අප අතර සිටින ප්‍රවීන කලාකරුවකු වන ධර්මසිරි බණ්ඩාරණායකයන්ගේ චිත්‍රපට සම්බන්ධ කෘතියක්,

‘වම් ඉවුරේ තුන්වැන්නා -ධර්මසිරි’ නමින් සැප්තැම්බර් 15 දින සවසකොළඹ 7 මහවැලි කේන්ද්‍රයේදී ජනගතවිය.

ජීවන්ත දයානන්ද විසින් රචනා කරන ලදුව, ‘නබෝ’ ප්‍රකාශනයක් ලෙස මෙම කෘතිය ප්‍රකාශයට පත්කර ඇත.

එම කෘතිය එළිදැක්වීම සම්බන්ධයෙන් ප්‍රකට සමාජ විශ්ලේෂකයකු වන චින්තන ධර්මදාස සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

''ඊයෙ ධර්මසිරි ගැන පොතක් එලිදැක්වුවා. ධර්මසිරි කියන්නෙ හරි ලස්සන මනුස්සයෙක්. මං නලුවෙක් විදිහට දකින ධර්මසිරිගෙ ඉඳන්ම ධර්මසිරිට ආදරෙයි. ඒ මූනම වෙන එකක්. මගේ ජීවිතේ හොල්ලපු චිත්‍රපටි දෙකක් ධර්මසිරි තෑගි කරලා තියෙනවා. එකක් හංස විලක්. අනික තුන්වෙනි යාමය.

ඊයෙ ධර්මසිරිගෙ ඇස් සන්තෝසෙන් දිලිසෙනවා මං දැක්කා. මිනිස්සු කිසිදු ලාබයක් නොලබා රටේ සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්න වෙන මහන්සිය ගැන අපි නිකමට තැන්ක් යූ වත් කියන ජාතියක් නෙමෙයි.

ධර්මසිරි ඊයෙත් මතක් කළා අපේ ජාතික ගීය ගැන. අපේ රටේ ජාතික ගීය ලියපු මනුස්සයම දිවි නහගත්ත රටක් මේක. ඒ මනුස්සයා කියනවා මේක ජීවත් වෙන්න සුදුසු රටක් නෙමෙයි කියල. ඒ මිනිහගෙ නිර්මානයට කෙලවනවා. ඒ මිනිහව මරලා දානවා. අපි දිගටම ලියපු මිනිහා දිවි නහගත්ත ගීතය පපුව කෙලින් කරගෙන කියනවා. ඒකයි අපේ තැන්ක් යූ එක.

අපේ රටේ ජාතික ගීය ලියපු මනුස්සයම දිවි නහගත්ත රටක් මේක. ඒ මනුස්සයා කියනවා මේක ජීවත් වෙන්න සුදුසු රටක් නෙමෙයි කියල. ඒ මිනිහගෙ නිර්මානයට කෙලවනවා. ඒ මිනිහව මරලා දානවා. අපි දිගටම ලියපු මිනිහා දිවි නහගත්ත ගීතය පපුව කෙලින් කරගෙන කියනවා. ඒකයි අපේ තැන්ක් යූ එක.

Swarna Mallawarachchiතමන්ගෙ විශාල ස්ත්‍රී ආත්මය කප්පාදු කර නොගත් ගැහැනියක්...

ධර්මසිරි ගැන ස්වර්ණත් ඊයෙ කතාවක් කළා. ස්වර්ණා තාමත් ලස්සනයි. මගේ ලෝකෙ වයිල්ඩ් ඒ කියන්නෙ තමන්ගෙ විශාල ස්ත්‍රී ආත්මය කප්පාදු කර නොගත් ගැහැනියක් විදිහට තියෙන මහා රූපය ස්වර්ණා. ස්වර්ණා ධර්මසිරිගෙ චිත්‍රපටි ගැන කතා කළා.

මට හිතෙන්නෙ නෑ ඒක වැදගත් කියල.

ස්වර්ණා කතා කරන්න ඕන ධර්මසිරිගෙ ආදරය ගැන. ඒකයි ඒ මනුස්සයව සම්පූර්ණ කරන්නෙ කියල මට හිතෙනවා.

අපි දේවල් හිතේ තියාගෙන ඉන්න ජාතියක්. එලියට දාන්නෙ නෑ. අපි පුද්ගලික ජීවිත කියල ඒවා අපේ ගුහාවලම තියලා මැරිලා යනවා.

මනුස්සයෙකුගෙ අනිත් හැමදේටම වඩා වැදගත් පුද්ගලික ජීවිතේ.

නිර්මාණ හෝ වෘත්තිමය ජීවිතේ කියන්නෙ ඕනතරමක් හොයාගන්න පුළුවන් ඒකාකාරී රාමුව.

ඒ මිනිහා හිතන්නෙ කොහොමද,

ඒ මිනිහගෙ පෙන්නන්න බැරි තැන් මොනවද,

ඒ මිනිහා ආදරේ කරන්නෙ මොන විදිහටද,

එයා ජීවිතේ ප්‍රශ්න වලට මුහුන දුන්නෙ කොහොමද.

 මෙන්න මේ දේවල් ඒ මහා පුරුෂයන් ගැන අපි දැනගන්න ඕන. ඒවායින් තමයි අපේ ජීවිත වපසරිය විශාල වෙන්නෙ. විවිධත්වය ගැන දැනීම පරිණත වෙන්නෙ.

අපේ විනිශ්චයන්ගෙන් ශුද්ධ වූ වීරයන් තැනීමෙන් අපි නිදහස් වෙන්නෙ.

මට ධර්මසිරිටත් වඩා වැදගත් ස්වර්ණාගෙ ජීවිතේ ගැන පොතක්. ඒ කියන්නෙ ලංකාවෙ බයොග්‍රෆි ලියනවා වගේ සුදුහුනු ගාන, මහ බෝරිං ජීවිත ගත කරපු මිනිස්සු ගැන ලියන විහිලු බයොග්‍රෆි නෙමෙයි.

Chinthana Da

 ඒ මනුස්සයාගෙ ජීවිතය ගැන හෘදයසාක්ෂිමය සටහන. ඒක එලියට වමාරන්න පුළුවන් වුනොත් විතරයි ඒ මනුස්සයගෙ ජීවිතේට සාධාරනයක් කළා වෙන්නෙ.

ස්වර්ණා කියන්නෙ ලංකාවෙ සයිකි එක වෙනස් කරපු ගෑනියක්. ධර්මසිරි එක්ක ඉතාම අසම්මත ප්‍රේමයක් පවත්වාගෙන ගිය ගැහැනියක්.

ඒ ප්‍රේම කතාව අපිව ඉන්ස්පයර් කරපු එකක්.

ස්වර්ණාට මුනගැහුනු පිරිමි ගැන එයාගෙ සිතුවිලි පරම්පරාව කියවන්න මං කැමතියි.

ගැහැනියක් විදිහට ස්වර්ණා ගැන ලියන්න පුළුවන් නම් මං සියලු වැඩ නවත්තලා ඒ පොත ලියන වැඩේට බහින්න වුනත් ලෑස්තියි.

ලංකාවෙ එහෙම ඉතාම වැදගත් ජීවිත කතා විදිහට මං හිතන චරිත දෙකක් ඉන්නවා. එකක් ස්වර්ණා. අනික සයිමන්.

මේ දෙන්නා මේ සංස්කෘතික පොලොවෙ ඇවිද්ද හැටි අනිත් මිනිස්සු අනිවාර්යෙන්ම කියවන්න ඕන.''

 

චින්තාගේ විග්‍රහය ගැන සිරිමලා කියන කතාව

Sirimalචින්තන ධර්මදාස ගේ සටහනට ප්‍රතිචාර දක්වා ඇති තවත් සමාජ විශ්ලේෂකයකු වන සිරිමල් විජේසිංහ, ''ධර්මසිරි බණ්ඩාරණායකයන් නම් දුලබ දේශපාලනික කලාකරුවා සහ චින්තන ධර්මදාසයන් නො දත් තිත්ත ඇත්ත'' යන ශීර්ෂයෙන් යුතුව  සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

මා මිත්‍ර ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ 70 වෙනි උපන් දිනය දා මම මෙහි සටහනක් තැබුවෙමි. එහි දී මම නිදසුන් සහිත ව තදින් පෙන් වා දුන්නේ ධර්මසේන පතිරාජයන් පමණක් නො ව ඔහු ද, ඔහුගේ කලා කෘති වලට අදාල ව මේ පොළොවෙහි දේශපාලනික කලා කරුවකු වන බව ය.

කලාව නැමැති බොරු ව පැත්ත ක ට ගියා වේ. දැනට මෙහි ජීවත් වන තරුණ මහලු සියලු කලාකරුවන්ගෙන් ඔහු වෙනස් වන්නේ ඊනියා දේශප්‍රේමයට සහ සමාජ අසාධාරණයන් ට එරෙහි ව, පණ පරදුව ට තියා උස් හඩින් ඇටෑක් කරනා එක ම කලාකරුවා ඔහු ම වන බැවිනි.

ගෝඨා නොව හිට්ලර් බලයේ සිටි ය ද, එවන් නිර්භීත කමකින් කතා කරනා එකඳු කලාකරුවකු හෝ මෙහි සොයා ගැනී ම අසීරු ය.

දේශපාලනික වශයෙන් බෞතීස්ම වූ සියලු තරුණ කලාකරුවන් දමන්නේ නෙක නෙක ආලවට්ටම් පමණි.

Dharmasiri Bදැනට මෙහි ජීවත් වන තරුණ මහලු සියලු කලාකරුවන්ගෙන් මොහු වෙනස් වන්නේ
ඊනියා දේශප්‍රේමයට සහ සමාජ අසාධාරණයන් ට එරෙහි ව, පණ පරදුව ට තියා උස් හඩින් ඇටෑක් කරනා එක ම කලාකරුවා ඔහු ම වන බැවිනි.

මෙ ලඟදි දී ඔහුගේ සිනමාව පිලිබඳ පොතක් නිකුත් විය. ආසාව තිබු ණ ද, ප්‍රසිද්ධ උත්සව වලට සහභාගි වීමට ඇති අකැමැත්ත නිසා මම එහි නො ගියෙමි.

ධර්මසිරි යනු මම ඉතා තදින් ආදරය කරන මිනිසෙකි. ඔහු හා කළ ඇසුර නිසා මා දිවියට කා වැදුනු අති සුන්දර දේ මෙතැකැ’යි කියානිම කළ නො හැකි ය.

මීට වසර තිස් පහක ට පමණ පෙර, මම ධර්මසිරිගේ පුද්ගලික පවුලෙහි අති සමීප මිතුරකුව විසීමි.

උන් සියල්ලන් හා මගේ ඇති ආදරය මේ යැයි කියන්නට, වචන නම් ප්‍රෝඩාව කිසි සේ සමත් නොවේ.

එම උත්සවයෙහි දී, මාගේ ද පැරණි මිතුරියක වන, ධර්මසිරියන්ගේ ද පැරණි ආලවන්තියක වන One and Only ස්වර්ණා මල්ලවආරච්චි මෙනවිය කතාවක් කළ බව සැලය.

ඈ ගේ කතාව ඇසූ, මා මිත්‍ර චින්තන ධර්මදාසයන් මෙහි ලියා තිබු ණේ, ස්වර්ණා කතා කළ යුතු වන්නේ ධර්මසිරිගේ සිනමාව ගැන නොව, උන් දෙදෙනා අතර ඇති ව ති බූ ප්‍රේමයෙහි අරුමය ගැන වන බව ය.

අවස්ථාවක් ඇතොත් ඒ ආලයෙහි මහිමය පොතක ට හෝ ලිවීමට තමා කැමති බවය.

ඇත්තට ම එය කදිම අදහසකි. මම ඊට ඉඳුරා  කැමති ය.

ඒ සමගම මම, චින්තාට යෝජනා කරන්නේ ධර්මසිරියන්ගේ ප්‍රිය ඇඹේණීය වන පත්මා ද හමුව, ඒ සුන්දර කතාව ද ලියන ලෙස ය.

ඒ කතාව ඇසූ කල, චින්තා සිය ජීවිතය ඇති තෙක් කිසි ම පොතක් නො ලියනු ඇත.

ප.ලි. - මෙය මා මා කල්‍යාන මිත්‍ර චින්තාට පුද්ගලිකව කිව යුතු කාරණාවකි. එහෙත් ඌ ලියා ඇත්තේ ද ප්‍රසිද්ධියෙහි නිසා මෙය මෙසේ නොලියා සිටින්න ට මට නො හැකි විය.

මෙය මා ලියූ යේ සම්ප්‍රදායික විවාහ සංස්ථාව උත්කර්ශය ට නැංවීමට නම් නොවේ. සමහර දේ ප්‍රසිද්ධියෙහි කිව නො හැකි වී ම ගැන පාඨකයෝ මා කමත් වා.''

 

චින්තාගේ ප්‍රතිචාරය !

සිරිමලාට ප්‍රතිචාර දක්වමින් චින්තන ධර්මදාස පවසන්නේ,

Chinthana Dharmadasa ''මට හිතන්නෙ මලා ඔය යෝජනා කරන කතාව අපි සම්මත කසාදය ආපු දවසෙ ඉදන් අහන එකම කතාව.'' කියාය.

(උපුටාගැනීම් - චින්තා ගේ හා සිරිමලා ගේ FB පිටුවෙන්..) 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්