"මහා පරිමාණ වංචා, දූෂණ හමුවේ ජනාධිපතිට තවදුරටත් බබෙක් විය හැකිද" ඒ රටේ රාළගේ පෙරේදා ලිපිය.


ඇත්තටම ඒකට ආපු ප්‍රතිචාර එක්ක හිතද්දී රටේ රාළට හිතුනා ඒ ලිපියේ තව දිගුවක් තියනවා කියලා. රටේ රාළ ඒ ලිපියෙන් කිව්වේ දවසින් දවස අපේ රටේ හොරකම පිමි විදිහට ඉස්සරහට එනවා කියලා.

ඒ කියන්නේ පෙරේදා උන හොරකමට වඩා ලොකු හොරකමක් ඊයේ සිද්ධ වෙනවා. ඊට වැඩිය ලොකු හොරකමක් අද සිද්ධ වෙනවා. ඔය විදිහට හෙට, අනිද්දා, ඉන් අනිද්දා දිගමට යන ගමනක් මේක.

ඇත්තටම හොරකමට ratings දුන්නොත් අපිට ලෝකයේ ඉහළම තැන හම්බ වෙනවා. අපේ තරම් හොරු ලෝකේ ඉන්නවද කියලා රටේ රාළට නං සැකයක් තියනවා.

පෙරේදා ලිපියෙන් රටේ රාළ කිව්වේ අපේ රටට හොරකම ඉගැන්නුවේ රාජපක්ෂලා කියලා නෙවෙයි. ඇත්තමට උදේ හවස පන්සිල් ගන්න රටකට සිද්ධ වෙච්චි දෙයක් කියලා හිතෙන තරමටම හොරකම උඩු දුවලා. රටේ රාළ කියන්නේ ඒ තත්වයට මේ රට පත් කිරීමේ වගකීමේ වැඩිම පංගුව අයිති රාජපක්ෂලාට කියලයි.

ඒ කියන්නේ හොරුන්ට හොරකම් කරන්න ලයිසන් දුන්නේ රාජපක්ෂලා.



ඇත්තටම මේ රටේ හොරකම දැන් ගුණාත්මක පිම්මක් පැනලා. දර්ශනවාදයට අනුව අපි දන්නවා ඕනිම දෙයකට ප්‍රමාණාත්මක වර්ධනයන් එකතු වෙලා එක තැනකදී ඒක ගුණාත්මක පරිවර්තනයක් බවට පත් වෙනවා කියලා. අපේ රටේ හොරකමටත් වෙලා තියෙන්නේ ඒක. ඒ කියන්නේ හොරකමත් ගුණාත්මක පරිවර්තනයකට ලක්වෙලා.




දැන් මේ රටේ හොරකම කියන්නේ නරක දෙයක් නෙවෙයි ගාණට වැටිලා. රාජපක්ෂලා එක්ක වැඩ කරද්දී බලන්නේ හොරකම් කිරීමේ හැකියාවද කියලත් එක වෙලාවකට හිතෙනවා. දැන් ඇත්තටම හොරකමට රාජ්‍ය අනුග්‍රහය හම්බ වෙනවා. ඒක රටේ ජනතාවට දැනෙන්න පටන් අරන්.

හොරකම පැත්තෙන් අපි දියුණු වෙලා. ඒ කියන්නේ හොරකම පැටව් ගහලා. දැන් එක එක පරිමාණයේ හොරු ඉන්නවා. මහ පරිමාණයේ හොරු ඉන්නවා, සුළු හා මධ්‍ය පරිමාණයේ හොරු ඉන්නවා.

නීතිය වල් වැදුණු රටක, පාලකයෝ මහා පරිමාණ හොරුන් වෙච්චි රටක අනාගත ඉරණම ගැන රටේ රාළට අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

මෙතනදී තමයි රටේ රාළ පාවිච්චි කරපු හොරුන්ට ලයිසන්දීම කියන වාක්‍යය වැදගත් වෙන්නේ. දැන් මේ ආණ්ඩුවේ ඉහළ ඉදන් පහලට හැදිලා තියෙන මනෝභාවය මොකද්ද කියලා බැලුවොත් මේක හොදටම ලෙහා ගන්න පුළුවන්.

ඒකත් මේ හොරකම පිමි විදිහට වර්ධනය වෙන්න බලපාලා තියන එක හේතුවක්. ඇත්තටම ආණ්ඩුවේ ඉන්න ගොඩක් දෙනෙක් දැන් දන්නවා වැඩේ වැරදිලා තියෙන්නේ කියලා.

ඒක ජනාධිපති, අගමැති, බැසිල් ඇතුළු රාජපක්ෂවරුනුත් දන්නවා.

හැබැයි රාජපක්ෂලා වැරදිච්චි බව පෙන්නන්නේ නෑ. කියන්නෙත් නෑ. දැන දැනම තමන්ගේ බලවේගයට බොරු කියනවා.එයාලා කියන්නේ වැරදිලා නෑ දැන් තමයි හරියාගෙන එන්නේ කියනවා.

ඇත්තටම රාජපක්ෂලාගේ පැත්තෙන් හිතුවොත් ඒක සාධාරණයි. මොකද බැරිවෙලා හරි වැරදිලා කියලා කිය උනොත් ඔය ඉතුරු වෙලා ඉන්න බලවේගෙත් රාජපක්ෂලා දාලා යනවා. තමන්ගේ මව් පක්ෂය උන ශ්‍රීලනිපය අතෑරලා රාජපක්ෂලාගේ බල පෙරේතකමෙන් වාසි ගන්න හිතාගෙන ආපු ප්‍රතිපත්තියක් නැති බලවේගයක් තමයි රාජපක්ෂලා වටේ එකතු උනේ.

ඉතින් කවර කතාද? ඊළඟට ශ්‍රීලනිපයත් කළේ ලැජ්ජා නැතිව ඒ රාජපක්ෂලටම ගිහින් හේත්තු වෙන එක. ඒක නිසා බැරිවෙලා හරි වැරදුනා කියලා කිව්වොත් ඔය වහල්ලු ඔක්කොම රාජපක්ෂලා දාලා යනවා.


ඇත්තටම රාජපක්ෂලා රට හදයි කියලා දෙවෙනි වතාවටත් රැවටිලා ආපු අය දැන් රාජපක්ෂලා දාලා ගිහින් ගොඩක් කල්. ඒකත් රාජපක්ෂලා දන්නවා. හැබැයි තවමත් මෝඩ වහල්ලු ටිකක් රදවා ගන්න රාජපක්ෂලා දක්ෂ වෙලා තියනවා. ඒ අර වැරදිලා නෑ කියන බොරුවෙන්. ඇත්තටම පව් එයාලා. රටේ රාළට නං එයාලා ගැන තියෙන්නේ අනුකම්පාවක්.


රාජපක්ෂලාගේ ආවතේවකාරයෝ ..




හැබැයි මේ රාජපක්ෂ පවුලයි, එයාලගේ ළගම ත්‍රාඩ කවයයි, 69 ලක්ෂයේ ඉතුරු වෙලා ඉන්න අහිංසක වහල්ලු ටිකයි අතර තව කණ්ඩායමක් ඉන්නවා. රටේ රාළ මේ ලිපියෙන් ටාගට් කරන්නේ ඒ අය. ඒ වෙන කවුරුත් නෙවෙයි රාජපක්ෂලාගේ ආවතේවකාරයෝ ටික. ඒ කියන්නේ පවුලේ කට්ටියයි, මැති ඇමතිල ඇරුණම මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න උදව් කරන සියලු දෙනා.

ඇත්තටම ඒකත් රාජපක්ෂලා වගේම තක්කඩි දේශපාලන ස්ථරයක් කිව්වට කමක් නෑ. මේ ස්ථර තුනම රටට කොඩිවින කිව්වට කමකුත් නෑ. අර පහල ඉන්න අහිංසක වහල්ලුන්ට රාජපක්ෂලා කියන කතාව මෙයාලා පිලිගන්නේ නෑ. හැබැයි පිලිගන්න විදිහට ඉන්නවා ඇති. මෙයාලත් දන්නවා ඇත්තටම වැරදිලා තියෙන්නේ කියලා. ආය නිවැරදි කරන්න බැරි විදිහට වැරදිලා කියලා.

හැබැයි එයාල වැරදිලා කියලා දැන ගත්තට පහලට කියන්නේ වැරදිලා නෑ කියලම තමයි. රාජපක්ෂලා වැරදිලා නෑ කියනකොට මෙයාලට කොහොමත් වැරදිලා කියන්න බෑනේ.

දැන් වෙලා තියෙන්නේ මේ ස්ථරයත් සම්පූර්ණයෙන්ම හොරකමට පුරුදු වෙලා. එයාලා අතර දැන් යන සාකච්ඡාව රටට කියන්න ඕනි. ඒක රටේ රාළගේ යුතුකමක්. එයාලා කතාවෙන්නේ දැන් මේක වැරදිලා ඉවරයි. ආය හදන්න බෑ. ආය රාජපක්ෂලාට අවස්ථාවක් එයි කියලා හිතන්නත් බෑ. ඒක නිසා මේ ඉතුරු අවුරුදු තුනේ අපිත් ගේමක් ගහගන්න ඕනි කියලා. ගේමක් ගහගන්න ඕනි කියන්නේ හොරකම් කරගන්න ඕනි ඒක.

ඒක නිසා උඩම කට්ටියයි. ඊට පහළ කට්ටියයි දැන් මේ මැද ඉන්න කට්ටියත් තම තම නැණ පමණින් වැඩේ දෙන්න පටන් අරන්. ඒක තමයි රටේ රාළ කියන්නේ හොරකම පැටවු ගහලා කියලා. හොරකම ගුණාත්මක පරිවර්තනයක් වෙලා කියලා.


මහ හොරුන් හොරකම් කරද්දී නැමෙන නීතියේ හිඩැස් අතරින් රිංගා රිංග මුනුත් ගේමක් ගහනවා. ඒක තමයි පහුගිය කාලේ අපි දැක්කේ ගොඩක් ආයතන ඇතුළේ ආයතන ප්‍රධානීන් එකතු වෙලා වෙනමම ගේම් ගහනවා.

 


දැන් ඔන්න සතොසෙ හොරකමක් අතේ මාට්ටු වෙලා. ඔහොම හොරකම් කීයක් දැන් මේ රටේ උනාද? එහෙම උන ගමන් රාජපක්ෂලා කරන්නේ මිනිහා එතනින් අයින් කරලා වෙන තැනකට දානවා. ඌ ගිහින් එතනත් ගහනවා.

අද ආයතන ඇතුළේ තියෙන්නේ ජනතාවට සේවා සපයන චේන් එකක් නෙවෙයි. හොරකම් කරන්න හදා ගත්ත චේන් එකක්. රටේ රාළ ඕක තමයි කියන්නේ රාජපක්ෂලා හොරකමට ලයිසන් දෙනවා කියලා. ඔය සියලු හොරු රාජපක්ෂලා අදුරනවා. එකට හොරකමේ ගිය කට්ටිය අදුරන්න බැරි වෙන්න බෑ. හොරු බව දැනගෙනම තමයි හොරු ආයතනවල ඉන්දවන්නේ.

ඒක තමයි තමන්ගේ හොරකම් වහගන්න තියෙන හොඳම ක්‍රමය.

හොරකමක් අහු උන ගමන් ඒ ආයතනයෙන් අයින් කරලා වෙන ආයතනයකට දානවා කියන්නේ මොකද්ද? පරණ ලයිසන් එක අයින් කරලා අලුත් ලයිසන් එකක් දෙනවා. ඒ එක්කම තව දෙයක් වෙනවා.

දැන් මේ රටේ මිනිස්සු හොරා කියන්නේ සතොස සභාපතිට. හොරකම එතෙන්ට පටු වෙනවා. එතකොට තමයි උඩ ඉන්න හොරුන්ට හොඳටම හොඳ.

එතකොට එයාලටත් පුළුවන් ඒ අස්සේ බලාගාරයක් දෙකක්, වරායක් දෙකක්, තෙල් ටැංකි ටික. කොළඹ ඉඩම් ටික දෙන බිස්නස් එක කරගන්න. දැන් බලන්න අර මැද ඉන්න හොරු ටික නිසා වාසි වෙන්නේ කාටද? උන්ගේ හොරකමක් අහු උන ගමන් ටක් ගාලා චාටර් කරනවා. ඒක කරන්නෙත් මෙයාලම තමයි.

ඇත්තටම උන් කරන්නේ උනුත් හොරකම් කරන ගමන් මහ හොරුන්ට ආවරණය සපයන එක. ඒක මාර පරිත්‍යාගයක්.



දැන් ඉතින් රටේ මිනිස්සු කතා කරන්නේ සතොස හොරකම ගැන. Pandora peper's ගැන නෙවෙයි. හෙට දවසේ තව හොරකමක් ඇවිත් සතොසේ හොරකමත් වැහිලා යයි. හැබැයි එතකොට අපට Pandora Papers මතකම නෑ. පරණ හොරකම් අලුත් හොරකම් වලින් වහනවා.



 රටේ රාළ අහන්නේ මෙච්චරයි. මෙහෙම හොරු කණ්ඩායම් තුනක් රටක මහජන දේපොල මංකොල්ල කනකොට රටක් ඉතුරු වෙයිද? ඒක නිසා වහාම මේ දූෂිත කණ්ඩායම තුනම එළවන්න ඕනි. ඇත්තටම මෙතන තියෙන්නේ මහජන නැගිටීමකින් බේරන්න ඕනි ගනුදෙනුවක්.

අර මහින්ද කියන විදිහේ තමයි ගනුදෙනුවක්. මහින්ද කියන්නේ පාරත් ඔට්ටුයි, වැල්ලත් ඔට්ටුයි, කුඹුරත් ඔට්ටුයි කියලානේ. ඇත්තටම දැන් ජනතාවටත් පාරට ඇවිත් බේරගන්න ඕනි ගනුදෙනුවක් මෙතන තියෙනවා. ඒත් මේ විපක්ෂය වෙන වෙනම දූෂණ විරෝධී සටන් කරනවා කියලා රටට බොරුවක් පෙන්නනවා. දූෂණ විරෝධි නම් එන්න එක පෙරමුණකට.

මේ හැමදේටම එරෙහිව සටන් වදින්න දේශපාලන පෙරමුණක් ඕනි. පොදු වේදිකාවක් ඕනි. තමන්ගේ අනන්‍යතාවය තියාගෙන පොදු වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න පුළුවන්.

ඒකට සංවිධානාත්මක දේශපාලන පෙරමුණක් ඕනි. ඒක නොකර විපක්ෂ තවමත් මේ නටන පිස්සුව මොකද්ද? මොකක් උනත් ඒ පිස්සුවට පින්සිද්ද වෙන්න තවමත් හොරු යහතින් බලයේ ඉන්නවා.

Priynatha witharana
එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි. ජයවේවා
මීට
රටේ රාළ


(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

Leader Whats app

 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්