ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව සමග තිබෙන සම්මුතිය
අනුව කටයුතු කිරීමට උත්සාහ කළේය. වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන ඇතුළු ඔහුගේ හිතවත් ඇමතිවරු එයට සහයෝගය දැක්වූහ.
 
මේ අතර, වරාය වෘත්තීය සමිති විසින් කලක සිට කරගෙන යන නැගෙනහිර පර්යන්තයේ අයිතිය වරාය අධිකාරියට ඉල්ලා සිටීමේ අරගලය යළි පැනනැගිණි. 
 
ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ආණ්ඩු හිතවාදී භික්ෂු පිරිස් හා සිරස රූපවාහිනිය මෙම අරගලයට මැදිහත් විය.
 
ආණ්ඩුව ජාතික සම්පත් විකුණන බවට මහජන මතයක් නිර්මාණය කරන ලදී. 
 
ආණ්ඩුවේ අසාර්ථකත්වය හමුවේ ඉච්ඡා භංගත්වයට පත්වී සිටින බලවේග ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහා මෙම අවස්ථාව පාවිච්චි කළහ.
 
 
අරගලයේ අවසන් අවධිය වන විට අගමැති මහින්ද රාජපක්ෂ ද මැදිහත් වී ජනාධිපතිවරයාගේ මතයට විරුද්ධ අදහස් පළකළේය. අවසානයේදී ඉන්දියාව හා ජපානය සමග තිබෙන සම්මුතිය අනුව සිදුකිරීමට නියමිත වූ ආයෝජනය අතහැර දැමීමට ආණ්ඩුව තීරණය කළේය.
 
 
මෙය අතිශය අවදානම් සහගත තීරණයකි. ඉන්දියාව තවමත් මෙයට විධිමත් අන්දමින් ප්‍රතිචාර දක්වා නැත. 
 
ගිවිසුම අනුව කටයුතු කරන ලෙස දැනුම්දීම පමණක් සිදු වී තිබේ. 
 
මෙම සිද්ධියෙන් පසු ඉන්දියාව තමන් විසින් දෙන ලද ණයක් ආපසු ඉල්ලා සිටි බව හා චීනය ශ්‍රී ලංකාවට අතිවිශාල ණයක් පිරිනැමීමට සූදානම් බවට ප්‍රබන්ධ නිර්මාණය කරමින් තිබේ.
 
ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මුහුණදෙමින් සිටින තත්වය තේරුම් නොගෙන කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකිය. කෙසේ වෙතත්, ලංකාවේ ආණ්ඩුවට ද මෙය අතිශය ගැටලු සහගත තත්වයකි.
 
 
මේ 69 ලක්ෂයේ අද්භූත සත්වයා නිර්මාණය කරන්නට ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් නොව ඉන්දියාව ද දායක විය. දැන් තිබෙන ගැටලුව වන්නේ ඔවුන් සමග ඉදිරියට යන්නේ කෙසේද යන්නයි.
 
 
ඉහත කාටුනයෙන් අප උත්සාහ කරන්නේ 69 ලක්ෂයේ බලවේගය යනු කුමක්දැයි පැහැදිලි කිරීමටයි. ඔවුන්ට අනන්‍ය ආර්ථික දැක්මක් නැත. ඇත්තේ 1970-77 සමයේ කූටප්‍රාප්තියට පැමිණි ජාතික සමාජවාදී ආර්ථික දැක්මයි. 
 
දැන් එය කරතබාගෙන යන්නේ ජවිපෙ හා පෙසපයි.
 
69 ලක්ෂයේ බලවේගයේ කඳ වනාහි භික්ෂු මූලික සිංහල බෞද්ධ ජාතිවාදයයි. භික්ෂූන් විසින් සංකේතවත් කරන පරපෝෂිත, අලස, පටු රැඩිකල් ප්‍රචණ්ඩත්වය මෙහි ඇති වැදගත්ම සාධකයයි.
 
තමන් විසින් ගොඩනගන ලද බලවේගයට නායකත්වය දීම දැන් රාජපක්ෂ බලවේගයටම ගැටලුවක් වී තිබේ.
 
 එහි නායකත්වය කා අතට හුවමාරු වේද? තරගකරුවන් බොහෝය. ආණ්ඩුව ඇතුළේම විමල් වීරවංශ නායකත්වය දෙන බලවේගය නිදසුනකි.
 
Ajith Parakum
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන විශ්ලේෂක 
praja.lk

 

 


 

 

  

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්