''ඔබ මට අඟල් නමයක් තරම් යටට පිහියෙන් ඇන ඉන් අඟල් හයක් එළියට ගත්තද එයට මා ප්‍රගතිය යැයි නොකියමි.
මට අඟල් නමයක් පිහියෙන් ඇන සම්පුර්ණයෙන් පිහිය එළියට ගත්තද එයට ද මා ප්‍රගතිය යැයි නොකියමි. ඔබ මට ඇතිකළ තුවාලය යම් හෙයකින් සුවපත් කළොත් ඉඳින් එයට මම ප්‍රගතිය යැයි කියමි'' (මැල්කම් X). 
 
ඇමෙරිකා එකසත් ජනපදයේ 46 වැනි ජනාධිපති ලෙස තේරී පත්වූ ජෝ බයිඩන් හට මා මැල්කම් X ගේ ඉහත කියමන උපුටමින් සුබ පතමි. 
 
ඇමෙරිකාවේ ප්‍රථම වර්ණ කාන්තා උප ජනාධිපතිවරිය සහ එසේ පත්වූ ප්‍රථම දකුණු ආසියාතික සම්භවයක් ඇති කාන්තාව ලෙස කමලා හැරිස් ට ද සුබ පතමි.  
 
එක් අතකින් ගත්විට දක්ෂතාව සහ කැපවීම ඇත්නම් ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් බවට ඒ භූමිය තුළ පත්විය හැක.
 
 එය ඇමෙරිකාව නම් වන්නේ එබැවිණි.   
 
 
බයිඩන් මේ ලැබූ ජයග්‍රහණය බැරක් ඔබාමා වෙනුවෙන් ඔහු වසර ගණනාවක් කරන ලද හිතෛෂීවන්ත සහ විශ්වසනීය සේවයට ලැබූ ත්‍යාගයක් විය හැක. 
 
එය ලිබරල් කඳවුරේ ජයග්‍රහණයක් ද විය හැක. 
 
ඒ කෙසේ වුවද ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් එක නිල කාලයක් තුලම ගෙදර යැවීමට සමත් වී ඇත. 
 
එය අප සැවොම ගැඹුරින් සිතා බැලිය යුතු දෙයකි. 
 
ඉතා බලවත් දේශපාලන සිතියම් පවා ඉතා වේගයෙන් වෙනස් වන නිමේෂයකි මෙය. 
 
 
ඉහත මැල්කම් X අදහස් කරන සුවපත් වීම තුළ පවා ඇත්තේ අපරාධය කරන ලද මුල් අවස්ථාවට නැවත යාම පමණි.
 
 බයිඩන්, මැල්කම් X සඳහන් කරන සුවපත් කිරීමේ තැනින් පවා ඔබ්බට ගොස් එවන් මනුෂ්‍ය අපරාධ නොකරන තැනක් බවට ඇමෙරිකාව පත් කළ යුතුව ඇත. 
 
''බයිඩන්, මැල්කම් X සඳහන් කරන සුවපත් කිරීමේ තැනින් පවා ඔබ්බට ගොස් එවන් මනුෂ්‍ය අපරාධ නොකරන තැනක් බවට ඇමෙරිකාව පත් කළ යුතුව ඇත. ''
 
ඇමෙරිකාව යනු තම ඓතිහාසික ගමන් මාර්ගය තුළ ලෝකයට බොහෝ තුවාල කළ සහ ඒ නිසාම බොහෝ තුවාල ලැබූ ජාතියක් බව ඔහු අමතක නොකළ යුතුව ඇත (wounded civilization). 
 
ක්ෂිතිමය සැප්තැම්බර් 11 එහි කූට ප්‍රාප්තියයි.   
 
තුවාල වූ මිනිසුන් ගේ චන්දයෙන් ධවල මන්දිරයට යන ජෝ බයිඩන්ට ඇත්තේ සුළුපටු ඓතිහාසික වගකීමක් නොවේය. 
 
ඔහුගේ වගකීම නම් ඉතිහාසය නැවත පුනර්වාචි නොවීමට වගබලා ගැනීමයි. 
 
අවම වශයෙන් ඇමෙරිකානු සිහිනය තුළ ඒ තුවාල වූ මිනිසුන් වෙනුවෙන්....
 
අප බලා සිටිමු.''
 
 
 
1441238 10201803407901417 1786301966 n(මහේෂ් හපුගොඩ) 
ප්‍රවීන සමාජ විශ්ලේෂක 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්