ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කිරීමත් සමග ඔහුව දේශපාලන කරලියට ගෙන ආ 'වියත්මඟ' සංවිධානයේ ක්‍රියාකාරීන් අතර 'අයිතිය' බෙදා ගැනීම සම්බන්ධයෙන් බලපොරයක් ඇතිව තිබෙන බව එහි ප්‍රධානින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන සංවාද වලින් පැහැදිලිවේ.

''වියත්මග' ජනපති බිහිකිරීමට දැක්වූ දායකත්වය'' යන ශීර්ෂයෙන් යුතුව 'වියත්මඟ' සමාජ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියකු වන නිවන්ත ප්‍රනාන්දු (Nivantha Fernando) නොවැම්බර් 24 දා සිය FB පිටුවේ පළකර ඇති සටහනක් හේතුවෙන් මේවනවිට එහි ක්‍රියාකාරීන් අතර උණුසුම් සංවාදයක් මතුව ඇත. 

Nivantha Fernandoගේ FB සටහන මෙන්න :

''මා වියත්මග සංවිධානය හා එක්වූයේ එහි පුරෝගාමී සාමාජිකයෙක් ලෙසයි. එම අවස්ථාව උදාකරදුන් ආචාර්ය නාලක ගොඩහේවා මහතාට මෙන්ම මා මිතුරු දමිත වික්‍රමසිංහයන්ටද මා අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි.

රට වෙනුවෙන් සියලු වෘත්තිකයන් එක් කරමින් Think Tank එකක් ලෙස ඇරඹි වියත්මග සංවිධානයේ නායකත්වය භාරවූයේ එවකට හිටපු ආරක්ෂක හා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. ඉදිරියේදී කුමන රජයක් බලයට පත්වූවත් එම රජයට උපදෙස් දිය හැකි වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීම හා ප්‍රතිපත්තින් සැලසුම් කිරීම වියත්මග සන්විධානයේ ප්‍රමුඛතම රාජකාරීය විණි.

මෙහිදී රටම පිලිගත් විද්වතුන් විසින් එම කාර්යය ආරම්භ කොට එය ක්ෂේත්‍ර ගණනාවක් හරහා පරීක්ෂණ කරමින් විශාල පුද්ගල නියැදියකින් තොරතුරු ලබාගනිමින් හා රට පුරා සම්මන්ත්‍රණ පවත්වමින් ඉතා ශක්තිමත් බුද්ධි මණ්ඩලයක් ගොඩ නංවන ලදි.

අපගේ වාසනාවට 2019 අගෝස්තු 11 වනදා ශ්‍රි ලංකාවේ පස්වන විධායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් වියත්මග සංවිධානයේ නායක ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ශ්‍රිලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ (පොහොට්ටුවේ) ජනාධිපති අපේක්ෂකත්වයට තෝරා පත්කරගනු ලැබිණි.

එතැන් පටන් මුලු ශ්‍රි ලාංකාවම මෙන් වියත්මග කණ්ඩායමද නිදි වරා එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී සේවය කොට නොවැම්බර් 17 වනදා උදෑසන වන විට මෙරට හත්වන විධායක ජනාධිපති ලෙස අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතාව අභිෂේක ගැන්වූවා පමණක් නොව එතුමාණන්ගේ විජයග්‍රහණයට මහත්සේ දායකත්වයක් ලබා දුන්නේය.

පසුගිය බ්‍රහස්පතින්දා නොවැම්බර් 21 වනදා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වියත්මග කණ්ඩායම මුණගැසුනේ රටේ මුල් පුරවැසියා වීමෙන් පසු පලමු අවස්ථාව ලෙසයි.

රට පුරා මෙන්ම ලොව පුරාම විහිදී සිටින වියත්මග සමාජිකයින්ට අනේක වාරයක් ස්තුතියි. එන්න අපි අලුත් දේශපාලන සංස්කෘතියක් හදමු.
Nivantha Fernando 2019.12.01
Nivantha Fernandoගේ FB සටහන සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති ප්‍රවීන ජයාරූප ශිල්පී ප්‍රසන්න හෙන්නායක මෙසේ සටහනක් පළකර ඇත.

Prasanna Hennayake 
සාමාජිකයන් 6 දෙනෙකුගෙන් මාගේ කොහුවල නිවසේදී මෙම සංවිධානය ආරම්භ වූයේ වියතුන්ගේ හඩ ලෙසයි.පසුව එය වියත්මග ලෙසින් මහාචාර්ය ජනිතාගේ නමින් ලියාපදිංචි කරනු ලැබුවා. අද අපිට වටිනා ජනාධිපති කෙනෙක් ලබා ගැනීමට මූලික අඩ්තාලම දැම්මේ වියත්මගයි.
Screen Shot 2019 12 01 at 4.57.58 PMවහාම ඊට ප්‍රතිචාර දක්වා ඇති කොළඹ නගරසභාවේ 'පොහොට්ටු' පක්ෂයේ ක්‍රියාකාරී මන්ත්‍රීවරියක වන ශර්මිලා ගෝනවල 'වියත්මඟ' ඉතිහාස කතාව ගැන දීර්ඝ සටහනක් තබමින් පවසන්නේ, 'වියත්මඟ' සංවිධානයට නාලක ගොඩහේවා කැඳවා ගෙන ආවේ දිනේෂ් දොඩන්ගොඩ බවයි. 

ඇයගේ සටහන පහත පළවේ.

The history of Viyathmaga
Please read comment by Sharmila Gonawela 

Prasanna Hennayake aiya, there is a history prior to it comming to you. JUST FOR YOUR INFORMATION ONLY: වියතුන්ගෙ හඩ started off by Dinesh Dodamgoda and my self, initial discussion was at a coffee bar at Liberty plaza for which I invited prof. 

Wimaladharma Abewickrama, Dr.Meegaswatte and prof.Janitha Liyanage, Dinesh Dodamgoda brought Dr.Nalaka Godahewa. It was later that Prof. Kshanika Hiriburegama came in and I introduced Damitha Wickramasinghe and Damitha brought in Nivantha Malli for IT support we worked from my office, also Prof. Shanika brought Anuradha Yahampth if im not mistaken
Dinesh D and Damitha W for the first time met at my office and left to invite Kaburugamuwe Wajira himi as a patron, we needed a professional from the minority community and i arranged Mr.Razeek Zarook a very old good friend who was morethan happy to join us. 

The very first meeting in Jaffna was organised by me unfortunately Dr.Meegaswatte and my self was not in the team to visit Jaffna by the time they returned i was dropped from the whatsapp group reason not known to me. and later at a meeting held at Bread Talk in thimbirigasyaya  Prof. Abeywickrama too had come to some decission reason known only to prof.Abey. prof. abey and Prof.Kshanika was the first joint Presidents of the organisation and Dinesh Dodamgoda and I were the first joint secretaries. 

Anuradha Yahampath was the treasure while Dr.Nalaka and Prof.Janitha were joint. Vice presidents වියතුන්ගේ හඩ name belobgs toa another proffesor so the new team changed  name to වියත්මග  but the yelow and Black and the design of letters were done by Dinesh Dodamgoda through a friend at Tri- Add for වියතුන්ගෙ හඩ that is used to date and  we initial team can be very happy about.

Please dont take me wrong , its just that as the initial team i am  happy its taken this far because its ourbrain child.(my small initiative) and we initial team is hapoy just a thought has today developed to a organization to produce a president and the Primeministerthe entire country loves without biundries.

Screen Shot 2019 12 01 at 4.58.04 PMමෙම සංවාදයට මැදිහත්ව ඇති මහේෂ් කටුලන්ද මෙසේ සටහන් කර තිබේ.

 ''මාගේ පෞද්ගලික සුභපැතුම් ඔබලාට පිරි නමමි!

නමුත්, මෙවැනි අතලොස්සක් දෙනා එකතුවී අපි වියත්මග කියා ජයපැන් බොන සාද මුහුණු පොතේ පල කිරීමේදී ඔබලාගේ ක්‍රියාවන් ජාතික මට්ටමට ගෙන යාමට සහ ජනාධිපති තුමාව පත් කිරීමට ජාතික මෙහෙවරක් කල අනෙකුත් දහස් ගණනක් වූ සාමාජික වියතුන්ගෙන් තවදුරටත් කැපකිරීම් බලාපොරොත්තු විය හැකිද?

Screen Shot 2019 12 01 at 4.58.47 PMමහින්ද හා බැසිල්ගේ ගෝනියේ සියඹලා තිබුනෙම නැද්ද?

මෙම සංවාද හරහා මතුවන ප්‍රමුඛතම කාරණය වන්නේ ගෝඨාභය ජනාධිපති කරවීමට බැසිල් රාජපක්ෂ විසින් නිර්මාණය කළ පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරී යාන්ත්‍රනය හෝ නාමල් -යෝෂිත හා රෝහිතගේ සමාජ මාධ්‍ය ජාලය හෝ දිලිත් ජයවීරගේ මාධ්‍ය ජාලය විසින් කිසිඳු සහයක් ලබාදී නැතිද යන කාරණයයි.

කවුරුන් කෙසේ කීවද ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීමට ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකලේ රටපුරා පිහිටි බෞද්ධ පන්සල් හා වෙහෙර විහාරස්ථාන හරහා බව මේවනවිට තහවුරුව ඇත. 

සබැඳි පුවත් :
'මංගල හා රන්ජන් නිසා ගෝඨාභය දිනුවා කියන කතා පිළිගන්න බැහැ' - ගෝඨාභය 'රජකරවූ' නලින් ද සිල්වා කියයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්