ආණ්ඩුවෙන් අශිෂ්ට අශ්ලීල ප්‍රකාශන මැඩලන්න අලුත් නීති ගේන්න හදනවා. මේක අර අවුරුදු 16 දැරිය සම්බන්ධ සිද්ධියෙදි අධිකරණයෙන් කරපු ඉල්ලීමක්
අපිට මතක විදිහට. 
 
ඒ සිද්ධියෙ දැරිය අපයෝජනය කරපු ලිස්ට් එකේ හිටියා සඟ වෙද ගුරු ගොවි කම්කරු නීති ආදී හැමෝම. ඒ සිද්ධියෙ පැහැදිලිව පෙනුන දේ තමයි සමාජය කොයිතරම් අශිෂ්ටද අසහනකාරීද කියන එක. 
 
ඒත් නීති හැදෙන්නෙ අර ඇඩ් එක පලකරපු සයිට් එකට විරුද්ධව. ඒ සයිට් එකේ ඕන කෙනෙකුට මුදල් ගෙවා තමන්ගෙ ඇඩ් එකක් පළකරගන්න පුළුවන්. නීතියෙන් අශ්ශීල බව දකින්නෙ එතන. අර දැරිය දූෂනය කරපු සමාජයෙ නෙමෙයි.
 
News Screen Shot 569x495 
 
 
මේ පණත ගේන කතාව එලියට එන්නෙ නිරූපමාගෙ පැන්ඩෝරාව වහන්න කියන එක පැහැදිලියි. හැමතිස්සෙම තමන්ගෙ දේශපාලන පදනම හෙල්ලෙන තත්වයක් එද්දි ආණ්ඩුව සෙක්ස් ප්‍රශ්නයක් සමාජගත කරනවා. 
 
 
ඇත්තටම වඩාත්ම ලිංගික ප්‍රකාශන සිද්ද කරන්නෙ පොලිසිය සහ ආණ්ඩුවට හිතවාදී මාධ්‍ය එකතුවෙලා. මේ ළඟදි තලංගම පොලිසිය හොඳ උදාහරණයක්. දැන් අශිෂ්ට ප්‍රකාශන කියල හඳුන්වන්නෙ ඒවද?
 
මේ නීති ගේන එක ආණ්ඩුවට සිල්ලර වාසියක්. කවුරුවත් මේවට විරුද්ධ වෙන්නෙ නෑ. හාමුදුරුවරු විශේෂයෙන් මැදගොඩ අබේ වගේ අයට ආපහු කරලියට එන්න හොඳ චාන්ස් එකක් තියෙනවා. ඕන නම් ඩෑන්ටත් එන්න පුළුවන්. 
 
මොකක් හරි වැඩිහිටි ක්ලිප් එකක්, වෙබ් එකක්, රැප් එකක්, ෆිල්ම් එකක් කරපු ගමන් මිනිස්සුන්ව කුදලන් ගිහින් දාලා නිව්ස් හදන්න පුළුවන්.
 
 
 ඕනම නිව්ස් එකක් සෙක්ස් නිව්ස් එකකින් යට යනවා කියල ආණ්ඩුව දන්නවා. මේ කරන්න හදන්නෙ අනිත් හැම තැනකදිම වගේ අශිෂ්ට ප්‍රකාශන කිරීමේ අයිතිය තමන්ට විතරක් පවරාගැනීමක්. මොකද ඇත්තටම ඒ වගේ ප්‍රවෘත්ති හදලා විකිනීම තමයි අශිෂ්ට. අසභ්‍ය. ඒ අශිෂ්ටත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගේන මේ වගේ නීති තමයි අසභ්‍ය.
 
 
මේක ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ඉතාම නරක තත්වයක් ඇති කරනවා කියන එක පැහැදිලියි. ඒ වගේම ඉස්සරහට අතපය බැඳගෙන හාමුදුරුවරුන්ගෙන් අවසර අරගෙන නිර්මාණ කරන්න වෙන තත්වයක් එන බවත් පැහැදිලියි. 
 
ඒ වගේ සංස්කෘතික වාරණයක් ගැන කතා කරන්න පුළුවන් විද්වත් බුද්ධිමත් ක්‍රිටිකල් කියන මිනිස්සු අද අපි අතරෙ නෑ. ඒ වගේ කාරණයක් ගැන කතා කරන්න නැගිටින දේශපාලන පක්ෂ නෑ. වැඩිහිටි නිදහස කියන කාරණය ලංකාවට අදාල නෑ.
 
මේක තමන්ගේ නිදහස සීමා කිරීමක් කියල දැනෙන හැඟ‍ෙන, විවෘත මිනිස්සුන්ට සිද්ද වෙනවා එකතු වෙන්න. මේ අවසරය අපේ අසභ්‍ය උරුමය විදහා පාන්න පාවිච්චි කරන්න. 
 
සිංහයෙක් සමග සංවාසයෙන් අපේ සිංහල ජාතිය බිහිවීමේ ඉඳන්, ඊටත් කලින් ජාතක පොතේ ඉඳන්, සීගිරි චිත්‍ර, නාලන්දාවෙ කැටයම් පහුකරන්, සැළලිහිනියෙන් කොළඹ යුගයේ කවිය දක්වා ඇවිත් සයිමන්ලාගේ කේකේලාගේ කතා අස්සෙ දැවටෙමින්, හඳගමලාගෙ සිනමා රූප ඇතුලෙන් එබුනෙ ඒ අපේ අසභ්‍ය උරුමය තමයි. ඒක ගැන අපි ලැජ්ජා වෙන්න ඕනද?
 
48 ඉඳන් ගිහිගේ, විවාහකයන්ගේ සඟරාව, මගුල් රෑ, මදන කුලප්පුව, පාන්දර, මකුනා, නවරස, සතුට, සොඳුර විදිහට ආපු උරුමයත් අපේ සාහිත්‍ය උරුමයක්ම තමයි. 
 
  
මේවා අසභ්‍යයි හෝ අශ්ශීලයි කියමින් ළමා සමාජයක් බිහිකිරීමට උත්සාහ කරන මේ ආණ්ඩුවේ විහිලුව පරාජය කළ යුතුයි. ඒක කරන්න ඕන ඒ අපේ ඓතිහාසික අසභ්‍ය උරුමය උත්කර්ෂයට නැගීමෙන් කියලයි අපි හිතන්නෙ.
 
 
මේ නිදහසට එරෙහිව පැනවෙන වාරණයට තමන්ට දැනෙන විදිහට, තමන්‍ට පුළුවන් විරෝධයක් නගන්න කියල ඉල්ලා සිටිනවා. 
 
වඩා විවෘත, අසහනයෙන් සහ කුහකකමෙන් අඩු, ආගම්වලට පක්ෂවලට ගොනාට ඇන්දවිය නොහැකි පුරවැසියන් පිරිසක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් මේ මොහොතේ අසභ්‍ය යනු කුමක්ද කියන සංස්කෘතික කතිකාව දැවැන්තව නිර්මාණය වෙන එක වැදගත් කියල අපි විශ්වාස කරනවා.
 
 
 
chinthana(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
 
  
 
 
 
 
 

 

 

THE LEADER TV 
 
ජනාධිපති සජිත්ට එන්න කියන්නේ ඇයි?
 

 
ගුරු සටන ගැන "ස"ට කේළමක් 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්