ඊයේ අගමැති මහින්ද ජාතිය අමතලා විශේෂ ප්‍රකාශයක් කළා. ඇත්තටම දේශපාලනය තේරෙන අයට නම් ඒ කතාව තේරුම් ගන්න බැරිකමක් නෑ.



අද අපේ රටේ මතුවෙලා තියන අර්බුදය ඉස්සරහා රාජපක්ෂලාගේ ඊළග පියවර මොකද්ද කියලා ඉතාම පැහැදිලිව මහින්ද කිව්වා.

රාජපක්ෂලාට තියෙන එකම උත්තරය කුමන්ත්‍රණය හා මර්ධනය කියන එක මහින්ද බොහෝම පැහැදිලිව කිව්වා. ඒක නිසා මහින්දට වැදගත් විදිහට උත්තරයක් දෙන්න එක රටේ රාළගේ වගකීමක්.

ඊළගට මහින්දගේ තර්ජනයට බය වෙන්න එපා කියලා මේ රටට කියන එකත් රටේ රාළගේ වගකීමක්. විශේෂයෙන්ම අප්‍රියෙල් තුන අරගලයේ තවමත් යෙදිලා ඉන්න අයට. ඒ වගේම මේකට තියන උත්තරය මොකද්ද කියලත් කියන්න ඕනි.

සමහරවිට ඒ උත්තරය කිව්වට පස්සේ රටේ රාළටත් වැලිගම යන්න වෙන්නත් පුළුවන්. කමක් නෑ, ඒ ගැන දෙවනුව හිතමු.

ඇත්තම කතාව දැන් රාජපක්ෂලා පැරදිලා හොට බිම ඇනගෙන ඉන්නේ. ජනාධිපති, බැසිල්, චමල්, නාමල් ඇතුළු රාජපක්ෂලා තවමත් ඉන්නේ හැංගිලා. ඇත්තටම මහින්ද හිටියෙත් හැංගිලා.

පහුගිය සතියේ මහින්ද ඉල්ලා අස්වෙලා ගෙදර යන්න හිටියේ. එක වෙලාවක ඉල්ලා අස්වීමත් ටයිප් වෙමින් තිබුණා. ඒ ඔක්කොම ඔයාලට මාධ්‍යවලින් දැනගන්න ලැබෙන්න ඇති.

එහෙම හැංගිලා හිටිය මහින්දට මෙහෙම ගටක් ආවේ කොහොමද? ආයෙත් රට ඉස්සරහට ඇවිත් ජනතාවට තර්ජනය කරන්න තරම් ධෛර්යයක් දුන්නේ කවුද? ඒ ධෛර්යය දුන්නේ මේ රටේ විපක්ෂය. ඒ වගේම අර ස්වාධීන උනා කියලා ජනතා අරගලය පවා දුන්න සුළු පක්ෂ සන්ධානය. ඊළගට පොහොට්ටුවේ ස්වාධීන උනා කියපු කණ්ඩායමත් මේකට වගකියන්න ඕනි. ඇත්තටම එයාලා දැන් ඡනතා අරගලය පාවලා දීලා ඉවරයි.



ඒ පාවාදීම කරන්න පහුගිය දවස් කීපයේ තිරය පිටිපස්සේ ගොඩක්දේ සිද්ධ උනා. ඒ සියල්ල සිද්ධ වෙද්දී රටේ රාළ ඒ හැම දෙයක් ගැනම එකින් එක අනතුරු ඇඟවීම් කළා.

රටේ රාළ අප්‍රියෙල් තුන අරගලය පටන් ගන්න දවසෙම කියලා ඇති සටන දිනන්න නං ජනතා අරගලය හා පාර්ලිමේන්තුව අරගලය එකට යන්න ඕනි. ඒ වගකීම පාර්ලිමේන්තුවට තියනවා කියලා. ඒ වගේම ආයෙත් පාරක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න කාලකණ්ණින්ට රුපියල් කෝටි ගණන්වලට විකිනෙන්න අවස්ථාවකුත් මේක ඇතුළේ තියනවා කියලා.

ඇමති කටුවලට, රාජ්‍ය ඇමති කටුවලට විකිණෙන හැටි ඔයාලට හෙට වෙනකොට බලාගන්න පුළුවන්. ඔයාලට ඕනි නමි මේ අප්‍රියෙල් මාසේ රටේ රාළ ලිපි ටික විතරක් අරන් බලන්න. ඔය සියල්ල කියලා නැද්ද කියලා.

දැන් මන්ත්‍රී කෙනෙකුට රාජපක්ෂලාට පක්ෂ වෙන්න නෙවෙයි ස්වාධීන වෙන්න ගෙවන ගාන කෝටි පහත් පැනලා. ඒක නිසා දැන් රාජපක්ෂලා දන්නවා. 41 කණ්ඩායම තමන්ට මෙහෙයවන්න පුළුවන් කියලා. එයාලාට ඕනි කටුවක් දෙකක් විතරයි. රටේ රාළ ඉතිහාසය පුරම කියලා ඇති මේ වගේ අවස්ථාවල විමල්ලා සටන පාවාදුන්න හැටි.


පෙරේදා ජනාධිපති එක්ක සුළු පක්ෂ සන්ධානය කරපු සාකච්ඡාව බොරු එකක් කියලා දැන් ඉතා පැහැදිලියි. ඒක රාජපක්ෂලාට කල් මරන්න කරපු උදව්වක්. මෙයාලා කරන්න ඕනි ජනාධිපති පස්සෙන් වැද වැද යන එක නෙවෙයි. පාර්ලිමේන්තු බහුතරය රාජපක්ෂලා එරෙහිව ගන්න විපක්ෂයත් එක්ක ඒකාබද්ධ මෙහෙයුමක් පටන් ගන්න එක.

 

හරි දැන් මෙයාලා ගියාට පස්සෙත් මහින්ද අගමැතිකමෙන් අයින් වෙන්න එකඟ උනේ නෑනේ. එතකොට මෙයාලට තියන ඊළග උත්තරය මොකද්ද? එකම උත්තරය එහෙනම් අපි විශ්වාසභංගයට සහය දෙනවා කියලා නැගිටලා එන එක විතරයි. ඒක තමයි රාජපක්ෂලා දණ ගස්සන්න මෙයාලට තිබුණ එකම Point එක.

ඒක නොකර මේ ගොබ්බ සේනාව එළියට ඇවිත් කිව්වා අපි විශ්වාසභංගයටයි, දෝෂාභියෝගයටයි එකඟ නෑ කියලා. එතකොට ඉතින් මොන මෝඩයද නොදන්නේ විශ්වාසභංගයට බහුතරය නෑ කියලා. ඇත්තටම මීට වඩා පාවාදීමක් තවත් තියනවද? ඒ ඉඩ තමයි මහින්ද ඊයේ ගත්තේ. මහින්ද දන්නවා ගොළු වෙන්න ඕනි තැන ගොළු වෙන්න. බිහිරි වෙන්න ඕනි තැන බිහිරි වෙන්න. අන්ධ වෙන්න ඕනි තැන අන්ධ වෙන්න.

රටේ රාළ ඔය කියනදේ ඊයේ කතාවෙන් මහින්ද ඔප්පු කළා. මහින්ද ඊයේ හැසිරුනේ බිහිරෙක් වගේ. නැත්තං කොහොමද. මේ පොලොවේ ඉන්න 95% ක් ගේ කටේ තියන Gota Go Home කියන එක මහින්දට ඇහෙන්නේ නැතිව 225 ම එපා කියන එක විතරක් ඇහෙන්නේ. මහින්ද එතනදී ලස්සනට රාජපක්ෂලා බේරලා ප්‍රශ්නය පොදු කළා.

bbcvn


ඊළඟට මහින්ද එයාගේ කතාව පුරාම එක දෙයක් කලා. අද මහ පොලොවේ අරගල කරන තරුණයින්ගේ අරගලය 88/89 ට සමාන කළා. ඒ අරගලය එල්ටීටීඊ එකට සමිබන්ධ කළා. අවසානයේ කිව්වේ ඒ වගේ ලේ ගංගා ගලාගෙන යන තැනට මේ රට පත් කරන්න එපා කියලා. ඇත්තටම කිව්වේ දුවේ පුතේ නිකං මැරුන් නොකා හිටපල්ලා කියලයි.

 

මහින්ද වගේ දේශපාලනය වශයෙන් බංකොලොත් දේශපාලකයෙක්ගේ සංඥා මොනවද ජේආර් වගේ පතාක යෝධයන්ගේ දේශපාලන සංඥාත් එදා රටේ රාළලා අදුරගත්තා. ඇත්තටම මහින්ද මේකට සුදානම් උනේ දැන් සතියකට උඩදී. හැබැයි එයාලා ඒ ආදේශය කළේ පෙරේදා ඉදන්.

එයාලා ඡන අරගලයට එරෙහිව දැන් මැර කණ්ඩායම් බස්සමින් ඉන්නවා, හලාවතින්, අනුරාධපුරෙන් ඊයේ අපි දැක්කේ ඒක. ඇත්තටම දැන් එයාලට ඕනි භූමියේ ගැටුමක්. දැන් එයාලා අප්‍රියෙල් තුන ජන අරගලය ඇතුලට ඔත්තුකරුවා එවලා ඉවරයි. එයාලා ස්ථාන ගත කරලා ඉවරයි.

ඒක නිසා ගාලු මුවදොර සටන් බිමේ ඉන්න අය තමන්ගේ භූමිය හතුරා ගෙන් ආරක්ෂා කරගන්න ඕනි, ඒකට විශේෂ සංවිධාන වැඩක් ඕනි.

දැන් රටේ රාළට නං පේනවා ඔතෙන්ට ප්‍රහාරයක් එල්ල කරන්න ඕනි මතවාදය මෙයාලා හදමින් ඉන්නවා. ඒකට එයාලා ලිංගිකත්වය පවා යොදා ගන්නවා. ඔතන ඉන්න තරුණ, තරුණියන් ලිංගික උවමනාවට එකතු උනා කියන එක හදනවා, ඇත්තටම සමහර වැදගත් මිනිස්සු විදියට මෙච්චර කල් වෙස්වළාගෙන හිටපු මිනිස්සු අද සමාජ මාධ්‍ය ජාලාවල තිරිසනුන් වගේ හැසිරෙනවා.සමහර විදුහල්පතිවරු පවා ඒ තත්වෙට පත්වෙලා.

ඇත්තටම රට මෙච්චර අගාධයකට ගිහින් තියන වෙලාවක. ඒ අගාධයට ගෙනියන්න උන් වෙනුවෙන් මෙහෙම පෙනී ඉන්නකොට ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන සාධාරණ ලැජ්ජාවක් හිතෙනවා.කොහොම උනත් රටේ රාළලා අධෛර්යමත් කරන්න රාජපක්ෂලා ඔක්කොම එක පෙලට ආවාත් බෑ.


ඒක නිසා රටේ රාළ අරගලයකරුවාගෙන් ඉල්ලනවා ඔතන හරියට පවත්වාගෙන යන්න, විනය තියාගන්න. නම්‍යශීලි අය සංවිධායකයෝ විදිහට යොදා ගන්න, දැන් ඔතෙන්ට ඕනි සොදුරු ආඥාදායකයෝ.


විශේෂයෙන් තරුණියක් ඉලක්ක කරපු චෝදනාවක් ඔයාලට පටවන්න පුළුවන්. භික්ෂුවක් එක්ක ගැටුමක් ඔයාලට පටවන්න පුළුවන්, රටේ රාළ මෙතනදී කියන්නේ මොනම වෙලාවකවත් ප්‍රචන්ඩත්වයට යන්න එපා, එහෙම වචනයක්වත් කියන්න එපා. මෙයාලට ඕනි ඒක, එතෙන්ට සටන ගෙනිච්වොත් එයාලා දිනුම්.

ඒ වගේම හැම වෙලේම පිරිස් බලය තියාගන්න. විශේෂයෙන් රාත්‍රියේදී, ඒ වගේම හැම වෙලාවෙම සමාජය පිලිගත්ත කීර්තිමත් මිනිස්සු ඔයාලා වටේට තියා ගන්න. උපරිමෙන් සමාජ ජාලා භාවිතා කරන්න, ඒවා ඇතුළේ ඇත්තම කතාව කරන්න.

රටේ රාළ මීට කලින් ලිපියකත් කියලා ඇති, දැන් තමන්ගේ හෙවනැල්ලත් හතුරා කියලා හිතමින් වැඩ කලාට කමක් නෑ කියලා. පරිස්සම කියන්නේ බය වෙන්න කාරනාවක් නෙවෙයි කියලා මතක තියා ගන්න.

මේ රටේ ජනතාව ගේ සහය තියනකම් ඔය සටන වට්ටන්න බෑ. ඒක රැකගැනීම ඔයාලගේ වැඩක්. ඒ වගේම රටේ රාළට මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ මහින්දගේ කතාව නැවත නැවත අහන්න. ඒක යට තියන තර්ජනය තේරුම් ගන්න. ඒ තර්ජනය කරන්නේ වෙන කාටවත් නෙවෙයි යහපත් සමාජයක් ඉල්ලලා අරගල කරන තරුණ ජනතා නැගිටීමට.


රාජපක්ෂලාගේ බලය රැක ගන්න ඒ වැඩේට නං ලෑස්ති වෙන්නේ ඒකටත් උත්තරයක් හදන්න ඕනි. ඒක කරන්න පුළුවන් සිවිල් ජනතා අරගලයකින් විතරයි. රටම පාරට බැසීමෙන් විතරයි.

ඒ වගේම මේ රටේ කම්කරුවන් ජනතා මර්ධනයට එරෙහිව කරන සමස්ථ මහා වැඩවර්ජනයකින් ඒක නවත්තන්න පුළුවන්. ඒක නිසා රාජපක්ෂලාට වගේම ඊට එරෙහිවත් උත්තර අනිත් අයටත් තියෙන බව මතක් කරනවා.

ඒ සටනට ඡනතාව එනවා නම් ඒ සටනේ ඉදිරියෙන්ම යන්න රටේ රාළත් ඕනි වෙලාවක ලෑස්තියි.

එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි. ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්...)





 

 

 


The Leader TV අද වීඩියෝ 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්