2009 දී අධි ආරක්ෂක කලාපයේදී මහ දවල් ඝාතනය වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය 2019 වසර වනතෙක් දේශපාලන මැදිහත් වීම් නිසා ශ්‍රී ලංකාවෙන් සාධාරණයක් ඉටු නොවන බව දැන

ඇමරිකාවෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් සිය පියාගේ මරණයට ගෝඨාභය වගකිව යුතුයැයි කියමින් කැලිෆෝනියා අධිකරණයේ නඩුවක් ගොනු කළාය. ඒ 2019 වසරේ මැදදීය. 

නඩුව පසුගිය 17 වැනි දින කැලිෆෝනියා ප්‍රාන්ත අධිකරණයේ ගැරී ක්ලවුස්නර් විනිශ්චයකරු ඉදිරියේ විභාගයට ගැනිණ. රාජකාරී අවශ්‍යතාවක් නිසා ගෝඨාභයට ලසන්තව ඝාතනය කිරීමට සිදු වූ බව ගෝඨාභයගේ නීතිඥයෝ කියා සිටියෝය. 

එමනිසා ‘විදේශීය රාජ්‍ය නිළධාරීන්ට ලැබෙන රාජකාරී වරප්‍රසාද මුක්තිය නමැති පොදු නීතියේ භාවිතයෙන් (නැතිනම් පිහිටෙන්) ඔහුගේ නීතිඥයින් ගෝඨාභයව බේරාගත්තද තීන්දුවෙන් සක්සුදක් සේ ඔප්පු වනුයේ ගෝඨාභය විසින් ලසන්තව ඝාතනය කළ බවය. 

මෙය ගෝඨාභයගේ නීතිඥයින්ගේ නීතිමය ප්‍රයෝගයක් හෝ කරණමක් ( legal acrobatic නොව නීති හෝ නඩු සම්ප්‍රදාය තුළ චුදිතයකු අනිවාර්යයෙන්ම තම නිතීඥයින්ට සත්‍යය හෙළිදරව් කිරීමට බැදී සිටින හෙයිනි.test 62

ලසන්ත තමන් මැරූ බව චූදිත ගෝඨාභය විසින්ම නීතිඥයින්ට කරන ලද පාපොච්චාරණයක් නොවේ නම් උගත් නීතිඥයිනට නඩුව දිනීම සදහා තර්කයක් ගොඩනගා ගත නොහැකිය. ගෝඨාභය ඇත්ත කීම නිසා ඔහුගේ නීතිඥයින්ට නඩුව පළමු දිනයේම නිෂ්ප්‍රභා කිරීමට අවශ්‍ය හොදම නීතිමය ආවරණයක් සොයාගැනීමට හැකිවිය. එය ‘විදේශීය රාජකාරී මුක්ති පොදු නීතිය’යි (common law foreign official immunity) එනම් රාජ්‍ය සේවයක් ලෙස ලසන්තව ඝාතනය කිරීමට සිදු වූ බවයි.

මේ නිසා ගෝඨාභයගේ නඩුව ඉදිරියට ගෙනයාමට අපහසු බව අධිකරණයේ තීන්දුව විය. එම තීන්දුවෙන් වසර 10ක් පුරා ශ්‍රී ලාංකික ජනතාව සොය සොයා සිටි සහ දේශපාලන බලය සහ දේශපාලන ‘ගේම්’ සහ ‘ඞීල්’ නිසා වසර 10ක් සැගවී සිටි ලසන්තගේ ඝාතකයා මුළු ලොවටම දැනගන්නට ලැබිණ. 

ඒ අන් කවරෙකුවත් නොව හිටපු ජනාධිපති මහින්දගේ සහෝදරයා වූ සහ ඔහුගේ රජයේ ආරක්ෂක ලේකම් වූ සහ උත්ප්‍රාසාත්මකව ජනතාවගේ ආරක්ෂාව රැකීමට සෑම වේදිකාවකදීම සපථ කරන ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂය. ඔහු සෑම වේදිකාවකම කියන්නේ ජනතාවට තමා ආරක්ෂාව සහතික වශයෙන්ම ලබාදෙන බවය.

ශ්‍රී ලංකාවට ඇති එකම ගැටලූව සහ එකම භය:

ඇත්තෙන්ම ශ්‍රී ලංකාවට ඇති එකම ගැටලූව සහ ශ්‍රී ලංකාවාසීන්ට ඇති එකම භය දැනට සහමුලින්ම මැඩපවත්වා ඇති මුස්ලිම් අන්තවාද හෝ නැවත නොනැගිටින සේ නිදිකරවා ඇති එල්.ටී.ටි.ඊය නොව ගෝඨාභයයි. රටේ ජනතාව ආරක්ෂා විය යුත්තේ සහ භය විය යුත්තේ සහරාන්ලාට හෝ ‘ආවා’ කල්ලි වලට නොව ගෝඨාභය සහ මහින්ද ප්‍රමුඛ පොහොට්ටුව වටා රොක්ව සිටින මැර කල්ලියටය. රාජපක්ෂ පවුලටය. 
එසේ බය විය යුතු බව ලේඛකයාගේ හිතළුවක් හෝ සම්ප්‍රලාපයක් හෝ අසත්‍යක් නොව ගෝඨාභය ඇතුළු මැර සහ ජනතාවගේ බදු මුදල් වංචා කළ ‘අලිබබා සහ හොරු 40‘ තමන්ට බලය තිබි සමයේ ඇස්පනා පිට පෙන්වූ දේවල්ය. ලසන්ත ඝාතනය එකක් පමණි. 

සිදු වු මානව විරෝධි සහ රාජ්‍ය ත්‍රස්තවාදය මෙහෙයවුනේ මහින්ද සහ ගෝඨාභය යන දෙබෑයන්ගේ අනුදැනුම ඇතිව බවට උද්ගාමී සාක්ෂි දහසක් අනවශ්‍යය. කැලිෆෝනියා අධිකරණයේදී ගෝඨාභයගේ හෘදයසාක්ෂිය ඔහුගේ නීතිඥයින් මාර්ගයෙන් දිගහැර තිබීම ම ප්‍රමාණවත්ය. 

ඔහුගේ නීතිඥයින් එදින කියා සිටියේ, ‘අපේ සේවාදායකයා කරනු ලැබුවේ රාජ්‍ය සේවයක් බවය’. ලසන්තව ඝාතනය කළ 2009 රාජ්‍ය නායකයා විධායක බලැත්තා මහින්දය. මහින්දගේ අනුදැනුම හෝ ‘ග්‍රීන් ‘ලයිට්’ නොමැතිව ගෝඨාභයට කිසිවක් කළ නොහැක. 

අයියා මලෝ දෙදෙනා එකතුව කළ ක්‍රියාවන්

කැලිපෝනියා නඩු තීන්දුව ගෝඨාභයට එරෙහිව නඩු නිමිත්තක් නැති බව ප්‍රකාශ කරමින් ගෝඨාභය නිදහස් කළේ මහින්දව චුදිතයෙක් කරමිනි. එකල රජය මිනිස් අයිතිවාසිකම් කඩ කළ බව මුළු ලෝකයටම කියා පාමිනි. එදා සිදු වූ මානව විරෝධි ක්‍රියා සියල්ලම අයියා මලෝ දෙදෙනා එකතුව කළ ක්‍රියාවන්ය. 

අද ජනතාවට ආරක්ෂාව සැපයීමට සහ ලංකාව සුරක්ෂිත දේශයක් කිරීමට සපථ කරන්නේ මේ දෙබෑයන්මය. වැඩි ඈතක් නැති එදා මේ දෙබෑයන් හැසිරුනේ ත්‍රස්තවාදීන් ලෙස නම් මේ දෙබෑයන් සහ ඔවුන් වටා සිටින ප්‍රජාතන්ත්‍ර විරෝධී දඩබ්බර කල්ලිය නොවැම්බර් 16න් පසු මෙදා ඉතිහාසය නැවත ලේ වලින් නොලියයි කියා සිතිය හැකිද? 

test 63ගෝඨාගමනය නැවැත්වීමට සාමකාමී සමාජයක් පතන ජනතාව පෙළ ගැසිය යුත්තේ මහින්ද-ගෝඨා සංයෝගය අති භයානක සහ සෑම අතකින්ම රටට විපත්තිදායක බැවිනි.

ගෝඨාභයගේ මෙම පූචානම් මුසාවට රැවටෙනව ද ?

ගෝඨාභය ජනතාවට දෙන ප්‍රධාන පොරොන්දුවක් නම් ‘බයෙන් තොරව ජීවත් විය හැකි රටක්’ ඔහු ලබාදෙන බවයි. මෙය මොන තරම් මුසාවක්ද? තමාගේ හෘදසාක්ෂියට එකගව ගෝඨාභයට මෙය කිවහැකිද? ඔහුත් ඔහුගේ සහෝදර මහින්ද සහ රාජපක්ෂ සනුහරය බලයේ සිටි සමයේ කළ කී දෑ දන්නා කිසිවෙකු ගෝඨාභයගේ මෙම පූචානම් මුසාවට රැවටෙන්නේ නැත. 

එදා සියලූ දෙනාම බයෙන් ත්‍රස්ත කළ සංත්‍රාසයෙන් මුසපත් කළ ගෝඨාභය දෙන මේ පෙරොන්දුව ගැන දෙවරක් හිතන්න. ‘අනේ අම්මා පල්ල මීයෝ මම උඔව කන්නේ නැහැ බං. වරෙන් මා ගාවට.’ කියන බළලාව විශ්වාස කරන්න පුළුවන්ද? 

ගෝඨාභය ජයගතහොත් යම් හෙයකින් 2020-2025 යනු 2005 සහ 2015 භීම සහ චෞර කාලයම හෝ ඊටත් වඩා දරුණු වන බව ලියා තබාගන්න. 

මේ එන්න යන්නේ නිකංම නිකං ඌරු රැනක් නොව වෙඩි කෑ ඌරු රැනකි. පසුගිය වසර කිහිපය පුරා අපරාධ සහ සිවිල් උසාවි ගානේ බඩගෑ කණ්ඩායමකි. වංචාවෙන් සහ හොරකමින්ම ගොඩනගාගෙන තිබූ තමන්ගේ සමාජ ප්‍රාග්ධනය හෙවත් ප්‍රතිරූපය බිදගත්, පොඩිකරගත් කල්ලියකි. වෙඩි කෑමෙන් සිදුවුණු තුවාලවලට වඩා හිතේ අමාරුවෙන් පෙලෙන නඩයකි. 

මොවුන් එන්නේම ‘තොපිට දෙන්නම් බැටේ’යන්න සිත දරාගෙනය. ‘වෙඩි කෑ ඌරන්’ යන උපමාව අර්ථවත් වෙනුයේ මේ නිසාය. තමන්ට එරෙහිව ජන්දය ඉල්ලීමේ ‘වරදට’ ෆොන්සේකාගෙන් එළව එළවා පළිගත්තෙක් නම්, තමන්ගේ තක්කඩිකම් සහ හොර මැරකම් සහ වංචා හෙළිදරව් කරන්නන් ( whistleblowers ) (ලසන්ත වැනි) රාජකාරියක් ලෙස සදහටම නිහඩ කළේ නම් (බලන්න කැලිෆෝනියා අධිකරණයේ ලසන්තගේ දියණිය ගෝඨාභයට එරෙහි නඩු විභාගයේ ඔක්තෝබර් 17 2019 දුන් තීන්දුව ( Ahimsa Wickramathunge VS Nandasena Gotabaya Rajapaksha 2-19 –CV-02577-R-RRO ), එමෙන්ම මහින්ද ජනාධිපති සහ ගෝඨාභය ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ සිදු වූ වෙනත් අපරාධ සම්බන්ධයෙන්ද (සුප්‍රසිද්ධ කිහිපයක්-තාජුඞීන්, රවිරාජ්, සිරකරුවන් 27ක් එක රාත්‍රීයකදී පරලොව හැරීම, රතුපස්වල ත්‍රීත්ව ඝාතන, එක්නැළිගොඩ, ලලිත් සහ කූගන්, කීත් නොයාර්, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්* හරි හෝ වැරදි හෝ වේවා (අප නොදනිමු* මහින්ද රජයට සහ ගෝඨාභයට ඇගිල්ල දිගුව ඇත්නම් මහින්ද ගෝඨාභය නැවත සංයෝග වීම නැතිනම් තේරෙන භාෂාවෙන් කිවහොත් ‘සෙට්වීම’ සහ මේ දෙදෙනාගේ සහායට එන ‘ටීම් එකෙහි සංයුතිය දෙස බලන විට ඇත්තටම පාඨක ඔබට කුමක් දැනෙනවාද හැගෙනවාද?

මෙම ලිපිය ලසන්තගේ දුවට ප්‍රණාමයක් නොකොට අවසන් කළ නොහැකිය.දිරිය දුව, අහිම්සා ස්තූතියි ඔබට
ahimsa 800px2009 සිට වසර කිහිපයක් පුරා මහින්ද රජය සහ විශේෂයෙන් ගෝඨාභයගේ අනුදැනුම හෝ පූර්ණ මෙහෙයවීම උඩ දියත් කළේයැයි ජනගතවී ඇති රාජ්‍ය ත්‍රස්තවාදය සහ මිනීමැරුම් සඳහා ගෝඨාභය වගකිය යුතු බව ඔහුගේ කටින්ම වමාරවා ගත්තේ ඔබය. 

‘ඔබගේ පියා වෙනුවෙන් එදා ශ්‍රී ලාංකික රජය ඔබට සාධාරණයක් නොකළ ද සහ කැලිෆෝනියා නඩු තීන්දුව ඔබව අපේක්ෂා භංගත්වයට පත්කළද ඔබ පරාද නැහැ දුවේ. හේතුව ඔබ ඔබගේ පියාගේ ඝාතකයා කව්දැයි ශ්‍රී ලංකාවට අවශ්‍යම වෙලාවට එළිදරව් කළා. දිරිය දියණිය, ඔබ නඩුවෙන් දිනුම්. 

එහෙත් ඔබට පශ්චාත්තාපයක් ඇති. මොකද ගෝඨාභය ජනාධිපති ධූර අපේක්ෂකයෙක් නිසා. බැරිවෙලාවත් ඔහු දිනුවොත් කී දෙනකුට ඔබගේ පියාට අත් වූ ඉරණම අත්වේද යන්න ඔබ සිතන බවද මම දනිමි. ඔබ කැලිෆෝනියා අධිකරණ තීන්දුවෙන් පසුබෑවේ වුවද ඔබ ලංකාවේදී දිනුම් බවත් කියමි.

(ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි- රාවය 2019 නොවැම්බර් 03) 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්