දේශපාලකයන්ට බලය ලැබුනු ගමන් ඔවුන් මුලින්ම උත්සාහ කරන්නේ කතා කිරීමේ නිදහස උදුරා ගන්නයි.
ඒකට ඔවුන් නොයෙකුත් හේතු නිර්මාණය කරාවි.
ජාතික ආරක්ෂාව සහ අපේ සංස්කෘතිය සදාචාරය ගැන එක එක කතන්දර කියාවි.
මතක තියාගන්න, අද අපි බුක්ති විඳින සෑම නිදහසකම පදනම කතා කිරීමේ නිදහසයි.
ඒ නිදහස වෙනුවෙන් දහස් ගණන් මිනිසුන් ඔවුන්ගේ ජීවිත පූජා කරමින් සටන් වැදුනා.
ගොඩක් අය හිතාවි මේ නිදහස ඕනවට වැඩියි කියල.
සමහරු අහවි මේකද වැදගත්ම දේ කියල. ඔව් ඒක තමයි නිදහස් රටකට වැදගත්ම නිදහස.
හැම අලුත් අදහසකම උපත. ඉතිහාසයක් පුරා අපි රජුන් ඒකාධිපතියන් යටතේ පාලනය වුනා.
මිනිස්සු බය නැතුව හිතන්න පටන් ගත්තේ කතා කිරීමේ නිදහස දිනාගත්තට පස්සෙ.
කතා කිරීමේ නිදහස අහිමි මිනිස්සු බුද්ධිමත් වෙන්නෙ කොහොමද?
එහෙම මිනිස්සුන්ට අතීතයක් මිස අනාගතයක් තියේවිද?
මේ නූතන ලෝකය නිර්මාණය වුනේ, තාක්ෂණය විද්‍යාව දියුණු වුනේ, නිදහස් කලාවන් බිහිවුනේ, හිතන්න පුළුවන් පුරවැසියන් හැදුනෙ කතා කිරීමේ නිදහසෙන්.
කවියක් ලියන්න, සිංදුවක් කියන්න, චිත්‍රයක් අඳින්න, ෆිල්ම් එකක් හදන්න, තොරතුරක් බෙදාගන්න නිදහසක් නැති ජීවිතයක් මොකටද?
කතා කිරීමේ නිදහස කියන්නෙ අපි අහන්න අකමැති දේත් කියන්න අනෙකාට ඇති අයිතියයි.
කියන දේට එකග නොවුනත් එය කියන්න ඇති අයිතිය වෙනුවෙන් එකට හිටගමු.
කතා කරන්න නිදහස
නිදහස් දවස වෙනුවෙන්
TruePatriotLK