ඉන්දීය මැතිවරණයෙහි මිලියන 642 ක් අදියර 07 කින් ඡන්දය භාවිත කළ ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියෙහි සමස්ත ප්‍රතිළුල ගත්විට,

මෙවර අගමැති මෝදිට ලැබී ඇත්තේ විශේෂඥ දේශපාලන උපදේශකයන් හා වෘත්තීය සමාජ මත විශ්ලේෂකයන් අනාවැකි කියූ “හින්දුත්වා කෙබාබය” නොව, “හින්දුත්වා පූරියක්” ය. 

මෙවර මැතිවරණය, බී.ජේ.පී මැතිවරණයක් නොවීය. මෙවර එය දැවැන්ත මෝදි රැල්ලක් මැවූ ඔහුගේ ප්‍රතිරූපය හින්දුත්වා ජාතික නායකත්වයට එසවූ මැතිවරණයක් විය.

 

බී.ජේ.පී.ය ගිය වර 2019 මැතිවරණයේදී ආසන 303 ක් ලබාගත් අතර මෙවර මෝදි “අබ්කි භාර් 400 පාර්” යැයි ආසන 400 ක් දිනාගන්නා බැව් සටන් පාඨයක ස්වරූපයෙන් කීවේය. වෘත්තීය සමාජ මත විශ්ලේෂකයන් මැතිවරණ ප්‍රතිළුල ගණන් හැදුවේද එලෙසින්ය. ජාතික මාධ්‍ය ප්‍රසිද්ධියක් ලබා දුන්නේද තෙවැනි වරට මෝදි ලබන්නා වූ එවැනි ඓතිහාසික ජයග්‍රහණයක් පිළිබඳ ගණන් හිලව් සඳහාය. විශේෂයෙන් ග්‍රාමීය ජනතාව ඔහුගේ ගියවර මන්ත්‍රී ආසන 303 මෙවර ආසන 240 ට බස්සවා ඔහුට ලොක් සභාවෙහි බහුතරයක්වත් නොතැබූහ. සමාජ මත විශ්ලේෂක වෘත්තිකයන්ට යන එන මං නැති විය.

මැතිවරණයට පෙර රූපවාහිනි නාලිකාවල මැතිවරණ දේශපාලනය ගැන විශ්ලේෂණ ඉදිරිපත් කළ දේශපාලන විශේෂඥයන් ප්‍රතිළුල විශ්ලේෂණය සඳහා සොයා ගන්නටවත් නැති විය. ඉන්දීය ඡන්දදායකයා තීන්දු කළ ප්‍රතිළුල අනුව සරළ බහුතර ආණ්ඩුවක් සඳහා අවශ්‍ය ආසන 272 ක ඉක්මවා යාමට මෙවර මෝදිට ඔහුගේ එන්.ඩී.ඒ. සන්ධානයේ ප්‍රාන්ත පක්ෂවල හවුල අනිවාර්ය වී ඇත.

 

මෙවර රහුල්ගේ කොංග්‍රසය තනිව ආසන 99 ක් දිනා ඇත
ගියවර රහුල් ගාන්ධිගේ කොංග්‍රසය ඇතුලත් වූ සන්ධානයට ලැබුණේ ආසන 80 කි. මෙවර රහුල්ගේ කොංග්‍රසය තනිව ආසන 99 ක් දිනා ඇත. පසුගිය වසරේ ජූලි මාසයේ ගොඩනගා ගත් බටහිර බෙංගාලයේ මමතා බැනර්ජි, තමිල් නාඩුවේ එම්.කේ. ස්ටාලින් ඇතුළු ඔවුන්ගේ “ඉන්ඩියා හවුල” එකතුවක් ලෙස ආසන 234 ක් දිනා ගෙන ඇත. එබැවින් මෙවර ලෝක් සභාවෙහි විපක්ෂය ප්‍රබල විපක්ෂයක් වන්නේය.

මෝදි කලින් වර මැතිවරණ ජයග්‍රහණ සඳහා යොදා ගත් හින්දුත්වා අන්තවාදය මෙවරද අධිකාරවාදී හින්දුත්වා බලය වෙනුවෙන් ගොනු කෙරුවේය. පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරමින් අයෝද්‍යාහි රාම් මන්දිර් දෙව් මැදුර සමස්ත හින්දු ජනතාවටම පූජා කරන්නේ යැයි අගමැති මෝදි විසින් ඉකුත් ජනවාරියේ විවෘත කරනු ලැබුවේය. විවෘතයට පමණක් එදින ලක්ෂ 05 ට වැඩි හින්දු ජනතාවක් සහභාගි වූ බැව් වාර්තා විය.

 

එහෙත් රාම් මන්දිර් දෙව් මැදුර පිහිටි ෆයිසබාද් ආසනයෙහි බී.ජේ.පී.ය පරාජය විය. බී.ජේ.පී.යේ ලල්ලු සිං පරාජය කරමින් රහුල්ගේ සන්ධාන සාමාජික සමාජ්වාදී පක්ෂයේ අවධෙශ් ප්‍රසාද් ඡන්ද සියයට 48.6 ක් ගෙන තිබුණි. මෙවර මෝදිගේ මැතිවරණ ව්‍යාපාරය බහුතර හින්දු බලයක් වෙනුවෙන් දියත් කළද, හින්දු බහුතරයක් ඉන්නා ප්‍රාන්තවල බරපතළ ලෙස පරාජය වී ඇත. සියයට 80 ට වැඩි හින්දු ප්‍රජාවක් ඉන්නා උත්තර් ප්‍රදේශයෙහි ආසන 80 න් මෝදිගේ බී.ජේ.පී.ය දිනා ඇත්තේ 36 කි. සියයට 85 ක හින්දු ජනතාවක් ඉන්නා මහරශ්ට්‍රාහි ආසන 48 න් බී.ජේ.පී.ය දිනා ඇත්තේ 17 කි. සියයට 87 ක් හින්දු භක්තිකයන් ඉන්නා තමිල්නාඩුවේ ආසන 39 න් එක ආසනයක් හෝ දිනාගන්නට නොහැකි විය.

 

රාම් මන්දීර් පෙරටු කෙරුණු හින්දු ආධිපත්‍ය සමග වූ මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයේ පලය වූයේ ඔහුට මෙවර ආසන 63 ක් අහිමිවීම ය

සමස්ත ප්‍රතිඵලය ගත් විට, රාම් මන්දීර් පෙරටු කෙරුණු හින්දු ආධිපත්‍ය සමග වූ මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයේ පලය වූයේ ඔහුට මෙවර ආසන 63 ක් අහිමිවීමත් දේශපාලන විචාරකයන් හා මාධ්‍ය අඩු ලන්සුවක් තැබූ රහුල්ගේ කොංග්‍රස් පක්ෂය ආසන 47 ක් අලුතින් දිනා ගැනීමත්ය. ඊට අමතරව පසුගිය වර ආසන 03 ලැබූ සමාජ්වාදි පක්ෂය මෝදිගේ බී.ජේ.පී.යට විරුද්ධව රහුල්ගේ ඉන්ඩියා හවුල සමග අලුතින් ආසන 32 ක් දිනා ගෙන ඇත.

rahul gandhi9qwරහුල්ගේ සන්ධානයට වැඩි වූ ඡන්ද සතු ප්‍රධානම ලක්ෂණය ග්‍රාමීය සමාජයේ මෝදි විරෝධයකි.

 

ප්‍රාන්ත වශයෙන් ගතහොත් රහුල්ගේ සන්ධානය මෝදිට විරුද්ධව ඉදිරිපත් කළ “ඉන්දීය ෆෙඩරල් ව්‍යවස්ථාව රැක ගැනීමට” නාගරික මැද පන්තික ආකර්ශනයක් ඇත. එය “ඉන්ඩියා හවුලට” ලැබී ඇති පැහැදිලි ඡන්ද වැඩිවීමට එක හේතුවක් පමණි. රහුල්ගේ සන්ධානයට වැඩි වූ ඡන්ද සතු ප්‍රධානම ලක්ෂණය ග්‍රාමීය සමාජයේ මෝදි විරෝධයකි. ඒ විරෝධය මහින්ද රාජපක්ෂගේ දෙවැනි පාලන කාලයේ මෙන් මෝදිගේද 2019 න් පසු දෙවැනි ධූර කාලයෙහි ශීඝ්‍රයෙන් වර්ධනය වූ දූෂිත, ජාවාරම්කාර වෙළෙඳ පොළ ආර්ථිකය විසින් අතරමං කර ඇති ග්‍රාමීය ජනතාවගේ අපේක්ෂා භංගත්වය වන්නේය.

මෝදිගේ ආණ්ඩු පාලන දෙකකින්ම බහුතර ග්‍රාමීය ජනතාවගේ දුප්පත්කමට විසඳුම් නොලැබීමේ විරෝධය වන්නේය. එය රාජපක්ෂ පාලනය 2014 සැප්තැම්බර් වනවිට පත්ව සිටි තත්වයම විය. ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් වැඩිවූ විරැකියාවත් රාජ්‍ය යාන්ත්‍රණය උඩ සිට පහළට දේශපාලනීකරණය කිරීමෙන් ජනතාවගේ දෛනික ජීවිතයේ සියලු ගැටලු විසඳීමේ අවකාශ දූෂිත ප්‍රාදේශීය දේශපාලන බලයකට බාරදීමත් විශේෂයෙන් මහ නගරවලින් පිටත මෝදි විරෝධයකට හේතුවී තිබිණ. සරළව කිවහොත් මහජාතික වර්ගවාදී දේශපාලනයෙන් මහ ජාතියේ අති බහුතරයකගේ දුප්පත්කමට විසඳුම් ලැබෙන්නේ නැත.

පසුගිය අවුරුද්දක පමණ කාලයේ ලක්ෂ ගණන් ග්‍රාමීය ජනතාව සහන ඉල්ලා පාරට පැමිණියේ ඒ සියලු ප්‍රශ්න ගොනු කෙරුණු විරෝධයක් සමගින්ය. ග්‍රාමීය ජනතාව ලක්ෂ ගණනින් පාරට පැමිණීම පටන් ගත්තේ 2020 වසරේ දෙවැනි භාගයේදීය.


ඒ මෝදි ආණ්ඩුව කෘෂි වෙළෙඳ පොළ ලොකු ව්‍යාපාරවලට බාරදීමට පියවර ගන්නේ යැයි වූ වාර්තා සමගය. එතැන් සිට ග්‍රාමීය ප්‍රජාව විවිධ ගැටලු සඳහා විසඳුම් ඉල්ලා ගෙන යෝධ විරෝධතා සංවිධානය කළහ. බරපතළම විරෝධය ආරම්භ වූයේ මේ වසරේ පෙබරවාරියේදීය. එවිට මෝදිගේ ආණ්ඩුව ගොවි සම්මේලන සමග සාකච්ඡා ආරම්භ කෙරුවේ පාරට පැමිණි දස ලක්ෂ ගණන් ග්‍රාමීය ජනතාව දිල්ලි නගරය වැටලීම වළකා ගැනීමටය. සාකච්ඡා අතරතුර ඒ විරෝධතා සන්නද්ධ පොලිසිය යොදවා මෘග ලෙස මර්දනය කිරීමද සිදුවිය.

 

farmers 3සාකච්ඡා අතරතුර ඒ විරෝධතා සන්නද්ධ පොලිසිය යොදවා මෘග ලෙස මර්දනය කිරීමද සිදුවිය.
සාකච්ඡාවලදී පොරොන්දු වූ බොහෝ දේ ඉටු නොවුණා යැයි නැවත පසුගිය මාර්තුවේ ග්‍රාමීය ජනතාව දිල්ලි වැටලීමේ විරෝධතාවකට සූදානම් වූහ. ඒ සමග දිල්ලි නගරයට ඇතුළුවීමේ ප්‍රධාන ස්ථාන පොලිසියේ පාලනයට බාර කෙරිණ.

වසර තුන හතරක කාලයේ මෝදුවූ ග්‍රාමීය විරෝධයේ වඩාත් විශාල විරෝධතා ගොනුව තිබුණේ බහුතර හින්දු ප්‍රජාවක් ඉන්නා උත්තර් ප්‍රදේශ්, පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවලය. ඒ අනුව රහුල්ගේ කොංග්‍රසයට සහ සන්ධානයට ලැබුණු අතිරේක ඡන්ද විශාල ප්‍රමාණයෙහි තිබුණේ දැඩි මෝදි විරෝධයකි.

මෝදි පාලනය හුදෙක් වර්ගවාදී ආණ්ඩු පාලනයක් පමණක්ම නොවුණි. එය තනි බී.ජේ.පී. ආණ්ඩුවක් වූයෙන් මෝදිගේ ග්‍රහණයට නතුකර ගැනුණු දැඩි අධිකාරවාදී පාලනයක් විය. ඔහුගේ ආණ්ඩු පාලනය එලෙසින්ම ප්‍රාන්ත පාලනවලටද අත පොවන්නාවූ මධ්‍යගත ආණ්ඩු පාලනයක් බවට ශීඝ්‍රයෙන් පරිවර්තනය කෙරෙමින් තිබිණ.

නාගරික මැද පන්තිකයන්ට අපේ රාජපක්ෂ විරෝධී දූෂණ කතා ආකර්ශනයක් වූවා සේම රහුල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකගැනීමේ කතා ඉන්දීය මැද පන්තිකයන්ට ආකර්ශනයක් විය.

 



මේ මැතිවරණයෙන් පසු එනමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක ගැනීමේ කතාවට එතරම් වලංගු බවක් ඉතිරි නොවනු ඇත. මෙවර මෝදිගේ ආණ්ඩුවේ ඔහුට තනිව අධිකාරවාදී තීන්දු ගැනීමේ අවසරයක් ලැබෙන්නේ නැත. සිය දේශපාලන ජීවිතයේ පළමු වරට සන්ධාන ආණ්ඩුවක දිගු ඇදෙන සම්මුති සමග වැඩ කරන්නට මෙවර මෝදිට සිදුවන්නේය. ඔහුගේ අඩතර ආණ්ඩුවේ බහුතරය සම්පූර්ණ කෙරෙන්නේ විශේෂයෙන් බිහාරයේ නිටිශ් කුමාර්ගේ ජනතා ඩාල් පක්ෂයේත්, අන්ද්‍රා ප්‍රදේශයේ චන්ද්‍රබාබු නයිදුගේ තෙලුගු දේශම් පක්ෂයේත් ආසන වලින්ය.

එබැවින් ඔවුන්ට ඇමැති මණ්ඩලයේ වැදගත් ඇමැති පදවි දීමටද මෝදිට සිදුවන්නේය. ප්‍රාන්ත පක්ෂ සමග දිල්ලි ආණ්ඩුව පවත්වා ගැනීමේදී කලින් මෙන් ප්‍රාන්ත ආණ්ඩුවලට අත පොවන්නට මෝදිට අවසර ලැබෙන්නේ නැත. රහුල්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රැකීමේ සටන් පාඨය මැතිවරණයෙන් පසු දියාරු වන්නේ එබැවිනි.

අවාසනාව වන්නේ මෝදිගේ අසාර්ථක, දූෂිත, වර්ගවාදී ආණ්ඩු පාලනයේ සියලු වාසි ලැබූ රහුල්ගේ කොංග්‍රසයද ඒ පීඩිත ඉන්දීය ජනතාවට වැදගත් විකල්පයක් නොවීමය. ඔහුගේ “ඉන්ඩියා හවුලට” බහුතර බලයක් දුන්නා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර එය වඩා ශක්තිමත් කළ හැකිව තිබිණ.

idia poorඑහෙත් බරපතළ ප්‍රශ්නය ලෙස දුප්පත්කම තුරන් කිරීමේ කතාව ඉතිරි වනු නියතය. එය ඉන්දියානු ආර්ථිකයෙහි ඇති ආදායම් හා වත්කම් බෙදී යාමේ දරුණු විෂමතාව සම්බන්ධ ගැටලුවකි.

 

එහෙත් බරපතළ ප්‍රශ්නය ලෙස දුප්පත්කම තුරන් කිරීමේ කතාව ඉතිරි වනු නියතය. එය ඉන්දියානු ආර්ථිකයෙහි ඇති ආදායම් හා වත්කම් බෙදී යාමේ දරුණු විෂමතාව සම්බන්ධ ගැටලුවකි. “ලෝක විෂමතා පර් යේෂණාගාරය” නමින් වන විද්වත් හවුලක තොමස් පිකෙටි (පැරිස් ආර්ථික විද්‍යා පාසල) ලූකස් චන්සෙල් (හාවඩ් විශ්ව විද්‍යාලය) සහ නිටින් කුමාර් භාර්ති (නිව් යෝක් විශ්ව විද්‍යාලය) විසින් සකස් කෙරුණු “ඉන්දියවේ ආදායම් හා වත්කම් විෂමතා 1922 - 2023 ප්‍රකෝටිපතියන්ගේ නැගීම” නමින් වන අධ්‍යයන පත්‍රිකාවට අනුව, “2022-23 වනවිට, ජනගහනයේ ඉහළම සියයට 01 ලැබූ ආදායම් පංගුව සියයට 22.6 ක් වූ අතර වත්කම් පංගුව සියයට 40.1 ක් විය.

එය ඓතිහාසිකව ඉහළම මට්ටමේ විෂමතාවකි. ඉන්දියාවේ ඉහළම සියයට 01 සතු ආදායම් පංගුව ලෝකයේ ඉතාම ඉහළ ආදායම් පංගුවකි. එය දකුණු අප්‍රිකාව, බ්‍රසීලය සහ ඇමෙරිකාවටද (එක්සත් ජනපදය) වඩා ඉහළ පංගුවකි.”

ඔවුන්ගේ එම අධ්‍යයනයට අනුව මිලියන 92 ක් වන ඉන්දියානු වැඩිහිටි ජනගහනයෙන් පොහොසත්ම පුද්ගලයන් 10,000 ඉන්දියානු රුපියල් බිලියන 22.6 ක වත්කම් හිමිකරුවෝ වන්නාහ. එය ඉන්දියානු ජාතික වත්කම මෙන් 16,763 ක් යැයි එම වාර්තාවෙහි සඳහන් වන්නේය. එම විෂමතා තුනී කිරීම සඳහා එක් ප්‍රවේශයක් ලෙස ඔවුන් යෝජනා කරන්නේ ඉහළ ආදායම් හා වත්කම් ඇතුළුවන ආකාරයේ ඉන්දියානු බදු ක්‍රමයේ සංශෝධනයකි. එමගින් සාමාන්‍ය ඉන්දියානු පුරවැසියනට අවශ්‍ය සෞඛ්‍ය, අධ්‍යාපනය සහ පෝෂණය සඳහා රාජ්‍ය ආයෝජන පුළුල් කළ හැකි යැයි කියන්නාහ.

20240608 ASP002ඉන්දියාවට අද අවශ්‍ය වන්නේ සාමාන්‍ය ජනතාවටද බුක්ති විඳිය හැකි සංවර්ධන වැඩපිළිවෙළකි.

ඉන්දියාවට අද අවශ්‍ය වන්නේ ඒ යෝධ විෂමතා තුනී කරමින් ගෝලීය වෙළෙඳ පොළ ගනුදෙනු වලින් ලැබෙන්නාවූ වාසි සීමිත ප්‍රභූ පැලැන්තියකට සීමා නෙකෙරන, සාමාන්‍ය ජනතාවටද බුක්ති විඳිය හැකි සංවර්ධන වැඩපිළිවෙළකි. වර්ධනය වන දුප්පත්කම ඡන්ද සඳහා යොදා ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකගැනීම ප්‍රධාන මැතිවරණ තේමාව කරගත් පමණින් රහුල්ගේ කොංග්‍රසය බලයට පත් කළද ඒ රෝග සඳහා ඔවුන් සතු ප්‍රතිකාර නොමැති බව මැතිවරණ ව්‍යාපාරයෙහි කදිමට පැහැදිලි වූවකි.

කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් අගමැති මෝදි පරදා රාහුල් ගාන්ධි ජයගනීඔවුන්ගේ දේශපාලනයෙහි ඉන්දීය රාජ්‍ය මේ වනවිට හින්දුත්වාකරණයට නතුව තිබීමෙන් ස්වාධීන කිරීමක් ගැන කතා නොකරන්නකි.

 

ඔවුන්ගේ දේශපාලනයද විවෘත වෙළෙඳ පොළ ආර්ථිකයෙහි යෝධ ව්‍යාපාරිකයන් බවට පත්ව ඇති ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගෙන් තොර නොවන්නකි. ඔවුන්ගේ දේශපාලනයෙහි ඉන්දීය රාජ්‍ය මේ වනවිට හින්දුත්වාකරණයට නතුව තිබීමෙන් ස්වාධීන කිරීමක් ගැන කතා නොකරන්නකි.

ඉන්දියාවෙහි විපක්ෂයද අපගේ දේශපාලනයේ දූෂණයෙන් තොර ආණ්ඩු පාලන පොරොන්දු වන ආකාරයේම, මූලික ගැටලු සඳහා විසඳුම් කතා නොකරන, සංවර්ධනය ගැන වැදගත් අර්ථකතනයක් හා සැලසුමක් නොමැති වාග් ප්‍රහාරක ප්‍රතිවිරුද්ධ මැතිවරණ සන්ධානයක් පමණි. වෙනසකට ඇත්තේ ඔවුන්ගේ චිත්‍රය ලොවටම පෙනෙන යෝධ ප්‍රජාතන්ත්‍රවාදයක් පාට කෙරුණු චිත්‍රයක්වීම පමණි.

මෝඩිගේ හින්දුත්වා 'පූරිය' - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - lankadeepa.lk)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්