වස්ති දැනුවත්ව දේශපාලනය ගැන කතා කරනවා කියල මං හිතන්නෙ නෑ.


හැබැයි ගොඩක් වෙලාවට වැදගත්ම දේශපාලනය තියෙන්නෙ ඒ නොදැනුවත්කම ඇතුලෙ.

අලෝක උපාලි ඒකට හොඳ උදාහරණයක්. මේ මොහොත ගැන ඒ තරම් සියුම්ව දනවපු නිර්මාණයක් ප්‍රබුද්ධයො අතින් කෙරුනෙ නෑ.

ටික්ටොක් කැරලි නායකයා විදිහට ඉදිරිපත් වෙන මංගල මේ අලුත් තරුණ නැගිටීම කල් ඇතුවම පුරෝකථනය කළා.

ඉදිරියේදී දේශපාලනය පවතින්නෙ ටික්ටොක් පරම්පරාව අත කියල මංගල කිව්වා.

මෙතනදි අභියෝගයට ලක්වෙන රජා කෑ ගහගෙන එන මේ වචන දැන් ගෝටාභය කියන දේට කොයිතරම් සමීපද බලන්න.

මව්බිමේ උරුමයට කැපවෙමි
ඇමති මණ්ඩලය විසිපහට බස්සමි
චීනෙන් ගත් ණය ගෙවමි
කහවණු වංචා නවත්තමි
පවුල් පාලනය නැති කරමි
හොරු අල්ලමි
දිවි හිමියෙන් මව්බිම රකිමි

 

  
Chinthana D(සටහන - චින්තන ධර්මදාස)
#GoHomeGota2022

( Cult Chintha ෆේස්බුක් පිටුවෙන්..)


 



'අලෝක උපාලි' හදපු වස්තිලත් ගෝල්ෆේස් ඇවිත්..

(තරුණ අරගල භූමියට පැමිණි Anushka Udana Liyanage ගේ ෆේස්බුක් සටහන)

මට 30 ටිකක් වයසයි..,,
මගෙ තාත්තා ජීවතුන් අතර නැහැ
මගෙ අක්කා විවාහ වෙලා ඩුබයි වල ඉතාම සතුටින් .,
අම්මාත් අක්කා ගාවට අදහෙට යනවා.,
මම කසාද බැදලා නැහැ.,
මට ළමයි නැහැ.,
මට රැකගන්න දෙයක් නැහැ.!!

මම උත්සහයෙන් දියුණු වේලා .,  මේ රට ඇතුලේ සතුටින් නිදහසේ ජීවත් වුනා., කිසිම දේශපාලන පක්ශයකට කඩේ නොයා ස්වාදීනව.

 පහුගිය ජන්ද කාලේ හැම පක්ශෙකින්ම මාව සල්ලි වලට කඩේ යවන්න හැදුවා. උන්ට බලේට එන්න මාව ඉත්තෙක් කරගන්න.

අදටත් මට දේශපාලනය කියන වචනේ නීරසයි ., මම කැමති නැහැ මිනිස්සුව රවට්ටලා සැප විදින්න. නමුත් එහෙම කරපු කලා කාරයෝ ඉන්නවා. එයාලා අද එලියට බහින්නෙ නැහැ.!

මට රොබට් ගුණවර්ධන මාවතේ ගෙවල් හම්බෙලා නැහැ.

ආණ්ඩුවේ කිසිම event එකක් කරලා සල්ලි හම්බකරගෙන නැහැ.

මම පැදුරේ නිදාගෙන මේ තැනට ආපු එකෙක්.,

මගෙ ජීවිතේ මම ඕනවටත් වඩා වින්දා කාටවත් අසාධාරණයක් ගිණිගෙඩියක් නොදී..!!

හැබැයි මම මේ එළියට බැස්සේ මම වෙනුවෙන් නෙමේ., ඉස්සරහට මේ රටේ ජීවත්වෙන්න., ලෝකෙ වෙනස් කරන්න බලන් එන්න පොඩි නංගිලා මල්ලිලා වෙනුවෙන්.

උන් මේ රටේ ජීවත් වෙන්න ඕනා. අපි වගේම පොඩි හරි සැපවත් ජීවිතයක් උන්ට ලබෙන්න ඕනා.

උන් පෝලිම් වල තෙල්., ගෑස්., හාල් හිගාකන්න ඕන උන් නෙමේ.

නාකි උන්ට මේ අරගලේ තේරුමක් නැහැ උන් මේ රට කන්න උදව් කරලා ඉවරයි.!!

මට බැනපල්ලා ., මට නැතිවෙන්න දෙයක් නැහැ.,

හැබැයි මම මේ එළියට බැස්සේ මම වගේම සම්ප්‍රදාය වෙනස් කරන්න බලන් ඉන්න පොඩි උන් වෙනුවෙන්..!!

තාමත් උඹට රටේ ප්‍රශ්නේ නොතේරිලා උඩ බලන් ඉන්නවනම්

උඹ රාජපක්ෂ කෙනෙක්., සමාවන්න ..!! උඹ නිකමෙක්.!!

#GoHomeGota


Wsthi

 

 

 


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්