"බටහිර ඉවුරේ දර්ශනය" ව්‍යාපෘතියේ එක් නිශ්චිත ඓතිහාසික මූලයක් වන්නේ මෙයට දශකයකට පමණ පෙර ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල්

ෆිල්ම් ඇකඩමි එක යටතේ සංවිධානය වූ ක්‍රියාකාරකම් මාලාවකි.

කොළඹ විශ්ව විද්‍යාලයේ අවිධිමත් ලෙස ආරම්භ වූ දර්ශනය කියවීමේ අධ්‍යයන කවයක් වඩා පුළුල් පිරිසක් සමග සම්බන්ධ වූයේ පදනමේ 'බ්‍රහස්පතින්දා වැඩේ' නිසාය. මෙයට අපට සම්බන්ධ වීමට හැකි වූයේ එවකට ඩිජිටල් ෆිල්ම් ඇකඩමි එකේ සිනමා අධ්‍යක්ෂණය ඉගැන්වීමෙහි නියැලී සිටි සුදත් මහදිවුල්වැව සහෝදරයා ගේ ආරාධනය නිසාය.

 

sudath 23සුදත් මහදිවුල්වැව

එම ආරාධනයත් සමග කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති අධ්‍යයන කවය පදනමේ බ්‍රහස්පතින්දා උදෑසනට මාරු වූ අතර සන්ධ්‍යාව ලෝක සිනමාවේ අලුත් චිත්‍රපටියක් නැරඹීමට වෙන් විය. සතිපතා දර්ශනය කියවීමේ අපගේ ව්‍යාපෘතියට පුළුල් පිරිසක් එක්වර සම්බන්ධ වූයේ මේ මගින්ය. දර්ශනය සහ කලාව අතර ඇති සමාරම්භක සම්බන්ධය අපට ප්‍රත්‍යක්ෂ වූයේ ද 'බ්‍රහස්පතින්දා වැඩේ' නිසාය. මේ සියලු දේ නිසා සහ තවත් හේතු නිසා "බටහිර ඉවුර" ව්‍යාපෘතිය සුදත් වෙත බොහෝ ණයගැති වෙයි.

 



නමුත් සුදත් ගේ "My Red Comrade" චිත්‍රපටිය ගැන අප සංවාදයක් සංවිධානය කළේ මේ ඉතිහාසයට කෘතගුණ සැලකීමක් ලෙස පමණක්ම නොවේ. සුදත් යනු අපේ රටේ සිනමාව නම් කලාත්මක සිතීම ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට අව්‍යාජ ලෙස මහන්සි වන කෙනෙක් බව අපි දනිමු. අනෙක් අයගේ සිනමාව වෙනුවෙන් සෑම විටම මැදිහත් වන සුදත්ගේ චිත්‍රපටිය වෙනුවෙන් ද එවැනි මැදිහත්වීමක් අවශ්‍ය වන්නේ මේ නිසාය.

මෙහි අරමුණ වන්නේ අන්‍යෝන්‍ය වශයෙන් පිට කසා ගැනීම නොව චිත්‍රපටිය ගැන අවංක කතා බහක් ඇති කිරීමයි. එම අදහස් නිසා සමහර විට තව කෙනෙකුට චිත්‍රපටිය බැලීමට උනන්දුවක් ඇති විය හැක. සමහරවිට, එම නිසා, කෙනෙකුට 'සිනමාව' අභිමුඛ විය හැක. අවසානයේ දී වැදගත් වන්නේ සිනමාව විසින් පමණක් ග්‍රහණය කරගත හැකි නවීනත්වය ආරක්ෂා කිරීමයි.

 

comrade 240219මෙහි අරමුණ වන්නේ අන්‍යෝන්‍ය වශයෙන් පිට කසා ගැනීම නොව චිත්‍රපටිය ගැන අවංක කතා බහක් ඇති කිරීමයි.

මෙහි අදහස් දැක්වීමට අප ආරාධනා කළේ පහත නම් සඳහන් හිතවතුන්ටයි (නම් සඳහන් වන්නේ ව්‍යාකූල බල ධූරාවලියකට අනුව නොව ආකාරාදී පිළිවෙලටයි):

විදර්ශන කන්නන්ගර
කෞශල්‍ය කුමාරසිංහ
නිර්මාල් රංජිත් දේවසිරි
ජගත් වීරසිංහ

දිනය: ජුනි 6 වෙනි බ්‍රහස්පතින්දා
වෙලාව: සවස 3 ට

ස්ථානය : රුසියානු සංස්කෘතික කේන්ද්‍රය

ප. ස. -
මාලිමාව සමග විවාදයට සජබය යම් හෙයකින් පැමිණියත්, මේ වැඩසටහන එයට පෙර අවසන් වන බවත්, ගෙදර ගොස් සජබය නා ගන්න හැටි නැරඹිය හැකි බවත් සලකන්න!


(උපුටා ගැනීම - බටහිර ඉවුරේ දර්ශනය ෆේස්බුක් පිටුවෙන් )


WhatsApp Image 2024 06 04 at 11.51.44

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image