ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකා ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස්ගේ දුරකථන සම්බන්ධතා හෙළිදරව් වූයේ යැයි

සියලුම පුවත්පත් පාහේ වාර්තා කර ඇත.

එම වාර්තා කිරීම සඳහා පාදක කරගෙන තිබෙන්නේ ජනවාරි 21 දින අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තුව (CID) අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීමක්ය.

Text 25 1ශානියා බැන්ස්ටර් ඇයට සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමේදි ඇයට හිරිහැර කළ පිරිස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සමග ඇයට අනියම් සම්බන්ධයක් තිබෙනවා නේදැයි ප්‍රශ්න කළ බව කියූ බවද ඒ අනුව ඇයගේ දුරකථන ඇමතුම් පරීක්ෂා කළ බවද CID ය එම කරුණු දක්වමින් කියා ඇත.

ඒ අනුව නොවැම්බර් මස 10 දින සිට 30 දක්වා CID ය ගානියා බැනිස්ටර්ගේ දුරකථන ඇමතුම් පරීක්ෂා කර ඇත. එම පරීක්ෂා කිරීම් අනුව CID ය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

 

මාධ්‍ය විසින් වසන් කළ කාරනා මෙන්න !

ගානියා බැනිස්ටර් ප්‍රැන්සින් සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ හිටපු කර්තෘ දරීශා බැස්ටියන්ට දුරකථන ඇමතුමක් ලබා දී ඇත. ඒ ඇය රටෙන් පිටවීමට පෙර නොවැම්බර් 23 වැනිදාය.

 ඊට අමතරව ගානියා බැනිස්ටර් එම මාධ්‍ය වාර්තාවල සඳහන් අන් කිසිවෙකුට දුරකථන ඇමතුමක් ලබා නොදුන් බව හෝ එම පිරිස් ගානියා බැනිස්ටර්ට දුරකථන ඇමතුම් ලබා නොදුන් බව එම වාර්තාවල නැත.

ඇත්තේ දරීශා බැස්ටියන් ලේක්හවුස් හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේට ඇමතුම් ගත් බවය. ක්‍රිෂාන්ත කුරේ CIDයේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට එක් දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති බවය. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රට හැර යෑමට පෙර දිනයේ ශානි අබේසේකරට ඇමතුමක් ලබාගෙන ඇති බවය.

Dharisha Nishantha 

දරීශා බැස්ටියන් ස්විට්සර්ලන්තයට ගියේ දේශපාලන රැකවරණ හෝ වෙනත් හේතුවක් මත සංක්‍රමණ වීසා මත දැයි අප දන්නේ නැත. සංක්‍රමණ වීසා මත ගියේ නම් ගානියා බැනිස්ටර් ඇයට දුරකථන ඇමතුමක් ලබාදීම අරුමයක් නොවේ. දේශපාලන රැකවරණ ලබා යන පිරිස් පිළිබඳව ඒ ඒ තානාපති කාර්යාල විමසිල්ලෙන් සිටින බව අප දන්නා කරුණකි.

මේ ආකාරයෙන් රැකවරණ ලබදෙන සමහර පුද්ගලයන් තානාපති කාර්යාල නියෝජිතයන්ම ගුවන් තොටුපොලෙන් රැගෙන යන අවස්ථාද ඇත. නැතහොත් ගානියා හා දරීශා වෙන පුද්ගලික හිතවත්කම් තිබුණාද විය හැක.

දරීශා ඇගේ ආයතනයේ සභාපතිට කතා කිරීමද අරුමයක් නොවේ. මේ මාධ්‍ය වාර්තා පළකර ඇති කතුවරුන් ඔවුන්ගේ හාම්පුතුන්ට සතියකට කී වරක් කතා කරවා ඇත්ද? ක්‍රිෂාන්ත කුරේ ශානි අබේසේකරට දුරකථන ඇමතුමක් ලබාදුන්නේ ඇයිදැයි පැහැදිලි අරුමයක් ද නැත.

 

ආණ්ඩුවට හිතවත් පත්තර කියපු කතා :

මේ අනෙක් දුරකථන ඇමතුම් සමග ගානියා බැරිස්ටර්ගේ ඇති සම්බන්ධතාව කුමක්දැයි CID ය අධිකරණයට කී බවත් එම වාර්තාවල නැත.

එහෙත් 'දිවයින' පුවත්පත එය වාර්තා කර ඇත්තේ, ගානියා පැහැරගත් කාලයේ මාධ්‍යවේදිනියක ගානියාට, ශානිට, නිශාන්තට හා රාජ්‍ය ආයතන සභාපතිවරයෙකුට දුරකථනයෙන් කතාකරලා යනුවෙන්න.

 'මව්බිම' පුවත්පත එය වාර්තා කර ඇත්තේ ගානියා සමග සබඳතා පැවැත්වූ අය ගැන තොරතුරු හෙළිවෙයි, නිශාන්ත සිල්වා සමග නොවැම්බර් 19 වැනිදා 6 වරක් කතාකරලා යනුවෙන්ය.

'අරුණ' පුවත්පත වාර්තා කර ඇත්තේ ස්විස් ගානියා සිද්ධියට ක්‍රිෂාන්තත් හවුල් යනුවෙන්ය.

'ලංකාදීප'ය වාර්තා කර ඇත්තේ ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ දුරකථන සංවාද උසාවියේදී දිගහැරේ යනුවෙන්ය.

එහි ඉංග්‍රීසි පුවත්පත වන ඩේලි මිරර්හි ඇත්තේ ශානි අබේසේකර හා අනෙකුත් අය ගානියා සමඟ සම්බන්ධ වී ඇති බවය. එමෙන්ම උපශීර්ෂයක දැක්වෙන්නේ තප්පර 108ක දීර්ඝ ඇමතුමක් ලබාගෙන ඇති බවය.

එම තප්පර ගණන විනාඩි දෙකකටත් වඩා අඩු කාලයකි. එය දීර්ඝ ඇමතුමක් නම් දීර්ඝ ඇමතුම්වලට කියන්නේ කුමක්ද?

 

CIDය අධිකරණයට නොකියපු කතා !

මේ මාධ්‍ය වාර්තා බැලූවිට පෙනෙන්නේ සීඅයිඩීයවත් සෘජුව අධිකරණයට නොකියූ දෙයක් මේ මාධ්‍ය සමාජයට දී ඇති බවය.

ගානියා සිද්ධිය කුමන්ත්‍රණයක් බවත්, එම කුමන්ත්‍රණයේ හවුල්කරුවන් සිටින බවත් පුද්ගල නාම භාවිතා කරමින් විශාල ප්‍රසිද්ධියක් දී මේ මාධ්‍ය වක්‍රාකාරයෙන් කියා ඇත.

CID  ඔවුන්ගේ පරීක්ෂණ කුමන අරමුණක් ඇතිව කළත් ,මාධ්‍ය එම අරමුණේ හවුල්කරුවන් විය  යුතු නැත.

(ලසන්ත රුහුණගේ - අනිද්දා පුවත්පතින් උපුටා ගන්න ලදී)

සබැඳි පුවත්

ක්‍රිශාන්ත කුරේ, ස්විට්සර්ලන්ත තනාපති නිළධාරිනියට 'කෝල්' ගත් කතා පට්ටපල් බොරු -එජාපය  

ස්විස් තානාපති නිලධාරිනියගේ නඩුවට ක්‍රිෂාන්ත කුරේත් පටලවයි : ලේක්හවුස් සභාපති කතුවරියකය 'කෝල්' අරගෙන!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්