ඇත්තටම අපේ රටට පුදුම කරුමයක් තමයි පඩිසන් දීලා තියෙන්නේ.



රට දැවැන්ත ආර්ථික අර්බුදයක මිරිකිලා මිනිස්සු මැරෙන්න කිට්ටු වෙලා ඉන්නවා. ඇත්තම කිව්වොත් අද ඔළුවේ කැක්කුමට බොන්න පැරසිටමෝල් පෙත්තක් ගන්න හරියට තැනක් නෑ. ඒත් අපේ රටේ පාලකයෝ වගේම විපක්ෂයේ වෙන්ඩ ජනාධිපතිලා පිස්සු නටමින් ඉන්නවා. මේ ඇත්ත කතාව කිව්වම දෙපැත්තෙම ඉන්න වහල්ලු රටේ රාළ මරාගෙන කන්න හදනවා.

ඒක නිසා ඉස්සෙල්ලාම කියන්න ඕනි රටේ රාළ හිටගෙන ඉන්නේ රට පැත්තේ. ඔය කිසිම දේශපාලන නායකයෙක් රටේ රාළට අදාළ නෑ. ඒක ගෝඨාභයගේ ඉදන් වික්‍රම බාහු දක්වා එහෙමයි. රටට හතුරු නම් කොන්දේසි විරහිතව ගහනවා. අතර මැද සමාදාන නෑ.

 

ඊයේ බැසිල්ගේ පොදුජන රැලිය තිබ්බ හින්දා ඒකත් එක්ක බැදුණු දේශපාලනය කතාවක් තියනවා රටට කියන්න. ආණ්ඩුව ඇතුළේ දැන් යන Project එක තමයි ජනාධිපති, අගමැති, බැසිල් පිම්බීමේ තරගය. පිම්බීම කිවුවොත් වැරදී. ඒක පුම්බා ගැනීමේ තරගයක්.

 

ඔයාලා දකින්න ඇතිනේ චාම් විදිහට තිබ්බ නිදහස් උත්සවයේ තරම. මාර චාම් නේද? තෙල්වලට විතරක් වියදම කොටි ගානක්. මෙච්චර බලශක්ති අර්බුදයක් තියන රටකට ඒ වියදම දරා ගන්න පුළුවන්ද? ඒත් ඉතින් ඒ වගේද ජාතික අභිමානය. ජාතික අභිමානය, බම්බුව තමයි. ලෝකෙ වටේ හිගමනේ යන ගමන් මෙහේ අභිමානය සමරනවා .රටේ රාළ ඕකට කියන්නේ නිවටයාගේ ජාතික අභිමානය කියලා.

පකිස්තානයෙන්, බංගලිදේශයෙන්, චීනයෙන්, මියන්මාරයෙන් හාල් හිගමනේ යනවා. ඔස්ට්‍රේලියාවෙන් පරිප්පු හිගමනේ යනවා. මැද පෙරදිගින් තෙල් හිගමනේ යනවා. එහෙම ගිය හිගන්නෝ පුම්බන්න මෙහේ කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා උත්සව තියනවා.

දැක්කනේ ඊයේ ජීඑල් ඊයේ රැලියේදී කරපු කතාව. ඉන්දියාවෙන් ණය ගෙනාවෝ කියලා වීරයා වගේ කිව්වා.

ඇත්තටම මේක පිස්සුවක් නෙයිවෙද? තමන්ගේ රටේ ජනතාව මෙහෙම දුක් විදිද්දී මෙහෙ බාල් නටන්න පුළුවන් පිස්සන්ට නෙවෙයිද? ජනතාවටත් පිස්සු නැත්තං දැන් මේ ගැන දෙපාරක් හිතන්න ඕනි. නිදහස් සමරුවෙන් ඇත්තටම ඉළක්ක කළේ ජනාධිපතිතුමා පිම්ඹිම. අනේ මන්දා පිම්බීම කෙසේ වෙතත්. මොකක් හරි දෙයක් ඉතිරි වෙලා තිබුණා නං ඒකත් නැති උනා කියලා තමයි රටේ රාළට නං හිතෙන්නේ.

එක ඉවර උනා විතරයි.ඊළඟට පටන් ගත්තා ජනාධිපතියි, අගමැති පාවිච්චි කරගෙන බැසිල් පිම්බීම. පව් අප්පා අර අගමැතිතුමා බොහොම අමාරුවෙන් ඉන්නවා දැක්කා.

හැබැයි බැසිල් පිම්බීම කියන්නේ ටිකක් දිර්ඝ කාලීන වැඩක්. එකක් පුබ්බන්න අමාරු හින්දම කල් යනවා. ඊළඟට පුළුවන් උනත්, බැරි උනත් ඒක 2024 වෙනකම්ම යන project එකක්. බැසිල් වැඩ ලක්ෂයක් එක්ක ගමට එන්නලු හදන්නේ. ඕකෙන් තමයි ගමේ තිබුණ දේත් නැති වෙන්නේ. ඕක ගම සමඟ පිළිසඳරේ අනිත් එක වෙනවා. ඒකත් මාර වැඩක්.

 

රටේ සිමෙන්ති කොට්ටයක් ගන්න තැනක් නෑ. වැඩ ලක්ෂයක් පටන් අරන්. ඉදිකිරීම් කරන්නේ මැටි ගාහලද දන්නේ නෑ. ඩලස්ගෙන් ඒ ගැන ඇහුවම එයා දෙන්නේ Pending උත්තර. වැඩ ලක්ෂයේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ අදියර හතරකින්ලු. දැන්මම සිමෙන්ති ඕනි නැතිලු. ජනාධිපතිතුමා සිමෙන්ති ගෙනත් දෙයි කියලා විශ්වාසයිලු. රටේ රාළට කියන්න තියෙන්නේ අයියෝ ඩලස් කියලා විතරයි.

 

ඇත්තටම මේ වැඩ ලක්ෂය කියන්නේ පට්ටපල් බොරුවක්. ඒකෙන් රටේ නිෂ්පාදන ආර්ථිකයට සෙතක් වෙයි කියලා හිතන්න බෑ. ඕක වෙන මොකවත් නෙවෙයි බැසිල්ගේ 2024 ජනාධිපති කැම්පේන් එක. 2023 තියන මහ මැතිවරණයෙන් රටේ අගමැති වෙලා. 2024 ජනාධිපතිවරණයෙන් රටේ ජනාධිපති වෙන්න යන ගමන.

බැසිල්ට එහෙම හීනයක්, බලාපොරොත්තුවක් තිබුණට රටේ රාළට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ බලාපොරොත්තුව වෙනුවෙන් රටේ ජනතාවගේ ඊරි මාංශය උරා බොන්න එයාට අයිතියක් නෑ.

ඊයේ බැසිල්ගේ කැම්පේන් එකේ පළවෙනි රැස්වීම අනුරාධපුරේ සල්ගාදු පිට්ටනියෙන් පටන් ගත්තා.

ඇත්තටම මේ රටේ මේ මොහොත වෙනකොට ඔමික්‍රෝන් වෛරසය වේගයෙන් පැතිරීගෙන යනවා. දවසට ආසාදිතයන් 1300 ක් විතර වාර්තා වෙනවා. ඒ වාර්තා වෙන්නෙත් ඉතා සීමිත පරීක්ෂණ ටිකකින්. 35 ක් විතර මැරෙනවා. සෞඛය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක හේමන්ත හේරත් කියන්නේ. එක අයුතු ජන රාශීයක් කරන්න එපා කියලා .ජන රැළිවලින් ආයෙත් වෛරසය පැතිරෙන්න පුලුවන් කියලා.

එතකොට ඒක කඩ කරන්නේ කවුද? එතෙන්ට සෞඛය නිර්දේශ අදාළ නැද්ද?එ තෙන්ට එන්නේ පිටසක්වල ජීවින්ද? මේ රටේ ජනාධිපති, අගමැති, මුදල් ඇමති ඇතුළු ආණ්ඩුව.එ තෙන්ට ආපු මිනිස්සු වෛරසය අපාරගම්යද? ඇත්තටම ජනාධිපතිවරයා එක රටක් එක නීතියක් කියලා තවදුරටත් කියනවා නං ඒක කියන්න ඕනි රෙදි ඇදගෙන නං නෙවෙයි.

 

මේ රටේ මහජන දේපල නාස්ති කරන එකේ සීමාවක් තියෙන්න ඕනි. මේ රට කියන්නේ රාජපක්ෂලාගේ බූදලයක්ද? මේ රටේ මිනිස් ජීවිත කියන්නේ රාජපක්ෂලා වෙනුවෙන් දෙන්න හදපු බිලිද? රටේ අද දැවෙන ප්‍රශ්න කීයක් තියනවද? එහෙම තියෙද්දි ඡනාධිපතිට, අගමැතිට, බැසිල්ට මේ වගේ බාල් නටන්න තියෙන අයිතිය මොකද්ද? එහෙම කරන්න සුදුසු තත්වයකද රටේ තියෙන්නේ.

 

බලශක්ති ප්‍රශ්නයට උත්තර හදලද එයාලා මේ බාල් නටන්නේ. විදුලි බල ප්‍රශ්නයට උත්තර හදලද මේ බාල් නටන්නේ. රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයට උත්තර හදලද ජනාධිපතිතුමා ඔබතුමාලා බාල් නටන්නේ.

මහින්ද කියනවා ඊයේ ඉදන් අලුත් ගමනක්ලු. එතකොට මෙච්චර කල් අල තැබ්බුවාද දන්නේ නෑ? සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක වෙන්නේ ඊයේ ඉදන්ලු. හැබැයි ඊයේ වැඩෙත් එක දෙයක් පැහැදිලියි. මෙයාලා අමුතු ගමනකට ලෑස්ති වෙනවා. රටේ රාළට ඒ ඉව දැනෙනවා.

මේ රටේ බැංකු පද්ධතිය ලෙල්ලටම හිදිලා. සමස්ථ බැංකු පද්ධතියේ ඩොලර් සංචිත සෘණ ගානක් දක්වා පහලට වැටිලා. ආණ්ඩුව බැංකු පද්ධතියම හූරගෙනම කාලා ඉවරයි. අපේ රටේ බැංකු පද්ධතියෙන් වැඩිම ණය අරන් තියෙන්නේ ආණ්ඩුව. ඒ ප්‍රමාණය බැංකු දීලා තියෙන ණය ප්‍රමාණයෙන් 52% ක්. ආණ්ඩුව බංකොලොත්වෙලා ණය ගෙවන්න බෑ.

 

දැන් ඔන්න බැසිල්ගේ අයවැයේ උත්තරය ක්‍රියාත්මක කරන්න හදනවා. අපේ රටේ වැඩකරන ජනතාවගේ දහඩිය කදුළු තැන්පතුවත් මංකොල්ල කන්න රාජපක්ෂලා තීරණය කරලා. ඒ කියන්නේ EPF, ETF අරමුදල්වල වාර්ෂික ලාබෙන් 25% ක බද්ධක් ගන්න ගැසට් එක ගහලා. දැන් නිමල් සිරිපාල කියනවා ඒයා ඒකට විරුද්ධයිලු.එ හෙනං මොන බම්බුවටද අයවැයට අත ඉස්සුවේ.

 

එතකොට අපේ රටේ මේ අරමුදල්වලට දායක වෙලා ඉන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාව දෙවෙනි වතාටත් හූරගෙන කෑමකට ලක්වෙනවා. මීට ඉස්සර බැංකු පොලී අනුපාත අඩුවෙන් පවත්වාගෙන යන්න ආණ්ඩුව EPF, ETF අරමුදල් පාවිච්චි කලා.

ඇත්තටම රටේ රාළ ඒ අරමුදලට දායක උන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් ඉල්ලනවා තමන්ගේ ඒ අයිතිය මංකොල්ල කන්න දෙන්න එපා කියලා. ඒ වෙනුවෙන් සටන් කරන්න. නීතිමය ක්‍රියාමාර්ග ගන්න.

දැන් මේ වෙන්කොට අපේ රටේ මහ කන්නයේ වී අස්වනු කපනවා. හැම තැනින්ම ඇහෙන්නේ අස්වැන්න අඩුයි කියලා. මේ අමන මරි මෝඩ ආණ්ඩුව කෘෂිකර්මාන්තය විනාශ කළා විතරක් නෙවෙයි සමස්ථ රටේම ආහාර සුරක්ෂිතතාවය විනාශ කළා. එහෙම කරලා තවත් රාජපක්ෂලාගේ පම්පෝරි ඇහෙනකොට දුක හිතෙන්නේ අපේ රටේ ජනතාව ගැන. ඇත්තටම මේ රටේ ජනතාව මේච්චර මෝඩද කියලා හිතෙනවා.

තමන්ගේ ජිවිතය, තමන්ගේ දරුවන්ගේ අනාගතය, රටක අනාගතය මේ වගේ පරපෝෂිත පවුලක් වෙනුවෙන් බිලි දෙනවා නං ඒ ජනතාව ගැන කවර කතාද?කොහොම උනත් මේ වගේ අවස්ථාවක ආණ්ඩුව තව දුරටත් පරණ සෙල්ලමම නං කරන්නේ ඒකට විරුද්ධ වෙන්න මේ රටේ ජනතාවට පරම පූජනීය අයිතියක් තියනවා.

 

ජනාධිපතිතුමාගෙන් දැන් රටේ ජනතාවට අහන්න ප්‍රශ්නයක් තියනවා. ඔබතුමා අර නිදහස් දවසේ ඉල්ලපු ආදර්ශයද මේ ඔබතුමාගේ සහෝදරවරු ඇතුළු ඥාතිනුයි එයාලගේ වහල්ලු ටිකයි දෙමින් ඉන්නේ? අනික මේ ඔබතුමා දෙනවා කිව්ව උපරිම ආදර්ශයද මේ දෙන්නේ?

 

අඩුම ගානේ එහෙම කරන්න බැරිනං ඕවා නොකියාම ඉන්න ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා කියලා කටගන්න උනේ නෑ මධ්‍යම අධිවේගී මාර්ගයේ මිලියන 161 ටෙන්ඩර් මගඩියක් ගැන වාර්තා පලවෙනවා. ඉතින් කොහොමද කියන්නේ ඔබතුමා පිරිසිදුයි කියලා.

රටේ රාළ ඒක නිසා එකක් කියනවා. මේ අපේ රටේ ජනතාව විදින දුක ඇමරිකන්කාරයින්ට තේරෙන්නේ නෑ. ඒක දැන් ඉන්න ඇමරිකන්කාරයින්ට වගේම හිටපු ඇමරිකන්කාරයින්ටත් තේරෙන්නේ නෑ. ඒ ඇමරිකන් උරුමය නියෝජනය කරන රාජපක්ෂලාට තේරෙන්නත් නෑ.

අද මේ රටේ ජනතාව මේ ගෙවමින් ඉන්නේ බන්දේසියක තියලා ඇමරිකන් රාජපක්ෂලාට රට බාරදීමේ පාප කර්මය. ප්‍රශ්නය තියෙන්නේ ඒක තේරුම් නොගත් ජනතාවක් ඉන්න රටේ ජනතාවට ඒක කියා දෙන්න හරි හමං විපක්ෂක් නැති වීමයි.

 ඊයේ මහින්ද කළේ ඒ අභියෝගය. පුළුවන් නං පාරට බහින්න කියලා මහින්ද විපක්ෂයට අභියෝග කළා. පාරෙදී බේර ගම්මු කියලා කිව්වා. මහින්ද වෙන විදිහට කිව්වෙත් රටේ රාළ කියන කතාව තමයි. උඹලා බෙදිලා නිසා අපි බය නෑ කියලයි මහින්ද කිව්වේ. රට ගැන නොසිතන තමන්ගේ බලය ගැන විතරක් හිතන මේ අමන, මරි, මෝඩ ගොබ්බ විපක්ෂයට තවමත් ඒක තේරුම් ගන්න තරමට මොළේ පෑදිලා නෑ.

නැත්නම් පොදු වැඩපිළිවෙලක් යටතේ ජනතාව සංවිධානය කරලා මේ ගනුදෙනුව රාජපක්ෂලා කියන තැනකදී බේරගන්න ලෑස්ති වෙන්න ඕනි. එහෙම නොකරන හැම ඒකාම සෘජුව නැති උනත් වක්‍රව හරි කරන්නේ රාජපක්ෂලාගේ පැවැත්ම ආරක්ෂා කරදීම විතරයි.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්)

 

 

Leader Whats app

 

 

 

 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්