ඊයේ පෙරේදා ඉන්දියාවයි, ලංකාවයි අතර ඩොලර් බිලියනයක ණය ගිවිසුමක් අත්සන් කළා.



අපේ රටට ඕනි අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ ගන්න ඉන්දියාව දුන්න කොන්දේසි සහිත ණයක් ඒක. බැසිල් නං කිව්වේ කොන්දේසි නෑ කියලා.

අපි දන්න විදිහට ඒ ණය මුදලෙන් 75% ක් යොදවන්න ඕනි ඉන්දියන් නිෂ්පාදන මිලදී ගන්න. ඉතිරි 25 % ඉන්දියාවේ නිෂ්පාදනය නොකරන වෙනත් අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ ගේන්න යොදවන්න පුළුවන්.

ආණ්ඩුව පැත්තෙන් ඒ ණය ගැනීම පෙන්නන්නේ බැසිල්ගේ තවත් විශ්ව කර්ම වැඩක් විදිහට. ඇත්තටම රටක් නන්නත්තාර උනාට පස්සේ පරාජයනුත් ජයග්‍රහණ විදිහට පෙන්නන්න පුළුවන් කාලකණ්ණි පරිසරයක් හැදෙනවා.

ඒ ණය මුදලෙන් ඉන්දියාව කීපාරක් නං ලාබ ගන්නවද? එකක් ණයවලට පොලිය ගන්නවා. ඊළඟට ඉන්දියාවේ නිෂ්පාදන අපට විකුණලා ඒවායේ ලාභයත් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඉන්දියානු වෙළපොල අපේ රට ඇතුළේ තව තවත් ප්‍රවර්ධනය වෙනවා.

ඊළඟට ඉන්දියාව ඉස්සරහා අපි දෙකට නැමෙන ජාතියක් බවට පත් කරනවා. ඉන්දියාව ඉස්සරහා විතරයක් නං නෙවෙයි ඔය වගේ ලැජ්ජා සහගත ණය කීයක් පහුගිය කාලේ අපි ගත්තද? අරන් තමයි එදා වේල ගැට ගහ ගත්තේ. බංගලිදේශයෙන්, පකිස්තානයෙන් ඩොලර් මිලියන දෙතුන් සීයේ ණය ගත්තා.

පහුගිය දවසක පකිස්ථානයට ගත්ත IMF ණයකනුත් අපි ඩොලර් මිලියන 200 ක ණයක් ඉල්ල ගත්තා.



ඇත්තටම බැසිල් කියන්නේ ණය ගන්න දක්‍ෂයෙක්. ඒක හරියටම කියනවා නං කියන්න ඕනි බැසිල් කියන්නේ හිගාකන්න දක්ෂයෙක් කියලා. අර අපේ සමාජයේ මහ පහත් කතාවක් තියනවා. අම්මා දෙනවා කිව්වොත් තාත්තා ගස් බැදලා හරි දෙනවා කියලා. ඇත්තටම දේශපාලන අර්ථයෙන් බැලුවොත් බැසිල් එහෙම කෙනෙක්.




අද මේ රටට තියෙන ඒකම උත්තරය හිගා කෑම බවට පත් කළේ රාජපක්ෂලා. හිගා කෑම හැර වෙන උත්තරයක් රාජපක්ෂලාට නෑ. හැබැයි මේ හිගා කෑම වෙන්නේ අමුතු ක්‍රමයකට. මේක හරියට කියනවා නං මෙයාලා කරන්නේ රට උකස් කරමින් හිඟා කෑම. අර භාෂාවෙන් කියනවා නං තාත්තා ගස් බැදලා අම්මා දීලා. වැඳලා, අත පාලා කීයක් හරි ඉල්ල ගන්න එක ඇත්තටම ඔයිට වඩා නම්බුයි. මොකද රට උකස් කිරීමෙන් ලැබෙන කොමිස් එක යන්නේ පවුලට.

රට උකස් කලාට පස්සේ දෙන ණය ටික එකතු වෙන්නේ රටේ ගිණුමට. ඒ ණයවලිනුත් රටට නියමාකාර වැඩක් වෙන්නේ නෑ. ඒකෙන් කොටසක් හොරා කනවා. කොටසක් පුස්සෝ පුම්බන්න වියදම් කරනවා.

බැසිල් මේ ණය මුදල ගන්න ඉන්දියාවට යන්න හැදුවේ දැනට මාස එක හමාරකට විතර උඩදී. හැබැයි ඒ ගමන අවස්ථා කීපයකදීම ඉන්දියාව කැන්සල් කලා. ඉන්දියාව කිව්වේ ණය ඕනි නං යුතුකං ඉටු කරලා වරෙන් කියලා.

මේ පාර බැසිල් යුතුකම් ඉෂ්ඨ කරලා. පූනරීන්, සාම්පූර්, මන්නාරමේ බලශක්ති ව්‍යාපෘති ඉන්දියාවට පැවරුවා. ඊට පස්සේ තමයි ඉන්දියාව බැසිල්ට දොර ඇරියේ.



බැසිල් කියන්නේ නියම අවස්ථාවාදී ප්‍රායෝගිකවාදියෙක්. එයා දන්නවා මේක තමයි අවස්ථාව කියලා. දැන් මිනිස්සුන්ට තියන එකම ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නය. ඒ කියන්නේ බඩගින්න. බඩගින්න ඉස්සරහා දේශප්‍රේමය පැනලා ගිහින්. දේශප්‍රේමියෝ යටත් වෙලා. දැන් මිනිස්සු ඉල්ලනේ රට ඉන්දියාවට විකුණලා හරි බඩු ගෙනත් දීපන් කියලා.




ඒ කතාව දවසට කීපාරක් පෝලිම් අස්සෙන් ඇහෙනවද?ඒ තැනට ජන මනස පිරිහිලා. අපේ රටේ මිනිස්සුන්ගේ පාරිභෝජනවාදී මනස දැන් උච්චතම අවස්ථාවට ඇවිත්. ඒක විසින් රාජපක්ෂලාට පිට්ටනිය හදලා දීලා තියනවා රට විකුණාගෙන කන්න. දැන් එයාලා ඒ පිට්ටනියේ සෙල්ලම් කරනවා.

අපේ රටේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. හැබැයි අපේ රටේ මුදල් ඇමතිවරයා මාස තුනකට වැඩි කාලයක් රටේ මුදල් තත්වය ගැන පාර්ලිමේන්තුවට කියලා නෑ. ඒක ඇත්තටම බරපතල තත්වයක්.

ඊළඟට අපි මෙහෙම ණය ගැනීමෙන් වෙන්නේ අපේ ණය තව තවත් වැඩි වීම. අපිට ණය ගෙවන්නේ බෑ. ඒක දැන් ඕනි කෙනෙක් දන්නවා. මේ මාසේ වගේම ලබන මාසේ චීනයට ගෙවන්න තියන ණය ගෙවන්න බෑ. ඇත්තටම අපි බංකොලොත්. ගිය පාර ඉන්දියාවට ගෙවන්න තිබුණ ඩොලර් 900 ඉන්දියාවට කියලා කල් දාගත්තා.



ඉතින් ඔයාලා හිතන්න ණය ගෙවන්න බැරි එකෙකුට ජීවත් වෙන්න තියෙන්නේ හිගාකාලම තමයි. නැත්තං තියන දෙයක් විකුණලා. ඊළඟට ණය ගෙවන්න බැරි එකාට ණය දෙන්නේ මොන මෝඩයද? ඔයාලා හිතනවද ඉන්දියාව එහෙම මෝඩයෙක් කියලා. ඉස්සර එහෙම මෝඩයෙක් හිටියා සෝවියට් දේශය කියලා.




ඉන්දියාව මේ ණය දෙන්නේ රටක් විදිහට අපට ඉතාම අහිතකර කොන්දේසි දාලා. කොටින්ම මේ රටේ වැදගත්කම තැන් ටික ඉන්දියාව අල්ලනවා. බැසිල් තමයි ඒකට ඉන්දියාවට ඕනි මිනිහා. අනික ඒකට යටිතල පහසුකම් හදන්න ඕනි මිනිහත් ඉන්නේ එහේ. ඒ කියන්නේ මිලින්ද මොරගොඩ.

බැසිල්ලා, මිලින්දලා, ගෝඨාභයලා මේ පොලොවට කිසිම බැදීමක් නෑ. ඒක නිසා ඉන්දියාවට ඕනි දෙයක් ඉල්ල ගන්න නියම සුදුස්සා බැසිල්. ඇත්තටම මේකට බැසිල් විතරක් නෙවෙයි වගකියන්න ඕනි. බැසිල්ට පාර්ලිමේන්තුවට එන්න 20 වෙනි සංශෝධනයට අත උස්සපු හැම දේශද්‍රෝහියාම මේකට වගකියන්න ඕනි. ඒක සහය දුන්න හැම චීවරධාරියාම මේකට වගකියන්න ඕනි.

ඊළඟට මේ ගොන් තකතීරු ආණ්ඩුව දැන් හිතන්නේ මේ ඔක්කොම IMF ගිහිල්ලා බේර ගන්න. ඇත්තටම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් දන්නවා අපි ණය ගෙවන්ඩත් ණය ගන්න ජාතියක් කියලා. කිසිම වගකීමක් නැති ගොබ්බ සේනලා ටිකක් මේ රට පාලනය කරනවා කියලා. අපි මේ කරන්නේ සියල්ල වැරදුනාට පස්සේ IMF එකට දුවන එක. හරියට අන්තිමට රුපියල පා කලා වගේ.



දැන් IMF ගිහින් මේක බේරන්න බෑ. රුපියල පා කරලා ආණ්ඩුව කිව්වේ ඔන්න අපි විපක්ෂය කියනදේ ඇහුවා කියලා. ඇත්තටම මේ ගොං ආණ්ඩුව අවශ්‍ය වෙලාවේදී මොකුත්ම කළේ නෑ. හැමදේම කළේ වෙලාව පැන්නට පස්සේ. ඊළඟට මෙයාලා කරන්න හදන්නේ චීන නිදහස් වෙලද ගිවිසුම අත්සන් කරන එක..




සමහරවිට සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුමත් බලාත්මක කරයි. චීනයට ණය ටික ගෙවන්න බැරි නිසා දෙන කප්පම ඒක. අපේ රටවල් දෙක අතර තීරු බදු නැතිව භාණ්ඩවලට එහා මෙහා යන්න පුළුවන් වෙළඳ පොල හැදෙනවා කියලා රාජපක්ෂලා කියයි.

මේ රටේ ඉන්න වහල්ලුත් ඒක පිලිගනී. අවසානයේදී වෙන්නේ චීන බඩුවලින්ම අපේ වෙළපොල පිරිලා යයි. දේශීය නිෂ්පාදනවලට දෙයියන්ගෙම පිහිට තමයි.

රාජපක්ෂලා අපේ රටේ බලශක්තිය ඒකාධිකාරිය ඇමරිකවට හා ඉන්දියාවට දෙනවාමයි. ඒ වගේම චීන බඩුවල ඒකාධිකාරියක් බිහි කරනවාමයි. සමහරවිට එදාට පෝලිම් නැති වෙයි. හැබැයි අපි සියල්ල නැති කරගත්ත නිවටම නිවට ජාතිය බවට ලෝකය ඉස්සරහා පත්වෙයි.



දැන් ඔයාලා අහයි හරි එහෙනම් මේකට මොකද කරන්න ඕනි කියලා. මොකද්ද රටේ රාළගේ විසදුම කියලා. ඇත්තටම දැන් රටේ රාළ කියන්නේ පළවෙනි විසදුම රාජපක්ෂලා එලවන එක. හැබැයි ඒ විසදුමට ඉස්සෙල්ලා මේ රටට ජාතික එකගතාවයක් හා පොදු සම්මුතියක් හැදෙන්න ඕනි. ඇත්තටම ඒ සාකච්ඡාව දැන් වහාම පටන් ගන්න ඕනි.




රටේ රාළ මීට ඉස්සෙල්ලත් තමන්ගේ යෝජනාව කිව්වා. කමක් නෑ ආයෙත් කියන්නම්. මොකද දැන් රාජපක්ෂලා එලවන්න පුළුවන් කියන එක සහතිකයි. ඒ වගේම එලවන්න ඕනි කියන එකත් සහතිකයි.

ඒත් එලවලා ගේන්නේ මොකාද කියන ප්‍රශ්නයේ හැම වෙලේම අපි හිර වෙනවා. තවත් වැඩපිළිවෙලක් නැති කෙනෙකුට, ඒ වගේම රාජපක්ෂලා කරන වැඩේම ඉස්සරහට කරන්න හදන කෙනෙකුට නං ආය රැවටෙන්න එපා.

ඊළඟට රට බේරගන්න පුළුවන් කියලා විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් පේන තෙක්මානෙක නෑ. එහෙම තත්වයක් ඇතුලේ තියෙන එකම උත්තරය පොදු එකඟතාවය විතරමයි. කාගෙත් තියන හොද දේවල් එකතු කරලා ඉස්සෙල්ලා ජාතික එකඟතාවයක් හදාගමු. දැනට තියන එකම උත්තරය ඒක.

ඒක  ඇතුළේ නායකයෙක් හදමු. ඊට පස්සේ රාජපක්ෂලා පන්නමු.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්..)

 

 


The Leader TV අද වීඩියෝ 
 

විහිලුවක් නොවෙයි ඒ කතාව ඇත්තයි ! | මොණරවිලගේ ලියමන

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්