තමනට සිංහරාජ වන රක්ෂිතය ආසන්නය හෝටලයක් ඇතැයි එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව අගමැති මහින්ද රාජපක්ෂගේ

පුත් යෝෂිත රාජපක්ෂ සඳහන් කරයි.

පරිසරවේදී සජීව චාමිකර පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කරන ලද්දේ සිංහරාජය හරහා ලංකාගම ප්‍රදේශයට මාර්ගයක් ඉදිකරන්නේ යෝෂිත රාජපක්ෂගේ හෝටලයකට මාර්ග පහසුකම් සැලසීම ඉලක්ක කරගෙන බවයි.

මෙම චෝදනාවට එරෙහිව තමන් නීතිමය පියවර ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් තම නීතිඥයන් විසින් කටයුතු කරගෙන යමින් සිටින බවත් යෝෂිත රාජපක්ෂ පවසයි.

ඇතැම් පිරිස් විසින් නැවත වතාවක් රාජපක්ෂ ප්‍රතිරූපයට කැළලක් කිරීමට උත්සාහ කරමින් අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමට උත්සාහ කරන බව ද යෝෂිත රාජපක්ෂ සඳහන් කරයි.

තමන්ට අයත් කිසිදු හෝටලයක් හෝ නිකේතනයක් වන රක්ෂිතයේ නැති බව ද එම ප්‍රකාශය මහජනයා නොමග යැවීමට කරන කරන ලද්දක් නිසා තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු තව දුරටත් කියා සිටියි.

 

කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ කියන කතාව

Uvindu Kමෙම සිද්ධිය සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය  FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

''සිංහරාජයේ තමන්ට අයිති හෝටලයක් නැත කියල යෝෂිත රාජපක්‍ෂ කියල තියෙනව, ඒ වගේම ඒක කිව්ව පරිසරවේදීයාට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නව කියලත් කියනව. ප්‍රතිචාර දැක්වීමත්, බොරු චෝදනා කරන අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමත් හොඳ දෙයක්.

මේ ගොඩක් ගසාකාපු ඉඩම්වලට තාම ඔප්පු නැති, ඒත් රජයේ ඉඩම් වල හදපු ගොඩනැගිලි. දැන් ගෝට හමුදාව යොදවල එයාට හදා ගත්ත - මැණික් ගඟට බහින්න හදපු ලක්‍ෂරි ගෙදර - ඔප්පුව තාම ගෝටට නැහැ. මොකද ඒ ඉඩම එයාට රජයේ ඉඩම් ඔප්පුවකින් දෙන්න ඉස්සෙල ආණ්ඩුව වෙනස් උනා.

ඒත් කරුමෙකට ගෝටගෙ නමට ඒ හදපු ලක්‍ෂරි ගෙදර විදුලි බිල තියෙනව. ඒකෙන් තමා වැඩේ ඔප්පු කරන්න පුලුවන් විදියට මාට්ටු උනේ. වැඩි විස්තර

මෙතනින් කියවන්න:
Gota Is A Liar, He Owns Luxury Bungalows Around The Country

මගේ ප්‍රශ්ණෙ මේකයි, තමන්ගෙ බෑන උත්තර දෙනව වගේ ගෝටටත් බැරිද ඒ ගේ මගේ නෙමෙයි කියල කියන්න හා අනිත් ඕනෑම පියවරක් ගන්න?''

House

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image