''මෙවර ඉලෙක්ෂන් කැම්පේන් අස්සෙන් හමුවුණු හොඳම නිර්මාණාත්මක වචනය ‘ජවිපාවුන්’ කියන එක. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුල ඒ ඒ පක්ෂ විසින් නිර්මාණය කෙරුණු TV සහ YouTube කොමර්ෂල්
තමන්ට දැනටමත් ඉන්නා ඕඩියන්ස් එක ආමන්ත්‍රණය කල ගතානු ගතික දියාරු ඒවා. ඒවා එක්ක භාවිතා කෙරුණු ටැග් ලයින්ස් වුනත් කිසි කික් එකක් නැති ඒවා. අළුත් පරපුර ආමන්ත්‍රණය කරන්නේ නැහැ.
‘තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිසුන් පාර්ලිමේන්තු යවමු’ කියන එක ඕන පක්ෂෙකට පාවිච්චි කරන්න පුලවන්. ඇත්ත සාපේක්ෂ නිසා. ඇත්ත වල් ගොඩක් තියෙන නිසා. ‘ජවිපාවුන්‘ කියන්නේ ජවිපෙටම අනන්‍ය කරගන්න පුළුවන් යෙදුමක්.
ඉතිං ඉරාජ් තමයි ජවිපෙ ට කැම්පේන් කරන්න පුළුවන් හොඳම පන්චින් වචනයක් හොයාගෙන තියෙන්නේ. ඒජන්සි එකකට මිලියන් ගානක් දුන්නත් හදාගන්න බැරි එකක්. ඒ කාලේ ප්‍රකාශ් ( ජයතිලක) හදපු ‘අල වගේද ගෝවා’ වගේ හොඳ ටැග් ලයින් එකක් හදා ගන්න පුළුවන්.
නිකමට හිතමු,
“වන සිවුපාවුන් වෙනුවට ජවිපාවුන් පාර්ලිමේන්තු යවමු” වගේ එකක්?
(අසෝක හඳගම සිය FB පිටුවේ ගේ තැබූ සටහනකි. )
සංජය ඈපා ඇඳපු ලෝගෝ එක මෙන්න
සජිත්ගේ 'පුතානෝ'
මෙවර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුල අත්හදා බැලු නිර්මාණාත්මක වචනය ලෙස දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවිනයින්ගේ අඟයිමට ලක්ව ඇති අනෙක් තනි වචනය වන්නේ 'පුතානෝ' ( #puthaknows) ය.
විරුද්ධවාදීන් විසින් සජිත් ප්‍රේමදාසට එරෙහිව යොදාගත් එම වචනය සජිත්ගේ මැතිවරණය ව්‍යාපාරයට යොදාගනිමින් සතුරාගේ සටන් පාඨයක් ව්‍යර්ථ කිරීමට සජිත්ගේ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවූවන් සමත්ව ඇත.
සබැඳි පුවත් :
ඉරාජ්ගේ 3% 'වීඩියෝවෙන් අනුර ලකුණු දාගනී !
රැප් වීඩියෝ දෙකක් එළියට - කොළඹට කැටිපේ ගෙන් ඉරාජ්ට යෝජනාවක්