ජේසුස්වහන්සේ කුරුසය කර තබාගෙන ජෙරුසලමේ පටුමග ගමන් කරවීම අනුකරණය කරමින් කිසියම් පුද්ගලයෙකු ඊනියා අරගලය තුළ රඟපානු අපි

දැක්කෙමු.

අලුත් තෙස්තමේන්තුවේ කියැවෙන ජේසුස් කුරුසගත කිරීමේ සිදුවීම් මාලාව හද කම්පා කරවන සෝචනීය ඛේදවාචකයකි.

ජෙරුසලමට එන ජේසුස් තමන්ට අභියෝගයක් බව දකින යුදෙව් නායක පූජකයන් ජේසුස්ගෙන් නිදහස් වීමට කුමන්ත්‍රණය කරයි.

 

අසත්‍ය චෝදනා නගා ජේසුස්ව වරදකරු කරන ඔවුන් රෝම ආණ්ඩුකාරයාට ගතු කියා කසපහර දී කුරුසයේ ඇණ ගසා මරන්නට වැඩකටයුතු සිද්ධ කරයි. සියලු මිනිසුන්ගේ පව් තමා වෙත ගනිමින් ජේසුස් දිවි පුදයි. මේ සිද්ධි දාමය සැබැවින්ම සමාන වන්නේ ගෝඨාභය ජනපතිට සිදු කළ දෙයටයි.

 

කසපහර දීම, කුරුසය කර තබාගෙන යෑම සහ කුරුසගත කිරීම යනු එකල තිබුණු වඩාත් නින්දිතම දඬුවමයි.

ජේසුගේ ඇඳුම් ගලවා දමන රෝම අළුගෝසුවන් උන්වහන්සේව කණුවක ගැටගසා නොනවත්වා කස පහර දෙයි. පිට පුරා සම පැළී ලේ ගලයි. රෝමන්කාරයන් උන්වහන්සේගේ මුහුණට කෙළ ගසයි. සියොළඟ ලේ ගලමින් වේදනාවෙන් වෙව්ලමින් සිටින නිරුවත් ජේසුගේ හිසට කටු ඔටුන්නක් පළඳා රෝමන්කාරයන් හාහා දමයි.

Giovanni Battista Tiepolo Carrying the Cross WGA22269
අප මෙහි තේරුම්ගත යුතු කාරණය වන්නේ එකවර මරා නොදමා එතරම් දරුණු ලෙස වධ දෙන්නේ මිනිසෙකුට කළ හැකි උපරිම නින්දාව කිරීමටයි. අපහාසය කිරීමටයි. අවමානය කිරීමටයි. ආත්මාභිමානය බිඳ දැමීමටයි. එය නරඹන ජේසුගේ අනුගාමිකයන් ත්‍රස්ත කිරීමටයි.

සැබැවින්ම එලෙස වධයට ලක් වූයේ ජනපති ගෝඨාභයයි. සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට කළ හැකි උපරිම නින්දා අපහාස කරමින් ඔහුට හිනා වෙමින් කසයෙන් තළන විට ඔහුගේ අනුගාමිකයෝ ලැජ්ජාවෙන් බියෙන් සැඟවී ගියෝය.

 

තුවාලවලින් රක්තවර්ණ රුධිරය වෑහෙද්දී තමාව ඇණ ගැසීමට නියමිත කුරුසය තමාගේ කරමතම තබාගෙන ජෙරුසලමේ පටු මාර්ග දිගේ ඇවිද්දවන්නේ තව තවත් නින්දාවට පත් කිරීමටයි. නැවත කිසිදිනෙක එරට ප්‍රභූ දේශපාලන අධිකාරියට අභියෝගයක් කිරීමට හිතක්වත් පහළ නොවීමට ජේසුගේ අනුගාමිකයන්ට ජීවිතාන්තය දක්වා මතක හිටින පාඩමක් ඉගැන්වීමටයි.

 

මග දෙපස රැස් කකා මේ මහා අපරාධය රසවිඳින යුදෙව්වන් ඔවුන් වෙනුවෙන් කතා කළ ජේසුස්වහන්සේට ගල්කැටවලින් පහර දෙයි. ඒ මහ එවුන්ගේ අධම දරුවන් කුණු එළවළුවලින් දමා ගසයි. කොක් හඬලා හාහා දමයි.

අරගලකරුවන් කළෙත් එයමයි. එදා ඒ මහා අපරාධය සැලසුම් කළ යුදෙව් පූජකයන් සිහිගන්වමින් මෙදා ශ්වේත ලෝගු හැඳගත් පූජකවරුන් සහ වරියන් අරගලයේ විද්‍යමාන වීම අරුමයක් නොවේ.

ඇතුළත හිස් සැහැල්ලු ලීයෙන් කළ කුඩා කුරුසයක් කර තබාගෙන කරන බොරු රඟපෑමට වඩා තමන් නොකළ මහා අර්බුදයක් තමන්ගේ කරමත තබාගෙන, ධනපති ප්‍රභූන්ගේ මාධ්‍ය රැකවලුන්ගෙන් කස පහර ලබමින්, තමන්ගේම මිනිසුන්ගෙන් අනේක අපහාස අවමාන විඳිමින් තනිවම ඇවිදීම සැබැවින්ම ජේසුගේ මග යෑමකි.

වරදක් නොකළ අහිංසක නායකයෙකුට මේ තරම් නින්දිත ආකාරයෙන් උහුගේ මිනිසුන් විසින්ම සැළකීම ලක් සමාජයේ තරම මොනවට පෙන්වයි.

ගෝල්ගොතාවේ හිස්කබල් කන්ද මුදුනේ උදේ නවයට දෑත දෙපයට යකඩ ඇණ ගසා කුරුසගත කරන ජේසුස්වහන්සේගේ හිසට උඩින් “යුදෙව්වන්ගේ රජු” යනුවෙන් ලියූ සරදම් ප්‍රකාශයක් සවි කළ බව බයිබලයේ ලියා තිබේ.

 

“සිංහල බෞද්ධයන්ගේ නායකයා ඉවරයි” යනුවෙන් කළ සෝභිතයාගේ සරදමට එය සමානය. ජනපති මැදුරට කඩා වදින අළුගෝසුවන් මෙන් රෝමන් සෙබළුන් ජේසු මියයන්නටත් පෙර උන්වහන්සේගේ ඇඳුම් පැළඳුම් කුරුසය පාමුල දාදු දමා බෙදා ගනී. දෙව්මැදුරේ තිර ඉරී යයි. ජනපති මැදුරේ නරුමයන් තිර ඉරාගෙන නටයි.

 

ලොවක් බලා සිටියදී අතිශය නින්දිත අවසානයක් අත් කරගනිමින් යුදෙව්වන්ගේ ගැලවුම්කාරයා කුරුසය මත පැය හයක් දුක් විඳ සිය ආත්මය දෙවියන්වහන්සේට බාර කරයි.

ගෝඨාභය සිය ජනපති ධූරය දින හයකට පසුව බාර දෙයි.

 “එය අවසානයි” කියා ජේසු මිමිණූ බව ජෝන්ගේ (19:30) සාක්කියේ කියා තිබේ.

“අරගලය අවසානයි” කියා ගෝඨාභයත් මුමුණන්නට ඇතැයි මට සිතේ. මළවුන්ගෙන් නැගිටින ජේසු ගෙදර එයි. ලොවක ගමන් මග එදා සිට වෙනස් වේ. එය වෙනම කතාවකි.


ධර්මය අපට මග වේවා!


ජවිපෙ බලය අල්ලන ගේම -(එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022 සැප්තැම්බර් 19


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්