කොල්ලුපිටිය හන්දියට වෙන්න ගෑණු කෙනෙක් ළමයෙක් වඩාගෙන ඉන්නවා.
දවස් ගාණක් තිස්සේ මේ මනුස්සයා මෙතනට වෙලා ඉන්නවා.
කිංබානට්තුමාත් මේක හොදට නෝට් කරගෙන හිටියා.
ඔතනින් එක මනුස්සයෙක් යන්න ආවා.
"...අයියේ...,මං රෙද්ද ඇද ගන්නකන් මේ ළමයව පොඩ්ඩක් ගන්නවද...?"
ගෑණු කෙනා එහෙම ඇහුවා විතරයි අර පොර පස්ස බලන්නෙ නැතුව දිව්වා.
ඊළගට තව මනුස්සයෙක් එතනින් ගියා.
"...මේ ළමයව පොඩ්ඩකට වඩා ගන්නවද මං රෙද්ද ඇද ගන්නකන්...?"
ගෑණු කෙනා ඒ පොරගෙනුත් ඒ විදියට ඉල්ලුවා.
"...බුදු අම්මෝ..!"
කියාගෙන ඒ මෑන්ස් හයිවේ එකේ යන බස් එකක් වගෙ නොපෙනී ගියා.
ඔය විදියට ගෑණු,පිරිමි සෑහෙන ගානක් මේ ගෑණු කෙනාව පහු කරගෙන ගියා.
ඒත් ඒ එක් කෙනෙක්වත් අර පොඩි එකාව වඩා ගත්තේ නෑ.
අන්තිමට කිංබානට්තුමා එතනට කිට්ටු කළා.
"...කිසි කෙනෙක් ළමයව ගත්තේ නෑ නේද...?"
කිංබානට්තුමා ඇහුවා.
"...ඒකනෙ අයියෙ.....?"
ගෑණු කෙනා අසරණ විදියට කිව්වා..
"..කාගේ කවුද මේ ළමයා...?"
"කාත් කවුරුත් නැති අසරණයෙක් අයියේ මේකා.."
එහෙම කියලා පොඩි එකාව කිංබානට්තුමාට දික් කළා.
"..අයියට පොඩ්ඩක් ළමයව ගන්න පුළුවන්ද...?"
"..මේකගෙ නම මොකක්ද?"
"...විස්ස..!"
එහෙම කිව්වා විතරයි කිංබානට්තුමා කෙළින්ම නතර වුනේ බම්බලපිටිය හන්දියේ.
(King Barnet)