ජනාධිපති ධූරය මුලින්ම හැදුවේ වසර හයකට ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන කොට හැදුවේ එහෙම ය. කිසියම් සිස්ටම් එකක් හදන කොට එය හදන්නේ සංගතව ය. උදාරණයක් හැටියට කාර් එකක් හදන කොට එය හදන්නේ එහි විවිධ කොටස් එකිනෙකට මනාව ගැලපෙන විදිහට ය. කාලයකට පසුව කාර් එකේ සිස්ටම් එක වෙනස් කරනවා කියා එක රෝදයක් ගලවා ත්‍රීවීල් එකක් කළහොත් කාර් එක විකෘති වේ. ඒ ආකාරයට ව්‍යවස්ථාවේ මූලික කොටස් වෙනස් කළ විට ආණ්ඩුක්‍රමය විකෘති වේ. දැන් රටට වී තිබෙන්නේ එයයි.

එදා රනිල් වික්‍රමසිංහ සහ ඔහු විසින් පඹයාට ඇන්ද වූ නූගත් සිරිසේන විසින් ව්‍යවස්ථා සංශෝධනයක් කර ජනපතිවරයාගේ ධූර කාලය අවුරුදු හයේ සිට පහට අඩු කළේ ය. ඒ ජනතාව කියූ නිසා නොවේ. ඒ බටහිර සුදු හාම්පුතුන් සහ ඔවුන්ගේ මෙරට කළුසුදු පුතුන් කී නිසා ය. අන්තිමට ඒ යහපාලන දීගය කෙළවර වුණේ රටේ ආර්ථිකය බිංදුවට වට්ටවා ජාතික ආරක්ෂාව නැත්තටම නැති කිරීමෙනි. 

 

නොනගතය ඉවරයි, දැන් වැඩ අල්ලන කාලයයි - ගාමිණි වියන්ගොඩ
මේ රටේ ජීවත් වන අවිද්‍යාත්මක අතාර්කික අමූලික මහා ජනතාව විසින් 2015 දී කර ගත් ඒ මහා මෝඩකම ඔවුන්ටම තේරුම් යන විට පරක්කු වැඩි ය. නමුත් මා වඩාත්ම විනෝදයට පත් වන්නේ රනිල් එදා කර ගත් මෝඩ ව්‍යවස්ථා සංශෝධන අද රනිල් විසින්ම නිවැරදි කිරීමට උත්සාහ ගනු දැකීමෙනි. දැන් රනිල් හදන්නේ ජනපති ධූර කාලය නැවත වසර හයකට දික් කර ගැනීමට ය. 

රනිල් දේශපාලනිකව කපටි වුණාට දුර දක්නා නුවණ නැත. ඔහු විසින්ම ඇටවූ ස්වාධීන කොමිෂන් සභා විකාරය නිසා අද ඔහුටම වැඩ කර ගැනීමට නොහැකි ය. ඒවා අද ජනතාවගේ මුදල් කෝටි ගණනින් ගිල දමන ජනතාවට මෙලෝ සේවයක් නොකරන අනවශ්‍ය හොල්මන් ය. අද රනිල් ඒවා තුට්ටු දෙකකට මායිම් කරන්නේ නැත. ද්විත්ව පුරවැසියන්ට ඉල්ලන්න බැරි කිරීම නිසා ඩයනා ගමගේ නඩුවෙන් රනිල් කුජීත විය. රනිල් ගෙවන්නේ රනිල්ගේම පව් ය. ඒවාට රටේ ජනතාවත් හවුල් වූ නිසා ජනතාවත් අනිවාර්යෙන්ම විපාක ගෙවිය යුතු ය. 

ව්‍යවස්ථා සංශෝධන කරන විට ඒවායින් මූලික ආණ්ඩුක්‍රමය උල්ලංඝනය නොවිය යුතු ය. එහෙම සිස්ටම් එකම වෙනස් කරනවා නම් කළ යුත්තේ අලුත්ම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ය. ව්‍යවස්ථාව යනු ජනතාව එකඟ වන මූලික සමාජ ගිවිසුම ය. එය තිබෙන්නේ ජනතාවට ආණ්ඩුවෙන් ආරක්ෂා වීමට ය.

“ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියා නිර්මාල් දේවසිරි විසින් ජනතාව ප්‍රචණ්ඩත්වයට පොළඹවා මිනීමරවා, නිවාස ගිනි තබ්බවා, මංකොල්ල කවා අවසානයේ වුණේ රනිල් වික්‍රමසිංහ ජනපති වීම ය. රටේ ආර්ථිකය IMF එකට යටත් කිරීම ය. ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම මෝඩකමකි. 

Cabinet overhaul once approval of IMF credit facility
ඒ අනුව රනිල් තමන් කළ වැරදි නිවැරදි කරමින් ජනපති ධුරය වසර හයක් ලෙස මුලින් තිබූ ආකාරයට හැදීම ඉතා හොඳ දෙයකි. ජනපති ධූරය දුර්වල කර ඒ හරහා ඊළම බෙදීමට වැඩ කළ කොළඹ NGO කාරයන්ට තරු පෙනෙන්නේ එවිට ය. එය මා හට ඉමහත් ප්‍රීතියකි. මට දුකකට තිබෙන්නේ මේ නාඩගම් බැලීමට මාදුළුවාවේ සෝභිත සහ ඒ ටී ආරියරත්න ජීවතුන් අතර නොසිටීම පමණී. රනිල් සහ රනිල්ගේ පුත්තු විසින් කර ගෙන යන IMF ව්‍යාපෘතිය තවත් අවුරුද්දක්වත් කිරීමට ඉඩ දිය යුතුය. ඒ අවුරුදෙන් පසුව ජනපතිවරණය පවත්වා තවත් අවුරුදු හයක් ඔවුන්ටම දිය යුතු ය. 

මේ රටේ සිටිනා ගුණමකු අකෘතඥ අවාසනාවන්ත ජනතාවට ඔවුන්ගේ පාපයන්ට විපාක විඳවීමට හැක්කේ එවිට ය. මට වැඩිපුරම අවශ්‍ය වන්නේ, ඉතිහාසයේ වැඩිම සහතික වී මිලත් දී, නොමිලේ පොහොරත් දී, මෝල් ඩඩ්ලිගේ ඒකාධිකාරයත් බිඳ දමා අනාගතයේ හෝ දරුවන්ට වසවිස නැතිව බත් කටක් කවන්න උත්සාහ කළ ගෝඨාභය ජනපතිට එරෙහිව තමන්ගේ ගොයමට ගිනි තැබූ පාහර ගොවි මහත්තුරුන් රවටා රනිල් විසින් දුන්නු සින්නක්කර ඔප්පු ටික තොගේට ණයකාරයන්ට සින්න වී එම ගොවියන්ට මේ ජීවිතයේම කර්මය පටිසන් දෙනු දැකීමට ය. ඒ සඳහා ඊළඟ වසරත් තවත් වසර හයකුත් රනිල්ට දෙමු. 

ධර්මය ඔබට මග වේවා!

රනිල්ට ඉඩදෙමු - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024 ජූනි 9 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image