Reformations are like bicycle If you dont them, you falldown -Alexis Tsiprus-

අවසන් වරට ලංකාවෙ මැතිවරණය දේශපාලනය තුල ආර්ථිකය පිලිබද බරපතල සංවාදයක් ඇතිවුනේ 77 වසරේ දී.

ඉන්පසු ඇතිවූ මැතිවරණය වල බොහෝවිට සංවාදයට ලක්වුනේ ජාතිය, ආගම වගේ සංස්කෘතික දේශපාලනය. අධිරාජ්‍යවාදය වගේ වචන කතාකෙරුනද ඒ ජාතිකවාදී අර්ථයකින් මිස එහි ආර්ථික ක්‍රියාවලියේ අරුතින් නෙමේ.

විවෘත ආර්ථිකයට මානුෂික මුහුනුවරක් වැනි සටන් පාට පැමිනියද ඒවායේ ප්‍රධාන සාධකය වූයේ නිදහස , ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුනුය.

යහපාලන මැතිවරණය ද මතුපිටින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැනද insght එක ලෙස හොරකම , දූෂනය වැනි කරුනුද සාකච්ඡා කෙරුනු මැතිවරණ විය.

දැන් පලමුවතාවට සෘජුවම ආර්ථික ප්‍රශ්නය කරලියටවිත් ඇත. එම ආර්ථික ප්‍රශ්නය පදනම්ව මතුවූ දේශපාලන අර්භුදයක් නිර්මානයවී ඇත.

එයට විසදුම් ලෙස
අන්තර්වාර පාලනයක්
ව්‍යවස්ථා සංශෝධනයක්
ආදී යෝජනා මතුවී ඇත. 

එහෙත් සැබෑ ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයයි.

කිසිවෙකුත් විසදුම් යෝජනා නොකරන්නේද එයටම වීම හාස්‍යජනකය.

විශේෂයෙන්ම සියල්ලේ පදනම ආර්ථිකයයැයි වරනැගූ වාමංශිකයන්ද මෙය මගහැර යයි.

 

එහෙත් සැබෑ ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයයි.

කිසිවෙකුත් විසදුම් යෝජනා නොකරන්නේද එයටම වීම හාස්‍යජනකය.

විශේෂයෙන්ම සියල්ලේ පදනම ආර්ථිකයයැයි වරනැගූ වාමංශිකයන්ද මෙය මගහැර යයි.

 

ග්‍රීසියේ ආර්ථික අර්භුදය තුලින් මතුවූ රැඩිකල් තරුණ නායකත්වය Alexis tsiprus සහ syriza ව්‍යාපාරය, ආර්ථික අර්භුදයේ ප්‍රකාශයන් වූ නාසි විරෝධය , සංක්‍රමණික මිත්‍රත්වය , සමලිංගික අයිතීන් වැනි සෑම පංතිකන්ඩායමකම මතවාදී එකගතාවය (collective will) ලබාගතහැකි සටන්පාට යොදාගෙන ග්‍රීසියේ බලය ලබාගත් නමුත් ආර්ථික අර්භුදය විසදීම පිලිබද ජනප්‍රිය සටන්පාට වලින් ඔබ්බට ගිය වැඩපිලිවෙලක් පිලිබද මැතිවරණයට පෙර ජනතාව සමග සම්මුතියක් ගොඩනගා ගත්තේ නැත.

Greek Prime Minister Alexis TsiprasGreek Prime Minister Alexis Tsipras



ප්‍රතිපලය බොහෝදෙනෙකු සිතන්නේ ඔහුට වැරදුනේ IMF යෝජනා ක්‍රියාවට නැගීම හේතුවෙන් කියාය. එහෙත් සත්‍යනම් ඔහු බලයට ගෙන ආ සමාජ ස්තර සහ ඔහුට ක්‍රියාත්මක කිරීමට සිදුවූ ආර්ථික වැඩපිලිවෙල අතර ප්‍රතිරෝධයක් ඇතිවීමය.

ග්‍රීසිය දශකයකට පසු බිලියන් 260ක ණය කන්දෙන් ගොඩවිත් "chapter close" කීවේ IMF මාවතේ ගමන්කිරීමෙනි.

 

ග්‍රීසිය දශකයකට පසු බිලියන් 260ක ණය කන්දෙන් ගොඩවිත් "chapter close" කීවේ IMF මාවතේ ගමන්කිරීමෙනි.

 

ලෝක ආර්ථිකයේ මැදමාවත් නැත.

අර්භුදයෙන් ගොඩ ඒමට හැකි සැබෑ මාවත තෝරාගෙන, ඒ පිලිබද ජනතාව සමග සම්මුතියක් ඇතිකරගත යුතුය. නොඑසේනම් අතරමග වීරෝධතා , බිදවැටීම් ඇතිවේ, සෑම බිදවැටීමක්ම අර්භුදයෙන් ගොඩඒම දශකයකින් පමාකරයි.

 

අර්බුදයෙන් ගොඩ ඒමට හැකි සැබෑ මාවත තෝරාගෙන, ඒ පිලිබද ජනතාව සමග සම්මුතියක් ඇතිකරගත යුතුය. නොඑසේනම් අතරමග වීරෝධතා , බිදවැටීම් ඇතිවේ, සෑම බිදවැටීමක්ම අර්භුදයෙන් ගොඩඒම දශකයකින් පමාකරයි.

 

"ආර්ථික ප්‍රතිසංස්කරණ බයිසිකලයක් වැනිය.
නැග්ගොත් පැදිය යුතුය, නැවතූවිට ඇදවැටේ."

Tsiprusගේ අත්දැකීම ග්‍රීසයට මිල අධික පාඩමකි.

ඒ මිල අපද ගෙවියයුතු නැත.

warunaවරුණ රාජපක්ෂ
FB පිටුවෙන් උපුටා ගත්තකි.

 

 

 

 

 

 


 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්