" ඉවසීමෙන් හා සැලසුම් සහගතව ගත් තීරණවල ප්‍රථිපල වර්තමානයේ යථාර්ථයක් බවට පත් වෙමින් තිබෙන අතර දූරදර්ශී හා ප්‍රායෝගික දැක්මක් සහිත

නායකයෙක් ලෙස අපි ඔබතුමාව පිලිගනිමින් ජනතා අපේක්ෂා ඉටු කරන්න අවශ්‍ය සහය ලබා දෙනවා"

කවුරු හරි මෙහෙම ප්‍රකාශයක් අපේ ජනාධිපතිතුමා සම්බන්ධව කළොත් සමහරු ඒක පිලිගනී. සමහරු ඒක ප්‍රතික්ෂේප කරයි. තවත් සමහරු හිනා වෙයි. රටේ රාළ නං කියන්නේ කවුරු හරි එහෙම කියලා තියනවා නං ඒ අයගේ මොළේ පරීක්ෂා කරන්න ඕනි කියලා.

ඒ මොලේ අමාරුවක් තියනවාද කියලා බලන්න නං නෙවෙයි. මොළේ කලදක් හරි තියනවද බලන්න.

ඇත්තටම මේ ප්‍රකාශය ඇහෙන්නේ ජනාධිපතිතුමාගේ බෞද්ධ උපදේශක කාරක සභාවෙන්. එතෙන්ට එකතුවෙන ත්‍රෛයි නිකායික මහා සංඝරත්නයෙන්.

සමාවන්න ඕනි අපේ හාමුදුරුවනේ මෙහෙම කියන්න සිද්ධ උනාට. ඒත් රටේ රාළ කට කෑවත් කියන දේ හරියට කියනවා.

 

ඇත්තටම රටේ රාළට තියන ප්‍රශ්නේ අපේ හාමුදුරුවරු මාසයකට දවසක් ජනාධිපති ලේකම් කාර්යාලයට වඩින්නේ කොහේ හිටලද කියලයි. තුසිත දිවිය ලෝකේ හිටලා වැඩියා වගේ තමයි කතාව නං ඇහෙන්නේ. කොහොමත් එකක් නං ෂුවර් උන් වහන්සේලා කොහේ ඉදන් වැඩියත් වඩින්නේ ජනතාව අතර හිටලා නං නෙවෙයි.

 

අපේ හාමුදුරුවරු කරපු ඒ ප්‍රකාශවලින් තේරෙනවා පංසල කොච්චර ජනතාවගෙන් ඈත් වෙලාද කියලා. හැබැයි ගමේ පන්සලේ හාමුදුරුවන්ට නං ඔහොම උණක් නෑ. ගමට ප්‍රශ්නයක් එනවා නං උන් වහන්සේට දැනෙනවා. අද මිනිස්සුන් පත් වෙලා තියන අසරණකම උන් වහන්සේ දන්නවා. ගමේ මිනිහට කන්න නැති වෙනකොට ගමේ පන්සලට එන දානේ වේලත් සරු නෑ. කොච්චර කොහොම උනත් ගමේ පන්සලේ හාමුදුරුවෝ නං දාන ටික සතුටින් බාර අරන් වළඳනවා.

හැබැයි ඒ ඔය වගේ බොරු ප්‍රසස්ථි ගායනා කරකර නං නෙවෙයි. ඒකෙන් තේරෙන්නේ පන්සල් මාලිගාවල වැඩ වාසය කරන සිටු හාමුදුරුවරුන්ට ජනතාවගේ දුක දැනෙන්නේ නෑ කියන එකයි. නැත්තං රුපියල් 170 ට හාල් කිලෝ එක ගිය රටක. ළමයින්ට කිරි ටිකක් දෙන්න කිරි පැකට් එකක් හොයා ගන්න බැරි රටක. කරන්ට් නෑතිව කුප්පි ලාම්පුවට පහු බැහැපු රටක. ඒ වෙනුවෙන් ලාපුතෙල් පෝලිම්වල මිනිස්සු ඉන්න රටක මොන මුර දේවතාවටද අරහෙම කියන්න පුළුවන්.

 

ඇත්තම කියනවා නං ජනාධිපතිතුමාගේ බෞද්ධ උපදේශක කාරක සභාව මේ කරන්නේ ජනතා ද්‍රෝහී වැඩක්. බුදු දහමට සම්පුර්ණයෙන්ම නිග්‍රහ කිරීමක්. එකක් ජනාධිපතිතුමාට බොරු බේගල් ඇදබාමින් එතුමා යථාර්ථයෙන් ඈත් කරන එක.

 

අනික ජනතාවගේ ඇත්ත තත්වය ජනාධිපතිට නොකියා ජනාවට ද්‍රෝහී වෙන එක. ඊළගට ගල් පැලෙන බොරු කියලා මුසාවාදා වේරමණී සික්කාපදං සමාදියාමි කියන හතර වෙනි ශික්ෂා පදය හිතාමතාම කඩ කරන එක. මේවා ආනන්තර්ය පාප කර්ම නූනත් රාජ අපරාධ අපේ හාමුදුරුවනේ.

ඇත්තටම ඇයි ඔබ වහන්සේලා එහෙම කරන්නේ? ඔබ වහන්සේලාගේ නිවන් මගත් අහුරගෙන මොකද්ද මේ කරන විකාරය. තමන්ගේ ලෞකික සැපය වෙනුවෙන් තමන්ව නඩත්තු කරන ජනතාව පාවාදීම නෙවෙයිද මේ කරන්නේ.

 කුලපතිකම් වෙනුවෙන් නයි නටවපු හිමිවරු අපේ ගෞරවණීය භික්ෂු ඉතිහාසයේ හිටලා නෑ. ඒ වෙනුවට හිටලා තියෙන්නේ අපේ ජාතික කොඩියට අගෞරව කරපු සුද්දාට විරුද්ධව නැගිටපු මහා යතිවරු. නිදහස් සටනට උර දීපු නිසා සුද්දෝ එල්ලලා මරපු හිමිවරු. නියම බෞද්ධ කම ගැන අපට කියා දුන්න හාමුදුරුවරු.

අපේ හිත්වල වැඩ ඉන්නේ වාරියපොළ සුමංගල හාමුදුරුවෝ, කුඩාපොල හාමුදුරුවෝ, අසරණ සරණ වැලිවිට සිරි සරණංකර හාමුදුරුවෝ. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ, මඩියේ පංඤාසීය හාමුදුරුවෝ, කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවෝ, මෑත කාලීනව සිතුවොත් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ.

උන් වහන්සේලාට කට ඇරලා දුක නැතිව මහා සංඝරත්නය කියලා කියන්න පුළුවන්. දන ගහලා වඳින්න පුළුවන්.

 

කහ සිවුර දැක්ක ගමන් මේ රටේ මිනිස්සු ඔබ වහන්සේලා ගෙට ගන්නේ කකුල් හෝදලා. ඉන්දවන්නේ සුදු රෙදි දාලා. දානයට දෙන්නේ දරුවෙකුටවත් නොදෙන හොඳම හොදමදේ. ගෞරවණීය මහා සංඝරත්නය කියන ඒ වචන කීපය කොච්චර බලසම්පන්ද? ඒ වචනවල එන පළවෙනි වචනය ගෞරවණීය කියන එක කෙලෙසුවේ කවුද? රටේ රාළද? නෑ ඒක කළේ ඔබ වහන්සේලාම තමයි.

 

ටැප් වෙන්න ගලා වාහන එලෙව්වේ කොයි සාදුද? දේශපාලන වේදිකා උඩ නැගලා දේශපාලනඥයන්ට කවි කිව්වේ කොයි සාදුද? වේදිකා උඩ කුණුහරුප කිව්වේ කවුද? සමහර දේශපාලනඥයින්ගේ බිරින්දෑවරුන් අපහාස කරන හාමුදුරුවරු අපි දැක්කා.  සමහර හාමුදුරුවරු කිව්වේ පැරදිලා ගෙදර ගිය මහින්දව ජනේලයේ එල්ලනවා කියලා.

 හාමුදුරුවරු කොච්චර නං මේ රටේ වෛරය වපුරලා තියනවද? මේ රටේ ජාතික සමගිය බිදින්න බොරු සිංහල බෞද්ධකමක් ඉස්සරහට දාගෙන ජාතිවාදය අවුස්සන්න පහුගිය කාලේ භික්ෂුන් කියලා කියාගත්ත කීදෙනෙක් දායක උනාද?

හැබැයි සිංහල බෞද්ධයා පත්වෙලා ඉන්න අසරණකම ගැන රජාට කියන්න ධෛර්යය තියන එක සාදු කෙනෙක් නෑ. බෞද්ධ උපදේශක සභාවේ හාමුදුරුවරු කරන්නේ රටේ රාළ අර උඩදී කිව්ව හාමුදුරුවරු කරන වැඩේම තමයි. හැබැයි එයාලා ඒක ජෙනුවින් කරනවා. නැත්තං ජනාධිපතිතුමාට මේ රටේ ඇත්ත තත්වය කියන්න ඕනි නේද?

 

ජනාධිපතිතුමා තරහා වෙයි කියලා බය හිතෙනවා නං ඔබ වහන්සේලා ඔය සිවුර දරන්න සුදුසු නෑ. මොකද ඔය සිවුරට බලය හම්බ උනේ ඔබ වහන්සේලා හින්දා නං නෙවෙයි. ඔබ වහන්සේලා ඒ වෙනුවෙන් කරපු දෙයක් නෑ. ඒ ගෞරවය ආවේ ඉතිහාසයේ මහා යථිවර පරපුරක් කළ දැවැන්ත කැපවීම් නිසයි. ඔබ වහන්සේලා කළේ ඒ බලය අවභාවිතා කිරීම විතරයි.

 

ඒක නිසා රටේ රාළ කියන්නේ අර ගෞරවණීය මහා සංඝ රත්නය කියන බල සම්පන්න වාක්‍යයේ මහා කියන කෑල්ලත් ඔබ වහන්සේලා කුඩා කරලා ඉවරයි. දැන් ඔබ වහන්සේලා අතර ඉන්න බහුතරය කිසිම ගෞරවයක් ගෑවිලාවත් නැති කුඩා සංගරත්නයක් විතරයි.

ඉතිහාසයේත් අපේ රටේ හිටිය රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දුන්නේ අපේ රටේ හිටිය සංඝ පීතෘවරයන් වහන්සේලා තමයි. එදා ඒ රජවාසැලේම කවටයෙක් හිටියා අන්දරේ කියලා. ඇත්තටම අන්දරේ කළේ රජාට විහිළු කිරීම. විහිළු කරලා රජා හිනැස්සීම.  හැබැයි අන්දරේ විහිළු විදිහට රජාට සන්නිවේදනය කළේ ජනතාවගේ ප්‍රශ්න. අන්දරේ කළේ හාස්‍යෝත්පාදක විදිහට ජනතා ප්‍රශ්නය රාජාට කියපු එකයි. ඒ තරම් අන්දරේ දක්ෂයෙක් වගේම විශිෂ්ඨයෙක්.

රටේ රාළ කියන්නේ අන්දරේ එදා කරපු දේවත් අද බෞද්ධ උපදේශක කාරක සභාවෙන් කෙරෙන්නේ නෑ. මෙතනදී වෙන්නේ රජාට හිනායන එක නෙවෙයි. හිනා යන්නේ ජනතාවට. මෙතනදී කරන්නේ රජා චූන් කිරීම. මේ ලිපියෙන් පස්සේ ගොඩක් ඒ වර්ගයේ  හාමුදුරු රටේ රාළත් එක්ක තරහා වෙයි. ඒකට කමක් නෑ.

 

හැබැයි මෙතනදී රටේ රාළ කියන මේ විවේචනය අදාළ නැති භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්නවා. උන් වහන්සේලා ගැනත් වචනයක් නොකිව්වොත් මේ ලිපිය සම්පුරණ නෑ. තවමත් මේ රටට මග කියන අතළොස්සකගේ වෙච්චි ගෞරවණීය භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් ඉන්නවා. අපේ ගෞරවණීය මාවරලේ භද්දිය හාමුදුරුවෝ. කාගම සිරි නන්ද හාමුදුරුවෝ...ඇතුළු මේ රටට යහපත උදාකරලා දෙන්න මහන්සි වෙන පිරිසක් ඉන්නවා.

 

ඊළගට එහෙම හාමුදුරුවරු පිරිසක් තවමත් අපේ ගම්වලත් ඉන්නවා. එදා කොරෝනා වසංගතය අස්සේ බඩගින්නේ ඉන්න තමන්ගේ දායකයින්ට පුළුවන් විදිහට සළකපු. ඒ වෙනුවෙන් පංසලේදේ කැප කරපු, තමන්ගේ පඩිය ඒ වෙනුවෙන් යොදවපු, ඒ වගේම රටේම ඔන්ලයින් අධ්‍යාපන නතර කරපු වෙලාවේ ඒ දරුවන්ගේ අධ්‍යාපනය බිඳ නොවට්ටපු භික්ෂූන් වහන්සේලා ඉන්නවා.

උන් වහන්සේලාගේ හිත රිදුනා නම් සමාවෙන්න. එහෙම නැතිව කිසිම වොයිෂ් කට් සාදු කෙනෙක් ගෙන් වගේම බෞද්ධ උපදේශක සභාවේ කිසිම සාදු කෙනෙක්ගේ සමාවක් රටේ රාළ එපා. ඉල්ලන්නෙත් නෑ.

රටේ රාළ හැබැයි උන් වහන්සේලාටත් එක අනතුරු ඇගවීමක් කරනවා. ඔබ වහන්සේලාටත් ජනතාව හූ කියන දවස නම් වැඩි ඈතක නෙවෙයි. ඒ හු කියන්නේ නිර්මල බුදුදහමට නං නෙවෙයි. බුද්ධ චීවරය ඇගේ පටලවාගෙන කරන නොසන්ඩාල වැඩවලට.


එහෙනම් ගිහින් එන්නම්.


බුදු සරණයි. ජයවේවා.

මීට
රටේ රාළ

(උපුටා ගැනීම -ප්‍රියන්ජීත් විතාරණ ගේ ෆේස්බුක් පිටුවෙන්..)


Leader Whats app


 
 
 
 
මහින්දගේ පඩි සල්ලි පිල්ලි ගැසූ ලේකම්ට වෙච්ච දේ! | Gossip
 
 
නිවනට කතා කොට ගිනි තියන එවුන් ! | මොණරවිලගේ ලියමන

 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip
 
   
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්