සුනිත්‍ය බල ශක්තිය උපයෝගී කරගෙන විදුලි බලය උත්පාදනය කිරීම පිළිබදව රජයේ ඉහළම තැන්වලින් නිතර නිතර ඇසෙන පම්පෝරියකි.


මේ අනුව විවිධ ණය යෝජනා ක්‍රම යටතේ පෞද්ගලික සමාගම් මෙන්ම තම ශක්ති ප්‍රමාණයෙන් පෞද්ගලික නිවාසවලත් සූර්ය බල ශක්තිය මගින් විදුලිය උත්පාදනය කර ගන්නා පිරිසක් මේ රටේ ඇත.

මේ සියලු විදුලි බල නිෂ්පාදනයන් අවසානයේ එක්වන්නේ ජාතික විදුලි බල පද්ධතියටයි.



එහෙත් විදුලි බල මණ්ඩලය සූර්ය කෝෂ තවාන් මගින් විදුලිය උත්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට එක් කරන සමාගම්වලට ද විදුලිය කප්පාදු කිරීම නිසා එසේ නිපදවන විදුලිය නිරපරාදේ අපතේ යන බව ඔවුහු පෙන්වා දෙති.



සියල්ලම දත් ඔස්තාද්ලා මෙන් පෙනී සිටින විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු බක පණ්ඩිතයින් මේ ගැන කියන්නේ කුමක්දැයි එම සමාගම්වල නියෝජිතයෝ විමසා සිටිති.

ඔවුන් මේ වෙනුවෙන් ලබා ඇති ණය මුදල් හා ඊට අදාළ පොලී ගෙවන්නේ කවුද ?

ජනතාවට විදුලි බලය සුරකින්න ‍යැයි ආයාචනා කරමින් ජනතාව නිපදවා දෙන විදුලියත් අපතේ යවන මෙකී මීහරක් තීරණවල වන්දිය අවසානයේ ගෙවීමට සිදුවී ඇත්තේ ද ජනතාවටමය.

ගරු ජනාධිපතිතුමනි, විදුලි බල ඇමැතිතුමනි, මේ පිළිබදව ඔබතුමන්ලා දැනුවත් ද?


(සමාජ මධ්‍යයේ සංසරණය වන සටහනකි)

 

 


Leader Whats app


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්