අගෝස්තු 11 වැනිදා දේශපාලනයේ පැහැදිළි බෙදුම් රේඛාවක් ඇඳිණ. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමගය. සුගතදාස ක්‍රීඩාංගනයේ වේදිකා සැරසිල්ල වූ

පරණ වලව්වත්, ඉදිරියේ පසෙක නවතා තිබූ බක්කි කරත්තයත්, කුමන අරමුණකින් සැලසුම් කළේදැයි පැහැදිළි නැතත් පොදුජන පෙරමුණේ වැඩවසම් මානසිකත්වය නම් මැනැවින් සංකේතවත් කළේය.

ඒ ගැන අදහස් පළකළ අයෙකු කීවේ, එහි පිළිකන්නේ සිටිය යුතු අන්තේවාසිකයන් පිරිස එදා ඉදිරිපස පුටුවල වාඩිවී සිටි බවය. සාහසික සංසන්දනයක් වුණත්, පොදුජන පෙරමුණ, එහි නායක රාජපක්ෂවරුන් හා එහි Gota119අනුගාමිකයන්ගේ තත්වය තේරුම් ගැනීමට එය ඉතා හොඳ උදාහරණයක් බව පෙනේ.

කොහොම වුණත් රාජපක්ෂවරුන් නම් කරන ඕනෑම කෙනකු වැඳ වැටී පිළිගැනීමේ පොදුජන පෙරමුණු වහල් මානසිකත්වය විසින් ගෝඨාභය රාජපක්ෂද මහ ඉහළින් පිළිගන්නා ලදී. ගෝඨාභය රාජපක්ෂ යනු කවරෙක්දැයි අලුතෙන් පැහැදිළි කළ යුතු නැත. බැසිල් රාජපක්ෂ මහතාම හඳුන්වාදුන් පරිදි ඔහු 'ටර්මිනේටර්වරයෙකි'. රනිල් වික්‍රමසිංහ අර්ථ සැපයූ පරිදි 'කම්මුතුකාරයෙකි'.

 

 ගෝඨාභය ගැන ඇත්තේ ටර්මිනේටර් මතකයකි:

මේ රටේ මිනිස්සුනටද ගෝඨාභය ගැන ඇත්තේ ටර්මිනේටර් මතකයකි. ගෝඨාභයගෙන් ඒ ටර්මිනේටර් අතීතය පෙන්වන්නේ කුමක්ද? ඔහු රටේ අපරාධකාරයන්ට, දූෂිතයන්ට, මිනීමරුවන්ට, ජාවාරම්කරුවන්ට එරෙහිව ටර්මිනේටර් කෙනෙක් වීද? නැතිනම් කොම්පඤ්ඤ වීදියේ අහිංසක මිනිස්සුන්ට, රතුපස්වල ජනතාවට, මාධ්‍යවේදීන්ට වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට, ධීවරයන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට, දේශපාලන ක්‍රියාකාරීන්ට එරෙහි ටර්මිනේටර් කෙනෙක් වීද? සිදුවුණේ දෙවැන්නයි.

ඒ අයට ගෝඨාභයගෙන් හිමිවුණ ' සැලකිල්ල' වුණේ, ඝාතනය කිරීම, අතුරුදන් කිරීම, පැහැරගෙන යාම, වෙඩි තැබිම, අතපය කාඩාදැමීම, තර්ජනය කිරීම, පරිභව කිරීම, අවමාන කිරීම, බියගැන්වීම හා බලහත්කාරය පෑමයි. ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හැටියට කටයුතු කළ අවුරුදු නවයක කාලය තුළ ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැන සිටියේ නැත. දැනසිටියේ 'ටර්මිනේටර්වාදය' ගැන පමණය.

මිනිසුන් පීඩාවට පත්කිරීමෙන්, විනාශ කිරීමෙන් ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නේ කෙසේද යන්න පමණය. එවැනි අපරාධකාරී අතීතයක් ඇත්තෙක් දැන් බලවත් විධායක ජනාධිපතිධූරය සඳහා මහජන වරමක් පතයි.

Hitler lanka

ඇඩොල්ෆ් හිට්ලර් පාර්ලිමේන්තු මැතිවරණ හරහා පර්මනියේ නායකයා බවට පත්වී, ඉන් නොනැවතී ජර්මනියේ පමණක් නොව, මුළුමහත් මනුෂ්‍යත්වයේම සතුරකු බවට පත්වීම ගැන 'හොලොකෝස්ට්' අත්දැකීමක් ඇති ලෝකයක ජීවත් වන අප, ලංකාවේද එවැනි අවස්ථාවකට ඉඩ සලසන්නට කිසිම ඉඩක් තැබිය යුතු නැත.

ජනාධිපති වීමට ජනවරමක් ඉල්ලන ගෝඨාභය 2014 දක්වා කරමින් සිටි විනාශය අංශු මාත්‍රයකින් හෝ පාලනය වුණේ ඔහුගේ සහෝදර ජනාධිපතිවරයා අංශුමාත්‍රයකින් හෝ ත්‍රස්තවාදය ගැන යම් හැඟීමකින් සිටි බැවිණි. අඩු ගණනේ ගෝඨාභයගේ මෙහෙයවීමෙන් පැහැරගෙන ගොස් මරාදමන්නට නියමිතව සිටි අය ගැන මහින්ද රාජපක්ෂට දැනුම් දුන් විට ඔවුන්ගේ ජීවිත ගලවා ගැනීමට විරල අවස්ථාවක්වත් තිබිණි.

 

''මහින්ද මැදිහත් නොවන්නට කීත් නොයාර් කෙනෙකු අද ජීවතුන් අතර නැත''

උදාහරණයක් හැටියට, මහින්ද රාජපක්ෂ මැදිහත් නොවන්නට කීත් නොයාර් කෙනෙකු අද ජීවතුන් අතර නොසිටිනවා ඇත. දොම්පේ විශාල වත්තක් මැද තිබුණු පාළු ගෙයකදී ඔහුගේ ජීවිතය අහවර වන්නට නියමිතව තිබුණි.

ඊළඟ විධායක ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ වන්නේ නම්, ඔහු පාලනය කරන්නට මහින්ද රාජපක්ෂටවත්, බැසිල් රාජපක්ෂටවත් හැකිවන්නේ නැත. වෙනත් විදිහකට කිවහොත්, එවැනි පාලනයක් සඳහා සංවරණ හා තුලන අපේ ව්‍යවස්ථාවේවත්, අඩු ගණනේ රාජපක්ෂ සහෝදර බැමිවලවත් ඇත්තේ නැත.

ඒ නිසා, 'ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ' කෙනෙකු යනු, මුළු රටම විනාශ කරන ටර්මිනේටර්වරයෙකු වනවා නියතය. එය වැළැක්විය යුතුවම තිබේ.Text 97 

'ඔහු දැන් භයානක නැහැ ප්‍රජාතන්ත්‍රවාදියෙක්' යැයි බැසිල් රාජපක්ෂ කීවද, 2015 සිට මේ දක්වා ගෝඨාභය රාජපක්ෂ ප්‍රජාතන්‍ත්‍රවාදී මාර්ගයේ අඩියක්වත් ඉදිරියට තබා නැත. අදත් ඔහු මිලිටරිකාරයන් පිරිවරා ගත්තෙකි.

තමාගේ අපේක්ෂාව සඳහා සෑම ඡන්ද කොට්ඨාසයකින්ම ගෙස්ටාපෝවකට සමාන පැරාමිලිටරියක් නිර්මාණය කරමින් සිටින්නෙකි. තමාගේ ආණ්ඩුව යටතේ 'විනය' පවත්වා ගැනීමක් ගැන කාතාකරන්නෙකි. මේ විනය, අප දන්නා පරිදි හුදු නීතියකට, පිළිවෙළකට අනුකූල වීම නම් නොවේ. පාලකයා කියන හැටියට ජීවත්වීමය. පාලකයාට වුවමනා විදිහට ජීවත් නොවන විට, විනය කැඩූහ'යි ලැබෙන භයානක ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවෙයි.

ගෝඨාභයගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන අයට, 2018 ඔක්තෝම්බර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ අගමැති වීමෙන් පසු මාධ්‍ය හමුවෙහි ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශය නැවත පෙන්විය යුතුව තිබේ. ඒවයින් පෙනෙන්නේ බලය තිබෙන විට ගෝඨාභයගේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩ කරන අන්දමය. අයියා නීතිවිරෝධීව තාවකාලික අගමැති බවට පත්වුණු අවස්ථාවක පාවා ඔහු කළ ඒ ප්‍රකාශ හරහා අනාගතයේ ඔහු ජනාධිපති වුණු විටෙක ඇති විය හැකි තත්වයන් ප්‍රකෙෂපණය කරගත හැකිය.

 

ගෝඨාට එරෙහි චෝදනා තවමත් එළෙසම පවතී

අද වනතුරු කිසිම අපරාධයකට ඔහු වරදකරු වී නැත. එහෙත්, එහි තේරුම ඔහු අහිංසකයකු බව නොවේ. ඔහුට ඇති චෝදනා ඔප්පු කරගන්නට අන් හැම දෙයක් සම්බන්ධයෙන් අසාර්ථක වූවා මෙන්ම, යහපාලන ආණ්ඩුව අසමත්වීමය. ඒ නිසා ගෝඨාභයට එරෙහි චෝදනා තවමත් එළෙසම පවතී.

ඒවා ගැන යුක්තිය පසිඳළිය හැක්කේ ඉදිරියේදීය. ඔහු ජනාධිපති වන කාලය, ඒ චෝදනාවලට අත්විය හැකි ඉරණම අපි කවුරුත් දනිමු. ඒ නිසා, ගෝඨාභය පරාජය කිරීම හැම දෙනාගේම පළමු වගකීමයි. ඒ වගකීම සඳහා ඒ ඒ පක්ෂ, ඒ ඒ කණ්ඩායම්, ඒ ඒ පුරවැසියන් එළැඹෙන්නේ වෙනස් ප්‍රවේශයන්ගෙන් විය හැකිය. 2015දීත් සිදුවුණේ එයයි.

එහෙත් තම මතක තබාගත යුතු කාරණයක් නම්, 'ගෝඨාභය පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදය හෝ සමාජවාදය හෝ සඳහා සටන් කිරීමට ඉඩක් සලසනවාය' යන්න මිත්‍යාවක් බවය. 2005දී රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට එල්ටීටීඊ සංවිධානය පියවර ගත්තේද මහින්ද රාජපක්ෂ ජයගතහොත් සිය සටන ශක්තිමත් වන බව සිතමිණි.

එහෙත්, ඔවුන්ට හමුවුණේ ටර්මිනේටර්වරයෙකි. ඒ ටර්මිනේටර් විනාශය කළේ ප්‍රභාකරන් හා එල්ටීටීඊය පමණක් නොවේ. රටේම ''ප්‍රජාතන්ත්‍රවාදයයි. මනාව ගරුත්වයයි.

(නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන- අනිද්දා 2019.08.18)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්