"රනිල් වික්‍රමසිංහ" ලංකාවේ දේශපාලනයේ ආයෙත් කරළියට ආපු මාතෘකාවක්.



රනිල් පෙරේදා (25) හයිඩ් පිටියේ සත්‍යග්‍රහයකුත් කළා. ඒ රටේ සියලු දෙනා පොදු ජාතික වැඩපිළිවෙලකට එකතු වේවා කියලා ප්‍රර්ථනා කරන්න.

ඇත්තටම මතුපිටින් බලනකොට නං ඒක බොහෝම හොඳ ප්‍රාර්ථනාවක්. හැබැයි ඉතින් ඒක රනිල්ගේ වැඩක් නිසා ඔතන ප්‍රාර්ථනාවකට වැඩි දෙයක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනි. ඒක නිසාම මේකේ දේශපාලන අරමුණ මොකද්ද කියලා ටිකක් කතා කරමු.

ඔයාලට මතක ඇති මීට අවුරුද්දකට විතර උඩදී රටේ රාළ කිව්වා රාජපක්ෂලාට තියන අවසන් උත්තරය ජාතික ආණ්ඩුවක් කියලා. සමහරවිට දැන් ඒකට වෙන නමක් දායි. ඒක කරළියට එන්නේ ජාතික එකගතාවයක් කියන සටන් පාඨය පදනම් කරගෙන වෙන්නත් බැරි නෑ.

ඇත්තටම ජාතික එකඟතාවයක් හා පොදු සම්මුතියක් කියන එක රනිල්ට ඉස්සෙල්ලා කිව්වේ රටේ රාළ. රනිල් දැන් ඒක අරගෙන. ගත්තට නං කිසිම ප්‍රශ්නයක් නෑ හැබැයි ඒක අවභාවිතා නොකර.

රනිල් ඒක ගත්තේ මොකටද? රනිල් ඒක ගත්තේ සද්භාවයෙන්ද?

 

දැන් අපේ රටේ දේශපාලනයේ ලොකූ නායකත්ව රිත්තකයක් තියනවා. රනිල් මේ හදන්නේ ඒක පුරවන්නද? රනිල් දිගටම කියන්නේ රට ගොඩනගන්න කවුරුත් එකතු වෙන්න කියලා. තර්කයක් විදිහට ඒක හරි. පහුගිය 23 වෙනිදා තිබ්බ සාර්ව පාකෂික සමුළුවේ ලොකුම රෝල් එකක් කළේ රනිල්. රනිල් කාගෙත් හොඳ යෝජනා ටික අරගෙන ඒකේ අයිතිකාරයා උනා.

 

අන්තිමට ඒක රනිල් ගොඩදාපු වැඩක් උනා. ඒක ඉවර උන ගමන් හයිඩ් පාක් සත්‍යග්‍රහය. පාත් එක නං නියමෙටම හැදෙනවා වගේ.

හරි දැන් රටේ රාළට රනිල්ගෙන් අහන්න තියෙන්නේ ඊළඟට මොකද්ද කියලා. රනිල් මේ රටේ අගමැතිවරයා විදිහට වැඩිම වාර ගණනක් හිටපු කෙනා. රනිල්ට තවත් සැරයක් චාන්ස් එකක් එන්නද මේ යන්නේ.

 

සර්ව පාක්ෂික සමුළුවෙන් පස්සේ කට්ටිය රනිල් ගැන වැඩිපුර කතා කරන්න පටන් අරන්. රනිල් ආයෙත් පොරක් වෙලා. රටේ රාළ කියන්නේ ඒකට අවශ්‍ය කරන වටපිටාව හැදෙමින් තියනවා. ඒ වටපිටාව හදන්නේ රාජපක්ෂලා. හැබැයි ඒක රනිල්ට අවස්ථාවක් දෙන්න හිතාගෙන හදපු එකක් නං නෙවෙයි.

 

රාජපක්ෂලා ඉතින් වෙන කාටවත් අවස්ථාවක් දෙන අය නෙවෙයිනේ. අනුන්ගේ අවස්ථාත් කඩා ගන්න අය. රාජපක්ෂලා අනුගමනය කරපු වැරදි දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්ති විසින් රනිල්ට ආයෙත් අවස්ථාවක් හැදිලා. ඒකේ පීනලා ඉතුරු ටික කරගන්න රනිල් දන්නවා.

ඇත්තටම මෙතනදී මොකද්ද වෙන්න පුළුවන්. රටේ රාළ මීට ඉස්සෙල්ලා කිව්ව ජාතික ආණ්ඩු කතාව දැන් පේන තෙක්මානයට ඇවිල්ලා.

මේක මහ පුදුම වැඩක්. කොහොමද රනිල් විරෝධී කදවුරේම රනිල්ට අවස්ථාවක් නිර්මාණය වෙන්නේ. පළවෙනි ප්‍රශ්නය ඒක.

ඔයාලා දන්නවා මේ පාර රාජපක්ෂලා බලයට එනකොට රනිල් තමයි හිටපු අංක එකේ ද්‍රෝහියා. රනිල් දෙපැත්තකට ද්‍රෝහියා වෙලා හිටියේ. රාජපක්ෂලා කියපු විදිහට රනිල් රටට ද්‍රෝහී උනා, සජිත් කියපු විදිහට රනිල් සජිත්ට ද්‍රෝහී උනා. යහපාලන ආණ්ඩුවේ තිබුණේ රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය. රාජපක්ෂලා රනිල්ගේ ඒ ආර්ථික ප්‍රතිපත්තිය පට්ට ගැහුවා.

රනිල් ගොඩක් තැන්වලට ලිබරල්වාදී තියරි බය නැතිව ඇප්පයි කළා. රුපියල පාවෙන්න ඇරියා. මිල සූත්‍ර ක්‍රමය ගෙනාවා. රනිල්ගේ ලොකුම Project එකක් උනේ MCC එක.

ඒකට මෛත්‍රීගේ විරෝධය නොසලකා රනිල් කැබිනට් අනුමැතිය ගත්තා. හැබැයි ඒ ජනාධිපතිවරණ කාලේ නිසා මෛත්‍රී ඒ තීරණය ඊළඟ ජනාධිපතිවරයාට ගන්න රනිල්ගේ තීරණය අත්හිටෙව්වා.

 

රාජපක්ෂලා රටට හැදුවේ රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියට සම්පුර්ණයෙන්ම පටහැනි මතයක්. රාජපක්ෂලා හදපු ඒ මතයට ගොඩක් අය කිව්වේ දේශප්‍රේමීත්වය කියලා. විමල්ලා ඒක තමයි මාකට් කළේ. ඒ වෙනුවෙන් පුටින්ලා, ලී ක්වාන් යූලා, මහතීර් මොහොමඩ්ලා මෙහේ ගෙනාවා. MCC ඉරනවා කිව්වා. හැබැයි ගෝඨාභය බලයට ආපු ගමන් එයා කිව්වේ මම එහෙම කිව්වේ නෑ කියලා.

 

MCC ගේන්න මේ ආණ්ඩුවත් ගොඩක් ට්‍රයි කළා. හැබැයි මේ ආණ්ඩුව විසින්ම හදපු MCC විරෝධය ඒකට බාධාවක් උනා. අන්තිමට ගෝඨාභය ගෙනාව බටහිර උවමනාව එයාලට තාවකාලිකව අකුළ ගන්න උනා. ගෝඨාභය බටහිර ඒජන්තයෙක් උනාට ඒක පිටට පෙනුනේ නෑ. ඒ පෙනෙන එක වැසුවේ විමල්ලගේ තක්කඩි දේශප්‍රේමී සළුවෙන්.

ඊට කලින් බටහිර ඒජන්තයා උනේ රනිල්. හැබැයි රනිල් වැඩේට හොඳ උනාට රටේ රනිල් ගැන රටේ ගොඩනැගිලා තිබුණේ හොද ප්‍රතිරූපයක් නෙවෙයි. ඇත්තටම ඒ මතය හැදුවේ රාජපක්ෂලායි, සජතුයි. ඒක නිසා බටහිර රනිල්ව ගෙදර යවලා දේශප්‍රේමී හැඩයෙන් තමන්ගේ වැඩේ කරගන්න ගෝඨාභය ගෙනාවා.

 

රනිල් විකුණනකොට ඒක දේශද්‍රෝහී, ගෝඨාභය විකුණන කොට ඒක දේශප්‍රේමී තියරිය ආදේශ කළා. හැබැයි මේ තියරියට වැඩි දවසක් යන්න උනේ නෑ. ගෝඨාභය කරන්නේ කරන්න ආපු වැඩේ නෙවෙයි වෙන වැඩක් කියන එක මේ රටේ ජනතාවට තේරුණා. ඒ ගැටුම තමයි මේ තියෙන්නේ.

 

රනිල්ට වඩා බැසිල් හා ගෝඨාභය ඇමරිකන් ගැතියි. එයාලා ඇමරිකන් පුරවැසියෝ. අද ගෝඨාභය - බැසිල් හවුල ක්‍රියාත්මක කරමින් ඉන්නේ තමන් රටේ ජනතාව ඉස්සරහා පතුරු ඇරපු රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියම තමයි.

දැන් මේ ආණ්ඩුවයි, ආණ්ඩුව බලයට ගෙනාපු බලවේගයයි අතර තියෙන්නේ ඒ ගැටුම.


''ඒකට එක්කෝ මංගල කෙනෙක් ඕනි නැත්තං රනිල් කෙනෙක් ඕනි''


රාජපක්ෂලා කිව්වේ වෙන එකක් කරන්නේ වෙන එකක්. රාජපක්ෂලාට රැවටුණ විමල් වීරවංශලා, උදය ගම්මන්පිලලා නන්නත්තාර වෙලා ගිහින්. දැන් තියන ප්‍රශ්නය තමයි රාජපක්ෂලාගේ වැඩවසම් චින්තනයෙන් ලිබරල්වාදය ගොඩදාන්න බැරි එක. ඒකට එක්කෝ මංගල කෙනෙක් ඕනි නැත්තං රනිල් කෙනෙක් ඕනි.


ගෝඨාභයයි, බැසිලුයි ඇමරිකාවේ පදිංචි වෙලා හිටියා කියලා මෙයාලට ලිබරල්වාදය හැසිරෙන විදිහ ගැන දැනුමක් ලැබෙන්නේ නෑ. ඒක නිසාම ඒක හසුරවන්නත් බෑ. මෙයාලා ඇමරිකාවේ ඉදන් කළේ දේශපාලන නෙවෙයිනේ. මේ දෙන්නා ඇමරිකාවේ පොඩි ජොබ් එකක් කරගෙන ජීවත් වෙච්ච දෙන්නෙක්.

අපේ මිනිස්සුන්ට ඉතින් පිටරට ඕනි කුණු ගොඩක් ලොකුයිනේ.

 

ඇමරිකාවේ ජීවත් උනා කියලා ලිබරල්වාදය මෙහෙයවන්න බෑ. රනිල් වික්‍රමසිංහ ඇමරිකන්කාරයෙක් නෙවෙයි. ලංකාවේ පුරවැසියෙක්. හැබැයි රනිල් නියම ලිබරල්වාදියෙක්. ඇගෙන් විතරක් නෙවෙයි මනසිනුත් ලිබරල්වාදියෙක්. රාජපක්ෂලා ඇඟෙන් ලිබරල්වාදී උනාට මනසින් වැඩවසම්.

 

ඇත්තටම ඕක තමයි ප්‍රශ්නය.අන්න ඒ ගැප් එකක් පුරවන්න වැඩවසම් රාජපක්ෂලාට බෑ. ඒ ඉඩ දැන් රනිල්ට හැදෙමින් තියනවා. ඒක නිසා රාජපක්ෂලා පින් සෙන්ඩු වෙලා රනිල් අගමැති කලොත් ඒ ගැන පුදුම වෙන්න එපා.එ හෙම කරනවා නං ඒක මහින්දගේ තියරියක් වෙන්න ඕනි.

මහින්දට දේශපාලන සෙන්ස් වැඩ කරනවා. මහින්ද දන්නවා බැසිල් තවදුරටත් මේ රටේ ආර්ථිකය හැසිරෙව්වොත් ආය රාජපක්ෂලාට නවතින්න වෙන්නේ ඇමරිකාවෙයි, සිවාසිලන්තෙයි තමයි කියලා. ඒක නිසා මහින්දට හිතෙනවා ඇති මේ කුණු ගොඩ කාගේ හරි ඇගේ ගහන්න. ගහලා ගොඩ ගියොත් ඒකේ ලකුණු ටික දාගන්න. කෙලවුනොත් කර ගහපු කෙනා පිටින් යවන්න.

එතනදී මහින්දට මතක් වෙන්නේ රනිල්. මොකද රනිල් කියන්නේ කුණුවලිනුත් වැඩක් ගන්න පුළුවන් බඩුවක්. ඇත්තටම එහෙම උනොත් රනිල්ට ගොඩ යන්න පුළුවන්ද?ඊළඟ ප්‍රශ්නය ඒක.

 

මෙතනදී රනිල් අවතක්සේරු කරන්න හොඳ නෑ. ලිබරල්වාදය අස්සේ රනිල්ට පාරවල් දෙකක් තියනවා. එකක් තමයි මේ රාජපක්ෂලා පවත්වාගෙන යන කුණු, තක්කඩ්, දූෂිත වැඩපිළිවෙළම පවත්වාගෙන යෑම. එතකොට රනිල්ට, රාජපක්ෂලාට ඔක්කොටෝම අත් වෙන්නේ එකම දේශපාලන මරණයක්. නැත්තං රනිල්ට පුළුවන් ලිබරල්වාදී ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණයක් රටට හදුන්වා දෙන්න. ඒක ටිකක් වෙනස් වැඩක්. දැන් මේ රට ඉල්ලන්නේ එහෙම දෙයක්.

 

රනිල්ට ඒ ඉඩ ගැනීම ඇර වෙන උත්තරයක් නෑ....


ඇත්තටම රනිල් හොරෙක් නෙවෙයි. වැඩේ ගොඩ ගියොත් රනිල්ට රට බේරගත්ත නායකයා කියන Brand එක ගන්න පුළුවන්. එහෙම උනොත් මහින්ද රනිල් පස්සෙන් නාමල් එවන්නත් පුළුවන්. හැබැයි ඉතින් වැඩේ ගොඩ ගියොත් රනිල නාමලටත් දෙන්න එකක් නෑ. ඇත්තටම දෙන්න ඕනිත් නෑ. අනික මේ රටේ ගොඩනැගෙමින් තියන දේශපාලන වටපිටාව ඇතුළෙත් රනිල්ට ඒ ඉඩ ගැනීම ඇර වෙන උත්තරයක් නෑ.

මොකද රනිල්ගේ අවසන් දේශපාලන බලාපොරොත්තුව ඇත්තේ කොහොම හරි යූඑන්පීය ගොඩ දාන්න. ඒකට රනිල් පාවිච්චි කරන්නේ වෙනමම දේශපාලන උපක්‍රමයක්. රනිල් ඒකට පාවිච්චි කරන්නෙත් මේ අර්බුදය.

රනිල් දන්නවා රාජපක්ෂලාට විරුද්ධව ගොඩනැගෙන ජනතා විරෝධය රනිල්ට අල්ලන්න බෑ කියලා. ඒක සජබෙට වගේම ජාජබෙට යනවා. එජාපයට එන්නෙම නැති තරං. හැබැයි රනිල් එකක් දන්නවා. මේ අර්බුදය කළමණාකරණය කරන්න සජිත්ට බෑ කියලා. සජිත්ගේ තියෙන්නේ බොරු පම්පෝරි බව රනිල් දන්නවා.

 

අඩුම ගානේ රනිල් කියන ආර්ථික ප්‍රතිපත්ති හැර සජිත්ගේ ආර්ථික ඔස්තාර්රට වෙන උත්තරයක් නෑ. ඒ වගේම ජාජබෙටත් උත්තරයක් නෑ. ජාජබේට බෑ එයාලා බලයට ආවොත් IMF යනවද නැද්ද කියලා හරි උත්තරයක් දෙන්න. ඇත්තටම අර්බූදයට එයාලා අතේ විසදුම් නෑ. ඒ වගේම රාජපක්ෂලා අතේ විසදුම් ඇත්තෙත් නෑ. රනිල් අතෙත් උත්තරයක් නෑ. හැබැයි රනිල් අතේ පැලැස්තරයක් තියනවා.

 

මොකද ජාත්‍යන්තර වශයෙන් රනිල් කියන නම genuine එකක්. රාජපක්ෂලා ජාත්‍යන්තර වශයෙන් හොරු කියලා Brand වෙලා ඉවරයි. ඒක නිසා රනිල්ට රාජපක්ෂලා යටත් කරන්න අවස්ථාව ලැබිලා තියනවා. රනිල් දාන පැලැස්තරේ විසදුම තමයි කියලා මේ සමාජය පිලිගන්නත් පුළුවන්.

මොකද ඒක උත්තරය නෙවෙයි කියලා උත්තරයක් කියන්න අනිත් අයට බෑ. ඊළඟට එජාපය ගොඩගන්න රනිල් කරන්න ඕනි ඊළඟ දේ තමයි සජබේ කුඩුපට්ටන් කරන එක.

රනිල් මෙතනදී රාජපක්ෂලා යටත් කර ගත්තොත් ඒ බලය පාවිච්චි කරලා සජබය කඩනවාම තමයි. මොකද සජබේ ඉන්න ගොඩක් අයත් දන්නවා සජිත්ට උත්තරයක් නෑ කියලා. පැලැස්තරයක් හරි තියෙන්නේ රනිල් ගාව විතරයි කියලා.

ඊළගට දැනට සජබෙ ඇතුළේ ඉන්න පාඨළීලට ඒක උත්තරයක් වෙයි. මොකද එයාලට සජබේ ඇතුලේ ඉඩක් නෑ කියලා එයාලා දන්නවා. පාඨළී කියන්නෙත් අවස්ථා කළමණාකරණය අතින් අති දක්ෂයෙක්.

 

එහෙම අවස්ථාවක් එනවා නං පාඨළී ඒක අතාරින්න එකකුත් නෑ. මේ තත්වය යටතේ පාඨළීට රනිල්ගේ අනුප්‍රාප්තිකයා වෙන්නත් බැරි නෑ. සජබෙන් දහයක්වත් රනිල් ගලවනවා. නැත්තං ඔය රනිල් නෙවෙයි.

 

දැන් රාජපක්ෂලාට මේ නොතේරෙන දේ කරගන්න ඉන්න සම්භාව්‍ය ලිබරල්වාදියා රනිල්.රනිල් කරපු වැඩේ දැන් රනිල්ටම අවසන් කරන්න කාලය ඇවිත්. රනිල්ට ඒක කරන්න වෙලා තියෙන්නේ දේශප්‍රේමී රාජපක්ෂලා එක්ක.  

මෙතනදී රටේ රාළට අනුව නං රනිල් රටට කරන්නේ බරපතල වරදක්. එකක් තමයි කඩා වැටෙන්න නියමිත රාජපක්ෂ රෙජීමට ආයෙත් හුළං ගහන එක. හැබැයි රනිල් ඒකෙන් තමන්ගේ දාර්ශනය උන ධනවාදයට සේවය කරනවා.

ඒ කියන්නේ රාජපක්ෂලාගේ බලයෙන් රනිල් වැඩක් ගන්නවා. හැබැයි මෙතනදී ලිබරල්වාදය ආරක්ෂා කරනවා වගේම ලිබරල්වාදය ඇතුළේ ජීවත් වෙන වැඩවසම් රාජපක්ෂලත් ආරක්ෂා වෙනවා. ඒ වගේම රනිල් කරන්න හදලා අතර මග නතර උන බටහිර හා ඉන්දියානු න්‍යාය පත්‍රය තවත් වේගයෙන් ක්‍රියාත්මක වෙනවා.

දැන් මේ සිද්ධ වෙමින් තියෙන්නේ වෙන විදිහට MCC ක්‍රියාත්මක වීම. හැබැයි ඊළඟට වෙන්නේ රනිල් රාජපක්ෂලා එක්ක එකතුවෙලා රට විකුණන එක වෙන්නත් පුළුවන්. ඒකට හොදම උදාහරණය තමයි පහුගිය දවසක ඉන්දියාවෙන් දුන්න ඩොලර් බිලියනය ගැන රනිල් පාර්ලිමේන්තුවේදී කියපු කතාව.

ඉන්දියාව අපට මෙහෙම උදව් කරන එකත් ගැන තමන් සතුටු වෙනවා කියලා රනිල් කිව්වා. හැබැයි ඒ ණය මුදල ගන්න ඉන්දියාවත් එක්ක අත්සන් කරපු ගිවිසුම් ගැන රනිල් ප්‍රශ්න කරන්නේ නෑ.

රටේ ස්වෛරීත්වය පාවාදීම ඇත්තටම රනිල්ට ප්‍රශ්නයක් නෙවෙයි. ඒක නිසා ආයෙත් ඇමරිකන් - ඉන්දියන් ඒකාබද්ධ ආක්‍රමණයක් රටට එන්න පුළුවන්. ඒක කරන්නේ ගෝඨාභය - මහින්ද - බැසිල් - රනිල් ඒකාබද්ධ හවුල් විසින් වෙන්නත් පුළුවන්.  නැත්තං රනිල් ලිබරල්වාදී ප්‍රතිසංස්කරණයකට යන්නත් බැරි නෑ. ඒක නිසා රට ගැන අවධානයෙන් ඉන්න දේශප්‍රේමී ප්‍රවාහයක් දැන් මේ රටට අවශ්‍යයි.

ඒක ගොඩනගන්න තවමත් කවුරුත් අත ගහලා නෑ. ඒක නිසා ඒක තවමත් විවෘත අභියෝගයක්. කොහොම උනත් රනිල් ගැන තවම තියෙන්නේ කතාවක් විතරයි. ඒ කතාව ඇතුළේ වෙන්න තියන එක දෙයක් තමයි රටේ රාළ කිව්වේ.

 

අන්තිමට මේවා ඔක්කොමත් කරලා රාජපක්ෂලා දේශද්‍රෝහිනුත් කරලා රනිල් දේශප්‍රේමියා වෙයිද දන්නෙත් නෑ. කොහොම උනත් රනිල්ට මේ පිට්ටනියේ බැට් කරන්න ලේසි නෑ. ඉතිරි ටික කියන්න වෙන්නේ රනිල් පිට්ටනියට බැස්සට පස්සේ.

 

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

මීට
Priynatha witharanaරටේ රාළ

(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්...)

 

The Leader TV අද වීඩියෝ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image