රාජ්‍යයේ අවයව තුන අතර සම්බන්ධතාවය පිළිබඳව, විශේෂයෙන් ඉන් එක් අවයවයක් එනම් පාර්ලිමේන්තුව,

ක්‍රියාකාරී නොවන වර්තමාන සන්දර්භය තුළ,  ඉතා ප්‍රයෝජනවත් සාකච්ඡාවක් මහජන අවකාශය තුළ පැවැත්වෙමින් තිබේ.  

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් සමහරු එය - මියගොස්˜ ඇතැයි විස්තර කර ඇති අතර තවත් සමහරු පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව අක්‍රීයව පමණක් බවත්,  විධිමත් හදිසි නීතිය ප්‍රකාශ කිරීමකින් තොරව පවා ව්‍යවස්ථාවෙහි 70 (7) වගන්තිය යටතේ හදිසි අවස්ථාවකදී එය කැඳවිය හැකි බවත්ය.

අවයව තුන අතර සම්බන්ධතාවය ගැන, ප්‍රමාණවත් අවධානයක් නොලද වැදගත් ව්‍යවස්ථාමය විධිවිධානයක් ඇත. එය නම් පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර සම්බන්ධතාවයි.

 ව්‍යවස්ථාවෙහි 4 (ඇ) වගන්තිය යටතේ, ජනතාවගේ අධිකරණ බලය පවරා ඇත්තේ පාර්ලිමේන්තුවටය. ඒ අනුව පාර්ලිමේන්තුව 'අධිකරණ බලයේ - ගර්භ ගෘහය'  ( රිපෝසිටරි/repository)  ලෙස විස්තර කළ හැක. පාර්ලිමේන්තුව තම අධිකරණ බලය උසාවි හරහා ක්‍රියාත්මක කරයි. පාර්ලිමේන්තුවට අධිකරණ බලය ඍජුව ක්‍රියාත්මක කළ හැක්කේ පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාද සම්බන්ධ කාරණාවලදී පමණි.

 ''ව්‍යවස්ථාවෙහි 4 (ඇ) වගන්තිය යටතේ, ජනතාවගේ අධිකරණ බලය පවරා ඇත්තේ පාර්ලිමේන්තුවටය. ඒ අනුව පාර්ලිමේන්තුව 'අධිකරණ බලයේ - ගර්භ ගෘහය'  ( රිපෝසිටරි/repository)  ලෙස විස්තර කළ හැක. පාර්ලිමේන්තුව තම අධිකරණ බලය උසාවි හරහා ක්‍රියාත්මක කරයි. පාර්ලිමේන්තුවට අධිකරණ බලය ඍජුව ක්‍රියාත්මක කළ හැක්කේ පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාද සම්බන්ධ කාරණාවලදී පමණි.''

 

4 (ඇ) වගන්තියේ මෙසේ සඳහන් වේ:

''නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය,''

එනයින්, උසාවි හරහා ක්‍රියාත්මක කරනු ලබන අධිකරණ බලය යනු පාර්ලිමේන්තුවට පවරා ඇති ජනතාවගේ අධිකරණ බලයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව, එනම් ව්‍යවස්ථාදායක හා අධිකරණ බලයේ ගර්භ ගෘහය (repository) නොමැතිව රට පාලනය කළ හැක්කේ මාස තුනක් පමණි.

''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව, එනම් ව්‍යවස්ථාදායක හා අධිකරණ බලයේ ගර්භ ගෘහය (repository) නොමැතිව රට පාලනය කළ හැක්කේ මාස තුනක් පමණි.''

අක්‍රීය පාර්ලිමේන්තුව සක්‍රීය නොකරන්නේ නම්, ජූනි 02 දායින් පසු උසාවි ක්‍රියාත්මක වනු ඇත්තේ අධිකරණ බලයේ ගර්භ ගෘහය (repository)  ක්‍රියාත්මක නොවන තත්වයක් තුළය. ඒ අනුව, පාර්ලිමේන්තුව වෙනුවෙන් අධිකරණ බලය ක්‍රියාත්මක කරන උසාවි සක්‍රීය නමුත් ඵම අධිකරණ බලයේ ගර්භ ගෘහය (repository ) වන පාර්ලිමේන්තුව අක්‍රීය තත්වයක් ඇතිවේ.

පාර්ලිමේන්තුව රැස්වන්නේ නැත්නම් ජුනි 02 දිනෙන් පසු උසාවි ක්‍රියාත්මක විය නොහැකියැයි මා නොකියන බව  පැහැදිලිවම පැවසිය යුතුය. මා අදහස් කරන්නේ එය නොවේ. මගේ ඉදිරිපත් කිරීම නම්, මා සඳහන් කළ මාස තුනක කාලයෙන් පසුව අධිකරණ බලයේ ගර්භ ගෘහය (repository)  ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව කැඳවීමේ වගකීම ජනාධිපතිවරයාට ඇති බවයි.

ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කරන්නේ නම්, තමන් මෙන්ම තම බලයේ ගර්භ ගෘහය  (repository)  ද ක්‍රියාත්මක වනු පිනිස ජූනි 02දායින් පසු පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන බව සහතික කිරීමට අධිකරණය මැදිහත් විය යුතුය.

 

Jayampathi

 

'මළ' පාර්ලිමේන්තුව ගැන තවත් එක් වචනයක්.

'මළ' පාර්ලිමේන්තුව ගැන තවත් එක් වචනයක්.  පහසුව තකා අමතක කරන තවත් කරුණක් තිබේ. එනම් වර්තමාන අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් අද එකී ධුර දරන්නේ අග්‍රාමාත්‍යවරයාට බහුතරයක්වත් නොතිබූ ඊනියා 'මළ'  පාර්ලිමේන්තුවේ සාමාජිකයන් වූ නිසා පමණක් බවයි.  

පාර්ලිමේන්තුව මියගොස් ඇතැයි සැලකන්නේ නම්, එම පාර්ලිමේන්තුව තුලින් තම නිලවලට පත්වූ අමාත්‍යවරුන් දැන්  'ඇවිදින මළමිනී' ද?

(ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න)

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්