රට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියන එක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ පොරොන්දුවක්. ඒක බොහොම පැහැදිලිව

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සදහන් වෙලා තියනවා.

හැබැයි දැනට අපට හම්බවෙලා තියෙන්නේ සෞභාග්‍යයේ දැක්මේ පැත්ත පලාතක නොතිබුණ 20 වෙනි සංශෝධනය විතරයි.

මහ මැතිවරණය තියලා ටික දවසකින් ඒක අපට ලැබුණා. දැන් ඒකේ ප්‍රථිපලත් ලැබෙන්නත් පටන් අරන්.

කොහොම හරි 20 වෙනි සංශෝධනය ආවට 2021 ට ගේනවා කිව්ව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නං තවම ආවේ නෑ. දැන් 2021 ක පැනලා 2022 ත් ඇවිල්ලා. ව්‍යවස්ථාව තවම මඟ.

 

හැබැයි ඊයේ පෙරේදා දවසක අධිකරණ ඇමති අලි සබ්‍රි ඒ ගැන පොඩි අදහසක් කිව්වා. ඒ එක්කම ව්‍යවස්ථාවෙන් වැඩවර්ජන තහනම් කරන්න ඕනි කියලත් කිව්වා. ජනාධිපතිතුමා ලිහිල් වැඩි කියලත් කිව්වා.

 

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ව්‍යවස්ථාවෙන් තහනම් කරන එකයි ජනාධිපතිතුමාගේ ලිහිල් වැඩිකමයි ගැනයි වෙනමම කතා කරමු. කොහොම හරි අලි සබ්‍රිලා කැහැපට ගහන විදිහට එන එක මොකද්ද කියලා හිතාගන්නත් බැරිම නෑ.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරන්න ජනාධිපතිතුමා පත් කරපු රොමේෂ් ද සිල්වා කමිටුවේ වැඩ කටයුතු ලගදී අවසන් වෙනවා කියලා සබ්‍රි කිව්වා. ඒ කමිටුවෙන් හදපු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන මාසේ ජනාධිපතිතුමා අතට දෙන්න පුළුවන් කියලත් කිව්වා.

ඊට පස්සේ ජනාධිපතිතුමා ඒක අධ්‍යයනය කරලා කැබිනට් එකට දාන්න ඕනි කියලයි අලි සබ්‍රි කිව්වේ. හැබැයි ඉතින් රටේ රාළ දන්න විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීමේ වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒකට ජනතාවත් සහභාගී කර ගත්තට කිසිම වරදක් නෑ.

එක පැත්තකින් ඥාණසාර හාමුදුරුවෝ එක රටක් එක නීතියක් හදාගෙන එනවා. මේ පැත්තෙන් රොමේෂ්ලා ව්‍යවස්ථාව හදාගෙන එනවා. ඊට පස්සේ කොහොමද දන්නෑ මේ දෙක සමපාත කරන්නේ. ඒකටත් වෙනම කොමිසමක් දාන්න වෙයිද මන්දා?

රටේ රාළට නං හිතෙන්නේ ඔය වැඩේ හරියට කරනවා නං ඒකට ඉස්සෙල්ලාම කරන්න ඕනි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන එක. මොකද ව්‍යවස්ථාව හදන්නේ රටකටනේ. පවුලකට නෙවෙයිනේ. ඒ තේරීම් කාරක සභාවට උපදෙස් දෙන්න නීති විශාරදයන්ගෙන් සමන්විත Advising Commit එකක් හැදුවට කමක් නෑ.

දැන් නිකං ඒකේ අනිත් පැත්ත වගේ වෙන්න යන්නේ.

රොමේෂ් ද සිල්වා කමිටුවේ ආකෘතිය කැබිනට් මණ්ඩලය හාරහා පාර්ලිමේන්තුව ගේන්න වගේ හදන්නේ. එතකොට අර සුසිල් කිව්වා වගේ පාර්ලිමේන්තුව කියන්නේ සිග්නල් කණු ගොඩක එකතුවක්ම තමයි.


කොහොම උනත් ඒ ව්‍යවස්ථාව කෙටුම්පත දකින්නේ නැතිව මොකුත් කියන්න බෑ. හැබැයි ඉතින් ඒකේ ෂුවර් එකට දිත්ව පුරවැසියන්ට රටේ වගකිවයුතු තැන්වලට පත්වීමට ඇති ඉඩ අහුරලා ඇති. ඒකට අනුව බැසිල්ට තමන්ගේ ඇමරිකන් පුරවැසිකම අතාරින්න වෙනවා. බැසිල් තනිකරම අමු ශ්‍රී ලාංකිකයෙක් වෙයි. මොකද 20 සම්මත කරනකොට ජනාධිපතිතුමාම අපේ රටේ ගරුතර මහා සංඝරත්නයටයි, විමල්, වාසු, ගම්මන්පිලටයි දුන්න පොරෝන්දුවක්නේ ඒක.

272855891 477884410360805 5683302336167358801 n

කොහොම උනත් ව්‍යවස්ථා කෙටුම්පත ගැන සබ්‍රි එහෙම ඉගියක් කරද්දී එකට සමාන්තරව කරූ ජයසූරියගේ 'සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය'ත් වැඩක් පටන් අරන් තියනවා.

ඇත්තටම ඒක ආණ්ඩුවෙන් මේ ඉදිරිපත් කරන්න යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රශ්න කරන්නම හදපු වැඩක් වගේ. වැඩේ පටන් අරන් තිබුණේ කුරුණෑගලින්. සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයයි, ජාතික හා ආගමික සංහිදියාවක් සදහා වන ජාතික එකමුතුවයි තමයි වැඩේ සංවිධානය කරලා තිබුණේ.

එයලා ඒකේ මාතෘකාව විදිහට දාලා තිබුණේ "යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් " කියලා.

ඇත්තටම ඒක හොද වැඩක්. කවුරු හරි කණ්ඩායමක් ව්‍යවස්ථාවක තියන වැදගත්කම ගැන රටේ ජනතාව දැනුවත් කරන එක, ඒ ගැන සංවාදයක් හදන එක බොහෝම යුක්ති සහගත වැඩක්.

රටේ රාළ අත් දෙකම උස්සලා ඒක අනුමත කරනවා. මොකද අපේ රටේ ජනතාවට තියන ව්‍යවස්ථාව ගැන වගේම ව්‍යවස්ථාවක තියෙන්න ඕනි මොනවද කියලා නිරවුල් අවබෝධයක් නෑ.රටේ මූලික නීතිය වෙච්චි ව්‍යවස්ථා ගැන රටේ ජනතාවට අවබෝධයක් නැතිවීම ලොකු විනාශයක්. එතකොට පාලකයන්ට කරකවලා ඕනි දෙයක් කරන්න පුළුවන්.

අද අපේ රටේ ව්‍යවස්ථාව උත්තරීතර නැතිවෙලා. ඒක කඩකරන්නේ නැති එකෙක් නෑ. ජනාධිපතිගේ ඉදන් පහලට තමන්ට හැකි පමණින් ව්‍යවස්ථාවට වැඩේ දෙනවා.

 ජනතාව නෙවෙයි ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්න 225 න් අති බහුතරයකටත් ඒ අවබෝධය නෑ. ජනතාවට අවබෝධය නැති නිසා මේක අවබෝධයක් තියන අයත් ගහන්නේ ගේම්.

උදාහරණයක් කිව්වොත් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් අය චන්ද්‍රිකා - ජවිපෙ 17 වෙනි සංශෝධනයට අත උස්සපු අය. ඊට පස්සේ ඒ අයම ඊට සම්පුර්ණයෙන්ම වෙනස් මහින්දගේ ඒකාධිපති 18 ටත් අත ඉස්සුවා. ඊළගට ඒ කට්ටියම 18 ට සම්පුර්ණයෙන්ම වෙනස් මෛත්‍රීගේ 19 ටත් අත ඉස්සුවා. ලැජ්ජාව කියන්නේ 19 යෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න අත උස්සපු අය 20 න් ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්නත් අත ඉස්සුවා. ඒ හැම වෙලාවකම ජනතාව කළේ අපොඩි ගහන එක.


මේ යන්නේ ජනතා ද්‍රෝහී ගමනක් කියලා කියපු රටේ රාළලා වගේ අයට ගහන්න ආවේ අත උස්සපු එවුන් නෙවෙයි. උන්ගේ බත් ගොට්ටෝ. ඇත්තටම ඒ අවබෝධයක් නැතිකම නිසයි.

ඒක නිසා කරූලා පටන් ගත්ත ඒ වැඩේ රටේ රාළ අගය කරනවා. ඇත්තටම පුළුවන් නම් ඔය සම්මන්ත්‍රණය රට පුරාම ගෙනියන්න. ජනාධිපති ව්‍යවස්ථාව ගේනකොට ව්‍යවස්ථාව ඒ ගැන අවබෝධය ජනතාවට හදලා තියන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. රටේ රාළ ඉල්ලනේනේ දෙමළ බුද්ධිමතුනුත් සම්බන්ධ කරගෙන දෙමළ භාෂාවෙනුත් ගෙනියන්න පුළුවන් නම් මාර වටිනවා.

 

කුරුණෑගල සම්මන්ත්‍රණයේදී කරූ මෙහෙම කිව්වා." රටක ජාතිය එකමුතු කළහැකි ව්‍යවස්ථාවක් අවශ්‍යයි. සෑම ජන කොටසකටම ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය විය යුතුයි. අපගේ එකම උතුම් පරමාර්ථය ඒ ජාතික, ආගමික හා දේශපාලනික සමගිය ඇති කිරීමයි "

 

කරූගේ ඒ වචන ටික ඇතුළේ ලොකු කතාවක් තියනවා. ඇත්තටම එහෙම උනොත් තමයි රටකට ආර්ථික වශයෙන් නැගිටින්න පුළුවන්. ඒකට අපේ රටේ තියන වැඩවසම් ලක්ෂණවලට, ඒ මානසිකත්වයන්ට ව්‍යවස්ථාවෙන්ම වැට බදින්න ඕනි.  රටක ඇත්ත දේශපාලන ස්ථාවරත්වය කියන්නේ ඒකට. ඒ දේශපාලන ස්ථාවරත්වයේ වැඩි පංගුව හදන්න තියෙන්නේ ව්‍යවස්ථාවෙන්. රටේ මූලික නීතියෙන් ඒ ස්ථාවරත්වය ආරක්ෂා වෙනවා නම් ආණ්ඩු පෙරලිලා තව ආණ්ඩුවක් ආවට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

ඇත්තටම ව්‍යවස්ථාවෙන් ජාතික සමගිය සහතික වෙන්න ඕනි. ජාතිවාදය, ආගම් වාදය තහනම් වෙන්න ඕනි. ඒකට මානව නිදහස ආරක්ෂා කරන ව්‍යවස්ථාව ඕනි.

සුද්දගෙන් නිදහස ලබලා 74 වෙනි අවුරුද්ද මහ උජාරුවෙන් සමරන්න හදන අපිට තවම රටට හරිහමන් ව්‍යවස්ථාවක් හදාගන්න බැරි උනා. ඒ අතින් අපි මහ ලැජ්ජා නැති ජාතියක්?

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්. )




සබැඳි පුවත :


'රටකට ජාතිය එකමුතු කළ හැකි ව්‍යවස්ථාවක් අවශ්‍යයි' -කරු ජයසුරිය

Leader Whats app





බබියත් සුං බබියගේ අම්මත් සුං ! | අද ගොසිප් එක
 


තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන



வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්