(ඉතාම කුඩා පිරිසකට පමණක් අදාල වෙන සටහනක්.)


මං රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම ගැන සතුටට පත්වෙන පිරිසෙන් කෙනෙක්.

රනිල්ට මං පුද්ගලිකව කැමති නෑ. මොකද එහෙම කැමති වෙන්න හේතුවක් රනිල් ළග  නෑ.

රනිල් කියන්නෙ මහින්ද වගේ ආශ්‍රය කරද්දි ආතල් පොරක් නෙමෙයි.

අනෙකාගේ අඩුදැනුම දිහා අවඥාවෙන් බලන උද්දච්ච මිනිහෙක්.

හැබැයි ඒ විදිහෙ බැල්මක් හෙලන්න තරම් දැනුමක් සහ කියවීමකුත් එයා සතුව තියෙනවා.

ඒ පරණ පරම්පරාවෙ උන්ගෙ විධිමත් ක්‍රමවත් ක්ලැසිකල් දැනුම අලුත් පරම්පරාවට ලැබෙන්නෙ නෑ.  

දේශපාලනිකව රනිල් යම් බලයක් ලබා ගැනීම ගැන මං කැමතියි. මොකද රනිල්ගේ දේශපාලන සිහිනය විශාල එකක් බව මං දැකලා තියෙනවා.

රටක නායකයෙක් වෙන්න ඕන විශාල හීනයක් තියෙන කෙනෙක්. මහින්ද කියන්නෙ පුංචි හීන තියෙන මිනිහෙක්. රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වෙන්න තරමෙ පුද්ගලික සීමාවලින් ඔබ්බට විහිදුනු හීනයක් තියෙන කෙනෙකුට රටේ ඉතිරි වෙලා ඉන්නෙ අතලොස්සයි. රනිල් එක්කෙනෙක්. ඊළගට මට මතක් වෙන්නෙ චම්පික. චම්පිකගේ හීනයට මං විරුද්ධ වුනත් එයාට ලොකු හීනයක් තියෙනවා.

 

රනිල්ගෙ මේ දේශපාලන මොහොත ගැන මට සල්ලි තිබුන නම් හවුස් ඔෆ් කාර්ඩ්ස් පන්නයේ ටීවී සීරීස් එකක් කරනවා.

ඒක ඒ තරම් ඇඩ්වෙන්චරස්. ඒක සිරා ගේම් එකක්.

ඒ ගේම් එකෙන් රනිල් දිනන්නෙ රට යම් විදිහකින් ගොඩදැම්මොත් විතරයි.

රනිල් පරදිනවා කියන්නෙ ජේආර්ගෙ ඉඳන් පැවතෙන ඒ ලිබරල් ලෙගසිය පරාජය වෙනවා කියන එක.

මිනිහෙක් විදිහට රනිල්ට තමන්ගේ දේශපාලන ජීවිතය ජේආර්ට වඩා ඉහළ තැනකින් අවසන් කරන්න අවශ්‍ය වෙනවා කියල මං විශ්වාස කරනවා.



ඒ එක්කම රනිල්ට කරන්න තියෙන දේශපාලනය පිරිසිදු කන්‍යාමය එකක් නෙමෙයි. තමන්ගෙ අදහසට විරුද්ද මිනිහෙක් දැක්කම හිනාවෙන්නෙ නැති එක පවා සාරධර්මයක් විදිහට සලකන රටක දූෂිත, වංචනික පුංචි මිනිස්සු රොත්තක් එක්ක ලොකු හීනයක් තියෙන රනිල්ට කරන්න වෙන සෙල්ලම අර කියපු වැල්පාලමට වඩා ලොමු දැහැගන්නාසුලු එකක්.



දේශපාලනය කියන්නෙ පිරිසිදු මිනිස්සු එක්ක කරන දෙයක් නෙමෙයි. අපේ වගේ රටක දේශපාලනය කියන්නෙ දූෂිත මුග්ධ බහුතරයක් එක්ක වැඩකරලා ඒ දූෂිතබවට සහ මුග්ධබවට කළ හැකි හානියේ සීමා ලකුණු කරන එකයි.

මුග්ධ මිනිසුන්ට රාජ්‍යයට කළ හැකි විනාශය අවම කිරීමේ රාමුවක් සම්මුතියක් සකස් කරගැනීම මිස මුග්ධයන් දූෂිතයන් පළවාහැරීම දේශපාලකයෙකුට කරන්න  බෑ.

ඒ දූෂිතයන්ට බලය ලබා දීලා ඒ අයව ප්‍රතිපත්ති සම්පාදනය කරන තැන්වලට පත් කරලා එවලා තියෙන්නෙ ජනතාව.

රටට බරපතලම විනාශය කරන ජනතාවගෙන් රට බේරාගැනීම තමයි යම් ශිෂ්ට සම්පන්න රටක් ගැන උවමනාවක් තියෙන කෙනෙකුට කරන්න පැවරිලා තියෙන දේ.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්