"ලංකාව ඉන්නේ පිහි තලයක් උඩ" මේ කතාව කියන්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෲවර්.
නමුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් අතරින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැර වෙනත් කිසිම අපේක්ෂකයකු මේ තත්ත්වය බැරෑරුම් ලෙස ගෙන ඇති බවක් දකින්න නෑ. විශේෂයෙන් ජනාධිපති රනිල්ගේ ප්‍රධාන ප්‍රතිවාදීන් ලෙස ඉන්න ජවිපෙ අනුර සහ සජබ සජිත් සම්ප්‍රදායික ජනප්‍රියවාදී පොරොන්දු දේශපාලනයට වැඩි බරක් තබා තිබෙනවා. ඒ නිසා මෙවර හරි පාර ඒ දෙසට යොමුවෙනවා.
ඔබට මතක නම් , 2019 ජනාධිපතිවරණය එහිදී පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය වෙනුවෙන් , බැසිල් - දිලිත් හවුල විසින් ආකර්ශනීය ප්රචාරක ව්‍යාපෘතියක් දියත් වුණා. ඔවුන් එහිදී අපේ කඳවුර පෙන්වා දුන්නේ , ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි කිළුටු සෙරප්පු ගාණට. එහි විකල්පය ලෙස ඔවුන් ඉදිරිපත් කළේ ආරක්ෂක ක්ෂේත්රයේ කෙල පැමිණි " රට රකින අපේ විරුවා", බඩ වෙනුවට රට ගැන හිතන්න කියලයි.
එදා ගෝඨාභය රණවිරු, විද්වත් , වෘත්තීයවේදී , කාන්තා , තරුණ , නීතිඥ , ආදී සමුළු කැඳවා රටම ඔහු වටා බව පෙන්නුවා. අද ඒ දේම තරගෙටවගේ සජිත් - අනුර දෙපලත් කරනවා. අද අනුර - සජිත් දෙන ලපටි පොරොන්දු , තර්ක බුද්ධිය මුළුමනින්ම බැහැර කර පිළිගන්නා අනුගාමිකයන්රැසක් බිහිවී ඉන්න ආකාරය අපි දකිනවා. " මොනවා වුණත් අපි අනුරට " කියන වචන හතර ඔවුන්ගේ ගැලවුම්කරු කරගෙන සිටිනවා. ඔය දේම 2019 දී ද සිද්ධ වෙනවා.ඒ "මොනවා වුණත් අපි ගෝඨාට" කියලා.
අද වගේම ඒ වන විටත් 2017 සිට දියත් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනක් තිබුණා. රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීම, එය දිගුකාලීන සහ තිරසාර ලෙස පවත්වා ගැනීම වෙනුවෙන් නව දේශීය ආදායම් බදු පනත ගෙනෙනු ලැබුවා. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙන්ම පිස්කල්ප්රතිපත්තිය පවා නිසි ලෙස සැලසුම් කරා.
නමුත් මේ සියල්ලට ප්‍රතිවිරුද්ධ ලෙස ඒ මොහොතේ ගෝඨාභය ගේ ජනප්‍රියවාදී රැල්ල ඉස්සුණා. ඔවුන් IMF වැඩසටහනින් ඉවත් වුණා. බදු අනුපාත සංශෝධනය කළා. වැට් 8%ක් කළා. ආදායම් බදු අයකරන සීමාවත් වෙනස් කළා. බදු වර්ග රැසක් ඔවුන් පහත හෙළුවේ ජනතාවගේ ප්‍රීති ඝෝෂාව මධ්‍යයේයි.
නමුත් ඒ සමඟ බදු ගෙවන පිරිස අඩු වුණා. රාජ්‍ය ආදායම් පහත වැටුණා. දළ දේශීය නිෂ්පාදනයේ 11% ක් ලෙස ඉහළට ගෙනවිත් තිබූ රාජ්‍ය ආදායම 8% ක් දක්වා අඩු වුණා. ඩොලර් බිලියන 89 ක පැවති මෙරට දළ දේශීය නිෂ්පාදනය 2022 වන විට ඩොලර් බිලියන 76ක් දක්වා පහතවැටුණා. රුපියල දුර්වල වුණා. ඩොලරයේ අගය 370 ඉක්මවා ගියා. ඩොලරයේ අගය ඉහළ යාම කෘතිමව පාලනය කිරීමට ගොස් තිබෙන ඩොලර්ප්රමාණයත් අහිමි කර ගත්තා. මේ සියල්ල සිදුවුණේ ජනතා ප්‍රීති ඝෝෂා මධ්‍යයේ විතරක් නෙවෙයි , උගත් වියත් ඇකඩමික් ලේබල් අලවාගත් පිරිසගේ න්‍යායික සහාය යටතේ බවත් සිහිපත් කරන්න ඕන. ඔවුන් අද ඉන්නේ සජිත් ළඟ බවත් සිහිපත් කරන්න අවශ්‍යයි.
මේ ආකාරයට ඊනියා සටන් පාඨ, බොරු පොරොන්දු සහ යථාර්ථයවාදී නොවන වැඩපිළිවෙළක් හමුවේ මේ රට බංකොලොත් වුණා. ඒ වෙනුවෙන්ජීවිත වලින් පවා මේ රටේ ජනතාව වන්දි ගෙව්වා. මෙතරම් විනාශයකට පසුවත් රටක් නොමඟ යැවුණු, තර්ක බුද්ධිය පළවා හැරිය වචන හතරේ අවසන් වචනය පමණක් අද වෙනකොට වෙනස් වෙලා.
2019 දී තමන් රැවටුණු තරම් තේරුම් ගන්න, තමන් කිළුටු සෙරප්පු ගලවලා නැග්ගේ මළකඩ කාපු දැලිපිහියක් මතට බව දැනගන්න ගතවුණේ අවුරුදු දෙකක් වගේ පොඩි කාලයක්. නමුත් සිදුවූ විනාශය අති විශාලයි.
අදත් ඒ තර්ජනය ඒ විදිහටම අප ඉදිරියේ තියෙනවා. අද අනුර මෙන්ම සජිත් පැහැදිලිව කියනවා IMF වැඩසටහන සංශෝධනය කරනවා කියලා. එහිදී පියවරක් ඉදිරියට තබමින් ජවිපෙ අනුර තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරනවා , මෙරට ණය තිරසාර විශ්ලේෂණය, එහෙමත්නැත්නම් Debt Sustainability Analysis එක වෙනුවට විකල්පයක් ඉදිරිපත් කරන බව.
ඊට අනුව ඓතිහාසික වැරදීමකින් හෝ ජවිපෙ අනුරට බලය ගියොත් IMF වැඩසටහන මුළුමනින්ම කඩාකප්පල් වෙනවා.2024 දෙසැම්බර් මාසයට නියමිත IMF තුන්වන සමාලෝචනය සිදුකිරීමට නියමිතව තිබෙනවා. නමුත් IMF වැවැඩපිළිවෙළ ව්‍යුහාත්මක සහ කාර්යපටිපාටිමය වශයෙන් වෙනස්කිරීමට ඉදිරිපත් වන යෝජනා හමුවේ ඒ සියලු කටයුතු ඇන හිටිනවා. මෙරටට ලැබීමට නියමිත ඩොලර් බිලියන 1.9 ක පමණ මුදලක් අහිමි වෙනවා. මෙරට ණය හිමියන් සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතා අහෝසි වෙනවා. ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය කඩාකප්පල් වීමෙන් යළිත් ණය ගෙවීම ඇරඹීමට සිදුවෙන අතර එහිදී ණය ගෙවීමට මුදල් නොමැති වීමෙන් යළිත් රටට බංකොලොත් ලේබලය වදිනවා. ඒ සමඟ ණය වර ලිපි සඳහා වන වලංගුභාවය අහෝසි වෙනවා. අත්‍යවශ්‍ය ආනයන ඇනහිට රටේ යළිත් පෝලිම් යුගයක් ඇරඹෙනවා.
මෙහිදී සංසන්දනාත්මකව බැලිය යුතු දේ වන්නේ, 2019 දී මෙන්ම 2022 දී ද අපට විකල්පය ලෙස ඉදිරිපත් වන්නේ කිසිදු අත්දැකීමක් නැතිදේශපාලන නොදරුවන් පිරිසක් වීමයි. සජිත්ට අනුව ඔහුගේ IMF සාකච්ඡාව සිදුවන්නේ බරපතළ ඉංග්‍රීසි සහ සිංහ සෙයියාවෙන්. අනුරට අනුව ඔවුන්ගේ කොන්දේසි IMF පිළිගෙන ඊට අනුව කටයුතු කිරීමට සිදු වෙනවා. සුනිල් හඳුන්නෙත්ති වගේම සමන්ත විද්‍යාරත්න ඒ බව මේ වන විටත් සඵතකර හමාරයි.
ජවිපෙ අනුරගේ වෙන්ඩ මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්ති දිගින් දිගටම කොටස් වෙළෙඳපොළ හඳුන්වන්නේ ධනපතියන් ගේ සූදු පොළක් ලෙසයි.
ඒ අනුව සජිත්ගේ one man show වගේම ජවිපෙ අනුරට ඇති පක්ෂ මතවාදය සමඟ වන ආගමික බැඳීම් ඉදිරියේ රටේ අනාගතය පැහැදිලි අනතුරක ඇති බව තහවුරු වෙනවා.
දැන් ප්රශ්නය වෙන්නේ 2028 සිට ණය ගෙවීම් අරඹන්නේ කොහොමද යන්නයි. ඒ සඳහා ආර්ථිකය මේ තිබෙන තත්ත්වයෙන් පවත්වා ගෙන යාමත්ප්රමාණවත් නෑ. එසේ නම් ආර්ථිකය ප්‍රසාරණය කර ගැනීම අනිවාර්යයක් වනවා. ඒ සඳහා මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර තිබුණත්, විපක්ෂයේ ජනපති අපේක්ෂකයන් ඊට විරෝධය දක්වා සිටිනවා. විශේෂයෙන් ජවිපෙ අනුර. ඔහු දී ඇති කප්පරක් පොරොන්දු , සහන ලබාදීමට නම් එකී පනත අහෝසි කරන්න සිදුවෙනවා.
ඒ වගේම ආයෝජකයන් ට සීමා දැමීමට සිදුවෙනවා. අපනයනය වෙනුවට අනුරගේ ප්‍රතිපත්තිය ආනයනය දිරිමත් කිරීමයි. ඒ වෙනුවෙන් සුනිල්හඳුන්නෙත්ති , ජනාධිපති රනිල් ට එරෙහිව අධිකරණයට පවා ගිය බව සිහිපත් කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි , ජවිපෙ අනුර ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඔවුන් නිදහස් වෙළෙඳ ගිවිසුම් සියල්ල අහෝසි කරනවා.
දැන් චිත්‍රය පැහැදිලියි. 2022 වන විට ලංකා ආර්ථිකය රෝගියෙකු ලෙස ICU වාට්ටුවේ හිටියේ. ගෙවුණු වසර දෙක තුළ පරිණත දක්ෂවෛද්යවරයෙක් යන්තම් රෝගියා සුවපත් කර සාමාන්‍ය වාට්ටුවකට දාන තත්ත්වයට ගෙනාවා. නමුත් මෙලෝ අත්දැකීමක් නැති, කිහිපවතාවක් විභාග අසමත් වූ කයිවාරු නවක වෛද්‍ය ශිෂ්‍යයෙක් පැමිණ රෝගියාගේ වෛද්‍යවරයා වීමට ඉල්ලා සිටිනවා. දැන් ප්රශ්නය නම් රෝගියා හෝ රෝගියාගේ භාරකරු ඔබ නම් ඔබ ගන්න තීන්දුව මොකක්ද යන්නයි. ඒ තීන්දුව සැප්තැම්බර් 21 ඔබ ගත යුතු වෙනවා. ඒ බව හිතේ දරාගෙන මේ ටිකත්කියවන්න.
ජවිපෙ අනුර ඇතුළු එම පාර්ශ්වය ජනාධිපතිවරණය මුවග ඔබෙන් අහනවා " ගෑස්, ඉන්ධන , ආහාර ලැබුණාම ඇතිද ? ඊට වඩා ජීවිතයක් ඔබට නැද්ද ? " කියලා. සමහරු එහෙම ජීවිතයක් ගැන විශ්වාස කරන බවක් පෙන්නුම් කරනවා. නමුත් ඔබ ඔබෙන් මෙන්ම අනෙකාගෙන්ද ඇසිය යුතු ප්‍රශ්නයක් තිබෙනවා. ගෑස්, ඉන්ධන , ආහාර , විදුලිය නැති වුණොත් ඔය කියන ජීවිතය හම්බෙනවද ? එය එසේ නම් 2022 ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව පාරට බැස්සේ මොකටද ?
මීට කදිම පිළිතුර මේ වන විට බංග්ලාදේශය ලබාදී තිබෙනවා. ශීක් හසීනා කිළුටු සෙරප්පුවක් ලෙස සලකා ඇයව ධූරයෙන් ඉවත් කෙරුණත්, දැන්, රාජ්‍ය පද්ධතිය අවුල් වෙලා. භාණ්ඩාගාරය හිස් වෙලා, විදෙස් සංචිත හිඳිලා රට බංකොලොත් වෙලා. දැන් ඔවුන්ට කන්න බොන්න යන්න එන්න විතරක් නෙවෙයි , විදුලිය නැතුව කළුවරත් උරුමව තිබෙනවා. කාන්තාවන්ට රැකියා කිරීමත් තහනම් වෙලා. සුළු ජාතිකයන්ට එරෙහිව ප්රචණ්ඩත්වයදියත් වෙලා. ප්රජාතන්ත්රවාදය වෙනුවට ආගමික අන්තවාදය සහ මූලධර්මවාදීන් හිස ඔසවලා. රාජ්‍ය පාලනය චණ්ඩි පාදඩයන් අතට අරගෙන. ඔවුන් කිළුටුයි කියා සෙරප්පු විසිකළ බව ඇත්ත, නමුත් ඔවුන්ට ලැබී තියෙන්නේ මළකඩ කෑ දැළිපිහි.
ඒ අත්දැකීම සමඟ මෙවර හරි පාර බ්රේටෝල් බ්‍රෙස්ට් ගේ හුනුවටය නාට්‍යයේ එන මේ වැකියෙන් අවසන් කරනවා.
" යුද්ධය ඉවරයි ! සාමය එනවා ! සාමයෙන් ප්‍රවේශම් වෙන්න "
(රවී කරුණානායක )
එජාප ජාතික ලේකම්
හිටපු මුදල් හා විදේශ අමාත්‍ය
[උපුටා ගැනීම - මොනරා පුවත්පතින් ]
සබැඳි ලිපි:
'හරි පාර' : අපිට මොකද වුණේ ? - (රවී කරුණානායක)
'හරි පාර' : කන කොට රස වුණත් බිල ආවහම ඇඬේයි ! - (රවී කරුණානායක)
'හරි පාර' : අර්බුදය බුද්ධිමත්ව දකිමු ! - (රවී කරුණානායක)
'හරි පාර' : ඇයි අපි දුප්පත් ? - (රවී කරුණානායක)
ප්රශ්නය ආර්ථිකය වුණත් උත්තරය රනිල් !
'හරි පාර' : අයිස් කුට්ටියකින් වැඩක් ගමු : පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් ගොඩනගමු ! - (රවී කරුණානායක)
'හරි පාර' : අලුත් දේශපාලන සිතියමේ අපි සිටිය යුත්තේ කොතනද ? - (රවී කරුණානායක)
'හරි පාර' : ජනතාව වැල් පාලමෙන් හරි පාරට : වර්ජකයන් නිවාඩු ! - (රවී කරුණානායක)
හරි පාර : හොඳටම කරන්න ඉල්ලන විපක්ෂය සහ රටවල් 4ක කතාව ! - (රවී කරුණානායක)
හරි පාර : ආපසු හැරෙන්න බෑ ! - (රවී කරුණානායක)
ආරංචිය සුබයි : Sri Lanka Won - (රවි කරුණානායක)
වත්කම් විප්ලවය : කොළඹින් ලංකාවටම ! - (රවි කරුණානායක)
ගංවතුර ආපදාව කෙසෙල් ගෙඩියෙන් ඔබ්බට ! - (රවී කරුණානායක)
හරි පාර : කවුරුත් නොදකින ප්‍රමාදයේ පිරිවැය - (රවී කරුණානායක)