ආදරනීය දිලිත් ජයවීර වෙත,

අපේ ජාතික ගිය සිංහලයන් හා දෙමලන් සතුටු කරමින් කියන්නෙ කොහොමද කියල හොයල බලන්න බැරිද?

ඉතිහාසය නැවත නැවතත් පුනරුච්ඡාරනය වෙනකොට එක සැරයකට එක ඛේදවාචකයක් වෙනවා ආයිත් වෙනවනම් එක විගඩමක් වේවි. 56 දි කාර් වල ශ්‍රී අකුර දානවට ගහගත්තා. මිනිස්සු මැරුනා දැන් එ බව වගක් නැතුව ඉංග්‍රිසි නම්බර් කාර් වල ගහන් යනවා.

දැන් දෙමලෙන් ජාතික ගිය කියනවට හෝ එසේ බැරිය කියා මරා ගන්න හදනවා. වැදගත් වෙන්නෙ තාලය හා ගුනය මිස භාෂාව නොවන බව ඉන්දියාවෙන්ම ඉගෙන ගතහැකිව තිබියදි වෙන වෙන තර්ක මරා ගැනීම සඳහාම ඉදිරිපත් කරනවා.

ඉන්දියාවෙ කෝටි ගනනක විවිධ ජාතින් සිය ජාතික ගීය කියන්නෙ වංග / බංගලි භාෂාවෙන් මිසක් හින්දි භාෂාවෙන් නෙමෙයි. දකුනු අප්‍රිකාවෙන් මේ හා සමාන අත්දැකිමක් ලබාගන්න අවශ්‍ය නම් Invictus කියන චිත්‍රපටිය බලන්න.

අපි මේ කියන්නෙ සිංහල හා දෙමල ජාතික වාදින් දෙකොටසටමයි. සිංහලෙන් විතරක් ජාතික ගිය ඔනැනම් කියන්න හැකි බව Invictus චිත්‍රපටියෙන් උගත හැකියි. දෙමලෙන් උනත් ලංකාවෙ ජාතික ගිය කිව හැකි බව ඉන්දියාවෙන් උගෙන ගත හැකියි. හැබයි මේ දෙආකාරයටම වෙන්නෙ යම් යමි කොන්දේසි තෟප්ත කලොත් පමනයි.

21 වෙනි සියවසෙ මෙවැනි විගඩම් රඟ දක්වන්නට රෙනෝ ට නම් පුලුවන් එත් දිලිත් ජයවිරට එහෙම කරන්න ලැජ්ජාවක් දුකක් නැද්ද???

(නීතිඥ ශිරාල් ලක්තිලකගේ FB පිටුවෙන් උපුටා ගන්නා ලදී)

Screen Shot 2020 01 01 at 8.13.48 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්