තුනෙන් දෙක දුන්නට පස්සෙ සාදුලා - මෛන්ද මාත්තයා මේම මේම කතාවක් කරනව දැක්කමයි.

මහින්ද රාජපක්‍ෂ නිකමට හරි සංඝයාව ප්‍රසිද්ධියේ විවේචනය කරපු අවස්ථාවක් මතක අය ඉන්නවද?

මෙන්න ඊයෙ අමරපුර නිකායෙ සංඝ සභා කාර්‍යාල පරිශ්‍රය [සොයිස බිල්ඩිම] විවෘත කිරීමේ උළෙලට ගිහින් මෛන්ද මාත්තය කිව්ව කෑලි ටිකක්:

"මහනුවර යුගයේ පැවිදි උපසම්පදාව සමාජයේ එක් කොටසකට පමණක් සීමා වුණා. මේ නිසා සියලු ශ්‍රී ලාංකික කුලපුත්‍රයන්ට පැවිදි උපසම්පදාව ලබාගත හැකි ලෙස අමරපුර නිකාය බිහි වුණ බව ශාසනික ඉතිහාසයේ සඳහන් වෙනවා."

"වර්තමානයේ ඇතැම් භික්‍ෂූන්වහන්සේලා පාර්ලිමේන්තු අසුනක් ලබා ගැනීම සඳහා අරගල කරද්දී මෙවැනි ශාසනික සේවාවන් සිදුවනු දැකීම පවා සතුටට කරුණක්."

මෙහෙම හරි දෙයක් කිව්ව එක තටම තටම හරි ලොකු දෙයක්.

මොකද එයා දන්නව මන්ත්‍රීකමකට රණ්ඩුකරන දෙන්නම ගොවිගම නෙමෙයි සියම් නිකායට හොරෙන් රිංගල උපසම්පදාව ගත්තට කියල.

ලංකාවෙ කුලය, දේශපාලනයෙදි වැඩකරන හැටි හොඳින් දන්න ජීවමාන දෙන්නයි මම දන්නෙ, එක්කෙනෙක් අගමැති මෛන්ද, අනික් කෙනා මැකෝ මෛන්ද.

දේශප්‍රිය ඕන එකෙක්ගෙ කුලය දන්නව. රතන කවුද කියල ඇහැව්වොත් දෙන්නම කියන්නෙ "අම්මට ගෙම්බ පෙන්නපු එකෙක්" කියල. කතාව දන්නවනෙ.

නම ලිව්වොත් බ්ලොක්වෙන සාදු මොකේද කියල ඔක්කොම දන්නවනෙ දැන්.

හැබැයි අගමැති මෛන්ද මාතියා මෙහෙම හරි එකක් සියම් නිකායෙ නොවන පන්සල් සීන් එකකට ඇවිත් කියන්නෙ නිකන් නෙමෙයි. 2/3කත් එක්ක තියෙන සීන් එකක් එක්ක වගේ.

මොකක් උනත් ඇලට් එකේ ඉන්න ඇන්ත්‍රපොලජ්ස්ට්ල.

සම්පූර්ණ කතාව යට පලමු කොමෙන්ට් එකේ:

Dineth Mallikarachchy

''සියම් නිකායෙ පාර්ශව අටෙන් එකක් තියෙනවා ගොවිගම නොවන අයට පොඩ්ඩක් ඉඩ දෙන. නම කියන්න බැරි එක්කෙනා ඒකෙ. රතන හිමි අමරපුර නිකාය විසි තුනෙන් එකක්. මට මොන එකද කියල හරියට මතක නෑ. නම කියන්න බැරි කෙනා සලාගම. රතන හිමි නවන්දන්න''

('කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ උවිඳු කුරුකුලසුරියගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්