ජනාධිපති වීමට බලා සිටින අය ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය කියවා නැත්ද? යන කාරණය  අවධාරණය කරමින් 'මීළඟ ජනාධිපති 'පඹයෙක්' යන සිරස්තලයෙන් යුතුව ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතාගේ ලිපියක් 'ද ලීඩර්' හි ජුනි 10 පළවූ අතර එයට  පිළිතුරු ලිපියක් අපවෙත ලැබී ඇත. 

 

(2019 ජුනි 9 වැනි දා 'සන්ඩේ අයිලන්ඩ්' පුවත්පතේ පළවූ ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතාගේ “The Presidential Hopefuls: Have They Not Read Article 43?" නැමැති ලිපියේ සිංහල පරිවර්තනයක් ලෙස එම ලිපිය අප විසින් පලකරනු ලැබිය.) එම ලිපිය මෙතනින් කියවන්න ;



එහෙත් 2019 - 06 - 11 වැනි දින “දි අයිලන්ඞ්” පුවත්පතට ලිපියක් ඉදිරිපත් කරමින් මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා, නිහාල් ජයවික්‍රම මහතාගේ මතයට එරෙහි මතයක් ඉදිරිපත් කර ඇති අතර එහි සිංහල පරිවර්තනය සහිතව අප වෙත ලැබී ඇති ප්‍රතිචාරය  කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළකර ඇත.


ආචාර්යවරයාගේ අර්ථනිරූපණයට මහාචාර්යවරයා හරස් වෙයි


ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතා බලාපොරොත්තුවෙන් සිටි තානාපති ධුරය වෙනුවෙන් වෙනත් අයකුගේ නම යෝජනා වීමත් සමග නිහාල් ජයවික්‍රම මහතා විධායක ජනාධිපති ධුරයේ බලතල සම්බන්ධයෙන් ව්‍යවස්ථා අර්ථ නිරූපණයකට යොමු වී ඇති බව වාර්තා වේ. 

ඒ අනුව පසුගිය සති කිහිපය පුරාම ඔහු විසින් සකස් කරන ලද පුවත්පත් ලිපි කිහිපයකම සඳහන් කර තිබුණේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාගේ විධායක බලය අභියෝගයට ලක් වන බවයි. 

එක්සත් ජාතික පක්ෂයට හිතැති ඇතැම් මාධ්‍ය මගින් නිහාල් ජයවික්‍රම මහතාගේ උක්ත ලේඛන උපයෝගී කර ගනිමින් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරමින් සිටින පසුබිමක ජයවික්‍රම මහතාගේ මතයට වෙනස් මතයක් ඉදිරිපත් කරනු ලබන නීති විශාරදයන්ට අදාළ මාධ්‍ය ආයතන තුළ අවස්ථාවක් ලබා දීමට කටයුතු කර තිබුණේ ද නැත. 


නිහාල් ජයවික්‍රමට එදිරිව මහාචාර්ය ජී.එච්. පීරිස්ගේ මතය :


එහෙත් 2019 - 06 - 11 වැනි දින “දි අයිලන්ඞ්” පුවත්පතට ලිපියක් ඉදිරිපත් කරමින් මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා, නිහාල් ජයවික්‍රම මහතාගේ මතයට එරෙහි මතයක් ඉදිරිපත් කර තිබේ. 

එහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ හිටපු සම්මානිත මහාචාර්යවරයකු වන ජී.එච්. පීරිස් මහතා ප්‍රශ්න කර සිටින්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරට සාම්ප්‍රදායිකව හා නෛතිකමය වශයෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ ජනාධිපතිධුරය හා සබැඳි විධායක බලය අභියෝගයට ලක් කරන්නේ කෙසේ ද? යන්නයි. 

එහෙත් මහාචාර්ය ජී.එච්. පීරිස් ඉදිරිපත් කර තිබූ නෛතික තර්ක සම්බන්ධයෙන් ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතා මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැත.  

අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතාගේ ව්‍යවස්ථා අර්ථකථනයට සමගාමීව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු සම්මානිත මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා ඉදිරිපත් කර තිබූ අර්ථකථනයේ තාර්කික නීතිමය කරුණුවල සිංහල පරිවර්තනය පහළින්...

''මා විසින් ඉදිරිපත් කරන කරුණු  වල නිරවද්‍යතාවය පිළිබඳ මිනුමක් ලෙස ව්‍යවස්ථාවේ අදාල වන උපුටා ගැනීම් ඇල  අකුරෙන් පහතින් ඉදිරිපත් කරන බව කරුණාවෙන් සලකන්න.

41 C වගන්තිය -  තනතුරු අනුමත කිරීමට ව්‍යවස්ථා සභාව
පළමු පරිච්චේදය 41 C වගන්තිය 1:

මෙම වගන්තියේ නිර්දේශ ප්‍රකාරව එහි නියමයන්ට අදාල කිසියම් හෝ කාර්යාලයක තනතුරකට ජනාධිපතිතුමා විසින් කවුන්සිලය වෙත නිර්දේශ කරන ලද  තනතුරකට කවුන්සිලය විසින් අනුමත නොකරන්නේ නම්, ජනාධිපතිතුමා විසින් කිසිදු පුද්ගලයෙකු එවැනි තනතුරකට පත් නොකල යුතුය.

මාගේ නිරීක්ෂණය -

ජනාධිපතිතුමා විසින් නම් කරන ලද්දෙකු අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථා සභාවේ බලය සීමා වී තිබේ.මෙවැනි සන්ධර්භයක දී ව්‍යවස්ථා සභාව එහි වැඩ කටයුතු පිළිබඳ වාර්තා ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම නියමිත  වන බැවින් ජනාධිපතිවරයාට වෙනත් පුද්ගලයෙකු ව්‍යවස්ථාදායක සභාව අනුමත කරන තෙක්  පත් කර කටයුතු කිරීමේ බලය ඇත.

41 C වගන්තිය - පරිච්ඡේදය (2):
පරිච්ඡේදයේ සඳහන් ඉඩ කඩ (1)

මෙම වගන්තියට අනුකූල කිසියම් හෝ කාර්යාලයක දින දාහතරක වැඩි කාල සීමාවක් සඳහා පත් කරනු ලබන ඕනෑම පුද්ගලයෙකු අරභයා මෙම වගන්තියේ පළමු පරිච්ඡේදයේ සඳහන් නියමයන් අදාලවේ: දින දාහතරකට වැඩි කාලයක් සඳහා එබඳු කාර්යාලයක තනතුරකට එවැනි තනතුරක් ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත නොකර ඇත්නම් එසේ කටයුතු කිරීමට හැකියාවක් නොමැත.

මාගේ නිරීක්ෂණය -

මෙහිදී නැවතත් ජනාධිපතිවරයා හට සංක්ෂිප්ත බලතල ඇති අතර ඒ අනුව ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද්දෙකුගේ කාල සීමාව දීර්ඝ කිරීමට ව්‍යවස්ථා සභාවට කටයුතු කිරීමේ හැකියාව ඇත.


42 වගන්තිය -
අගමැතිතුමා හා කැබිනට් අමාත්‍යවරු

42 වගන්තිය - පරිච්ඡේදය 3:
ජනාධිපතිවරයා හට  කැබිනට් අමාත්‍ය  මණ්ඩලයේ සාමාජිකයෙකු වීමට හා කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වීමට පුළුවන.

මාගේ නිරීක්ෂණය -

ජනාධිපතිවරයා දෙඅංශයෙහිම ප්‍රධානියා ලෙස (ප්‍රධානියා යන අර්ථයෙන් ජනාධිපතිවරයාගේ බල අධිකාරය කැබිනට් මණ්ඩල ක්‍රියාපටිපාටි වලදී සාම්ප්‍රදායික සභාපතිවරයෙකුගේ බලතල ඉක්මවමින් සිදුවන බව අර්ථ ගැන්වන අතර ඔහු හට සභාවේ න්‍යාය පත්‍රය සම්පාදනය කිරීමේ,සභා සාකච්ඡා ක්‍රමානුකූලව පවත්වා ගැනීමේ, කැබිනට් සභා කටයුතු අවසන් කිරීමේ සහ/ හෝ අත්හිටුවීමේ බලතල රාශියක් ඇත.)

42 වගන්තිය- පරිච්ඡේදය 4 :
ජනාධිපතිවරයාට, පාර්ලිමේන්තුවේ විශ්වාසය ලබා ගනිමින් කටයුතු කළ හැකි වඩාත්ම සුදුසු පාර්ලිමේන්තු සභිකයා ලෙස හැඟෙන අයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ හැක.

මාගේ නිරීක්ෂණය -

විශේෂයෙන්ම  මැතිවරණ අවස්ථාවකදී  කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් නොමැතිව අපහැදිලි පාර්ලිමේන්තු වටපිටාවක් ඇති වූ අවස්ථාවකදී ජනපතිවරයාගේ අභිමතයට අනුව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ ක්‍රමවේදය  අපහැදිලි අවිනිශ්චිත භාවයක් ජනිත කළ හැකිය.ජනාධිපතිවරයා සහ අනෙකුත් දේශපාලන පක්ෂ නායකයන් විසින් පශ්චාත් මැතිවරණ  පිල් මාරු කිරීම් වැනි ගනුදෙනු සිදු කිරීමේ හැකියාවක් මේ හේතුවෙන් ඇත.මේ අනුව ජනාධිපතිවරයාට ව්‍යවස්ථාව විසින් වැඩි බලයක් ලබා දී ඇති ලෙස අර්ථ නොගැන්විය යුතුය.

වගන්තිය 43 –
අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ විෂය පථයන් හා කටයුතු



වගන්තිය 43: පරිච්ඡේදය 1 –

ජනාධිපතිවරයා විසින් කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව සහ කැබිනට් අමාත්‍යාංශ සංඛ්‍යාව සහ ඒවාට පැවරෙන විෂයයන් හා කාර්ය භාරයන් තීරණය කරන අතර එහිදී  ඔහු විසින් අග්‍රාමාත්‍යවරයාගේ අනුදැනුම ඒ සඳහා  අවශ්‍ය වන්නේ යැයි හැඟෙන්නේ නම් ඒ අනුව කටයුතු කොට තීරණය කරණු ලබයි.

මාගේ නිරීක්ෂණය -

වගන්ති  43 දැක්වෙන මෙම පරිච්ඡේදයද ජනාධිපතිවරයාගේ බල අධිකාරිය පිළිබඳව වන අතර විශේෂයෙන්ම අද අප මුහුණ පා තිබෙන අවස්ථාවක් වැන්නකදී ජනාධිපතිවරයාට විමසීමක් හෝ අනුදැනුමක් අවශ්‍යය වූ විට අග්‍රාමාත්‍යවරයාගේ අනුදැනුම (ඒ සඳහා  අවශ්‍යය වන්නේ යැයි හැගෙන්නේ නම් පමණක්)  අනුව කටයුතු කොට කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව සහ කැබිනට් අමාත්‍යාංශ සංඛ්‍යාව සහ ඒවාට පැවරෙන විෂයයන් හා කාර්යය භාරයන් තීරණය කල හැක.

වගන්තිය 43 -පරිච්ඡේදය 3 :
ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය ,විෂය පථයන් හා කටයුතු වෙනස් කළ හැක.එබඳු වෙනස්කම් කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ කටයුතු තව දුරටත් ඉටු කිරීමේ හැකියාවට හා පාර්ලිමේන්තුවට ඒ සඳහා බැඳී ඇති වගකීමට බල නොපාන පරිදි එම වෙනස් කම් සිදුකළ හැකිය.

මාගේ නිරීක්ෂණය -

අමාත්‍යවරුන් පත් කිරීමේ ක්‍රමවේදය මෙම වගන්තියේ පරිච්ඡේද අංක 2 ට අනුකූල වුවද ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් වලට අනුගත වීමට සිදුවේ.ජනාධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරුන්ගේ සංයුතිය,විෂයයන් සහ ක්‍රියාපටිපාටීන් පිළිබඳව ලබා දී ඇති වැඩි බලතල මෙම පරිච්ඡේදයේ (වගන්තිය 43 -පරිච්ඡේදය 3)''

මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා සහ ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතා විසින් ‘දි අයිලන්ඞ්’ 
 
පුවත්පතට සම්පාදනය කර තිබූ සම්පූර්ණ ලිපි- 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්