මහාචාර්ය කොල්වින් ආර් ද සිල්වා ප්‍රකාශ කර ඇති ආකාරයට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පත්වන ජනාධිපතිවරයා මානසික ව්‍යකුලත්වයකට ලක්වුවොත් ඉන් රට ගලවා ගැනීම අපහසු හා දීර්ඝ කරුණක් වන බව ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි.



ඔහු එබව කියා සිටියේ, Nextv මංගල යෝජනා 4 වැඩසටහනට එක්වෙමිනි.

තවද ජනාධිපතිවරයාගේ පත්විම සිදුවී ඇත්තේ ඔහුගේ විෂය පළපුරුද්ද මත නොව විවිධ බලවේගයන් විසින් බැලුනයක් ලෙස පුම්බා අත හැරීමෙන් බව වික්ටර් අයිවන් මෙහිදී පැවසිය.

ජනාධිපතිවරයා විෂය සම්බන්ධයෙන් පළපුරුදු කෙනෙකු නොවන බව ආණ්ඩුවේත්, ජනාධිපතිවරයාගේත්, මහජනතාවගේත් අවධානය යොමු විය යුතු කරුණක් බවයි ඔහු පැවසුවේ.

ජනාධිපතිවරයා යනු මනුෂ්‍යයෙකු බවත් ඔහුගේ කැමැත්තට හෝ පරිබාහිරව පුම්බන ලද බැලුමක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්වී ඇති බව දැන් ජනතාවට ප්‍රත්‍යක්ෂ වී ඇති බව වික්ටර් අයිවන් මහතා පෙන්වා දෙනවා.

ඉතා පළපුරුදු පාලකයෙකුට පවා යහපත් මනසින් පාලනය කල නොහැකි අවුල් සහගත තත්වයක් පවතින රටක් තුල ජනාධිපතිවරයාට මෙම බර ඉසිලිය නොහැකි බව ඔහු පැවසුවා.

තවද රසායනික පොහොර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අනුගමනය කල ප්‍රතිපත්තිය අවුල් සහගත බව පැවසු වික්ටර් අයිවන්, මේ හේතුවෙන් ඉදිරියේදී ලංකාවේ සාගත තත්වයක් ඇතිවිය හැකි බවත් එය කැරළි තත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.  

එමෙන්ම එක් රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායට ගලගොඩ අත්තේ හිමි පත්කිරීම විහිළු සහගත ක්‍රියාවක් බවත් ඔහු ප්‍රකාශ කරනවා. ගලගොඩ ඇත්තේ හිමි පාස්කු කොමිසමේ චෝදනා වලට ලක්ව තිබීම ඊට හේතුව බවයි වික්ටර් අයිවන් පැහැදිලි කලේ.

 

ජනාධිපතිවරයාගේ නව ව්‍යවස්ථා සංශෝධන මෙහෙයුම සම්බන්ධයෙන් වික්ටර් අයිවන් මෙසේ සිය කරුණු ගෙනහැර දැක්වුයේ, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදය ජයගැනීම සම්බන්ධයෙන් මංගල සමරවීර ජිවතුන් අතර සිටියදී සිදුකල සාකච්ජා පදනම් කරගනිමිනි. සැබෑ දේශප්‍රේමියෝ (#TRUEPATRIOTLK) මතවාදය හරහා යහපත් රටක් ගොඩනැගීමේ මුලික අරමුණ පෙරදැරිව ඒ වෙනුවෙන් වූ 'රැඩිකල් මැදමාවත' (Radical Center) අදහස ඉදිරිපත් කිරීමට පෙර මංගල සමරවීර, ප්‍රවීන දේශපාලන විශේලේෂකයකු හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන වික්ටර් අයිවන් හා ඔහුගේ 'පුනරුදය' සංවිධානය සමග ද සාකච්ජා වට කිහිපයක්ම පවත්වා තිබිණ.



ජිවන ගැටළු වලට විසදුමක් අත්‍යවශයි -සානික්‍යම් රාසමානික්‍යම්

තවද Nextv මෙම වැටසටහන සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සානික්‍යම් රාසමානික්‍යම් පැවසුවේ මහජනතාවට එදිනෙදා ජිවිතයට අවශ්‍ය ආහාර හිගයක් ඉදිරියේදී ඇතිවීමට නියමිත බවත් එම හේතුව නිසා ජනතාව ව්‍යවස්ථා සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බවයි. එම නිසා ජනතාවගේ ජිවන ගැටළු වලට විසදුමක් ලබා දීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දෙනවා.

දේශපාලන වාසි ලබාගැනීමට නොව මේ මොහොතේ ඇත්ත වශයෙන්ම රට ගොඩ ගැනීමට අවශ්‍ය අයවැයක් යෝජනා කල යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා පැවසුවේ. 



ක්‍රියාකාරී ප්‍රවේශයකට :


මංගල යෝජනා : 'නව ව්‍යවස්ථාව හදන දර්ශනය ප්‍රජාතන්ත්‍ර විරෝධීයි' - වික්ටර් අයිවන්

#මංගලයෝජනා : අර්බුදය ජය ගත යුත්තේ කෙසේද? - වික්ටර් අයිවන් 

 
 

 

 

 


 

THE LEADER TV 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන
 

 
 
"ස" ට කඳක් තියෙනවා ඔළුවක් නෑ ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image