ගෝඨාභය ජනාධිපති කරන්න පෙළ ගැහුණ ගොඩක් අය තමන්ගේ ඒ ඉතිහාසය ගැන අද කම්පා වෙනවා.



සමහරු නං කියන්නේ ඒ වෙලාවේ කරන්න තිබුණේ ඒක කියලා. ඇත්තටම එහෙම කියන අය තමයි පට්ට දේශපාලන කුහකයෝ. මේ රටේ අනාගතය දකින්න බැරිව තමන්ගේ වාසියට ගෝඨාභය බලයට ගෙනාපු දේශපාලන අනාථයෝ.

ඇත්තටම තමන්ට වැරදුනා කියලා පිලිගන්න අය ඊට වඩා ගොඩක් හොඳයි.

එදා ජනාධිපතිවරණයේදී රටේ රාළ ගෝඨාභයට ඡන්දය නොදිය යුතු හේතුව කියලා ලිපියක් දැම්මා. එදා රටේ රාළ කිව්වේ ගෝඨාභය ඉවත් කරගත්තා කියව්ව ඇමරිකන් පූරවැසිභාවය ගැන රටේ රාළ සෑහීමකට පත් වෙන්නේ නෑ කියලා. ඊළඟ ඇමරිකානු මෙහෙයුම දියත් වෙන්නේ ගෝඨාභය හරහා කියලා. අද ඒ දේ ඒ විදියටම සිද්ධ වෙනවා.

එදා රටේ රාළට ඒ ලිපියට පිලිතුරු ලැබුණේ ගල් මුල් වලින්. හැබැයි දැන් අවුරුදු දෙක හමාරකට පස්සේ රටේ රාළ හරි කියලා එයාලට පිලිගන්න වෙලා. එත් ඒක කියන එයාලා නිහතමානී නෑ.

එතකොට ඔයාලා හිතයි ගිය ජනාධිපතිවරණයේ රටේ රාළ කාටද ඡන්දය දුන්නේ කියලා. රටේ රාළ කාටවත් ඡන්දය දුන්නේ නෑ. ඡන්දය වර්ජනය කළා. පැහැදිලි උත්තරයක් නැති වෙලාවක ඡන්දය වර්ජනය කිරීමත් ඡන්දදායකයාට තියන එක උත්තරයක්. ඒක කරන්න බය වෙන්න ඕනි නෑ. අඩුම ගානේ මේ පාපකර්මවලට කර ගැහුවේ නෑ කියන සතුට හරි තියනවා.

 

කොහොම හරි 2035 වෙනකං හොල්ලන්න බෑ කියලා ගෙනාපු රාජපක්ෂ පවුල් පාලනය දැනටමත් රට හොම්බෙන් ඇරලා ඉවරයි. රාජපක්ෂලා ගෙනාපු අයත් හොම්බ බිම ඇනගෙන, හොම්බත් පතුරු ගහගෙන ඉන්නවා.

 

ඇත්තටම මේ අවුරුදු දෙක ඇතුළත රාජපක්ෂලා රට විනාශයෙනුත් විනාශයට ඇදගෙන ගියා. රට ආය ගොඩගන්න බැරි තැනටම ඇවිත්. ඉතිරි අවුරුදු දෙක හමාරක් මෙහෙම ගියොත් ආයෙමත් රටක් ගැන නොහිතුවාට කමක් නෑ.

දැන් සමහරු රටේ බේරන්න කියලා රාජපක්ෂලා එක්ක සර්ව පාක්ෂික සමුළු තියනවා. ඇත්තටම දැන් ඕනි රාජපක්ෂලාගෙන් රට බේරගන්න සර්ව පාක්ෂික සමුළුවක්.

රාජපක්ෂලත් එක්ක තියන මේ සර්ව පාක්ෂික සමුළුවේ මූලිකත්වය ගත්තේ ශ්‍රීලනිපය. එයාලා කියන්නේ රටේ තියෙන මේ අර්බුදය ඉස්සරහා කාටවත් දේශපාලන කරන්න අයිතියක් නැතිලු. මේ වෙලාවේ ඔක්කොමලා එක්ක එකතු වෙලා රට ගොඩනගන්න උදව් වෙන්න ඕනලු. ලගදී ඡන්දෙකුත් නැතිලු.


රාජපක්ෂලා එක්ක රට ගොඩගන්න පුළුවන්ද?


ඡන්ද කාලෙට දේශපාලනය කරමුලු. සරලව ගත්තොත් ශ්‍රීලනිපය කියන්නේ ඕක. ඇත්තටම රනිල් කියන්නෙත් ඕක.

රටේ රාළ එයාලගෙන් අහන්නේ මෙච්චරයි රාජපක්ෂලා එක්ක රට ගොඩගන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නයට අවංකව උත්තර දුන්නොත් එක වාරයක් නෙවෙයි සිය දසහ් වාරයක් බෑ කියලා උත්තරය එනවා.

 ලංකාවේ ලොකුම හොරු, කොමිස්කාරයෝ, පාවාදෙන්නෝ, මැරයෝ එක්ක පුළුවන්ද රටක් ගොඩනගන්න. ඒක නිසා ඒ තීරණය සද්භාවයෙන් ගත්තත් අයටත් අන්තිමට කියන්න වෙන්නේ මෝඩයෝ කියලා තමයි.

 

දැන් තියන ප්‍රශ්නය ඉතුරු අවුරුදු දෙක හමාර රාජපක්ෂලාට මෙහෙම යන්න දෙනවද කියන එකයි. නැත්තං ඊට කලින් එලවනවද කියන එකයි. ඇත්තටම රටට තියෙන මූලික ප්‍රශ්නය දැන් ඕක. අපි රාජපක්ෂලාට එලවන්න ඡන්දයක් එනකං බලා ඉන්න ඕනිද?

 

රටේ රාළ නං කියන්නේ එහෙම ඕනි නෑ කියලා. මෙතන තියෙන්නේ උත්තර තුනයි එක්කෝ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි එහා මෙහා කරලා අන්තර් වාර ආණ්ඩුවක් හදන්න ඕනි.

මතක ඇති රටේ රාළ ඒ යෝජනාව කළා. හැබැයි ඒකේ ප්‍රධාන කොන්දේසිය තමයි රාජපක්ෂ කෙනෙක් අගමැති වෙන්න බෑ. ඊළඟ මැතිවරණයට යනකං විතරක් හදන ආණ්ඩුවක් ඒක. සියලු පක්ෂ නියෝජනය වෙන කැබිනට්ටුවක් හදලා පොදු එකඟතාවයකින් ඉතිරි අවුරුදු දෙක යනවා. විජේදාස රාජපක්ෂත් ඊට සමාන කතාවක් කියනවා දැක්කා.

හැබැයි මේ සේරම ජනාධිපතිට පාර්ලිමේන්තුවේ වාර අවසාන කරලා අවසන් කරන්න පුළුවන්. එහෙමත් නැත්තං පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියෙන් ඡන්දයකට යන්න ඕනි.

හැබැයි ඔය මොනවා කරන්නත් ඉස්සෙල්ලා රාජපක්ෂලා මේ මහජන බලය ඉස්සරහා දණ ගස්සලා ඉන්න ඕනි. ඒක දැන් කරන්න පුළුවන්. අර එදා කොන්ක්‍රීට් කියලා කියපු ආණ්ඩුව දැන් හෙලවෙනවා. ඒ ගලට ගහලා තිබුණ මුක්කු ගොඩක් ගැලවිලා. ඇත්තටම දැන් ගල පෙරලෙනවා. දැන් කියන්න තියෙන්නේ පහල ඉන්න අයට අයින් වෙන්න කියලයි. සමහරුන්ට ඒක දැනිලා ස්ව කැමැත්තෙන් අයින් වෙනවා.

රාජපක්ෂලා නැවත බලයට ගේන්න මී හරක් වගේ කුඹුර හාලා දුන්න විමල්ලා, ගම්මන්පිලලා දැන් එලියට දාලා. එයාලා තවමත් නියම නිවටයෝ බව පෙන්වමින් බැසිල් රාජපක්ෂට විතරක් ගහනවා. මේ රටට මහින්ද, ගෝඨාභය ඇතුළු අනිත් රාජපක්ෂලා කරපු විනාශය යට ගහනවා.

 

කොහොම උනත් දැන් මේ රටේ තියෙන්නේ බැසිල් විරෝධයක් නෙවෙයි. බැසිල් මුල් කරගත්ත රාජපක්ෂ විරෝධයක්.ඊ යේ අපි දැක්කා ලන්සා ඉල්ලා අස්වුණා. ඒ වගේ තව පෝලිමක් ඕක ඇතුළේ ඉන්නවා. හැබැයි එයාලා එළියට එන්නේ තමන්ට වාසිදායක අවස්ථාවේ. රට ගැන හිතලා ඔය එකෙක්වත් එලියට එන්නේ නෑ.

 

විමල්ලා, ගම්මන්පිලලාත් එලෙව්වේ නැත්තං තවම ඕක ඇතුළේ වැටිලා නෙවෙයිද? ඒක නිසා රටේ රාළ කියන්නේ දැන් බුරුල් වෙලා තියෙන ගල පෙරලන්නම ඕනි. ආය මේකට මුක්කු ගහන්න ඕනි නෑ. වහාම ශ්‍රීලනිපය ගහලා තියන මුක්කුව ගලවගන්න ඕනි. ගලවන්නේ නැත්නම් ශ්‍රීලනිපයත් එක්කම ගල පෙරලන්න ඕනි.

රාජපක්ෂලා බලයේ තියන හැම තත්පරයක්ම අපට වෙන්නේ අහිමිවීම් විතරයි. අපිට මේ රටේ වැලි කැටෙත් අහිමි වෙනවා. බැසිල් ලෝකේ වටේ ගිහින් රට විකුණනවා. ඇත්තටම බැසිල් මෙතන සේල්ස් රෙෆ් කෙනෙක් විතරයි. ඒවට ඕනි කැබ්නට් පත්‍රිකා දාන්නේ ජනාධිපති. එතකොට එයා බබාද?

දැන් ඉන්දියාවට මේ රට සින්න කරලා දෙන්න යන්නේ. මහ පොලොව, අහස, මුහුද විතරක් නෙවෙයි මිනිස්සුත් එක්කම විකුණන්න හදන්නේ. ඒක මහ භයානක ඇමරිකන් - ඉන්දියන් Project එකක්. ගොඩක් ගිවිසුම් අද වෙනකොට අත්සන් කරලා ඉවරයි.

ඊයේ ආපු විටෝරියා නූලන්ස් ආවේ ඇමරිකාවේ ඇමරිකන් පුරවැසියෝ දෙන්නා හම්බ වෙලා ඇමරිකාවේ කොටස බේරගෙන යන්න.

ඇත්තටම රටේ රාළ කියන්නේ ඒ Project එක පිටිපස්සේ ඉන්නේ ගෝඨාභය - බැසිල් - මිලින්ද මොරගොඩ කියන දුෂ්ඨ හවුල. ඒක නිසා රාජපක්ෂලා එලවන්නේ නැතිව මේකට උත්තර හොයන්න බෑ. දැන් මේ රටේ මිනිස්සු ලෑස්තියි රාජපක්ෂලා එලවන්න. ඇත්තටම ගහලා උනත් එලවන්න උනත් ලෑස්තියි. ඒ තීරණාත්මක අවස්ථාවට පාවිච්චි කරන්න ඕනි මහජන බලය.

ඒකට ඡන්දයකින් ප්‍රකාශ වෙනකම්ම ඉන්න ඕනි නෑ. ඇත්තටම මේ වෙලාවේ ඡන්දයක් එනකං බලා සිටීම මහා පාවාදීමක්.

 

දැන් රාජපක්ෂලාට ඉතිරි වෙලා තියෙන්නේ මර්ධනය විතරයි. ඒකට බයේ ගොඩක් අය හැංගෙනවා. ඇත්තටම මේ රටේ හිටිය මර්ධනකාරී නායකයෝ ඉස්සරහා රාජපක්ෂලා මොන පුස්සොද? ගැසට් එකක් හරියට ගහගන්න බැරි රාජපක්ෂලාට ඒ වැඩෙත් කරන්න බෑ.

 

ඒක නිසා මාලිගාව ලගට ගිහින් එන සටන් දැන් වැඩක් නෑ. නුගේගොඩට ගිහින් කෑගහලා හැරිලා ඇවිත් වැඩක් නෑ. ඒකෙන් අද ජවිපෙ කරපු විරෝධය රටේ රාළ හෑල්ලුවට ලක් කරන්නේ නෑ.

රටේ රාළට කියන්නේ ඔය මේ පොලොව ඉල්ලන විරෝධය නෙවෙයි. ඊට වඩා ලොකු දෙයක් දැන් මේ මහ පොලොව ඉල්ලනවා. දැන් ඕනි මාලිගාව යටත් කරගන්න සටනක්. ඒක කරන්න ප්‍රජාතන්ත්‍රවාදී සිමා ඇතුළේ ඕනි තරම් ඉඩ තියනවා. එකම එක තීරණාත්මක සාධකය මහජන බලය විතරයි.

සියලු දෙනා පොදු සම්මුතියකට එකඟ නම් මාලිගාව යටත් කරගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒකට ඕනි ඔය සියලු සටන් ඒකාබද්ධ කිරීමක් විතරයි. ඒ කියන්නේ එකතු වෙලා පැන්නීමක් තමයි තියෙන්නේ. හැබැයි ඒකට රට රකින පොදු සම්මුතියක් අනිවාර්යයි.



එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

 Priynatha witharana

මීට
රටේ රාළ

(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්..)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්