පාස්කු ප්‍රහාරය ගැන සාකච්ඡාව ආයෙත් තදබල විදිහට මතුවෙලා. එන අප්‍රියෙල් 21 ක වෙනකොට පස්කු ප්‍රහාරයට අවුරුදු තුනක් සම්පූර්ණ වෙනවා.


ඒත් වින්දිතයන්ට යුත්තිය ඉෂ්ඨ වෙයි කියලා හිතන්න පුලුවන් සේයාවක්වත් පේනතෙක්මානෙක නෑ. කොහොම උනත් ආයෙත් පාස්කු ප්‍රහාරය ගැන සාකච්ඡාව තදබල විදිහට මතු වෙන්න පටන් අරන්. ඒකට බලපාපු හේතු කීපයකුත් තියනවා.

එකක් තමයි මේ දිනවල කෙරෙන අගරදගුරු හිමියන්ගේ වතිකානු සංචාරය. අනික එක පාරටම පාස්කු කොමිසමේ සියලු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ජනාධිපතිතුමා ගත්ත තීරණය.

ඊට අමතරව හිටපු CID අධ්‍යක්ෂක ශානී පවරලා තියන මානව හිමිකම් නඩුව.

මේ කාරණා තුන හින්දා ආයෙත් පාස්කු සාකච්ඡාව සැහෙන්න උඩට ආවා.

මේ කරුණු ගැන එක එක්කෙනා එක එක විග්‍රහ කරනවා. කොහොම උනත් මේ අලුත් සංවාදය ඇතුළේ කතා කරන්න දේශපාලනයක් තියනවා.

රටේ රාළගේ "අගරදගුරු ආණ්ඩුව පෙරළයිද" ලිපියෙන් කතෝලික සභාව යොමු වෙන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැන රටේ රාළ කතා කළා.



ඇත්තටම දැන් නම් හොඳටම පේන එක දෙයක් තියනවා. දැන් කතෝලික සභාව පාස්කු වින්දිතයන්ට මේ ආණ්ඩුවෙන් යුත්තිය බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒයාලා දැන් යුක්තිය බලාපොරොත්තු වෙන්නේ එක්කෝ ජාත්‍යන්තරයෙන්. නැත්තං ඊළඟට පත්වෙන ආණ්ඩුවෙන්.


කොහොම හරි ප්‍රශ්නය ජාත්‍යන්තරට ගෙනියන වැඩේ මුල් පියවර විදිහට අගරදගුරු හිමියන්ගේ වතිකානු සංචාරය හදුන්වන්න පුළුවන්. ආරංචි විදහට පාප් වහන්සේ වගේම තවත් කණ්ඩායම් ගණනාවක් හම්බ වෙන්න උන්වහන්සේ කාල සටහන හදාගෙනමයි ගිහින් තියෙන්නේ.

ඒ අතර ඇමරිකා එක්සත් ජනපදයේ අගරදගුරු හිමියනුත් ඉන්නවාලු. කොහොම හරි අගරදගුරු හිමියන් දැන් තියන තත්වය ගැන Breaf එකක් ජිනිවා මානව හිමිකම් සමුළුවට යවන්න උපරිම උත්සාහයක් ගනී.

ඇත්තටම මේ ක්‍රියාමාර්ග දෙකෙන් ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවේ ප්‍රතිරූපයට වගේම රාජපක්ෂලාගේ රාජ්‍ය තාන්ත්‍රිභාවයට මරු පහරක් එල්ල වෙනවා. ඒ වගේම කොයි වෙලේ හරි මේ සම්බන්ධව අපට ජාත්‍යන්තර බලපෑමක් එනවා.

එක තැනකදී මේ වෙනුවෙන් ස්වාධීන ජාත්‍යන්තර පරික්ෂණයක් කරන්න කියලා කියන්නත් පුළුවන්. එහෙම යෝජනාවක් ආවොත් ආණ්ඩුවට විරුද්ධ වෙන්න බෑ වගේම විරුද්ධ වෙන්න කිසිම හේතුවකුත් නෑ. මොකද මේ ප්‍රහාරයෙන් විදේශිකයන් ගනනාවකුත් මැරුණා.


274706361 518739759672219 381056131373826696 nදැන් රුසියානු හමුදා යුක්‍රේනයට ඇතුළු වෙලා ඉවරයි. ඇත්තටම දැන් යුද්ධය පටන් අරන් ..





ඇත්තටම අගරදගුරු හිමියන් වතිකානුවේ සංචාරය කරන මේ වෙලාව කියන්නේ යුරෝපයට ලොකු තර්ජනයක්, අභියෝගයක් එල්ල වෙලා තියන අවස්ථාවක්. රුසියා - යුක්‍රේන් අර්බුදය උස්සන්නම තැනකට ඇවිත්. දැන් රුසියානු හමුදා යුක්‍රේනයට ඇතුළු වෙලා ඉවරයි. ඇත්තටම දැන් යුද්ධය පටන් අරන්.

දැන් යුරෝපයට මේ තත්වය ඉස්සරහා බලාගෙනම ඉන්න බෑ. එයාලා මේක සලකන්නේ යුරෝපයට වගේම නේටෝවට එල්ල උන තර්ජනයක් විදිහට. තත්වය තවත් දරුණු උනොත් අනිත් ප්‍රාදේශීය හේතු නොසලකා හරින්න එයාලට සිද්ධ වෙනවා.

එහෙම උනොත් ආණ්ඩුවට චාන්ස් එකක් එනවා. ඒත් ලෝක යුද්ධයක් නාවොත් වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා ප්‍රශ්නය ආය මතු වෙනවා.

ඊළඟට ආණ්ඩුව එක පාරටම සම්පුර්ණ පාස්කු කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ගොඩක් අයට ඒක පුදුම සහගත තත්වයක්.
සමහරු කියන්නේ ඒක උනේ ජීනිවා සමුළුව නිසා කියලා. තව අය කියනවා අගරදගුරු හිමියන්ගේ වතිකානු ගමන හින්දා කියලා.

ශානී ගොනු කරපු මූලික අයිතිවාසිකම් පෙත්සම නිසා කියලා කියන අයත් ඉන්නවා. ඊළගට පූජිත හා හේමසිරිට දුන්න නඩු තීන්දුව ඒකට බලපෑවා කියලා කියන අයත් ඉන්නවා.

රටේ රාළ කියන්නේ ඔය හේතු අඩුවැඩි වශයෙන් බලපාන්න ඇති. හැබැයි රටේ රාළට හිතෙන්නේ මේක ඇතුළේ ඊට වඩා වෙනස් හේතුවක් තියනවා කියලා.

ආණ්ඩුව පාර්ශවයෙන් පාස්කු විරෝධයට බැට් කරන්න ආකාරයේ වෙනසක් කරන්න හදන්නේ කියලයී රටේ රාළට හිතෙන්නේ. එයාලා ටිකක් ලණුව බුරුල් කරලා උත්තරයක් හොයන්න හදන බව පේනවා.

හැබැයි කොහොම උනත් ආණ්ඩුව පැත්තෙනුත් ඊළඟ ක්‍රියා මාර්ගයකට යන්න වෙනවා. මේ වැඩෙන් ඒකට ආණ්ඩුවට පොඩි කාලයක් හම්බ වෙනවා. ඒ මේ ලේඛණ ටික පරිශීලනය කරලා කතෝලික සභාව ඊළඟට පියවරට එන්න ගතවෙන කාලය ආණ්ඩුවට තියනවා.

ඒ අතර ආණ්ඩුවට පුළුවන් මේ විරෝධයට මුහුණ දෙන විදිහ ප්ලෑන් කරන්න. ජිනීවත් එතකොට ඉවරවෙලා. ආණ්ඩුව මේක ප්ලෑන් කරන විදිහ ගැන ඉවක් රටේ රාළට තියනවා. ඒත් ආරක්ෂක හේතුන් මත දැන්ම ඒක කියන්න බෑ.

හැබැයි එතනදී ශානී ඔබේසේකර පවරලා තියන මානව හිමිකම් නඩුව ආණ්ඩුවට යම් බාධාවක් වෙන්න පුළුවන්. මොකද FR එකක් නිසා ඒක ඉක්මනට ගන්න වෙනවා.



දැන් එළියට දාපු පාස්කු කොමිසමේ වාර්තාවලින් තවත් අලුත් කරුණු එළියට එන්න පුලුවන්. ඒක කථානායකත් කිව්වා. ඒ වගේම ශානිගේ මුලික අයිතිවාසිකම් පෙත්සමෙන් අලුත් කරුණු ගොඩක් එලියට ඇවිත් තියනවා. මෙච්චර කාලයක් සමාජය ඇතුළේ කටකතා හැඩයෙන් තිබුණ දේවල් ශානිගේ කරුණු දැක්වීමෙන් එලියට ආවා.



Shani Abeysekara.jpg

''ශානී කියන විදිහට පරීක්ෂණ හරියට කළා නම් අප්‍රියෙල් 21 ක ප්‍රහාරය වලක්වා ගන්න තිබුණා.''



ශානී කියන විදිහට මේ ප්‍රහාරය ගැන රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා කලින් දැනගෙන හිටලා තියනවා. ඒ වගේම පස්කු ප්‍රහාරයට කලින් ඒ ත්‍රස්තයන් කරපු අත්හදා බැලීම් කීපයක් තිබිලා තියනවා. අර මඩකලපුවේ පොළිස් නිළධාරින් දෙදෙනාගේ ඝාතනය එකක්. හැබැයි ඒ ඝාතනයේ ඇත්ත බුද්ධි අංශ හැංගුවා කියලා ශානි චෝදනා කරනවා.

සහරාන්ලා කරපු ඒ ඝාතනයට කිසිම සම්බන්ධයක් නැති හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් බොරුවට අල්ලලා තියනවා කියලයි ශානි කියන්නේ.

ශානී කියන විදිහට පරීක්ෂණ හරියට කළා නම් අප්‍රියෙල් 21 ක ප්‍රහාරය වලක්වා ගන්න තිබුණා. එතකොට කවුද ප්‍රහාරය වලක්වා ගෙන නැත්තේ කියලා ප්‍රශ්නය එනවා. මෛත්‍රීද නැත්නම් බුද්ධි නිලධාරීන්ද කියලා.

එතකොට ආය තව ප්‍රශ්නයක් එනවා. මඩකලපුව පොලිස් නිලධාරීන් දෙන්නා මැරුවේ සහරාන්ලා නෙවෙයි කියලයි දේශපාලන අධිකාරිය දැනගෙන හිටලා තියෙන්නේ. ශානීට අනුව එතන දේශපාලන අධිකාරිය නොමග යවලා.

එතකොට මේ තත්වය සම්බන්ධව හරි තක්සේරුවක් දේශපාලන අධිකාරියට තිබුණද කියන ප්‍රශ්නය එනවා. ඒක මෛත්‍රීට තියන Plus Point එකක්. එහෙනම් මේක පිටිපස්සේ සැලැස්මක් තියන බව පේනවා. ඒ කියන්නේ ප්‍රහාර එල්ල වෙනතුරු නොමඟ යැවීම් කලාද කියන සැකය මතුවෙනවා.

ඊළඟට පූජිත හා හේමසිරි නිදහස් කරමින් අධිකරණය කිව්වේ බුද්ධි අංශ ප්‍රධානියා දීපු තොරතුර බුද්ධි තොරතුරක් නෙවෙයි කියලා. ඒකයී ශානි කියන කතාවයි ඇහුවම බුද්ධි ප්‍රධානියා ප්‍රහාරය ගැන දැනගෙනත් ඒ තොරතුර ආරක්ෂක අංශ එක්ක බෙදාගෙන නැති බව පේනවා.

ඒ වගේම ප්‍රහාරය එල්ල වෙලා පැය කිපයක් ඇතුළ බුද්ධි අංශ ප්‍රධානියා ලබාදුන් වාර්තාව කලින් සකස් කරලා නොදී තියාගෙන හිටපු එකක් කියලා ශානිගේ ලිපි ගොනුවල තියනවා.




ඒකෙන් මේ ගැන බරපතල සැකයක් මතුවෙනවා. මොකද දැන් මේක දේශපාලන බලය ලබාගැනීම වෙනුවෙන් මුස්ලිම් අන්තවාදින් යොදාගෙන කරපු ප්‍රහාරයක් කියන චෝදනාව කතෝලික සභාවෙන් එල්ල කරලා ඉවරයි. ඊළගට මෙච්චර කාලයක් සමාජයේ කැළඹුව සොනික් සොනික් කියන නම වටේට දැන් අලුත් කතාවක් ගොතන්න පුළුවන් විදිහට කරුණු එලියට ඇවිත්.



ඇත්තටම ශානී කියන මේ කාරණා අපට බලන්න වෙන්නේ මධ්‍යස්ථව. ඒවා ඇත්ත වෙන්නත් පුළුවන්. බොරු වෙන්නත් පුළුවන්. ඒවා ගැන අවසන් අදහසක් හදා ගන්න වෙන්නේ ශානිගේ නඩුවට ලැබෙන අධිකරණ තීන්දුවත් එක්ක.

හැබැයි මෙතන මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ශානි කියනදේ දැන් එළියට දාලා තියන පාස්කු කොමිසමේ වාර්තාවලින් තහවුරු වෙනවා නං ඒක බරපතල තත්වයක්. එහෙම උනොත් ඒකෙන් ආණ්ඩුවට බරපතල දේශපාලන පරාජයක් ගේන්න පුළුවන්.

ඒක නිසා දැන් කරුණු පෙළ ගැහෙන විදිහට මේ ප්‍රශ්නය කාටවත් යට ගහන්න ලේසි නෑ. යට ගහන්න හදනවා නං එයාට මේකට සම්බන්ධ කෙනෙක් විදිහට තමයි Brand වෙන්නේ.

ඇත්තටම මෙතනදී මේ පරීක්ෂණය වගේම නීතිමය පියවරයන් අලුත් කරන්න පවා වෙන්න බැරි නෑ. කොහොම උනත් වැඩේ කල් යන එක ආණ්ඩුව පැත්තට තව තවත් අවාසියි. එතකොට වෙන්නේ හරි හෝ වැරදි ආණ්ඩුවට අවාසි සහගත කරුණු සමාජ මනස ඇතුළේ තහවුරු වෙන එක.

කොහොම උනත් ශානි ගේන කරුණු වගේම පාස්කු වාර්තාවේ තියන කරුණු වලින් පාස්කු නඩුව කොච්චර කල් ඇදුනත් ඒක දේශපාලන අර්බුදයක් බවට පත්වීම නවත්තන්න බෑ.



ඒ වගේම මේ නඩුවේ ප්‍රබල සාක්ෂියක් වන ශානීට ජීවිත තර්ජනයක් එන්න පුළුවන් බවත් මේ කරණු පෙල ගැස්සුවහම හිතෙනවා. ඒ වගේම දැන් දවසින් දවස අලුත් අනාවරණයන් වෙන්න තියන ඉඩ වැඩී. සමහරවිට පාපෝච්චාරණයන් පවා වෙන්න බැරි නෑ. මොකද මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය හැමදාම යට කරගෙන තියා ගන්න බෑ. මිනීමරුවෙකුට උනත් එහෙමයි. පාපෝච්චාරණය ඔය ඕනි කෙනෙකුට අදාළයි.

Priynatha witharana
එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා

මීට
රටේ රාළ

(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්...)

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්