අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. අපි ඔක්කොම දැන් දන්නවා අපි ජීවත් වෙන්නේ පශ්චාත් ධනේශ්වර ලෝකයක කියල.

ඒ කියන්නේ ධනවාදයට ඔබ්බෙන් පවතින සමාජයක. ලෝකයක.

වැඩේ තියෙන්නේ මේ යුගයේ ධනේශ්වර ස්වාමිවරු විතරක් නෙවෙයි පශ්චාත් ධනේශ්වර අළුත් වැඩවසම් ස්වාමිවරුන් වගයකුත් ඇතිවෙමින් පැවතීම. එයාලගේ තියනවා ඩිජිටල් වේදිකා (digital platforms). ඒ වේදිකා පවතින රාජ්‍යයන් එක්ක වැඩ කරනවා. රාජ්‍ය වලට අපිව පාලනය කරන්න එයාල උදව් කරනවා.

ඒ ඩිජිටල් වේදිකාවල හිමිකරුවන් රාජ්‍යයට බලපෑම කරනවා. රාජ්‍යය ඒ බලපෑමට හසුව තිබෙනවා. ඒ හිමිකරුවන් මත පරායත්ත වෙනවා.

ඒ නිසා ඔවුන්ට ලැබිලා තියන විශාල බලයත් එක්ක මේ ඩිජිටල් වේදිකාවල හිමිකරුවන් ධනවාදය වෙනුවට අලුත් වැඩවසම් සමාජයක් නිර්මාණය කරමින් යනවා (techno-feudalism). ඒ කියන්නේ අලුත් 'ඩිජිටල් ප්‍රවේණිදාස භාවයක්' ගොඩ නැගෙමින් පවතිනවා (digital fiefdom).

ඉතිං ඔබ මම අපි හැමෝම ඔවුන්ගේ ඩිජිටල් නින්දගමේ ප්‍රවේණි දාසයෝ. මේක තේරුම් ගත්ත අපි පසුගිය වසරේ DiEM 25 විසින් (mέta) යනුවෙන් සංවිධානයක් ගොඩ නගා ගත්ත. ඒකෙ අර්ථය වුණේ පශ්චාත් ධනේශ්වර ශිෂ්ටාචාරය කියන එක.

අපේ දැක්ම වුනේ මේ වගේ දෙයක්. අපි ජීවත් වෙන්නේ පශ්චාත් ධනේශ්වර සමාජයක. ඒක නපුරු සිහිනයක්, ඒක ඩිස්ටොපියාවක් (dystopia) වෙන්නත් පුළුවන්. යුතෝපියාවක් (utopia) වෙන්නත් පුළුවන්. මේ අතරමැද යමක් වෙන්නත් පුළුවන්.

කලාව සහ පර්යේෂණ, සංවාද සහ කාව්‍ය ඔස්සේ මේ ඩිස්තොපික නිමේෂය පසු කරන්නත්, නව අනාගතයක් පරිකල්පනය කරන්නත්, මේ මොහොත තේරුම් අරගෙන ඊළඟ ප්‍රගතිශීලි නිමේෂය ගැන සිහින දකින්නත් අපි ඒක පාවිච්චි කළා.

මේ දුක්මුසු පශ්චාත් ධනවාදයෙන් (dismal post-capitalism) මිදිලා නව පශ්චාත් ධනවාදයක් වෙනුවෙන් සටන් කරන්න අපි අධිෂ්ථාන කරගත්තා. අලුත් සමාජයක් අපි ජීවත් වෙන්න ඕනි කියල අපි හිතාගත්ත.

ඉතින් මේ අස්සේ තාක්ෂණ වංශාධිපතියන්ගේ ලොකුම දෙයියා වන මාක් සකර්බර්ග්, ඒ කියන්නේ ෆේස්බුක් අයිතිකාරය, කිසිම සැකයක් නැතුව අපිට කිව්වා මෙහෙම.


'මට ඕනි ෆේස්බුක් අවකාශය ත්‍රිමාණ හැඩයෙන් යුතු මහා කාව්‍යයක් කරන්න. ඒ මහා අවකාශය ඇතුලේ මිනිස්සුන්ට ජීවත් වෙන්න දෙන්න. ඒකෙ එයාල සැරිසරවන්න. මිලියන ගණනක් මිනිස්සුන්ට මගේ ඩිජිටල් අවකාශය ඇතුලේ හිනා වෙන්න දෙන්න...වැඩ කරන්න දෙන්න...ගමන් කරන්න දෙන්න...කොටින්ම ඒක ඇතුලේ ජීවත් වෙන්න දෙන්න...ඔයාල මේක ඇතුලේ ඉන්න'. 


ඉතින් අපි ජීවත් වෙන්නේ එයාගේ ඉඩම ඇතුලේ. ඒක එයා අපිට ඉන්න දීලා තියන බිම් කඩ. ඉඩම අයිති එයාට. අපිට පුළුවන් ඒකෙ ගොවිතැන් බත් කරලා දෙන විදියට කාල වෙන විදියක් බලාගෙන ඉන්න. ඒක තමයි මේ අළුත් ප්‍රවේණි දාස බවේ තත්වය.

අපිට මෙටා (mέta) අවකාශය හරහා ඕනි උණේ මේකට එරෙහි වෙන්න හැබැයි ෆේස්බුක් එක දැන් කරන්න හදන්නේ අපි එරෙහි වූ දෙයම යි. මේ ත්‍රිමාණ ආකාරයෙන් හදන්නේ තාක්ෂණ වැඩවසම් ඩිස්තෝපියාව.

දැන් පාර දෙකට බෙදිලා තියෙන්නේ. ඔයාලට පුළුවන් තෝරාගැනීමක් කරන්න. ඒ කියන්නේ වරණයක්. එක්කෝ සකර්බර්ග් ගේ මාවත තෝරා ගන්න නැත්නම් අපේ දිහාවට එන්න.

 අපේ මාවතේ තියෙන්නේ තාක්ෂණය එක්ක යන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්. ඒකෙ අග ඇතැම් විට තාක්ෂනය ඉඩ දුන්නොත් තාක්ෂණ සමාජවාදී ලිබරල් සමාජයක් වෙන්නත් පුළුවන් (techno-liberal socialism).

නැත්නම් ඉතිං සකර්බර්ග් මහත්තයාගේ මෙටා එකට යටත් වෙන්නත් පුළුවන්. ඒකෙ කෙලවර ඩිජිටල් ඩිස්තෝපියානු අච්චුවක් තියෙන්න පුළුවන් (Matrix-like nightmare). ඝනීභූත වෙලා මැරිලා යන්නත් පුළුවන්.

 
ඉතිං සකර්බර්ග් ගේ නපුරු සිහිනයේ ගිලී යනවා වෙනුවට ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. අපි එක්ක ඉන්නවා නෝම් චොම්ස්කි, නයෝමි ක්ලේන්, කැරොලින් ලුකාස්, ස්ලාවෝ ජිජැක් වගේ අය. තවත් සිය දහස් ගණනක් බුද්ධිමතුන් සහ ක්‍රියා කාරීන් අපි එක්ක වැඩ කරනවා. යුරෝපයේ වගේම ලෝකය පුරා. සකර්බර්ග්ට වගේ ගණන්කරන්න බැරි තරම් අපිට සල්ලි නැහැ. ඒ නිසා අපිට ආධාර කරන්න. අපිට මහා ලොකු සල්ලියක් ඕනි නැහැ. නමුත් මුදල් ඕනි වැඩේ පවත්වා ගෙන යන්න. ඒ වගේම අදහස්, විවේචන සහ වැඩ කිරීම ඔස්සේ අපිත් එක්ක සම්බන්ද වෙන්න.


ඉතිං නපුරු සිහිනයක් පස්සේ යනවා වෙනුවට හෙට දවස අපේ කර ගම්මු. එකතු වෙමු...


යානිස් වරුෆාකිස් (DiEM 25)_Democracy in Europe Movement 2025
 

 
 

Mahesh Hapugoda 1 1(මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

උපුටා ගැනීම - මහේෂ් හපුගොඩ ගේ FB පිටුවෙන්...

 

 

 

 

 


 

LEADER TV

පෝර හොරා ! | මොණරවිලගේ ලියමන
 

 
 
 
සර් තවත් හෙනහුරෙක් කඩාපාත් වෙන්න ද යන්නේ ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
 
නොපෙනෙන මාස්ක් පැළඳි ජනපති...!!  ‍| Gossip
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්