theleaderlk 01

රනිල් වික්‍රමසිංහයන් විසින් රචිත “දේශපාලනය සහ ධර්මය” යන වටිනා කෘතිය මට අහම්බෙන් ලැබුණේ කෑගලු ප්‍රදේශයේ වන-සෙනසුකින්.

ඊට කලින්, රනිල්-මෛත්‍රී යුවල එක්ව, ධම්මපදයේ බුද්ධ වග්ගයේ 158 වැනි ගාථාව භාෂා හතරින්ම සඳහන් කොට, එම අරණටම යවා තිබූ වෙසක්පතේ එම ගාථාවේ සිංහල අනුවාදය වශයෙන් දක්වා තිබුණ

"අනුන්ව හෙළා තළා කතා නොකළ යුතුය. අනුන්ට හිංසා නොකළ යුතුය. ප්‍රාතිමෝක්ෂ සංවරයෙහි පිහිටිය යුතුය. ආහාරයෙහි පමණ දත යුතුය, විවේක සේනාසනයෙහි ඇලුම් කළ යුතුය. සමවත් වැඩිය යුතුය; යනු සියලු බුදුවරුන් ගේ අනුශාසන යි." 

යන්න දුටු මා සිතුවේ සියල්ල හැර දමා සෙනසුන්ගතව බවුන් වඩන හිමිවරුන් දිරිගැන්වීමට රාජ්‍ය නායකයෙකුට මිට වඩා උචිත බුදුවදනක් සොයාගත හැකිද යන්නයි. 

එබැවින් මේ පොතේ අන්තර්ගතය කුමක් විය හැකිදැයි මට මහත් කුතුහලයක් ඇතිවිය. කෙසේවතුදු, 2024 ජූනිමස පළකොට ඇති “දේශපාලනය සහ ධර්මය” කුඩා පොත් පිංච එම දුර බැහැර පිහිටි ආරණ්‍යයට ලැබුණු එකම පිටපත නිසාත්, මිල දී ගත නොහැකි නිසාත් මට එය කියැවීමට ලැබුණේ තවත් සති කිහිපයකට පසුවයි. 

 


මේ විචාරය මදක් දිගුව ඇත්තේ පොත පහසුවෙන් ගත නොහැකි බැවින් පොතෙහි අන්තර්ගතයෙන් බිඳක් ද උධෘත වශයෙන් මෙහි අඩංගු බැවිණි. ඉවසිලිවන්තව ඒවා කියවුවහොත් ඉන් ලැබෙන අවබෝධය පිළිබඳව ඔබ සතුටුවනවා නිසැකය.

මුල් පෙළෙහි සුත්‍ර සිසාරා ගැඹුරින් අධ්‍යයනයකොට, පරිස්සමින් තෝරාගත් උචිත බුදු වදන් නිදසුන් ලෙස ඉදිරිපත්කරමින්, කතුවරයා සිය මතයන් තහවුරු කොට ඇති ආකාරය සුවිශේෂය.

පළමු පරිච්ජේදයෙහි "ශ්‍රේෂ්ඨතම විප්ලවවාදීයා බුදුන් වහන්සේය" යන්න ස්‌ථාපිත කිරීමට, ලෝක ඉතිහාසය පිළිබඳ කතුවරයා සතු පුළුල් දැනුම උපයෝගි කරගණියි. තත්කාලීන භාරතීය සමාජයේ පමණක් නොව, ඊජිප්තුව, මිසරය, බැබිලෝනියාව ආදී රටවල පවා ගස් ගල් වැදීම, යාග හෝම පැවැත්වීම අනුගමනය කළ යුගයක, "තමාට පිහිට තමාමය" යන විප්ලවකාරී සත්‍යය ගෙනහැර පාමින්, පුද්ගලයෙකුගේ ශ්‍රේෂ්ඨත්වය ක්‍රියාවෙන් මිස උපතින් තීරණය කළ නොහැකි බව පෙන්වා දුන් බුදු වදන් ඉස්මතුකර පෙන්වා ඇත. ප්‍රචණ්ඩත්වයෙන් නොව, ඉවසීම, කරුණාව, වීර්ය සහ සංයමය ඇත්තාට අභියෝග ජයගත හැකි ය යන බුද්ධ භාෂිතයට අනුකුලව කටයුතු කළ ගාන්ධි සහ ඊට පටහැනි වූවකු ලෙස හිට්ලර්ගේ ක්‍රියාකලාප වශ්ලේෂීව සලකා බලයි.

 

"බෝ රුක මුලින් ඇරඹුණු නවීකරණය" මැයෙන් ඉදිරිපත්කොට ඇති දෙවැනි පරිච්ජේදය අතිවිශේෂ වන්නේ බුදුන් වහන්සේ පෙන්වාදුන් මධ්‍යම ප්‍රතිපදාව අතිශය මනෝඥ ආකාරයකට ඉදිරිපත් කිරීම නිසා පමණක් නොවේ, සත්ත කම්ම, අග්ගඥ්ඥ, කූටදත්ත වැනි සුත්‍ර අනුසාරයෙන්, කතුවරයා සිය ප්‍රතිභාව විදහා දක්වමින්, බුදු රදුන් රාජ්‍යකරණය හා පරිසර දුෂණයෙන් තොරව සාමකාමි සහ සමෘද්ධිමත් රටක් පවත්වන්නේ කෙසේදැයි පෙන්වා දී ඇති බව මැනවින් තහවුරු කරන බැවිණි.

"බුදුන් වහන්සේගේ ඇතිකළ නවිකරණයේ වැදගත් අංගයක් වුයේ භාරතීය සමාජය තුළ පුරුෂාධිපත්‍ය මගින් යටපත් කරනු ලැබූ ස්ත්‍රිය, එම වහල් බවින් මුදවා ගැනීම යි. බුදුන් දවස වනවිට ප්‍රචලිතව තිබූ නොයෙක් ආගම් සහ ඇදහිලි මගින් ස්ත්‍රියගේ තත්ත්වය පහත හෙළූ බවට 'වෛදික ධර්ම ශාස්ත්‍ර' කෘතිය මනා සාක්ෂියකි."

"එහෙත් ස්ත්‍රියට මෙලොවද, පරලොවද විජයග්‍රහණය කළ හැකි බව අංගුත්තර නිකායේ එන ප්‍රථම ලෝක විජය සහ ද්විතීය ලෝක විජය සුත්‍ර මගින් පෙන්වා දී තිබේ."  18 පිටුව

"බුදු දහම හේතුකොටගෙන තමන්ගේ හැකියාව අනුව දියුණුවීමටත්, ඉදිරියට යාමටත් භාරතීය සමාජයේ දොර විවෘත විය. දැහැමිව ධනය ඒකරාශී කිරීම මෙන්ම එය ආයෝජනය කළ යුතු ආකාරය ගැනද බුදු දහම උගන්වයි. එක්රැස්  කරනු ලැබූ ධනයෙන් කොටසක් එදිනෙදා වියදමටද කොටසක් විපතකදී ගැනීම පිණිස ද වෙන්කරන අතර ඉතිරි අඩ වස්තුව දියුණු කරනු පිණිස නැවත ආයෝජනය කළ යුතු බව ව්‍යග්ගපජ්ජ සුත්‍රයේ පෙන්වා දෙයි. මෙමගින් ධනය එක්රැස් කිරීමට මෙන්ම ප්‍රාග්ධන අයිතියටද හිමිකම් පුද්ගලයාට ලැබෙයි.   


නීති පැනවීම, වෙනස් කිරීම සහ හකුළා ගැනීම පිළිබඳ 'තිප්පල්ලත්ථිමිග ජාතකය'  ඇසුරෙන් -ජයසිරි අලවත්ත
 “බුදු දහමින් ලබුණු මේ රුකුල නිසා ඉන්දියාව වෙළඳ සමාජයක් ලෙස දියුණු වීම ආරම්භ විය. ධනය රැස්කිරීමේ නිරත වෙළඳුන් සහ ඉසුරුමත් කාර්මික ශිල්පීන් පිරිසක් මේ නිසා ඉන්දියාවේ බිහි විය." - 21/22 පිටු

"නාමෙර් රජුගේ සිට ඊජිප්තුවේ පළමු රාජ  වංශයෙන් ආරම්භවන ලොව ලිඛිත ඉතිහාසයේ මේ දක්වා ගතවී ඇති වසර 5000 ක කාලය තුළ මනුෂ්‍යයා වැඩිම දියුණුවක් ලබා ඇත්තේ බුදුන් වහන්සේගේ පහළවීමෙන් පසු පසුගිය වසර 2500 තුළය. මනුෂ්‍යයාගේ සීඝ්‍ර දියුණුවට තුඩුදුන් පුද්ගලවාදය, කුසලතාන්ත්‍රිකබව, ඉවසීම, සමානාත්මතාවය යන සංකල්පවල ආරම්භයත්, අද වැදගත් කොට සලකන මානව හිමිකම්වල ආරම්භයත් බුදුන් වහන්සේගෙන් සිදුවිය. එය ලොව නවීකරණයේ ආරම්භය ලෙස පිළිගත හැකිය. බුදුන් වහන්සේ නවීකරණය ලොවට හඳුන්වා දී  වසර දස ලක්ෂ ගණනක් තිස්සේ මිනිසාගේ මනස වසාගෙන සිටි  කඩතුරාව ඉවත් කළ සේක. උන්වහන්සේ මනුෂ්‍යයා වෙනුවෙන් කළ අතිමහත් මෙහෙවර එය යැයි සිතමි”  -  25 පිටුව

කලාම සුත්‍රයේ හරය ඉදිරිපත් කිරීමට පෙර එය ඉතා අවධානයෙන් යුතුව කියවා නැවත මෙනෙහි කළ යුතු බව අවධාරණය කරන්නේ මෙසේය. 

"බුදුන් වහන්සේ කාලාම කේස පුත්‍රයන්ට වදාළ කරුණු යළි, යළි මෙනෙහි කරන්නට, හදාරන්නට මෙන්ම ඒ පිලිබඳ සිතන්නට කාලය යළි එළඹ තිබේ." - 26 පිටුව

 

අපේ බුදුන් ඉන්නෙ අපේ තරමටයි - (චින්තන ධර්මදාස)
"කිසිවක් ආරංචි මාත්‍රයෙන් නොගන්න. පරම්පරා කතාවෙනුත් නොගන්න. මෙය මෙසේ යැයි කියාත් නොගන්න. අපගේ පෙළ හා සැසඳෙයි කියාත් නොගන්න. තර්කග්‍රාහයෙනුත් නොගන්න. න්‍යායග්‍රාහයෙනුත් නොගන්න. මේ කාරණය සුන්දරයයි නොගන්න. අප සිත පිළිගත් දෘෂ්ඨිය හා  සැසඳෙතැයි කියාත් නොගන්න. මොහු පුජ්‍ය පුද්ගලයෙකු කියාත් නොගන්න. මේ අපගේ ගුරු තුමා ය කියාත් නොගන්න. වරද නිවරද සත්‍ය අසත්‍ය තමන්ම අවබෝධ කොටගෙන එය පිළිගන්න."  - 26 පිටුව

භීෂණ සමයේ විශ්වවිද්‍යාල හරිහැටි නොපැවැත්වුණු බැවින් පළමු වසරට කණ්ඩායම් දෙක බැගින් ඇතුලත් කරගැනීම අරඹා, 1996දී ද කණ්ඩායම් දෙකක් ඇතුල් කළ අවස්ථාවේ කලාම සුත්‍රය අඩංගු පත්‍රිකාවක් සකසා සෑම සිසුවෙකුටම ලබා දී උපක්‍රමශීලිව, එම ශාලාව තුළදීම එය කියවන්නට සලස්වා ප්‍රශ්න අසනු මට අද මෙන් මතකය.  ඉන් අනතුරුවත් නවකයන්ට පමණක් නොව දෙටු සිසුන්ට පවා බොහෝ අවස්ථාවල කලාම සුත්‍රය අඩංගු පත්‍රිකාව බෙදා, විමසුමට ලක් කළ බැවින් වික්‍රමසිංහ මහතා එය සාවධානව කියවිය යුත්තක් බව පවසන්නට හේතු ගණනාවක් ඇති බව දනිමි. 

යම් අදහසක් පිළී ගැනීම කළ යුත්තේ කෙසේදැයි බුදුන්වහන්සේ කාලාම සුත්‍රයේ පවසන්නේ සාමාන්‍යයෙන් සමාජය අදහස්/තොරතුරු පිළිගන්නා දශ ආකාරයන් ප්‍රතික්ෂේප කළ යුතු බව පෙන්වා දීමෙන් අනතුරුවය. එබැවින් ඉහත උදෘතයේ අවසන් වාක්‍ය කොතරම් වැදගත්දැයි විමසිලිව බලන්නකුට පැහැදිළිය. එසේ වුවත් බොහෝ විද්වතුන් මෙය ප්‍රකාශ කරන්නේ සාවද්‍යාවය. වැඩිදුර නොගොස් අප අවධානයට යොමු කරන මේ කෘතියට පෙරවදනක් සපයමින් මහ තෙර නමක් vii පිටුවේ කලාම සුත්‍රයේ මේ තීරණාත්මක වැකිය "තමන්ගේ බුද්ධියෙන් විමසා බලා සත්‍යයයි තමන්ට වැටහෙතොත් පමණක් පිළියතයුතු යැයි කාලාම සුත්‍රයේ උගන්වා ඇත" යනුවෙන් අර්ථ නිරුපණය කොට ඇති සැටි විමසිලිවත්ව බලන්න.

උන් වහන්සේ පමණක් නොව, බොහෝ දෙනා පිළිගත් බුද්ධිමතකුව සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවා මෙම සුත්‍රය නිරන්තරයෙන් ගෙනහැර දැක්වූ නමුත් මෙම අතිශය වැදගත් අවසන් වැකිය අර්ථ නිරුපනය කළේ සාවද්‍යවය. එසේවතුදු වික්‍රමසිංහ මහතා ඉතා සරලවත්, සුගමවත්, නිරවද්‍යවත් එය ප්‍රකාශ කොට ඇති සැටි සැබවින්ම ප්‍රශංසනීයය.

 

රනිල්ට හැත්තෑ පහක්.......ලු - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ඒ ප්‍රවේශම් සහගත බව මේ කෘතිය පුරාම දැකිය හැකිය.

වෙසෙසින්ම, "අනුන් කියන නිසා (ආරංචි මාත්‍රයෙන්) නොපිළිගන්නා ලෙස" බුදුන් වහන්සේ පළමුවෙන්ම පවසා ඇතත් අති බහුතරය එම අවවාදය අනුගමනය නොකොට, කට කතා හා බොරු ප්‍රචාර  විශ්වාස කිරිම නිසා ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ බරපතලම වින්දිතයා බවට කතුවරයා පත්වීම මෙහිදී සිහිපත් කරනු වටී. ධර්මදීපයක් යයි කියා ගන්නා මේ දේශයේ ධර්මය අසා, දරා, ඒ අනුව හැසිරෙන්නන් බහුලනම් අපි කොතරම් වාසනාවත් ද?   

සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමඟ අද ලොව පුරාම පාහේ වැළඳගෙන ඇති පුද්ගලවාදය ප්‍රථම වරට අනුදැන වදාළේ බුදුරදුන් මිස බටහිර නොවන බව ධම්මපදය සහ ව්‍යග්ගපජ්ජ සුත්‍රය උපයෝගී කරගෙන දක්ෂ ලෙස පෙන්වා දෙයි. රට සමස්තයක් ලෙස සමෘද්ධිමත් කිරීමට මෙතරම් සාර්ථක ආර්ථික ක්‍රමයක් මෙන්ම සශ්‍රීක පොළොවක්, පිරුණු භාණ්ඩාගාරයක් සහ වටිනා මානව සම්පතක් අප සතුව තිබියදී විදේශයන්හි බිහිවුණු අදුරදර්ශි දේශපාලන දර්ශනයන් කරපින්නාගෙන අවාසනාවන්ත ලෙස තරුණයන් නොමග යැවීම හේතුවෙන් රටට වූ ව්‍යසනය කෙතෙක්ද?  එහි අනිසි ඵල අද දක්වාත් අප සියල්ලන්ම භුක්ති නොවිඳිමුද?

 

අද පෝය - අපි අශෝක අධිරාජයා ගැන කතා කරමු

අශෝක රජුගේ ධර්ම ප්‍රචාරක කටයුතු මගින්, බුදුන්වහන්සේ අනුදැන වදාළ අයුරින් ක්‍රියාත්මක වීමෙන් ආසියාතික රටවල් ගණනාවක පමණක් නොව ග්‍රීසියෙහි පවා ඉමහත් ප්‍රගතියත් සිදුවූ බවත්, මහින්දාගමනයෙන් ඇරඹුණු ථෙරවාදී සම්ප්‍රදාය හේතුකොටගෙන ලාංකීය සමාජයේ ඇතිවූ ප්‍රගතියත්, අද බටහිර පිළිපදින ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වල මූලාරම්භය බටහිර නොවන බවත්, ලොව ප්‍රථම ලිබරල්වාදී පාලන තන්ත්‍රය අශෝක රජු යටතේ ක්‍රියාත්මක වූ බවත් පෙන්වා දෙයි.

බුදු දහමෙහි හරය දෙසට යොමු වෙමින් කතුවරයා පවසන්නේ බෞද්ධ සංකල්ප කවරදාටත් වඩා අදට වලංගු බවය.

" අද ක්ෂණ භංගුරතාව හෙවත් සියල්ල මොහොතින් වෙනස්වන, නැසෙනසුළු බව වෙන කවරදාටත් වඩා දැනෙමින් තිබේ යැයි මට සිතේ. 

“මේ ලිපිය කියවන ඔබ අත පවතින ජංගම දුරකතනයේ ඇති පහසුකම් ඔබ එය මිලදී ගෙන සාප්පුවෙන් එළියට එන නිමේෂයට වෙනස් වී තිබීම යථාර්ථයයි. එබැවින් එය පරණ වැඩි යයි සිතා යළි සාප්පුවට ගොස් අලුත් කරගෙන එළියට එන මොහොත වනවිට එය තවදුරටත් වෙනස්වී තිබේ. වෙනස්වීම ලොව පිළිගත් ධර්මතාවක් බවට පත් වී තිබේ. කැම බීම, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, සිතුම් පැතුම් සියල්ල ඉක්මනින් වෙනස්වන බව කව්රුත් දනිති. අදහති. ථේරවාද බුදු දහමෙහි හරය මෙය නොවේ ද? අනිත්‍යතාව යනු මෙය නොවේද?"  -  32/33 පිටු

 

අද පෝය - අපි අශෝක අධිරාජයා ගැන කතා කරමු

පෙර'පර දෙදිග ඉතිහාසයන් සහ දර්ශනවාදයන් සිසාරා මැනවින් කිමිඳ, තුලනාත්මක අධ්‍යයනයකින් බුදුරදුන්ගේ ප්‍රඥා මහිමය සහ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතුකරලීමට කතුවරයා ගෙන ඇති ප්‍රයත්නය ඉතා සාර්ථකවී ඇත. බුදුන්ගේ මගපෙන්වීම අනුව ඇරඹි මානව අයිතීන්ගේ සුරක්ෂිතබව, සමාජ විප්ලවය, ආර්ථික සංවර්ධනය, අවිහිංසාවාදය සහ පරිසර හිතකාමීත්වය පමණක් නොව කරුණාව සහ දයාව පෙරදැරි කොටගත් සංවරශිලි බවද අගයන සංකල්ප ප්‍රවේශමෙන් සහ අවස්ථාවෝචිතව තෝරාගත් සුත්‍ර උදාහරණ ලෙස දක්වමින්පැහැදිලි කොට ඇති සැටි කදිමය. භාරතයෙන් ඇරඹි මේ ඓතිහාසික චින්තන විප්ලවය අශෝක අධිරාජයාගේ ධර්ම ප්‍රචාරය ඔස්සේ ලක්බිමට සහ ආසියාතික රටවල් කිහිපයකට පමණක් නොව ග්‍රීසියට පවා සම්ප්‍රාප්ත වූ අයුරුත්, ඒ වනවිට පැවති පසුබිමට ගැළපීමහේතුවෙන් ඔවුන් ඒවා වැළඳගත් අයුරුත් පෙන්වා දෙයි.

"තෙරුන් වහන්සේලාගේ ජනතාවාදී ධර්මය" සිව්වැනි ව අගැයීමට බඳුන් කෙරෙන්නේ ප්‍රථම සංඝායනයෙන් ඇරඹ, දහසකුත් එකක්අභියෝගයන්ට මුහුණදෙමින් ධර්මය රැකගත් ලංකාවේ පමණක් නොව බුරුමයේ, තායිලන්තයේ වෙසින්ම කාම්බෝජයේ යතිවරයන් දසිහිපත් කරමිණි. 

"ගැටළු, දුෂ්කරතා, පරිබාහිර බලපෑම්, යුධ හානි වැනි අපමණ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවුවත්, ශතවර්ෂ විසිතුනක් පුරා ලංකාවේහා අග්නිදිග ආසියාවේ ජනතාව ථේරවාද බුදු දහමින් ඈත් වුයේ නැත. ආසියාවේ වෙනත් රටවල ජනතාව කාලයාගේ ඇවෑමෙන් විවිධආගම් වැළඳ ගත්තද ථේරවාද බෞද්ධ රටවල එවැනි තත්ත්වයක්  උදාවූයේ නැත.

වායාම 78 : මහා විහාරික සිරිත - ( සුජිත් අක්කරවත්ත)
මහා විහාරය ආරක්ෂා කළේ එවැනි ධර්මයක පරිශුද්ධභාවය යි." - 55 පිටුව

අවසානයට ඇති "දේශපාලනය සහ ධර්මය" පරිච්ජේදය විසිවැනි සියවසේ මුල් භාගය වනවිට ඇතිවෙමින් පැවති ආගමික පුනරුදයෙන් අරඹා, නිදහස ලැබීමෙන් පසු සිදුවූ දේශපාලන පෙරළි, දේශපාලන වාසි ලබාගැනීමට සමහර පක්ෂ, විනය නීතිවලට පටහැණිව භික්ෂුන් තම දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ කර ගත් ආකාරය සිය සජීවී අත්දැකීම් අනුසාරයෙන්, කිසිවකුගේ සිත් අමනාප නොවන පරිදි කවදත් සුපුරුදු පිළිවෙත අනුගමනය කරමින්, මනා අවබෝධයකින් යුතුව විශ්ලේෂණය කරයි. 

අවසන් පරිච්ජේදයෙන් පහත උධෘතයන් ගතිමි.

පක්ෂය පිහිටුවමින් ඩි. එස්. සේනානායක කළ ප්‍රකාශය                                                                                       

නොරට සිට ආ මුතුන් මිත්තෝ (8) : වතු දෙමළ ජනතාවගෙන් ලක්ෂ 8කට පුරවැසිභාවය  අහිමියි - (ඉන්දු පෙරේරා)ඩි. එස්. සේනානායක"පක්ෂයේ වූ අපි ලාංකික ජාතිය... ජාති සහ ආගම භේද අනවශ්‍යය."

"නිදහස ලැබීමෙන් පසු නව එක්සත් ජාතික පක්ෂ රජය විසින් 1947 සිට 1956 දක්වා බෞද්ධාගමේ වර්ධනය හා පෝෂණය පිණිස විසින් පියවර රැසක් ගනු ලැබිණි. අනුරාධපුරයේ කැඩී බිඳී විනාශ වී තිබු පැරණි සිද්ධස්ථාන ආපසු ගොඩනැගීම ... අනුරාධපුරය ශුද්ධ නගරයක් කිරීම, ...ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය ඇරඹීම, ... පිරිවෙන් සඳහා නීති රීති සම්පාදනය... 

“භික්ෂු අධ්‍යාපනයට විශේෂ අවධානයක් යොමුකිරිම....විද්‍යෝදය-විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල පවට පත්කොට තිබු අතර ඒවායේ ලබාදෙන ලද්දේ ගිහි කේන්ද්‍රීය අධ්‍යාපනයකි. මේ නිසා භික්ෂු අධ්‍යාපනය නොකඩවා කරගෙන යාමට ...බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය  ආරම්භ කරන ලදී.”

“1977 දී බලයට පත් ... රජය බෞද්ධාගමේ දියුණුවට තිරසර පියවර රාශියක් ගත්තේය. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, ...,  බෞද්ධ ශාසන අමාත්‍යාංශය, ...විමධ්‍යගත අරමුදල් ශාසනාරක්ෂක බල මණ්ඩලවල දියුණුව පිණිස යෙදවීම,...දහම් පාසල් දියුණු ...සංස්කෘතික ත්‍රිකෝණය හරහා පැරණි බෞද්ධ සිද්ධස්ථාන පුනර්ජීවය ...බෞද්ධ සහ පාලි විශ්වවිද්‍යාල ආරම්භ ...පිරිවෙන් පනත සම්මත ...විද්‍යෝදය-විද්‍යාලංකාර පිරිවෙන්වලට අයත්ව තිබු පුස්තකාල හා අනෙකුත් දේපළ ලබා දුන්නේය.” 

“විද්‍යෝදය-විද්‍යාලංකාර පිරිවෙන් සඳහා දුන් ප්‍රදානයන් වැඩිකිරීමට දායක වීමට මට හැකිවිය. පිරිවෙන්වලට මුදල් ලබාදීම මම ආරම්භ කලෙමි. බෞද්ධ භික්ෂූන්ට ගුරු වෘත්තියට අදාළ පුහුණුව ලබාදීමට සාරිපුත්‍ර අධ්‍යාපන පීඨය ආරම්භ කෙරුණු අතර විහාරස්ථානවලදී තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබාදීමට පන්සල් ගණනාවකට මුලික වශයෙන් උදව් උපකාර කළෙමි. නව විහාරස්ථාන බිහිවිය. ඊට සහය දීම පිණිස විහාරස්ථානවලට ආධාර ලබා දුනි. විහාරස්ථානවලට අවශ්‍ය ජලය - විදුලිය - දුරකථන වැනි යටිතල පහසුකම් ප්‍රමුඛත්වයෙන් සලකා ලබාදෙන ලදී."  - 60/61 පිටු

 

ආගමානුබද්ධ පූජනීය වස්තු ගැරහීම හා ආගමට ගැරහීම පිළිබඳ බෞද්ධ ආකල්පය - (කපිල  අභයවංස)
ඉහත ලැයිස්තුව තව දිගය. මහා විහාර විශ්වවිද්‍යාලයක් කිරීමට සහ රුවැන්වැලි සෑ පරිශ්‍රය කේන්ද්‍රකොටගත් මහා විහාර පිරිවෙනක් ඉදිකිරීමට ඇති සැලසුම්ද, කෘතීම බුද්ධිය හා නවීන තාක්ෂණය පදනම් කරගනිමින් බුදුදහම සුරක්ෂිත කරලීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමද, මන්ත්‍රීන්ට මත්පැන් බලපත්‍ර නොදීම යනාදිය සඳහන් කරනු වටි.

මෙරට බෞද්ධ පුනර්ජීවය සිදුවුයේ ලෝක කාර්මික විප්ලවයට සමගාමීව බැවිනුත්, වැඩවසම් යුගයේ බිඳවැටීමත් සමග නව වාණිජ ආර්ථිකයක් බිහිවීම හේතුවෙනුත් බුද්ධ කාලයට වෙනස් වටපිටාවක් නිර්මාණය වීම බුදු සසුනට බලපෑ අයුරු සංවේදීව අවධානයට ලක්කර ඇත.  නේවාසික විශ්වවිද්‍යාලයක් වූ ලංකා විශ්වවිද්‍යාලයේ භික්ෂුන් ද නේවාසිකව වැඩ වෙසෙමින් අධ්‍යාපනය ලැබියයුතු යයි තීරණය වුවිට, පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් නේවාසිකාගාරයක් ගොඩනගා දීම අගයකළ යුතුය.

පසුගිය වකවානුවේ දේශපාලන ක්ෂේත්‍රයේ කැපිපෙනෙන කණ්ඩායමක් වූ භික්ෂුන් දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමේදී ඇතිවූ මතභේදාත්මක පසුබිම සජීවී ලෙස විස්තරකොට ඇත. ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් එක්ව භික්ෂුව දේශපාලනයේ නිරතවීම සුදුසු බව සඳහන් කරමින් 1946 දී ‘විද්‍යාලංකාර ප්‍රකාශය’ නිකුත් කළ බවත් ඉන් අනතුරුව  

"විනයට හානි නොවන පරිදි භික්ෂුන්ට දේශපාලනයේ නිරතවිය නොහැකි බව යගිරල පඥ්ඥානන්ද නායක ස්වාමින්වහන්සේ පෙන්වා දුන්හ. ඩී . එස්. සේනානායක ප්‍රමුඛ බෞද්ධ නායකයන්ද මේ මතය දැරූ අතර භික්ෂුන් දේශපාලනයට ප්‍රවේශවීම පිලිබඳ විරෝධතා එල්ල විය. බුදුන් වහන්සේ පැවිදි සමාජයක් ඇතිකළේ ගිහි සමාජයේ වැඩ කටයුතුවලින් ඈත් වී ක්‍රියා කිරීමට බව ඩී. එස්. සේනානායක පෙන්වා දුන්නේය. ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන වැනි නායකයන් විද්‍යාලංකාර ප්‍රකාශනය පිළිනොගත් අතර, ඊට විරෝධය ප්‍රකාශ කිරීමක් වශයෙන්  විද්‍යාලංකාර පිරිවෙන් සභාවෙන් පවා ඉවත් වුහ. මෙම  සම්බන්ධයෙන් ඇති වූ මත භේදවල ප්‍රතිඵලයක් වශයෙන් කොටසක් එක්සත් භික්ෂු බල මණ්ඩලය නම්වූ සංවිධානය පිහිටුවාගෙන, සමාජවාදයෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ දක්වමින් ව්‍යාපාරයක් ගෙනගිය අතර, බටහිර සියලු දේ දෝෂදර්ශනයට ලක් කළහ.”  

 

බෞද්ධයෙක් නම් නිරාගමිකයි - (චින්තන ධර්මදාස) 
“එක්සත් භික්ෂු බලමණ්ඩලය 1947 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ඡන්ද ව්‍යාපාරයේ නිරත වුහ. නැවත 1955, 56 කාලවකවානුවල ද එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේග ඒකරාශී කිරීමෙහිලා පුරෝගාමී කාර්යභාරයක් ඉෂ්ඨ කිරීමට එම කණ්ඩායම් උත්සුක වුහ. ඔවුන් මෙම බලවේගයේ නායකත්වය ගැනීම සඳහා ඩඩ්ලි සේනානායකට ආරාධනා කර සිටි නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කිරීම නිසා නායකත්වය එස්. ඩබ්. ආර්. ඩී.බණ්ඩාරනායක වෙත පවරන ලදී. ඒ අනුව මහජන එක්සත් පෙරමුණ ආරම්භ විය. සිංහල භාෂාව පමණක් රජයේ භාෂාව විය යුතු බව ප්‍රකාශ විය. වාමාංශික දේශපාලන පක්ෂ සමගද මැතිවරණ ගිවිසුමකට එළැඹිණි. ඔවුන්ගේ දේශපාලන උපාය මාර්ගය වුයේ එක්සත් ජාතික පක්ෂයට සිංහල බෞද්ධ විරෝධී ලේබලය ඇලවීමයි. මෙම ව්‍යාපාරය ඉන් පසුවද වරින් වර  ක්‍රියාත්මක විය."  -  64/65 පිටු

'සිංහල බෞද්ධ විරෝධී ලේබලය ඇලවීම' එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමේ උපාය මාර්ගය ලෙස හඳුනාගත් භික්ෂු පෙරමුණ මාක්ස්වාදය බුදුදහමට එකඟ බව හුවා දක්වමින් යළි යළිත් කරලියට පැමිණි සැටි වික්‍රමසිංහයන් තවදුරටත් පහදා දෙන්නේ ඉමහත් සංයමයකිනි. මෙම ක්‍රියාවලිය ඔහුගේ දේශපාලන ජීවිතයටත්, රටටත් කොතරම් ව්‍යසනයක් කළේද යන්න දන්නා අතලොස්ස, කතුවරයාගේ උපේක්ෂා සහගත පිළිවෙතින් මවිතවනු නිසැකය.

තුන් හවුල් රජය මගින් ජනසතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් සතුව තිබූ ව්‍යාපාර සියල්ලම පාහේ රජයට පවරාගත් බවත්, බෞද්ධ විහාරස්ථානවලට සිය ධනය පරිත්‍යාග කරමින් සිටි ව්‍යාපාරිකයන්ගේ ආර්ථික බලය බිඳ වැටුණු බවත් පෙන්වාදෙන කතුවරයා, විහාරස්ථානවලට ආධාර කිරීම සඳහා මැදිහත් වීමට 1977දී රජයට සිදුවූ බව පෙන්වා දෙයි. 

 

Sri Lanka 1977 Cabinet Ministers
ලංකාවේ මාක්ස්වාදය අත්හදා බැලීමට කළ වෑයම අසර්ථකවූ බව 1977දී ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කළ අයුරින්  පැහැදිළි වේ.

"විද්‍යාලංකාර ප්‍රකාශය මගින් පනගන්වන ලද බලවේග වලට පසුබිම සැපයුවේ අධිරාජ්‍යවාදය සහ සමාජවාදයයි. 1970 වනවිට ලොව අධිරජ්‍යවාදී බලය අවසාන විය. 1990 දශකයේදී මාක්ස්වාදී කොමියුනිස්ට්වාදයේ ලෝකාධිපත්‍යයද අවසාන විය. ...

" අද පවතින යුගයේ කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් හඳුනාගෙන ඇත. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්යයන්හි ව්‍යාප්තිය, වෙළඳ ආර්ථිකයේ පැතිරීම, ගෝලීයකරණය, නවීකරණය, විද්‍යාව හා තාක්ෂණයේ බලපෑම, පරිසරයට දක්වන පෙර නොවූ විරූ අවධානය යි." - 67/68 පිටු

මේ යුගය ගැන පුළුල් පිළිගැනීමක් ඇති මත දෙකක වශයෙන්, ෆ්‍රැන්සිස් ෆුකයාමාගේ 'ඉතිහාසයේ අවසානය'  යන කෘතියෙන් ඉදිරිපත් කරණ අදහසුත්, සැමුවෙල් හන්ග්ටින්ටන් ගේ මතයනුත් පෙන්වාදෙන කතුවරයා පවසන්නේ,

"අපි මේ දෙපාර්ශවයම සිටින ස්ථාවරය පිළි නොගන්නෙමු. අද බටහිර පිළිපදින ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් බටහිරින් බිහිවූ ඒවා නොවේ. ඒවා බටහිර ජයග්‍රහණද නොවේ. ...අද පවතින්නේ ශිෂ්ටාචාර අතර ඝට්ටනයක් නොවේ. ශිෂ්ටාචාර තුළ ප්‍රබුද්ධ අදහස් දරණ අය හා අන් මත නුරුස්සන අය අතර ඝට්ටනයකි. මේ ලිබරල් වටිනාකම්වල ඇතැමෙක මුලාරම්භය බුදු දහමටද සම්බන්ධ වේ. ජිවිතයේ පවිත්‍රතාව, අන් මත ඉවසීම, කරුණාව, අවිහිංසාව, සමානාත්මතාව, බොහෝ දෙනාගේ හිත සුව පිණිස කටයුතු කිරීම පළමු වතාවට දේශනා කළෝ බුදුන් වහන්සේ ය."  -69 පිටුව

වානිජ්ජා සුත්‍රය, අනන සුත්‍රය, මහා චත්තාරීසක සුත්‍රය, කාලාම සුත්‍රය වැනි සුත්‍ර ගණනාවක් සහ අංගුත්තර නිකායේ පුද්ගල වර්ගය, ධම්ම පදය යනාදිය ගෙනහැරපාමින්, අද ලෝකය වැළඳගන්නා නවීකරණය, ආරථික ප්‍රතිපත්ති, නිදහස් චින්තනය, සත්‍ව අයිතිවාසිකම්ද ඇතුළුව නිතරම කණ වැකෙන පරිසර හිතකාමීත්වය ලොවට ප්‍රථමයෙන්ම හඳුන්වා දුන්නේ බුදුහිමියන් බව අතිශය ප්‍රශස්ත අයුරින් පෙන්වා දෙයි. 

අද ලොව පවතින ආර්ථික හා තාක්ෂණික දියුණුව මිනිසාගේ ලෞකික අංශයේ විශාල ජයග්‍රහණයක් වුවද, එම තාක්ෂණයම ලෝකය විනාශ කිරීම උදෙසාද භාවිත කළ හැකි බැවින්, මනස දියුණු කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි.

අවසන් වශයෙන් කතුවරයා පවසන්නේ පුද්ගලයාගේ මනස සැකසීම රජය නොව ආගම ධර්මය මැදිහත්ව කළ යුත්තක් බවත්, එය පියවර දෙකකින් යුතු බවත්ය. 

"පළමුවැන්න: ස්වකිය අභ්‍යන්තරය දෙස නෙත් යොමා බලා තම ප්‍රතිපත්තිවල පාරිශුද්ධභාවය ඇතිකර ගැනීමය. දෙවැන්න: එහි අධ්‍යාත්මික භාවය පතුරුවා හැරීමය." -  78 පිටුව

 

Sri Lanka's ousted prime minister Ranil Wickremesinghe reads a copy of the Sri Lankan constitution at a press conference in Colombo on October 29, 2018. - Ousted prime minister Ranil Wickremesinghe said October 29 that his controversial sacking has left Sri Lanka in a power vacuum and demanded that parliament be allowed to end a standoff with the president. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP)
පොත කියවීමෙන් අනතුරුව කතුවරයාගේ පරිණත ධර්ම ඥාණය පිළිබඳ මවිතයට පත්වූ බැවින්, පොත ගැන තොරතුරු දැනගැනීමට අන්තර්ජාලය පිරික්සීමේදී, පොතේ දෙවැනි සංස්කරණයේ එළි දැක්වීම, 2005 ඔක්තෝම්බරයේ සිදුව ඇති බව දැනගත් පසුව මා සිතුවේ, මිට විසිපස් වසරකටත් පෙර, රනිල් වික්‍රමසිංහ මහතා රටේ අගමැතිව ද සිටි අවදියේදී ලියා ඇති මෙතරම් වටිණා කෘතියකට ලැබිය යුතුව තිබූ ඇගයීම සහ ප්‍රචාරය නොලැබුණේ මන්ද යන්නයි.  

තමා කළ දේවල්  අදත් වික්‍රමසිංහ මහතා අනුගමනය කරන්නේ එම පිළිවෙතම නොවේද?

පොතේ අන්තර්ගතය ට නිසි ඇගයීම මා'තින් සිදුවුයේ යයි නොසිතමි. එය ඇති බහුතරයට කියවීමට සැලැස්වීමෙන්, රටේ නුතන ඉතිහාසය පිළිබඳව පමණක් නොව, ආර්ථික හා සමාජයීය ප්‍රගතියට අනුගමන කළයුතු යයි බුදුන් වහන්සේ වදාරා ඇති සුත්‍ර පිළිබඳවත්, ලෝක ඉතිහාසය මෙන්ම ගෝලීය දේශපාලනයේ සහ නව තාක්ෂණයේ සිදුවෙමින් පවතින, අප කාටත් බලපාන, වෙනස්කම් පිළිබඳවත් ඒවාට ධර්මානුකූලව නොසැලී මුහුණ දියහැකි ආකාරයත් උගත හැකිය. 

 

(සේවාර්ධිත මහාචාර්ය සුනේත්‍රා වීරකෝන්)
සැප්තැම්බර් 10, 2024

pe2024 2

worky sin

නවතම පුවත්