ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු සමාජ මාධ්‍යවල ජනප්‍රියම වචනය බවට පත්ව තිබුනේ 'රෙස්පෙක්ට් ස' යන වැකියයි.

ජනාධිපතිවරයා කරන කරන හැමදේටම 'රෙස්පෙක්ට් ස' කියා ප්‍රතිචාර පලව තිබිණ.

එහෙත් මේවනවිට 'රෙස්පෙක්ට් ඩෝ 'සර් යන වචනය සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් ජනප්‍රිය වී තිබේ.

ඒ, කුරුණෑගල බුවනෙකබාහු රාජ සභාව ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මිට ඉහත දී නම කර තිබු ගොඩනැගිල්ල කුරුණෑගල නගරාධිපතිවරයා විසින් ඩෝසර් කිරීම, සිංහරාජය  වනය ඩෝසර් කරමින් පාරක් කැපීම හා මෙරට දෙවැනි රම්සා තෙත්බිම වන ආනවිළුන්දාව අභයභූමියේ කොටසක් ඉස්සන් කොටු ඇති කිරීම සඳහා ඩෝසර් කිරීම යන වැදගත් සිද්ධීන් නිසාය.  

Uvindu Kමේ අතර ජනාධිපතිවරයාගේ සිංහරාජ සංචාරය සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ මෙවැනි අපුරු සටහනක් පළකර ඇත.

''දැන් ආයෙ ලොකු වියදම් දරල පරිසර අධ්‍යයන වාර්තා, ෆීසිබිලිටි ස්ටඩීස් වගේ ඒව කරන්න ඕනෙ නැහැ. සාර්ව ගෙනිච්ච ඒ පැත්තට, මෑන්ස් බෙල්ල කරකවල වටේ බැලුව. වැඩේ හරි. සාර් පරිසරය ගැන විශේෂඥයෙක්.

කොච්චර විශේෂඥයෙක්ද කියනව නම් ගියපාර ලෝක පරිසර දිනේට ගහක් හිටෙව්වෙත් අර උඩින් තියෙන කොන්ක්‍රීට් හුඩ් එක යට.

Uvindu Post GR

 

 

'ස්වභාව ධර්මය දඬුවම් දෙනවාමයි' -ඩී.එෆ්. හෙට්ටිආරච්චි

මේ අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඩී.එෆ්. හෙට්ටිආරච්චි සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

 ''සිංහ රාජයේ ගිහින් පදිංචි වෙච්ච හා යුරෝපයේ සිට ඉඩම් දේශපාලන හයිය මත ගත්ත මිනිසුන්ට විසඳුමක් ලැබුණා.

එත් සිංහරාජයට වෙන හානිය සුළු පටු නැහැ.

ජනාධිපති තුමෝ,

1972-1977 කාලේ සිරිමාවොගේ ආණ්ඩුව සිල්පර කොට කපන්න ඩෙන්මාර්ක් සමාගමට සිංහරාජ රක්ෂිතයෙන් කොටසක් දුන්නා.

ඒ සිල්පර කොට පාරට වැටෙන්නත් කලින් ඉඩම් අක්කර දහ දාහක් මහජනතාවට තමන්ගේ දෙපලින් බෙදල තිබුණ සිරිමාවෝ පර්චස්  35 ක් වැරදියට බාවිතා කළා  කියලා ප්‍රජා අයිතිය නැති කරගෙන එතෙක් ආව දේශපාලන ගමන නිමා කර ගත්තා.

රටත් වල පල්ලට ගියා.

ඔබ මේ යන ගමන ගැන සිරිමාවෝට වුන දේත් එක්ක සිතන්න.

උද්දච්ච වෙන්න එපා ජනබලය කියන්නේ ඔබට ඕන දේ කරන්න ලැබුණ දෙයක් නෙවෙයි.

ස්වභාව ධර්මය දඬුවම් දෙනවාමයි.

සිංහ රාජය දඬුවම් දෙනවාමයි.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්