"විජයග්‍රහණය  අභියස ජනතාව පෙරමුණෙහි තබා ඔබ ඔවුන් පසුපසින් ද හිඳ නායකත්වය දිය යුතුය. එහෙත් අභියෝගයන් සහ අනතුරු අබියස ඔබ හැමවිටම පෙරමුණ ගත යුතුය. එවිට නායකයෙකු ලෙස ඔබ සියල්ලන්ගේම ගෞරවාදරයට පාත්‍රවනු ඇත" - නෙල්සන් මැන්ඩෙලා

නෙල්සන් මැන්ඩෙලා ලෝකයේ සිටි දුර්ලභ ඝණයේ නායකයෙකි. ඔහු වැනි තවත් අයෙක් ඔහුට සමකාලීනව ලෝකයේ වාසය කළා  යැයි සිතා ගැනීමත් අසිරුය. කෙසේ නමුත් ලෝකයේ රටවල් අතලොස්සක් තුල ඒ රටවල ඉතිහාසය විසින් ඔහු වැනි නායකයින් බිහිකර තිබේ. මේ දුර්ලභ නායකත්ව ගති ලක්ෂණ නිසාවෙන්ම ඔහු දකුණු අප්‍රිකාවේ පමණක් නොව ලෝකයේම ගෞරවය ලැබීය. ලෝකයේ සෑම රටකටම අවැසි මුත්, තවමත් ඒ කිසිදු  රටකට නොලැබුණු නායකයෙක් ලෙස නෙල්සන් මැන්ඩෙලා හැඳින්වුවහොත් වඩාත් නිවැරදිය. ලෝකයක්,රටක් හෝ දේශපාලන පක්ෂයක් බරපතල නායකත්ව අර්බුධයකට මුහුණ දෙන අවස්ථාවක ඔවුන්ගේ ප්‍රාර්ථනය නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයෙකුගේ නායකත්වය  සොයා ගැනීමයි.

ලෝකයක් වික්ෂිප්ත කරමින් ව්‍යාකුලතාවයකට ඇද දැමූ කොවිඞ්-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග ඒ අදහස අදට ඉතාමත් හොඳින්ව ලංගු වෙයි. බලාපොරොත්තු නොවූ සිද්ධි දාමයක් තුල එවැන්නක්  සිදුවිය හැකිය. නමුත් මනුෂ්‍ය වර්ගයා බලාපොරොත්තු නොවූ මොහොතක පැමිණෙන මෙවැනි විශාල ආපදාවක් මැඩ පැවැත්විය හැකිනම් ඒ වෙනත් කිසිවකින් නොව,මැන්ඩෙලා වැනි නිර්භීත නායකත්වයක් තුලින් පමණි.

කොවිඞ් 19 වෛරසය නිසාවෙන් හෙළිදරව් වූ මනුෂ්‍ය වර්ගයාගේ විවිධාකාර වූ දුර්වලතා සහ වැරදීම් අතරින් යහපත් නායකත්වයක් නොමැතිවීමේ අඩුව ප්‍රධානය. ඒ වෙනුවෙන් ගෝලීය වශයෙන් ප්‍රතිචාරයක් ඇති නොවූ තරම්‍ ය. 

''කොවිඞ් 19 වෛරසය නිසාවෙන් හෙළිදරව් වූ මනුෂ්‍ය වර්ගයාගේ විවිධාකාර වූ දුර්වලතා සහ වැරදීම් අතරින් යහපත් නායකත්වයක් නොමැතිවීමේ අඩුව ප්‍රධානය. ඒ වෙනුවෙන් ගෝලීය වශයෙන් ප්‍රතිචාරයක් ඇති නොවූ තරම්‍ ය. ''

ලෝක සෞඛ්‍ය සංවිධානය යහපත් අභිප්‍රායකින් සිදුකළ ක්‍රියාකාරකම් නිසාවෙන් අපහසුතාවයට පත්විය. බලවත් ජාතීන් වල නායකයින් වහාම එකිනෙකාට ඇඟිලි දිගුකරගනිමින් වරද පැටවීමේ ක්‍රීඩාවකට අවතීර්ණය වීම තෝරාගනු ලැබීය.  මේ ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ආර්ථික වශයෙන් බලවත් රටවල් පවා එකඟතාවයකින් කටයුතු කලේ ඉතා අසීරුවෙනි.

ලෝක නායකයින් විසින් කළ යුතුව තිබුණේ මෙවැනි ගෝලීය වසංගත තත්වයක් පිළිබඳ දැනුමැති සහ එයට එරෙහිව සටන් කළ හැකි ක්‍රමවේද පිලිබඳ විෂය ප්‍රමාණිකයින්ගෙන් උපදෙස් සහ තොරතුරු ලබාගනිමින්, ඔවුන් යටතේ ඇති කාර්යාල සතු බලතල යොදාගනිමින් මනා එකඟතාවයක් සහ සම්බන්ධීකරණයකින් යුත් කාර්යක්ෂම උපායමාර්ග ක්‍රියාවට නැංවීමය. නමුත් අවාසනාවකට  මෙය සිදුවූයේ නැත.

''ඔවුන්ට වැදගත්වූයේ තමන්ගේ දේශපාලනික පැවැත්ම ආරක්ෂාකර ගැනීමය''

තමන් විසින් නියෝජනය කරන ප්‍රජාවේ යහපැවැත්ම සඳහා වෙහෙසීමට වඩා ඔවුන්ට වැදගත්වූයේ තමන්ගේ දේශපාලනික පැවැත්ම ආරක්ෂාකර ගැනීමය. විෂය පිලිබඳ ප්‍රවීණ විද්‍යාඥයින් සහ සෞඛ්‍ය වෘත්තිකයින් හට දේශපාලනය හමුවේ ලැබුණේ දෙවැනි තැනය. විෂය හා සම්බන්ධ වෘත්තිකයින්ගෙන් උපදෙස් ලබාගැනීම වෙනුවට නායකයින් දිගින් දිගටම යැපුනේ තම දේශපාලනික උපදේශකයින් මතය.

පසුගිය මාස කිහිපය අපට පෙන්නුම් කළේ ලෝකයේ දැක්මක් සහිත නායකයින් සිටින්නේ අතලොස්සක් පමණක් බවය. ඔවුන්ටත් අවශ්‍ය තරම් ක්‍රියාකාරී සැළසුම් හෝ දේශපාලනික එළඹුමක් හෝ අභිප්‍රායන් නොමැති බවය. තවත් සමහර නායකයින් දැක්මකින් තොරව ක්‍රියාකාරී වූහ. ඇතැමෙක් සතුව අඩුම තරමින් දැක්මක් හෝ ක්‍රියාවලියක්වත් තිබුනේ නැත.

''පසුගිය මාස කිහිපය අපට පෙන්නුම් කළේ ලෝකයේ දැක්මක් සහිත නායකයින් සිටින්නේ අතලොස්සක් පමණක් බවය. ඔවුන්ටත් අවශ්‍ය තරම් ක්‍රියාකාරී සැළසුම් හෝ දේශපාලනික එළඹුමක් හෝ අභිප්‍රායන් නොමැති බවය. තවත් සමහර නායකයින් දැක්මකින් තොරව ක්‍රියාකාරී වූහ. ඇතැමෙක් සතුව අඩුම තරමින් දැක්මක් හෝ ක්‍රියාවලියක්වත් තිබුනේ නැත.''

අවංකභාවයේ ප්‍රමුඛත්වය ලබා නොදීම නිසාවෙන් විශ්වාසනීයත්වයට හානි සිදු වූවා පමණක් නොව උවදුරට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය  ප්‍රජාව එක්රැස්කිරිමේ සාමූහික ප්‍රයත්නයටද  හානි පැමිණුනි. අප දුටුවේ නායකයින් හුදෙක් අනුමානයන්ට පමණක් ඉඩ දෙන අයුරුය. 

ආසාදිතයින් සහ වින්දිතයින් ගණනාවක් සමග වසංගතය පැතිරීමේ බිහිසුණු යථාර්තයට සමගාමීව අපට ඇසුනේ අනිවාර්යයෙන් ආසන්න කාලයකදී අත්වන සාර්ථකත්වයක් පිලිබඳ මහා ප්‍රකාශයන්ය. 

තමන්ගේ සීමාවන් පිළිගැනීමට ඇති නිහතමානීභාවය, පුරවැසියන් සමග අවංක වීම සඳහාවන දිරිය සහ අභියෝගයේ බැරෑරුම්කම පිලිබඳ පණිවුඩය පුරවැසියන් වෙත ගෙන යෑමක් අප දුටුවේ නැත.

''විනිවිදභාවය යනු සෑම විටෙකම සාර්ථක නායකයෙකුගේ ප්‍රධාන ලක්ෂණයකි''

විනිවිදභාවය යනු සෑම විටෙකම සාර්ථක නායකයෙකුගේ ප්‍රධාන ලක්ෂණයකි. මෙවැනි අවස්ථාවක වසංගතයේ ව්‍යාකුලත්වය මත ගොඩනැගෙන භීතින් සඳහා මුහුණදීම සඳහා එය ඉහලින්ම තිබිය යුතුය. අවාසනාවකට අප දකින්නේ සුරංගනා කතා වලින් තමන්ගේ මුග්ධත්වය වසාගැනීමට උත්සාහ කිරීම හෝ නායකයින් විසින් පුරවැසියන් යනු ඔවුන්ගේ දේශපාලනික තීරණ කිසිදු විචාරයකින් තොරව පිළිගන්නා පිරිසක් ලෙස සැලකීමේ ස්ව්භාවය ය. 

පසුව කැපකරු පිතෘවරුන් ලෙස ඔවුන් ප්‍රකාශ කරන්නේ “මම මේ සියළු දේ සිදුකරන්නේ ඔබේ යහපත වෙනුවෙනුයි. මා පිලිබඳ විශ්වාස කරන්න, මා කරනාදේ පිලිබඳ මා හොඳින් දැනුවත්. මා විශ්වාස කරන්න.”වැනි ආකාරයේ ප්‍රකාශයන් ය. 

''කැපකරු පිතෘවරුන් ලෙස ඔවුන් ප්‍රකාශ කරන්නේ “මම මේ සියළු දේ සිදුකරන්නේ ඔබේ යහපත වෙනුවෙනුයි. මා පිලිබඳ විශ්වාස කරන්න, මා කරනාදේ පිලිබඳ මා හොඳින් දැනුවත්. මා විශ්වාස කරන්න.” වැනි ආකාරයේ ප්‍රකාශයන් ය. ''

කෙසේ නමුත් විශ්වාසය ඇති කිරීම යනු නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ විධායක නියෝගයකින් දිනාගත හැකි යමක් නොවන බව ඔවුන් තේරුම් ගන්නේ නැත.

ඉතිහාසය විසින් සාර්ථක නායකත්වයක් පිලිබඳ පෙන්නුම් කරන සෑම අවස්ථාවකදීම ඒ නායකයින්ගේ සාර්ථකත්වය පැවතුනේ තම ප්‍රතිලාභීන් වෙත අවශ්‍ය දේ සම්බන්ධයෙන් අවංක සහ විනිවිදභාවයකින් කටයුතු කිරීම මතය.

 එවන් නායකයින්, තම දේශපාලන දිවියට සිදුවන හානි පවා නොසලකා සෘජු සහ සත්‍යවාදී ලෙස කටයුතු කරමින් ප්‍රජාවකගේ විශ්වාසවන්ත භාවය සහ ලැදියාව දිනාගත් හ. කොවිඞ්19 වැනි සංසිද්ධියක් පිලිබඳව ඔවුන් සූදානමින් නොසිටියත් එවන් අනතුරකට මුහුණ දීමට අවශ්‍ය සියළු ගුණාංග එවක ඔවුන් සතුව පැවතුනි .

ඒ අතරින් ධෛර්යය, අධිෂ්ඨානය, නිහතමානීකම, ජනතාව ජවගැන්වීමේ හැකියාව, සම්පත් කළමනාකරණය කරමින් සම්බන්ධීකරණය කිරීම සහ ප්‍රධාන වශයෙන්ම ඒ සියළු දේ එකිනෙක සම්බන්ධ කරන අවංකභාවය යන කරණු ප්‍රධානය.


GettyImages 1136037564 850x510   නවසිලන්ත අගමැතිනිය

කළහැකි සහ නොහැකි දේ පිලිබඳ ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කළා පමණක් නොව තමන් අතින් සිදු වූ වැරදි පිළිගැනීමටත් ඔවුන් පසුබට වූයේ නැත.ඒ අතරම ඔවුන් අදාල පුද්ගලයින් හට අවශ්‍ය අගයකිරීමද ලබාදුන් හ. තමන් අතින් සිදුවූ වැරදි ඔවුන් ක්ෂණිකව නිවැරදි කළහ. ඔවුන් සංඛ්‍යා සහ අර්ධ සත්‍යයන් පිටුපස සැඟවුණේ නැත .එමෙන්ම ඔවුන් කිසිවිටෙක සත්‍යය සඟවමින් ව්‍යාජ තත්වයක් මවා පෙන්වූයේත් නැත.

එවැනි ගුණාංග එක් රැයකින් රැස් කල හැකි දේ නොවේ.

උදාහරණයකට, අවංකභාවය යනු දීර්ඝ කාලයක් තිස්සේ පෝෂණය කලයුතු ගුණාංගයකි .ඒ පුරවැසියන් තම නායකයින්ගේ අවංකභාවය හඳුනාගන්නේ ,විවිධ අවස්ථාවන් ගණනාවකදී ඔවුන්ගේ ප්‍රකාශයන් සහ ක්‍රියාවන් අඛණ්ඩව, අරමුණකින් යුතුව සිදුකිරීම තුල සහ එක් වැරදි තීරණයක් හෝ ක්‍රියාවකින් සිදුනොකිරීම තුල නිසාවෙනි.


''අවංකභාවය යනු දීර්ඝ කාලයක් තිස්සේ පෝෂණය කලයුතු ගුණාංගයකි .ඒ පුරවැසියන් තම නායකයින්ගේ අවංකභාවය හඳුනාගන්නේ ,විවිධ අවස්ථාවන් ගණනාවකදී ඔවුන්ගේ ප්‍රකාශයන් සහ ක්‍රියාවන් අඛණ්ඩව, අරමුණකින් යුතුව සිදුකිරීම තුල සහ එක් වැරදි තීරණයක් හෝ ක්‍රියාවකින් සිදුනොකිරීම තුල නිසාවෙනි. සැබෑ සහකම්පනය මිනිය හැක්කේ ශක්තිමත් ක්‍රියාවකින් මිස වචන වලින් නොවෙයි''

දේශපාලන නායකයින් තමන් වෙත සාමාන්‍යයෙන් ලැබෙන විශේෂ වරප්‍රසාද ප්‍රතික්ෂේප කරමින් අවශ්‍ය මොහොතේ පරිත්‍යාගයන් සිදුකරීමට ඇති හැකියාව ද අවංකභාවය පිලිබඳ මිනුමකි.සෑමවිටම උපදෙස් වලට වඩා උදාහරණ ප්‍රභලය.

සැබෑ සහකම්පනය මිනිය හැක්කේ ශක්තිමත් ක්‍රියාවකින් මිස වචන වලින් නොවෙයි.  

දුෂණයෙන් තොර වීම:

දුෂණයෙන් තොර වීම, අද අප දකින දේශපාලන නායකයින් තුල දුර්ලභව දැකිය හැකි තවත් ගුණාංගයකි . දූෂණය, එයට විරුද්ධව ක්‍රියාමාර්ග නොගැනීම සහ දුෂණය පිලිබඳ පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති පුද්ගලයින් වෙත මහජන විශ්වාසය ඇතිවීම යන කරුණු සියල්ලේම දීර්ඝ කාලීන ප්‍රථිපලය වන්නේ විශ්වාසනීයත්වයට හානි සිදු වීමය.

එවන් හැසිරීමක් ඇති නායකයෙක් හට ගෝලීය වසංගතයකට එරෙහිව සටන් වැදීමට මහජනතාව පෙළඹවීමට හැකිවේ යැයි බලාපොරොත්තු තැබිය නොහැකිය. මහජනතාව එවැනි නායකයෙකු කෙරෙහි සහ ඔහු පවසන දේ පිළිබඳවද විශ්වාස නොකරනවා පමණක් නොව ඔහුව අනුගමනය කිරීමට පවා පසුබට විය හැකිය.

නායකයෙකු අසාධාරණ ලෙස කටයුතු කරනවා නම් හෝ ආගම, ජාතිකත්වය, ලිංගික දිශානතිය, ලිංගිකත්වය, සමාජ පන්තිය, කුලය හෝ මතවාදීමය තෝරාගැනීම් තුල ඇතිවන වෙනස්කම් නොසලකමින් සැමට එක සමානව සැලකීමට අපොහොසත් වූවොත් ඔහුගේ හෝ ඇයගේ අවංකභාවය පිලිබඳ බරපතල සැක සංකා ඇතිවිය හැකිය.

''නායකයෙකු අසාධාරණ ලෙස කටයුතු කරනවා නම් හෝ ආගම, ජාතිකත්වය, ලිංගික දිශානතිය, ලිංගිකත්වය, සමාජ පන්තිය, කුලය හෝ මතවාදීමය තෝරාගැනීම් තුල ඇතිවන වෙනස්කම් නොසලකමින් සැමට එක සමානව සැලකීමට අපොහොසත් වූවොත් ඔහුගේ හෝ ඇයගේ අවංකභාවය පිලිබඳ බරපතල සැක සංකා ඇතිවිය හැකිය.''

තම අවංකභාවය එක් වරක් හෝ ප්‍රශ්ණ කිරීමකට ලක්වුව හොත් ජනතාව මෙහෙයවීම එම නායකයාට අපහසුය. එවිට එම නායකයාට නායකත්වය ලබා දිය හැක්කේ යම් කුඩා පිරිසකට පමණය.

නොවරදින දෘෂ්ටියකින් යුතුව...

අනෙක් අතට සාර්ථක නායකයෙක් විසින් නොවරදින දෘෂ්ටියකින් යුතුව ඉහල කුසලතාවයන් සහිත පිරිස් සහ ඔවුන්ගේ දක්ෂතාවයන් හඳුනාගනිමින්, ඔවුන්ව ඒ හැකියාවන් හරහා අදාල භූමිකා තුල ක්‍රියාකාරී වීම සඳහා පෙළඹවීමට හැකි විය යුතුය. 

එවැනි නායකයෙක් විසින් තමන්, පක්ෂය සහ මැතිවරණ වලින් එහා ගිය දැක්මකින් යුතුව අනාගත නායකයින් හඳුනාගනිමින් ඔවුන්ගේ සාර්ථකත්වයට සහය ලබාදෙනු ඇත. සෑම විටම ඉදිරිය පිලිබඳ දැකීමට සහ සිතීමට ඇති හැකියාවෙන් යුත් නායකයෙක් හට, නිරන්තරයෙන් වෙනස් වන සමාජ, අර්ථික සහ තාක්ෂණික පසුබිමක් සහිත විවිධ අභියෝගයන්ගෙන් සමන්විත අනාගතයක තම ජාතිය මෙහෙයවීම සඳහා වඩාත් හොඳ සුදානමකින් යුත් පිරිස හඳුනාගත හැකිය.

අපට සිටින්නේ කෙබඳු ආකාරයක නායකයින්ද? 
 

අපේ නායකයින් සහ ඔවුන්ගේ නායකත්වය පිලිබඳ ප්‍රශ්ණ කිරීමට කොවිඞ්19 අපට බලකරනු ලැබීය.

අපිට නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයින් සිටිනවාද? කෙදිනක හෝ ඇති වන හදිසි තත්වයන් වලට ඉහලින් නැඟී සිටිමින් තමන්ගේ ඡන්ද දායකයින් පමණක් නොව සියළු දෙනා මෙහෙයවන දිනෙක මැන්ඩෙලා වැනි නායකයෙක් බවට පත්වන පුද්ගලයින් අපට සිටිනවාද? අපට එවන් නායකයින් නොමැති නම් අප වෙනත් ගැටළු කොට්ඨාශයකට පිළිතුරු දියයුතුය. 

සැබෑ නායකත්වයේ අඩුව අපි හඳුනාගත යුත්තේ කෙලෙසද? නියම නායකයින් යනු අනෙක් අය නොදකින දේ දකින පිරිසකි. බොහොමයක් විට අපට නායකත්වය ලබාදෙන බවට සපථ කරන පුද්ගලයින් වැඩි දෙනෙක් තමන්ගේ පිරිස දකින සත්‍ය පිලිබඳ අනවධානයෙන් යුක්තය. තම මූලධර්ම හෝ අදහස් පිළිබඳව ශක්තිමත් විශ්වාසයක් දරා සිටින නියම නායකයින් අන්‍යන්ද එය අනුගමනය සඳහා ආකර්ෂණය කරගනී. 


''නියම නායකයින් යනු අනෙක් අය නොදකින දේ දකින පිරිසකි. බොහොමයක් විට අපට නායකත්වය ලබාදෙන බවට සපථ කරන පුද්ගලයින් වැඩි දෙනෙක් තමන්ගේ පිරිස දකින සත්‍ය පිලිබඳ අනවධානයෙන් යුක්තය. තම මූලධර්ම හෝ අදහස් පිළිබඳව ශක්තිමත් විශ්වාසයක් දරා සිටින නියම නායකයින් අන්‍යන්ද එය අනුගමනය සඳහා ආකර්ෂණය කරගනී. ''

නමුත් අපගේ දිවිය තුල අප දුටු ආකාරයට අපට නායකත්වය ලබාදෙන පිරිස තමන්ගේ වචන පිළිබඳව තීරණය කරන්නේ ඔවුන්ගේ අදහස් වලට ඇති ජනප්‍රියතාවය ගණනය කිරීමෙන් පසුවය. 

ආපදා තත්වයකදී නියම නායකයින් හට දේශපාලනික හෝ භෞතික වශයෙන් අවදානම් ගනිමින් ඔවුන්ගේ විශ්වාසයන් වෙනුවෙන් නැඟී සිටින්නට අවශ්‍ය ධෛර්යය තිබේ. ඔවුන්ට වර්ථමානය අවබෝධ කරගනිමින් යහපත් අනාගතයක් දකිමින් තමන්ගේ පිරිස ඒ වෙත මෙහෙයවීමට හැකි විය යුතුය. ඔවුන් කෙටි කාලීනව මතුවන අභියෝගයන්ට අනුව සාර්ථක ලෙස හැඩගැසිය හැකි දීර්ඝ කාලීන සැලසුම් සකස් කිරීම අවශ්‍යය.

කිසිදු පිරිමියෙක් හෝ ගැහැණියක් හුදෙකලා දූපතක සිටින මානසිකත්වයෙන් යුක්ත නොවන බවට දැනුමක් හොඳ නායකයෙක් සතුය. ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස සමාජයක් එකාවන්ව ඉදිරියට මෙහෙවීම සඳහා අනෙක් අයගේ දක්ෂතා එකිනෙක සම්බන්ධ කිරීමේ ක්‍රමවේදයන් ඔවුන් සතු වීමය.

Picture 14 680x424                                                     ඇල්බට් අයින්ස්ටයින්

ඇල්බට් අයින්ස්ටයින් ලෝකය පුරා සිටින විද්‍යාඥයින් හට ඔවුන්ගේ දැනුම හුවමාරුවට ආරාධනා කරමින් ලෝකයේ හොඳම අදහස් වලට විවෘත වීය. වරෙක ඔහු යුරෝපීය ජර්නලයක පළකිරීමට අවස්ථාව නොලැබූ තරුණ ඉන්දියානු  විද්‍යාඥයෙකුගේ පර්යේෂණ පත්‍රිකාවක් ජර්මන් භාෂාවට පරිවර්ථනය කිරීම පවා සිදුකළේය .

ඇමරිකන් සිවිල් යුද්ධය ජග්‍රහණය සඳහා විවිධත්වයෙන් යුත් අදහස් වල එක්වීම බලපෑ අයුරු ඒබ්‍රහම් ලින්කන්ගේ චරිතාපදානය වන"leave no one behind" කෘතියේ සඳහන් වෙයි. 

15වැනි ශතවර්ෂයේදී චීන ගවේශකයෙකු වූ අද්මිරාල් ෂැන්ග් තමන් විසින්ම තෝරාගත් පළපුරුදු නැවියන් සහ සොල්දාදුවන් කණ්ඩායමක් සමගින් ආසියාව හරහා අප්‍රිකානු තුඩුව දක්වා වූ වෙළඳ මාර්ග ගොඩනගමින් පාලනය කිරීම සිදුකළ, “ කිසිවෙක් පිටුපස හැරදා නොයනු”, ඒ පැරණි හමුදා ආප්තෝපදේශය අධ්‍යක්ෂක මණ්ඩලයක, පාර්ලිමේන්තුවක මෙන්ම යුද්ධයක සිටින ජනරාල්වරුන්ගේත් නායකත්වයේ සාර්ථකත්වය පිලිබඳ මූලධර්මයයි.

 ''බොහෝවිට දේශපාලන පක්ෂ සහ සංවිධාන වල හැකියාව ඇති නියෝජිතයින් හුදෙකලාකර හෝ පසෙකටකර තබන අතර පක්ෂ නායකයාගේ තනතුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කණ්ඩායමේ දුර්වලයෙකු ඉහලට ඔසවා තබමින් ඊළඟට පත්වීමට සුදුසු පුද්ගලයා තනතුරු වලින් ඉවත් කර හුදෙකලා කිරීමද සිදුකරයි. මෙම කරුණ අනාගත නායකයින්ගේ නැගී සිටීම වලකමින් අපේ සමාජය පුරා ව්‍යාප්ත වූ තවත් එක් පිළිකාවක් පමණි .'' 


බොහෝ කලාතුරකින් තමන්ගේ ජනතාවට සහය අවශ්‍ය මොහොතක ඔවුන් සමග නැගී සිටිනවා වෙනුවට තමන්ගේ ආරක්ෂාව සලසාගැනීම වෙනුවෙන් නායකයා විසින් තම ජනතාව බිල්ලට දීම සිදුවිය හැකිය.තම දැක්ම ක්‍රියාවට නැංවීම තෙක් හැකියාවෙන් සහ කැපවීමෙන් ක්‍රියාකළ හැකි දක්ෂ කණ්ඩායමක් ඔහු වටා ඒකරාශී කරගැනීමට නායකයාට හැකි විය  යුතුය.

එවැනි දක්ෂතා වලින් පිරිපුන් පුද්ගලයින් තුල තමන්ව නායකත්වය විසින් සුළුකොට තකන බවට හැඟීමක් ඇති වුවහොත් කුමන තත්වයක් යටතේ වුවද ඔවුන්ගේ සහය ලබාගැනීම අසීරු කාරණාවකි. බොහෝවිට දේශපාලන පක්ෂ සහ සංවිධාන වල හැකියාව ඇති නියෝජිතයින් හුදෙකලාකර හෝ පසෙකටකර තබන අතර පක්ෂ නායකයාගේ තනතුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කණ්ඩායමේ දුර්වලයෙකු ඉහලට ඔසවා තබමින් ඊළඟට පත්වීමට සුදුසු පුද්ගලයා තනතුරු වලින් ඉවත් කර හුදෙකලා කිරීමද සිදුකරයි. 

නමුත් මෙම කරුණ අනාගත නායකයින්ගේ නැගී සිටීම වලකමින් අපේ සමාජය පුරා ව්‍යාප්ත වූ තවත් එක් පිළිකාවක් පමණි .

ශ්‍රේෂ්ඨ නායකයින්ගේ මතුවීමට විරුද්ධව ක්‍රියාකරන සමාජ ක්‍රමයක් අප සතුද?

නායකත්ව ගුණාංග පෝෂණය කිරීම වළකන සමාජ ක්‍රමයක් අප සතුව නොමැතිද? ඔවුන්ගේ අනන්‍යතාවය, සමාජ ආර්ථික පසුබිම, මතවාද, ආගම හෝ ජාතිය හේතුවෙන් ක්‍රමානුකුලව එවැනි දක්ෂතා සහිත පිරිස් නායකයින් වීම වැලැක්වීම හෝ දේශපාලනයට පිවිසීම අධෙර්යමත් කරමින් නොසුදුස්සන් බවට පත්කර නොමැතිද?

අවසන් වශයෙන්, මේ සියල්ල අතරින් වඩාත් තීරණාත්මක ගැටළුව පිළිබඳ අප, අපගෙන්ම විමසිය යුතුය. තනි පුද්ගලයින් ලෙස හෝ සමාජයක් ලෙස නෙල්සන් මැන්ඩෙලා වැනි වීරයෙක් පැමිණෙන තෙක් අප බලාසිටිය යුතුද? 

නැතහොත් හැකි කුමන අවස්ථාවකදී වුවත් අවශ්‍ය ගුණාංග නිරන්තරයෙන් වර්ධනය කරගනිමින්, සම්පූර්ණ කරමින් සහ ක්‍රියාවේ යොදවමින් සෙමෙන් නමුත් අනිවාර්යයෙන් සහභාගීවීමේ අවස්ථාවන් ප්‍රසාරණය කරගනිමින් නායකත්වය පිලිබඳ අදහස අප විසින්ම ප්‍රගුණ කළ යුතුද?

විවිධ ප්‍රජාවන් නියෝජනය කරන ජාතියක් ලෙස අප මුහුණදෙන අහියෝග කොවිඞ් 19 වෛරසයෙන් පමණක් අවසන් වන්නේ නැත. මේ ගෝලීය වසංගතය නිසා සිදුවූ ආර්ථික අවපාතය හේතුවෙන් ආර්ථිකයේ ප්‍රධාන බලවේගයන් වෙත සිදු වූ හානිය නිසාවෙන් අනාගතයේදී අර්බුදය තවත් උග්‍ර අතට හැරෙන බවක් අපට අපේක්ෂා කල හැකිය. මේ අදහස මනසේ රඳවා ගනිමින් දැනට සිටින නායකයින් වඩා යහපත් කිරීම හෝ අප අතරින් නව නායකයෙකු බිහිකර ගැනීමට අප බැඳීසිටී.


Krishantha 2020.text 07පුද්ගලයින් නායකත්වය ලැබීමටම උපත ලබන්නේ නැත. නෙල්සන් මැන්ඩෙලා යන නම ලොව පුරා ප්‍රසිද්ධ වීමට බොහෝ කලකට පෙර දකුණු අප්‍රිකාවේ ඈත පිටිසර ගමක ගවයින් බලාගන්නා එඩේර දරුවෙකු ලෙස කියවීමට හෝ ලිවීමට නොදත් තම දෙමාපියන් සමග ඔහු වාසය කළේය .

අපේ නායකයින් ජිවිතයේ ඕනෑම ගමනක් තුලින් පැමිණිය හැකිය. නමුත් අප සතු වගකීම වන්නේ ඊනියා ලිංගිකත්වය, පන්ති, ජාතීන්, ඇදහීම්, වයස්, ආගමික විශ්වාසයන් සහ කුලයන් වලට සම්බන්ධ අපේම අතීත කැළැල් පිලිබඳ අවධානය යොමු කරමින් නව අදහස් ඇති කැපවීමෙන් ක්‍රියාකරන සහ කණ්ඩායමක් ගොඩනගමින් අනාගතය වෙත මෙහෙයවිය හැකි නිපුණතාවයක් සහිත අනාගත නායකයින් හඳුනාගැනීම සහ ඔවුන් හට අනුග්‍රහය දැක්වීමය.''


(ක්‍රිෂාන්ත කුරේ)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්