පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්තභද්‍ර හිමිගේ අසපුවක පැවති වැඩසටහනකදී තරුණියක විසින් ඇඳ සිටි ඇඳුමක රූපයක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන අතර ඒ සම්බන්ධයෙන්

බොහෝදෙනෙකු ඇයට හා  සමන්තභද්‍ර හිමින්ට එරෙහිව අවලදාත්මක ප්‍රකාශ ඉදිරිපත් කර තිබිණ. 

කෙසේවුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම පන්සලට පැමිණීමත් සමග එම සංවාදය යටගොස් සාරංග දිසාසේකරගේ  හා දිනක්ෂි තරු දෙපලකගේ මංගල උත්සවයකට සහභාගී වූ ජනප්‍රිය නිළියක වන යුරේනි නොෂිකා පැළඳ සිටි ඇඳුම සම්බන්ධ විවේචන වලින් සමාජ මාධ්‍ය පිරි ඉතිරි ගොස්  ඇත.

මේ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙවැනි සටහනක් පළකර ඇත.  

Uvindu Kurukulasuriya

''පුවත්පත් මණ්ඩලේ සභාපතිතුමත් අර ගෑල්ලමයගෙ පැත්ත අරන්. මේක ඇත්ත. ඒත් මේක කියන්න පතිරණට මෙච්චර කල් ගිය එක තමයි ප්‍රශ්ණෙ. 

සාර් වැඩිය සාදුගෙ පන්සලට, සාදු බෙල්ලෙන්ම අල්ල ප්‍රතිමාවක් සාර්ට දුන්න. (මංගල පිලිමයක් බෙල්ලෙන් අල්ල උනා වගේ වැඩක් උනේ නැති එක ගැන සතුටු වෙන්න ඕන හැමෝම). 

දැන් බයියො සාදුටයි, ඒ ගෑල්ලමයගෙ ඇඳුම ගැන ගහන එක නවත්වල. 

සාර් තමා සියල්ල අවසානයේ තීරණය කරන්නෙ. රෙස්පෙක්ට් සාර්!

මම නම් සමන්තබද්‍ර සාදු ගැන අවුරුදු 16කට ඉස්සරත් ලිපියක් ලියල තියෙනව. දැන් ඒකාලෙට වඩා උන්නාන්සෙ වෙනස්. 

මම හිටපු ගමන් උන්නාන්සෙගෙ බණත් අහනව. 

ඒත් ඒ ඔක්කොටම වඩා මම උන්නාන්සෙගෙ වැඩපිළිවෙලට කැමති ඒක ආර්ථික මාදිලියක් නිසා. 

උන්නාන්සෙගෙ උමංදාව කියන ව්‍යාපෘතිය හරිම විචිත්‍රයි. 

හෙලිකොප්ටරෙන් යන්න පුලුවන් කෙලින්ම. 

මම හිතන්නෙ ලංකාවෙ සංඝායගෙන් වැඩිපුරම විදේශ විනිමය ලංකාවට ගෙන්න ගන්න උල්පත තමා ඒ සාදු.

Screen Shot 2020 08 31 at 5.35.05 PMමංගල උත්සවයට යුරේනි නොෂිකා පැළඳ සිටි ඇඳුම සම්බන්ධයෙන් වන සමාජ මාධ්‍ය කතිකාවට එක්වෙමින් උවිඳු කුරුකුලසූරිය පළකර ඇති තවත් පොස්ටුවක මෙසේ සඳහන් වේ. 


Uvindu Kurukulasuriya

''සියල්ල තීරණය වන්නේ සාර් දෙන පරිසර වාර්තාව අනුවය.

අර සමන්තභද්‍ර සාදුගෙ පන්සලේ බුෆේ එකට ගිය ගැහැණු ලමයටයි, අර වෙඩින් එකකට ගිහින් රන්ජන් රාමනායක යුරේනි එක්ක ඉන්න ෆොටෝවලටයි බුකියෙ තියෙන කොමෙන්ට්ස් බැලුවම පුදුම ලිංගික ඇරියස් තියෙන මිනිස්සු ඉන්න රටක් කියල පේනව. 

සමන්තභද්‍ර සාදුගෙ තැනට ගියපු ගැහැණු ලමයට බයියො ඇටෑකරන එක නැවැත්තුව මොකද සාර් සාදුගෙ පන්සලට වැඩියනෙ. 

ඒත් යුරේනිට ඇටෑක් කරන එකක දිගටම යනව. අපරාදෙ ගෝට එතනටත් වැඩියනම් ඒකත් ශේප්.

Screen Shot 2020 08 31 at 5.37.44 PM
සමන්තභද්‍ර හිමිගේ පන්සලේ තරුණියගේ කැමල් ටෝ ඇඳුම -අජිත් පැරකුම් ජයසිංහ

සමන්තභද්‍ර හිමිගේ පන්සලේ තරුණියගේ ඇඳුම සම්බන්ධයෙන් සිදු කෙරෙන සමාජ මාධ්‍ය සංවාදය පිළිබඳව අදහස් දක්වමින්  ප්‍රවීන දේශපාලන විචාරක  අජිත් පැරකුම් ජයසිංහ,  praja.lk හි මෙවැනි සටහනක් පළකර ඇත. 

''පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්තභද්‍ර හිමිගේ අසපුවක පැවති වැඩසටහනකදී කාන්තාවක විසින් ඇඳ සිටි ඇඳුමක රූපයක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. 

ඒ පිළිබඳ විවිධ අදහස් ද පළවෙනවා. 

මෙවැනි ඇඳුමක් ඇඳි කාන්තාවක් පන්සලට ගෙන්වා ගැනීමෙන් හා පන්සල හරහා එම ඇඳුම ප්‍රසිද්ධ කිරීමෙන් එම භික්ෂුව කුමක් අදහස් කළා ද යන්න අප දන්නේ නැහැ. 

මෙම ලිපියෙන් ඒ ඇඳුම මොකක්ද කියා විමසා බලනවා. 

එයට කියන්නෙ කැමල් ටෝ කියලායි.

කැමල් (Camel toe) කියන යෙදුමට සිංහලෙන් ඔටු කුරය කියා කියන්නට පුළුවන්. 

හැබැයි, එයින් අදහස් වන්නේ ඔටුවකුගේ ඇඟිලි නෙමෙයි. 

ඔටුවකුගේ ඇඟිලිවලට රූපයෙන් සමානත්වයක් තිබෙන මෙම කොටස තිබෙන්නේ ස්ත්‍රී ශරීරයේයි.

ස්ත්‍රී යෝනියේ බාහිර තොල් තද ඇඳුමක් තුළින් ඉස්මතුව පෙනෙන විට එයට තමයි කැමල් ටෝ කියන්නෙ.

බොහෝ කාන්තාවන් තද ඇඳුම් හරහා තම බාහිර යෝනි තොල් ප්‍රදර්ශනය වන එක වළක්වාගන්නට උත්සාහ කළත්, දැන් එය ප්‍රදර්ශනය කරන ඇඳුම් විලාසිතා පැමිණ තිබෙනවා. 

ශරීරයේ පාටින් ම නිමැවූ ඇඳුමක් ඒ සඳහා යොදා ගත් විට කාමෝද්දීපනය වැඩි වෙනවා.

එපමණක් නොවෙයි කැමල් ටෝ එක තිබෙනවාටත් වඩා හොඳින් මතු වී පෙනෙන පරිදි සිලිකන් හෝ පැඩිංවලින් සකස් කරන ලද පළඳනා ද තිබෙනවා.

මීට දශකයකට පමණ පෙර ජපානයෙන් එළි දුටු මේ විලාසිතාව දැන් නැවත ජනප්‍රිය වී තියෙනවා.

fake camel toeඉහත රූපයේ දැක්වුණේ එවැනි කෘත්‍රිම කැමල් ටෝ එකක්.

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් සඳහා පුරුෂ ලිංගය සඟවාගෙන කැමල් ටෝ එක ඉස්මතු කර පෙන්විය හැකි ආකාරයෙ පළඳනාත් දැන් තිබෙනවා.

 මේවා අන්තර්ජාලය හරහා විකුණන්නට තිබෙනවා.

camel toe in a temple

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්