම මාගේ පියා ඔහු සමග උරෙන් උර ගැටී සහයෝගයෙන් වැඩ කටයුතු කළේය.

1986 පැවති රත්නපුර අතුරු මැතිවරණයේදී නන්ද එල්ලාවල ශ්‍රීලනිපයේ දිගු නින්ද කඩමින් තරඟයට අවතීර්ණ වුයේ රත්නපුරයේ නමගිය මිනීමරු එජාප පවුලක් වූ පුංචිනිලමේ ගේ පුත්තරයා වූ ත්‍රීමාවිතාරණ ඇතුළු සහෘදයින්ට හිසට පරාල ඇන ගසා මරා දැමු සුසන්ත පුංචිනිලමේ සමගය.

එම මැතිවරණයේදී රත්නපුර ආසනය ශ්‍රීලනිපයට දිනා දීම පිණිස දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් රත්නපුර ප්‍රදේශයට ශ්‍රීලනිප ක්‍රියාකාරීන් පැමිණියේය. මාගේ පියා සතුව නිවෙස් දෙකක් තිබු අතර එක් නිවසක් පුරා මාස එකහමාරක් පමණ වෙන් කලේ එසේ පැමිණි ශ්‍රීලංකාකාරයින් සඳහාය.

ඒ අතර මහින්ද රාජපක්ෂ, මර්වින් සිල්වා, රිචර්ඩ් පතිරණ, ආ.ම. කරුණාරත්න, හේමකුමාර නානායක්කාර , අමරසිරි දොඩන්ගොඩ ඇතුළු කිහිප දෙනෙකු මා දැක තිබුණි.    

වර්තමානයේ අප දකින බයිසිකලයෙන් පැමිණ හෙලිකොප්ටරයෙන් යන දේශපාලුවන් අතර නන්ද එල්ලාවල වැනි මිනිසුන් විරලය. දේශපාලනයෙන් සියල්ල නැති කරගත්තා මිසක තුට්ටු දෙකක් හෝ හරි හම්බ කල මිනිසෙක් නොවීය.  

ඔහු ජීවත් වුයේද රත්නපුර පියදාස ජේම්ස් හිමිකරු වූ මාගේ පියාගේ තවත් සමීප හිතවතෙකු වූ පියදාස මාමා විසින් ලබා දුන් නිවසකය. රත්නපුර අතුරු මැතිවරණය යනු යුද්ධයක් බඳු කුප්‍රකට මැතිවරණයකි. එජාපයේ සියලු මැරයන් සුසන්ත පුංචිනිලමේ ගේ සහයට රත්නපුරයට පැමිණියේ කඩු කිනිසි බෝම්බ තුවක්කු රැගෙනය.

මැතිවරණයට දින දෙකකට පෙර මාගේ නිවසට 50 කට නොවැඩි එජාප මැරයන් විසින් පහර දුන්නේය. ඒ මාගේ පියාගේ ජවය බිඳ දැමීමටය . එහෙත් නන්ද එල්ලාවලගේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් තප්පරය දක්වාම මාගේ පියා පෙනී සිටියේය. අතුරු මැතිවරණයෙන් නන්ද එල්ලාවල සුසන්ත පුංචිනිලමේ පරදා  ජයගත්තේය.

test12නන්ද එල්ලාවල ඇතුළු ඔහුගේ පවුල සියල්ලෝම අපගේ පවුලේම සාමාජිකයින් බඳු විය. නන්ද එල්ලාවල ගේ පුත්‍රයා වූ නාලන්ද එල්ලාවල  අප සමග කුඩා කල සිටම එකට හැදී වැඩුණු මිතුරෙකි. නන්ද එල්ලවලගේ අකල් මරණයෙන් පසුව ඔහු රත්නපුර ශ්‍රීලනිප සංවිධායක බවට පත් විය.

ඔහු ශ්‍රීලනිප දෙශපාලනය තෝරාගත් අතර මමත් මාගේ වැඩිමහල් සොහොයුරාත් ජවිපෙ දේශපාලන තෝරාගත්තේය. ගමන් මාර්ග දෙකක පැමිණියද අප අතර බැඳුනු මිත්‍රත්වය එලෙසින්ම පැවතුනි. 1994 මහ මැතිවරණයට තරඟ කරමින්  පාර්ලිමේන්තුවට පිවිසීමට ඔහු සමත් විය.

මෙසේ ශ්‍රීලනිපය වෙනුවෙන් රත්නපුර ආසනයේ සන්විධායකයා ලෙස කටයුතු කරමින් සිටින අතර තුර 1997 පළාත් පාලන චන්දය පවත්වන ලදී. 1997 පෙබරවාරි 11 වනදා  නාලන්ද එල්ලාවලත් සමඟ කොළඹ සිට බදුල්ල බලා යාමට පිටත් වූයේ  ඔහුගේ සමීපතම මිතුරා වූ ඩිලාන් පෙරේරා  සමගය.

ඔවුන් ගමන් කරමින් තිබුනේ බදුල්ල දෙසටය. ඩිලාන් පෙරේරා විසින් පළාත් පාලන මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ නාමයෝජනා භාරදීමට අවශ්‍ය ලිපි ලේඛන රැගෙන කොළඹ සිට පැමිණියේය.

කුරුවිට නගරය පසුකර යන විට මග හරස් කල සුසන්ත පුංචි නිලමේ ගේ මැරයන් විසින් ඔවුන් ගමන් කල වාහනයට පහර දුන්නේය. එම මොහොතේ නාලන්ද එල්ලාවල වාහනය තුල සිටි අතර පිරිස සමග ගැටුම ඇතිකර ගැනීමට බස ගත්තේ  ඩිලාන් පෙරේරාය.

එම මොහොතේ පුංචි නිලමේගේ මැරයන් අත අවි ආයුධ තිබෙනු දැක බියට පත් ඩිලාන් අසල කෙසෙල්කැන් කඩයකට රිංගා සැඟ වුනේය. එවිට වාහනයට එල්ලකළ වෙඩි වරුසාවට ඉතාමත් නිවුණු තරුණ දේශපාලන නායකයෙකු වූ නාලන්ද එල්ලාවල ගොදුරු විය. වෙඩි වැදී බිම වැටි සිටි  නාලන්ද එල්ලාවල මිනීමරු පුංචිනිලමේ විසින්  ඔසවා පොළවේ ගැසූ බව ද එකල වාර්තා විය.

මියයන විට ඔහු 29 හැවිරිදි අවිවාහක තරුණයෙකි. නාලන්දගේ ඝාතනයෙන් දැඩි කම්පනයට පත් ඩලස් - ප්‍රදීපා යුවල තම කුළුඳුල් පුතුට නම් තැබුවේ ද නාලන්ද යනුවෙනි. අද ඩලස් ලා සුසන්ත පුංචිනිලමේ ලා සමග සහවාසයේ යෙදෙන්නේ ඉතිහාසයේ සරදමක් ලෙසය.

මෙම සිදුවීමත් සමගම සුරංගනී එල්ලාවල , එනම් නාලන්දගේ මව දැඩි චිත්ත සන්තාපයට පත් විය. තම සතු එකම වස්තුව මිනීමරු එජාප මැරයන් විසින් බිලිගත් බව ඇය නිරන්තරයෙන් test 13කියන්නට විය. එම මිනීමැරුම් නඩුව වසර ගණනක් දික් ගැසුණු අතර, චන්ද්‍රිකා රජයෙන් හෝ මහින්ද රජයෙන් නාලන්ද එල්ලාවල නම් ශ්‍රීලනිපය වෙනුවෙන් දිවිදුන් තරුණ මන්ත්‍රීවරයා වෙනුවෙන් යුක්තිය ඉටු නොකළේය.

 නාලන්ද එල්ලවල සිහි වීම පිණිස පාර්ලිමේන්තු වට රවුම අසල ඉදිකළ පිළිමයද පසු ගිය පාලන සමයේ ගොටාබයගේ ව්‍යායාම් තීරු ඉදිකිරීම් කටයුතු සඳහා ගලවා විසිකර දැමුවේය. එය එසේ වුවා යයි සිතමු.

මහින්ද රාජපක්ෂ රාජපක්ෂ විසින් ශ්‍රීලනිප සභාපති තනතුර දරන සමයේදී නාලන්ද ඝාතකයා වන සුසන්ත පුංචිනිලමේ  තම පක්ෂයට බඳවා ගත් අතර, ඔහුට ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක ධුරයද පිරිනැමීය. ශ්‍රීලනිපය වෙනුවෙන් අහවල් දේ කළා යැයි පපුවට තඩි බාගෙන මොර දෙන මහින්ද, එදා ශ්‍රීලංකානිදහස් පක්ෂය වෙනුවෙන් දිවි දුන් තරුණ මන්ත්‍රීවරයා වෙනුවෙන් කලේ හිරිකිත වැඩකි .

 මෙම සිදුවීම සුරංගනී එල්ලාවල මහත්මියගේ දැවෙන හිත තව තවත් පාරන්නට විය. එක්තරා දිනක මා ඇය හමුවන්නට බටුගෙදර පිහිටි නිවස වෙත ගිය අතර, තම පුතාගේ මිනීමරුවන් තුරුළු කරගත් මහින්ද පිළිබඳව දැඩි පිළිකුලෙන් කතා කළේය.

ඉහත ඡායාරූපයෙන් ඔබට පෙනෙන්නේ ඊයේ එනම් 11 වෙනි දින පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවයි.  විලිලජ්ජවකින් තොරව එකට වාඩිවී සිටින්නේ එදා ඩිලාන් පෙරේරා සමග ගමන් කල තම මිතුරා ඔහු ඉදිරියේම වෙඩිතබා ඝාතනය කල මෘගයාය .

එපමණක්ද නොවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන්ම ආසන සංවිධායක පදවිය පිරිනැමූ ශ්‍රී ලංකා මන්ත්‍රීවරයා මරා දැමු කුප්‍රකට මිනීමරු සුසන්ත පුංචිනිලමේය. මහින්ද රාජපක්ෂ ඇතුළු බලයට පෙරේත මේ රටේ දේශපාලුවන්ට මෙවැනි දේ අලුයම ලු කෙලපිඩක් තරමට නොවටින් සිදුවීම්ය.

එහෙත් කවර දේශපාලන මතයක් දැරුවද මෙවැනි පාදඩකම් ඉදිරියේ ශීලාචාර සමාජයකට බලා සිටිය නොහැක. මේ තුච්ච දේශපාලනය නිමා කල යුතුය.''

(රසල් C.P. බණ්ඩාරවත්ත) 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්