බ්‍රැන්ඩික්ස් පොකුර, ෆිෂ් මාර්කට් පොකුර වගේ නම් වලින් අලුත් කොරෝනා රැල්ල
එනකොට මිනිස්සු ඇත්තටම දැනගත්තා මෙතනින් එහාට තම තමන් පරිස්සම් නොවුනොත් ලෙඩේ තමන්ගේ ඇඟට එන එක වලක්වන්න බැරි බව. 
 
ඇත්තටම මිනිස්සු පරිස්සම් වුනා. 
 
සුපර් මාකට් වල, පාර තොටේ ගැවසෙනකොට කලින් නොදැක්ක විනයක් දකින්න ලැබුනා. 
 
හැමෝම මාස්ක් දාන අත් හෝදන නැඹුරුවක් පෙනෙන්න තිබුණා. 
 
පාරවල් වල වාහන අඩු වුනා. 
 
ආසාදිතයින් හඳුනා ගැනෙන පළාත් නිරෝධායනය කරන වැඩපිළිවෙලින් මුළු ආර්ථිකයක් වහගන ඇනගත්ත කලින් වැඩ පිළිවෙල වඩා ප්‍රායෝගික විධික්‍රමයකට යොමු වුනා.
 
ආසධිතයින් ආශ්‍රිත අය කන්දකාඩු ගාල් කරනවා වෙනුවට නිවෙස් තුලම නිරෝධායනය වෙන්නැයි යෝජනා කෙරුනා.
 
කොරෝනා එක්ක දිගු ගමනක් යන්න සුදානමක් තිබුනා වගේ පෙනුණා. 
 
එහෙම තමා වෙන්න ඕනේ. 
 
මේක අද හෙට ඉවරවෙන එකක් නෙවෙයි. 
 
කොරෝනා එක්ක තව කාලයක් ඉන්න වෙනවා. 
 
මේ වෙලාවේ මිනිස්සු තනි තනියම තම තමන් පරිස්සම් වීම හැරෙන්න වෙන විකල්පයක් නැහැ.
 
එහෙම තියෙද්දී තමයි පහුගිය බදාදා හදිසියේ නිවේදනය කෙරුනේ බ්‍රහ්සපතින්දා මැදියමේ ඉඳන් සඳුදා උදේ වෙනකල් බස්නාහිරට ඇඳිරි නීතිය දමන බව. 
 
SDS Army ''ආණ්ඩුව කිවුවට මේක ටෙම්පරි මෙෂර් එකක් කියලා, මිනිස්සුන්ට ඒක විශ්වාස කරන්න හේතුවක් නැහැ.'' 
 
කලබලයක් නැතිව හිටි මිනිස්සු කඩි ගුලක් වගේ කැලඹුනා. 
 
මීටරේ කැලේ ගියා.
 
 සුපර් මාකට් සුද්ද කෙරුණා. 
 
පුළුපුළුවන් විදියට බස්නාහිරින් එලියට පැනගන්න පුළුවන් අය පැන ගත්තා. 
 
ආණ්ඩුව කිවුවට මේක ටෙම්පරි මෙෂර් එකක් යන්න එපා කියලා මිනිස්සුන්ට ඒක විශ්වාස කරන්න හේතුවක් නැහැ. 
 
මිනිස්සු දන්නවා ඒ කතා වල දිග පළල.
 
 මිනිස්සු ගියා. 
 
සමහරු යන්න ඇත්තේ කොරෝනත් එක්ක. 
 
කොරෝනා ඩිසේන්ට්‍රලයිස් වුනා. 
 
යන්න එපා කියලා කල ඉල්ලීමක් දැන් නීතියක් වෙලා. 
 
අණ නොතකා පිටට ගිය අය ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවලු. 
 
ඉල්ලීමක් හදිසියේම අණක් වෙලා. නීතියක් වෙලා.
 
කොරෝනා පැතිරීම වලකන්න ඇඳිරි නීතිය දානවා කියන්නෙම සෞඛ්‍ය අර්බුධය ආර්ථික අර්බුධයකට ත් පෙරලා ගන්න එක. 
 
දෙවෙනිදා ඉවත් කරනවා කිවූ ඇඳිරි නීතිය නව වෙනිදා දක්වා දික් කලා කියලා නිවේදනය කෙරුනා. 
 
දැන් හරි නේ. 
 
ටෙම්පරි මෙෂර් එක පර්මනන්ට් වෙන්නයි යන්නේ. 
 
ඇඳිරි නීතිය දානවා කිවූ ගමන් මිනිස්සු කලබල වුනේ ඕක නිසා තමයි.
 
 කොටි වලිගය අල්ල ගත්තානම් දැන් කොටියත් එක්කම ගහ වටේ කැරකි කැරකි තමයි ඉන්න වෙන්නේ.
 
-අශෝක හඳගම ගේ FB පිටුවෙන්)
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්