Facebook එකෙන් පහළ පොටෝ එක පාන්දර  දකිද්දී ඇත්තටම හදවත ගැස්සිලා ගියා.



ඒක දැක්කම හිතුනෙම "අඩෝ අපිට ආයෙත් වැරදුනා නේද" කියලා.

ආචාර්ය වසන්ත වැලිඅන්ගේ කියන්නේ මේ සියවසේ අපේ රටට හිටිය වටිනාම පුද්ගලයින් අතර කෙනෙක්.

ඔහුගේ වටිනාකම මේ රටේ පාලකයන්ට, බලධාරීන්ට තඹ දොයිතුවක ගාණක් තිබ්බේ නෑ.

අඩුම ගානේ ඔය පාලකයෝ, බලධාරීන් නිකන් ඉන්න වෙලාවක Dr වසන්ත වගේ මිනිහෙක් එක්ක චැට් එකක් දැම්මා නම් මීළඟ ආර්ථික විප්ලවය ඊසී කියලා හිතෙනවා.

300010731 606120964327893 3066275513757853265 n

මම සාමාන්‍යයෙන් වසන්ත අයියා එක්ක කීපවතාවක් කතා කරලා තියෙන කෙනෙක්.

ඇත්තටම ඔහු කංසා ව්‍යාපාරය සම්බන්ධයෙන් මහා දැනුමක් තියෙන මිනිහෙක්.

ඒ මිනිහා උත්සහ කළේම මේ කංසා වගාවේ භීතිය මේ රටෙන් තුරන් කරලා ආර්ථික වටිනාකමකින් යුක්ත ශාකයක් රට තුළ ශක්තිමත් කරන්න.

සැපේ ඉන්න ඕන එකෙක් තණමල්විල කැළයකට වෙලා අවුරුදු ගණන් මැරුණෙම ඒක කරන්න.

අන්තිමේ පර්යේෂණ වගාවට කංසා වැව්වා කියලා උස්සන් ගියා පොලීසියෙන්.

 

ඇත්තටම Dr වසන්ත හැමදාම බලධාරීන් පස්සේ දිව්ව මිනිහෙක් මේ රත්තරන් වගේ තියෙන ශාකයේ වටිනාකම කියන්න. අතින් කයිට් කරගෙන අම්බානක වැඩ ගොඩක් කළා. ඒත් එක බලදාරියෙන්, පාලාකයෙක් වසන්තව පිළිගත්තේ නෑ. Dr වසන්ත නිකන්ම නිකන් ගංජාකාරයෙක් විතරයි උන්ට.

 

එක පාරක් ඔය වසන්ත අයියා එක්ක කතා කළාම මට කිව්වා "මල්ලි ඔයා google එකේ සර්ච් කරලා බලන්න කංසා නිසා වාර්ෂික ආදායම කොහොමද කියලා රටවල් වල" කියලා.

මම සර්ච් කරලා බැලුවා. ඇත්තමයි සමහර රටවල කංසා ආදායම අපේ රටේ ආර්ථිකය දුවන්න අවශ්‍ය ඩොලර් සංචිතය වගේ තුන් හතර ගුණයක්.

මම උදාහරණයක් කියන්නම්, මේ වෙද්දී ලෝකයේ ප්‍රබල රටවල් තම කංසා ව්‍යාපෘති වලින් 2024 වෙද්දී ලබන්න බලාපොරොත්තු වෙන ආදායම් තීරණය කරලා ඉවරයි.

ඇමරිකාව ඩොලර් බිලියන 30.1,

කැනඩාව ඩොලර් බිලියන 5.18,

ජර්මනිය ඩොලර් බිලියන 1.35,

මෙක්සිකෝ ඩොලර් බිලියන 1.02,

බ්‍රිතාන්‍ය ඩොලර් මිලියන 546.9යි.



මේ සියල්ලම ඒ රටවල 2024 ටාර්කට්. හැබැයි මේ සියල්ල කංසා බොන්න දීලා නෙමෙයි, කංසා ශාකය ආර්ථික බෝගයක් හැටියට විවිධ නිශ්පාදන වලින් ලබන ආදායම හරහා. විශේෂයෙන්ම ආහාර හා ඖෂධ වලින් තමයි වැඩිම ලාබය.



ඇත්තටම Dr වසන්ත උත්සහ කළෙත් මේ රත්තරන් වගේ තියෙන පසේ ඔහේ හැදෙන කංසා ගහට වටිනාකමක් දෙන්න. මොකද වෙන රටවල හරිතාගාර තුළ ඉතාම පරිස්සමින් හැදෙන කංසා අපේ රටේ ඕනම තැනක ඔහේ හැදෙනවා. තණමල්විල විශේෂයෙන් හැදින්නුවට අපේ රටේ කාලගුණය එක්ක හොඳ පිරිපුන් කංසා ගහක් හැදාගන්න එක ගේමක්ම නෑ.

ඒත් Dr වසන්තලා වගේ මිනිස්සු මේ ගැන සංවාද කරනකොට ඒ සංවාදය ඉස්සරහට අරගෙන ගියේ පාර්ලිමේන්තුවේ ඉන්න ඩයනා ගමගේලා වගේ කිසිම අධ්‍යනයක් නැති කවුරුත් කියන දෙයක් කියන ඔහේ කියන අය.

හේතුව ඒ ගහ ගැන කතා කරන්න ගහ ගැන ලව් එකක් අධ්‍යනයක් තියෙන එකෙක් වෙන්න ඕන. අන්තිමේ වුණේ ආයේ නැවතත් අර රත්තරන් වගේ තියෙන ගහ නිකම්ම නිකන් ගංජා ගහක් වෙච්ච එක විතරයි.

 

"මාර අවුල කියන්නේ මු හිතන්නෙම ගංජා බොන එක ගැනමනේ. මුන්ට හිතෙන්නේ නෑනේ අඩුම තරමේ මේ ගහේ පස් පංගුවෙන් ගන්න පුළුවන් ආර්ථික වටිනාකම ගැන" කියලා වසන්ත අයියා දවසක් කිව්වා. ඇත්ත හැම එකාම දන්නේ ගංජා ගහන එක ගැන විතරයි. ඒ සංවාදය උඩට ගෙනාවෙත් කංසා පානය කරන උන් විතරයි. ඒ උන්ගේ රසය එක්ක. ඒ නිසා හැමදාම මේ ගහ ගංජාකාරයන්ගේ ගහක් වුණා විතරමයි.

 medicinal cannabis cultivation ScaleWidthWzc5NV0

ඉතිං හැමදාම මේ රත්තරන් ගහ කැළේ මැද්දේ හොරෙන් හැදෙයි, පොලීසියෙන් අල්ලයි, ගිනි තියයි. ආයේ වවයි. ඒත් ආර්ථික බෝගයක් ජීවිතේ වෙන එකක් නෑ. මොකද ඒ වටිනකම දෙන්න හිටිය මිනිහා ගියා.

ඒ ගියේ අපි වගේ බෞද්ධ රටක් වෙච්ච තායිලන්තයට. මොකද දැන් තායිලන්තය වැඩේට අත ගහලා ඉවරයි.

අනාවැකියක් කියන්නම්, තායිලන්තය නුදුරේදීම දැවැන්ත ආර්ථිකයක් හදනවා කංසා වලින්. තායිලන්තයේ අපේක්ෂාව  2024 වෙද්දී ඩොලර් මිලියන 424 ක ආදායමක් ලබන්න. මේ මෑතක නීතිගත කරපු රටක් වෙලත්. ඔවුන් මෙවර අපේක්ෂා කරන්නෙම සංචාරකයෝ මිලියන 27.7 එරටට එයි කියලා. යකෝ උන්ගෙන් මිලියනයක් කංසා බිව්වත් ඇති ඒ ආර්ථිකයට.

එහෙම රටකට Dr වසන්ත යන්නේ. කවදා හරි අපි එහේ ගියාම වසන්තගේ නමත් එහේ ඉතිහාසයේ තියෙයි. අපි අභිමානයෙන් කියයි Dr වසන්ත ලංකාවේ මිනිහෙක්නේ කියලා. එහෙව් ජාතියක් අපි.

සුබ ගමන් Dr වසන්ත...


(Gayan Gallage (ගාල්ලගේ) ෆේස්බුක් පිටුවෙන් )



සබැඳි ලිපි :
කංසා අරගලයේ නියමු වැලිඅංග අත්අඩංගුවට ගැනීම SDP හෙළා දකී


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්