රටේ රාළත් උනන්දුවෙන් බලා හිටිය 43 වන සේනාංකයේ වැඩපිළිවෙළ එළි දැක්වීම නිසයි. රටේ රාළ මේ ලිපිය පටන් ගන්නේ 43 සේනානායකයේ සමුළුව

අවසන් කරමින් චම්පික කරපු කතාවේ කොටසක් උපුටා දක්වමින්.

" 43 කියන්නේ රට හදන්න අපිට බලය දෙන්න කියලා නෙවෙයි. රට මෙතනින් ඉස්සරහට අරන් යන්න සියලු දෙනාගේ පොදු එකගතා වැඩපිලිවෙක් ඕනි. ඒ සංවාදය ආරම්භ කරන්න 43 පැත්තෙන් ඉදිරිපත් කරන යෝජනාවලිය තමයි මේක "

ඔය වචනම නොවුනත් චම්පික ඒ අදහස කිව්වා.

පාඨළීට ඉස්සෙල්ලා කතා කළේ රටේ රාළගේ මිත්‍රයා ජේෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප්. අනුරුද්ධ පාඨළීගේ කතාවට හොද ප්‍රවේශයක් අරන් දුන්නා.

ඇත්තටම අනුරුද්ධගේ කතාව ගැන රටේ රාළ ගොඩක් කතා කරන්නේ නෑ. රටේ රාළ ඉළක්ක කළේ පාඨළීගේ කතාව. ඒත් අනුරුද්ධ කියපු වටිනා කතාවක් තියනවා. ඒක වෙනුවෙන් ඔක්කොටෝම ඉස්සෙල්ලා අනුරුද්ධට පහක් දාන්න ඕනි.

 

අනුරුද්ධ තමන් ජාතිකවාදියෙක් විදිහට හදුන්වන ගමන් ජාතිවාදය තුළ ගොඩනගලා තියෙන ස්ථාවරයන් හා යථාර්තයන් ගැන ආපසු හැරී බැලීමක් කරන්න සුදානම් කියලා කිව්වා. ඒ වගේම සමාජවාදින්ගෙන්, ලිබරල්වාදින්ගෙන් වගේ අනෙකුත් දෘෂ්ටිවාදින්ගෙනුත් තමන්ගේ ස්ථාවරයන් හා භාවිතයන් සම්බන්ධව නැවත හැරි බලන්න කියලත් ඉල්ලුවා.

 

ඒ සියලු ඉල්ලීම්වලට හේතුව අපට වැරදිලා කියලා පිලිගැනීම වෙන්න ඕනි. ඇත්තටම අපට වැරදිලා. අනුරුද්ධට විතරක් නෙවෙයි රටක් විදිහට අපට වැරදිලා. ඒ වැරැද්ද හදන්න ඕනි. හදන්න ඕනිත් අපි අපිම තමයි. හැබැයි හදන්න නම් කවුරුත් ආපහු හැරී බලන්න නිහතමානී වෙන්න ඕනි. රටේ රාළ හැමදාමත් කියන්නේ ඕක.

අපි හදන්න ඕනි ලස්සන මල් ගොඩක් තියෙන මල් වට්ටියක්. ඒ මල් වටිටියේ මලක් වෙන්න, නැත්තං මල් ගොඩක් වෙන්න. ඒ අවස්ථාව කාටත් තියනවා. කවුරුත් සද්භාවයෙන් අත ගහපු මල්වටියක් තමයි පුදසුනට ගෙනියන්න ඕනි. අනුරුද්ධ ස්තුතියි මිත්‍රයා.

ඇත්තටම පාඨළීත් අද හොද කතාවක් කළා. රටේ රාළ පාඨළීගෙන් දැක්ක විශිෂ්ඨ කතාවක් ඒක. දැන් කියයි ඔන්න රටේ රාළ පාඨළීට කඩේ යන්න පටන් ගත්තා කියලා. එයාලටත් මේ කතාවත් කියාගෙනම පටන් ගන්න ඕනි.

රටේ රාළව කඩේ යවන්න කාටවත් බෑ. ඒ වගේම රටේ රාළ 43 සේනාංකයට කවදාවත් යන්නෙත් නෑ.

කොහොම උනත් 43 ඉදිරිපත් කරන වැඩපිළිවෙළේ සාරාංශය තමයි පාඨළීගේ කථාවෙන් එළියට ආවේ. එහෙම හිතන එක අසාධාරණ නෑ .මොකද රටේ රාළ තවම ඒ වැඩපිළිවෙළ දැකලා නෑ. රටේ රාළටත් ඒ වැඩපිළිවෙළ තියන පොතක් එවන්න 43 නේ යාළුවෝ කාරුණික වෙයි කියලා හිතනවා.


රතු එළි වෙනුවට කොළ එළි දල්වමු !


43 ඉදිරිපත් කරන වැඩපිළිවෙළ ගැන පාඨළී කරුණු පහක් යටතේ කතා කළා. අර කොළ එළි කියලා කිව්වේ ඒවට වෙන්න ඕනි. හැබැයි ඊට කලින් පාඨළී රතු එළි ගැනත් කිව්වා. රටේ රාළ මෙතනදී පාඨළී කියපු රතු එළි ගැන කියන්න යන්නේ නෑ. මොකද ඒ රතු එළි ගැන මේ රට හැමදාමත් කතා කරනවා.

 

මෙතනදී වැදගත් වෙන්නේ ඇත්තටම රතු එළි හරියට හදුනා ගැනීමයි. රතු එළි හරියට හදුනා ගන්න අයට තමයි කොළ එළි දල්වන්න පුළුවන්. රටේ රාළට තියන ප්‍රශ්නය 43 හරියට රතු එළි හදුනා ගත්තද කියන එක විතරයි.

 

මොකද රතු එළී දැකීම හා හදුනා ගැනීම කියන්නේ එකක් නෙවෙයි දෙකක්. දැන් රතු එළිනං ඕනි කෙනෙක්ට පේනවා. ඒ තරමට රාජපක්ෂලා මේක රතුපාට කරලා තියෙන්නේ.

43 ඒ රතු එළි අදුරගෙනද කියන කාරණය තේරුම් ගන්න වෙන්නේ එයාලා දල්වපු කොළ එළි දිහා බලලයි.

චම්පිකට අනුව කොළ එළි පහ මෙහෙමයි.

● මූල්‍ය ස්ථායිකරණය.


● වෙළපොල විශ්වාසය දිනා ගැනීම. 

● දේශිය ආර්ථික ගොඩනැගීම,

● ණය ප්‍රති ව්‍යුහ ගත කර ගැනීම.

● රටේ ප්‍රතිරූපය ඉහළ නැංවීම.
 


ඔය කාරණා පහ යටතේ ලොකු පරාසයකට පාඨළී කතා කළා.

ඒ වගේම ඒක ඇතුළේ තවත් සැලකිය යුතු අතුරු කතාත් ගොඩක් තිබුණා.ඒ කතාවලින් කීපයක් කිව්වොත්


# දූෂණය පිටු දැකීම,

# 20 වෙනි සංශෝධනය 19 හෝ 17 දක්වා ගෙන ඒම.

# 13 වන සංශෝධනය පදනම් කරගෙන අනිකුත් ජාතිකත්වයන් සමග සම්මුතින් ගොඩ නගා ගැනිම.

# විදේශිය වෙළඳපොළ විවෘත කර ගැනීම.

# දේශිය වෙළඳපොල තුල නිදහස් තරගය ඇතිකිරීම වගේම ඒකාධිකාරීන් අහෝසි කිරීම,

# පාර්ලිමේන්තුව හා විධායකය අතර ඒකමතියක් සෑදීම.

# සම මිතුරු විදේශ ප්‍රතිපත්තිය "
 
 
ඔය වගේ කාරනා ගොඩක් චම්පික කතාව ඇතුලට ගෙනවා. හැබැයි විධායක ජනාධිපති ධුරය සම්බන්ධව නිශ්චිත අදහසක් චම්පිකගෙන් ආවේ නෑ. ඒත් 20 අහෝසි කිරීම කියන එක සාධනීය කතාවක්. ඒකෙන් විධායකය බල රහිත වෙනවා.
 
 
 
දැන් මේ රට ඉස්සරහා තමන්ගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරපු කණ්ඩායම් තුනක් ඉන්නවා. ජාතික ජන බලවේගය එකක්, ඒ වගේම කරූ ජයසූරියගේ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය, ඊට අමතරව දැන් 43 න.

තමනුත් එහෙම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියනවා. කොහොම උනත් මේ ඉදිරිපත් කරලා තියෙන වැඩපිලිවෙලවල් තුනේම සාධනීය ලක්ෂණ ගොඩක් තියනවා. එකක් උස්සලා අනෙක පහත් කරන්න රටේ රාළට ඕනි නෑ. ඇත්තටම මේ වැඩපිළිවෙළවල් තුනේම පොදු වැඩපිළිවෙළට එකතු කරගන්න ගොඩක් කරුණු තියනවා.

ඒවා ඉස්සරහා ලිපිවලින් කතා කරමු.

කොහොම උනත් රටේ රාළට කියන්න ඕනි 43 නේ වැඩපිළිවෙළේ ඉදිරිපත් උන කරුණු එක්ක හිතද්දී ඒක පළල් පරාසකයක් ගැන හිතමින් හදපු වැඩපිලිවෙලක්. අභියෝගාත්ම පියවරවල් වගේම නූතනත්වය ඒක ඇතුළට ගෙනත් තියනවා. ඇත්තටම අනාගතයට කතා කරලා තියනවා.

අවසාන වශයෙන් රටේ රාළගේ ස්ථාවරයත් කියන්න ඕනි. 43 ඉදිරිපත් කරලා තියෙන්නේ එයාලගේ වැඩපිළිවෙළ. ඒක රටේ පොදු වැඩපිළිවෙළ නෙවෙයි. හැබැයි පොදු වැඩපිළිවෙළට එකතු කරගන්න ගොඩක් දේවල් හතලිස් තුනේ යෝජනාවලියේ අන්තර්ගතයි.

ස්තුතියි 43 සේනානායක.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

මීට
රටේ රාළ


(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්..)
 
 


Leader Whats app


 
 
 
 
වැඩේ අල කරගත් දකුණු කොරියානු කතානායක තිබුන යානයකින් පැනයයි ! | මොණරවිලගේ ලියමන
 
 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip

 
අයියෝ අපේ රට හිගන්නෝ කරන චීන සැළසුම !| මොණරවිලගේ ලියමන
 
 
ඩාන්ස් කරන අපේ විරුවා ගෝඨාභය ම ද?
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්